අද විශේෂ දවසක්. අද අනන්තය එක්තරා සුවිශේෂී සංධිස්තානයකට ඇවිත් ඉන්නෙ. ඒ තමයි අවුරුද්දකට එහා ගිය කාලයක් තිස්සෙ බොහොම අමාරුවෙන් ලිපිය ලිපිය ගැටගහගෙන ලියලා ලියලා අද මේ සිය වෙනි ලිපිය ලියන්න තමයි සූදානම් වෙන්නෙ. අදම මම මේක දාන්න හිතුවෙත් අද මටම ගැලපෙන විශේෂ දවසක් නිසා. නිකමට ගෙස් කරන්නකො. එක්කො කමක් නෑ මමම කියන්නම්. අද තමයි මේ 2011 අවුරුද්දෙ සිය වෙනි දවස. ඔන්න ඒක නිසා වසරේ සිය වෙනි දවසෙ අනන්තයේ සිය වෙනි ලිපිය ලියන්න මන් මේ විදියට ආරම්භය සනිටුහන් කලා. සිංහයෙක් දිගු ගමනක අවසානයේදී නැවත හැරී තමා ආ මග බලන එකට කියන්නෙ සිංහාවලෝකනය කියලනේ. ඒ වගේ අද අනන්තයත් තමන් ආ මග දෙස පොඩ්ඩක් හැරී බලන්න තමයි යන්නේ. මන් ඒකට කියන්න හිතන් ඉන්නෙ අනන්තාවලෝකනය කියලා. ඕන් එහෙනම් මන් අනන්තාවලෝකනයේ යෙදෙනවා. කොටින්ම කිව්වොත් මගේ පම්පෝරිය තමයි ඉතින්. :D
දෙදහස් දහය වර්ශයේ ජනවාරි මාසෙ තුන් වෙනිදා මන් හැමෝටම ආයුබෝවන් කියලා මගේ බ්ලොග් ගමන ආරම්භ කලා. පටන් ගත්තද මොකද බ්ලොග් තීම් අස්සෙයි HTML අස්සෙයි හිර වෙවී දවස් 4, 5ක් ගත උනා බ්ලොග් එක හරියට හදාගන්න. කොහොමහරි සෑහෙන්න උත්සහයකට පස්සෙ වැඩේ හරි ගියා. හැබැයි ඉතින් ලියන්න දෙයක්නම් මතකෙට ආවෙ නෑ. හදිස්සියෙම අන්තර්ජාලයෙ තිබිලා හම්බ උන පොඩි GIF ඇනිමේශන් එකක් දාලා ශේප් උනා ඒක නිසා. ඇත්තටම ඒ ඇනිමේශන් එක දැක්කම මට පවු අනේ කියලා හිතුනා. ලියන්න දෙයක් හිත හිත ඉන්නකොට තමයි හදිස්සියෙම මම A/L කාලෙ ලියපු කවි කෑල්ලක් හම්බ උනේ. ඔන්න ඉතින් ලේ...ලා...ලී...ලූ...ල... කියලා ඒ කවි කෑල්ලත් බ්ලොග් එකට බාර කලා. ජන්දෙ දවස් නිසා හැම තැනම දේශපාලනේ ගැන කතා වෙනවා. මටනම් ඔය පොලිටික්ස් අරහං. මට ඔය හැම එකාම එකයි. ඒත් මටත් කට පියාගෙන ඉන්න බැරි කමට මාත් වීරයා වගේ දේසපාලනේ ගැන මගේ අදහස කීවා. ඒ දවස් වල ලොකුම ගැටලුව වෙලා තිබ්බෙ MR ද SF ද? කියන එකනෙ. ඔය අස්සෙ වෙන කවුදෝ හරක් මස් ගැන කිව්ව කතාවක් දැකලා මටත් හිතුනා කට්ටියගෙන් අහන්න හරක් මස් කන්නෙ නැද්ද? ඇයි ඒ? කියලා. ඔය දවස් වලම ආදරණීය කඳුලු බිංඳුවකුත් මගේ ඇහින් හැලුනනෙ. ඊට පස්සෙ ආදරණීය පෙම්වතිය වෙත ලියමනකුත් ලියලා ඒකට පිලිතුරක් අරගෙන ඈ එනකම් බලාගෙනත් හිටියා. බැරිම තැන ඈතින් ඉඳන් සුභ පතනවා කියලා නිකා ඉන්න හදපු වෙලාවෙම තමයි මට ෆෝල්ඩර් එකක් අතුරුදහන් කරන්න හිතුනේ. පස්සෙ ඉමේජ් එකක් ඇතුලේ ෆයිල්ස් හංගලා ඉවර වෙලා බලද්දි ඕන් මට 23ත් වෙලා. ඔය ජරමර අස්සෙ කට්ටිය කෑගහන්න ගත්තා ජන්දෙ ඉවරෝ කියලා.
ඔය අතරෙදි මාව සිංඩියට ඇතුලත් කරගත්තනේ. මාත් දැන් සිංඩියේ කියලා උජාරුවෙන් ඉන්න කොට බලන් ඉද්දි හිට්ස් ගාන වැඩි උනා. ඉතින් මන් කෑ ගැහුවා සිංඩියට ජය වේවා කියලා. පොඩ්ඩක් ෆෝන් එක ඔරිජිනල්ද කියලා බලද්දි මෙන්න මට කෝල් එකක් ආපි. මන් හිතින් හිතාගත්තා සිටින්නම් සැමදා ලඟින් කියලා.ආගම නම් බෙදුම්වාදය ගැන කියන්න ගිහින් අන්තිමේ කාන්තාවන්ට හිමි තැන කුමක්ද කියන එකත් කිව්වම මට හිතුනා යනවානම් මරු මා කැන්දා කියලා. මේ අහස් වියන යට හොයාගන්න අමාරුම දෙයක් තමයි කලණ මිතුරා කියන කෙනා. ඒ දුකට කියන කවි අහන්න කවුරුත් එන එකක් නෑ කියලා හිතුන නිසා මන් ඇහුවා කට්ටියගෙන්, මන් කතාවක් කියන්නද කියලා. හැමෝම එක පයින් කියපි "හා කියන්න" කියලා. ඒ නිසා කතාවෙ තවත් කොටහක් මන් පස්සෙ දවසක කිව්වා. අද එතැන් සිට කියලා නවත්තපු තැනින් තුන් වෙනි වතාවටත් කතාව පටන් ගත්තා. කොටස් තුනකින් දීපු කතාවෙන් මන් ඇහුවා පොඩි ප්‍රශ්ණයක්. ඕන් ගනින් මේන් උත්තරේ කියලා මන් ඒකට උත්තරේත් දුන්නා. නැත්නම් හොඳ නෑනෙ.
නමක් නැති කවි පටන් ගත්තේ දිගට ගෙනියන්න නෙවෙයි. ඒත් මෙන්න වැඩි කල් නොගිහින් නමක් නැති කවි 2 ත් ආවනේ. කවුද දන්නෙ නැත්තේ කොලම්බස්ගේ බිත්තරේට මොකද උනේ කියලා. ඒ වගේම රජකමේ හඬ මොකද්ද කියලා නොදන්න අයත් ඇතිනේ. නොදන්න අයට පසු විපරමකුත් තියෙනවා ඕන්. සමුගෙන යන්න අවසරයි බායි කියලා ගියාට මොකද ගාල්ලෙ ගිහින් ආයෙත් ලියන්න උනා. අවුරුද්දට ගමේ ගිය මන් තෑගිත් අරගෙන ආපහු ආවා. හැබැයි ඉතින් සමහර අයටනම් තිබුනේ දුක්බර අවුරුදුය කියනවනේ. පස්සෙ මම ප්‍රාර්තනා කලා මෙවන් විපත් සතුරෙකුටවත් නොවේවා කියලා.ඔය අතරෙම තමයි නමක් නැති කවි 3 ආවෙත්. ඒ විතරක්යැ දවාලෙ පායන චන්ද්‍රයාත් දැක්කනෙ මම. හැමදේම හොඳින් සිදුවේගෙන අතරේදි මට තේරුනා ආයෙමත් මට ලෙඩේ බෝවෙලා කියලා. ලෙඩේ උත්සන්න වෙද්දි මට හම්බ උනා අපේ බ්ලොග් ලියන බිඟුවාට ගැලපෙන බයිසිකලයක්. ඊට පස්සෙ පොඩි වෙනසකටත් එක්ක මම නමත් ටිකක් වෙනස් කලා. මොකද නම ටිකක් දිගයි වගේ තේරුනා. හැබැයි ඉතින් දිගයි කියලත් මොකෝ අපි උස්සගෙන ඉන්නවා කියලයැ. ඔන්න ඔය කාලේ තමයි පට්ට පතුරු කවි මඩුව ආවේ. මාත් ඕකට සෑහෙන්න කවි ලිව්වනේ. ලියපු කවි ටික කවි මඩුවේ මගේ කවි අංක 1, 2, 3, 4, 5 ආදී ලෙස ලියාගෙන යද්දි මට විශේෂ ලිපියක් ලියන්න දවසක් ආවා. ඒක නිසා 6, 7 සහා 8 කියන කොටස් දුන්නෙ ඊට පස්සෙ. ඔය අතරෙ වෙසකුත් ආවනිසා පන්සලට ගිහින් මලක් පූජා කරලා කිව්වා පතමි සැමදා නුඹේ සිත් මල කියලා.
වෙනසක් නැති වෙනසක් ගැන ඔබේ අවධානය පිණිස ලියන්න ගිය මට බබා වූ පබා දැකලා මානසික පීඩනය වැඩි උනා. බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න කියලා බෝඩ් ලෑල්ලක් එල්ල එල්ල ඉන්න කොට තමයි නමක් නැති කවි 3යි 4යි මගේ ඔලුවට් ආවේ. ඔය කාලෙදි තමයි මට මහා අවාසනාවන්ත කාලයක් ලැබුවෙ. මගේ වසන්තය නිමා උන නිසා නුඹ නොමැති ලෝකයේ පලමු දිනයත් කඳුලෙන්ම ගෙවාදාන්න උනා. ජය පැරදුම ගැන හරි තීරණයකට එන්න බැරුව ඉන්න වෙලාවෙ හිත රැඳුනු ගීයක් මගේ හිත ආයෙමත් සසල කලා. සිතිවිලි අද්දර හිර වෙලා ඉඳගෙන දුක නැති කිරීමේ මාර්ගයක් ගැන කල්පනා කර කර ඉන්න මොහොතක ඉබේටම එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාගේ මරීනා.... මරිනා... ගීතය හෙමිහිට මිමිනෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි ඔන්න මන් උණ විකාරේ කියන කියන සින්දුවක් අහන්නත් ඔයාලට චෑන්ස් එකක් දුන්නා. ඔය කාලෙදි තමයි මට මගේ රත්තරං අක්කව හම්බ වෙන්නෙත්. ඒ ලැබුනු අප්‍රමාන සහෝදරකම ඉදිරියේ අක්කා වෙනුවෙන් පැදි පෙලක් ලියවුනේ ලියවුනේ නිරායාසයෙන්මයි. ඊට පස්සෙ නමක් නැති කවි - 6 වගේම 7යි 8යිත් ලියවුනානේ. යුනිකෝඩ් නැති විට කවි වලට යන කල මොකද්ද කියලත් මන් හිතන්නෙ කට්ටිය දැනගත්තා.
විශේෂයෙන්ම කියන්න ඕන නමක් නැති කවි - 9 ලියවෙන්නෙ මගේ අත්දැකීම් ඇසුරෙන් නෙවෙයි කියලා. නැත්නම් කට්ටිය මොන විදියට හිතයිද දන්නෙ නෑ. ඒ උනත් නමක් නැති කවි - 10 ලියන්නනම් හේතු උනේ එදා දිනයේ මම විඳපු එක්තරා අත්දැකීමක්. ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපලා ඉඳිද්දි දැකපු වැරදුන දඩයම ගැනත් මන් අකුරක් අඩු නැතුව ඔයාලට කිව්වනේ. අතීතිය සිහි වෙන එක වලක්වන්න බෑනෙ. මොනා කරන්නද ඉතින්. මගේ ලක් එකේ හිලක් වෙන්න ඇති. මගේ කාර්යාලීය මිතුරා සංජය අයියගේ වෙඩිම තිබ්බෙ ඔන්න ඔය දවස් වල. එයාට ඉතින් සුභ මංගලම් කියලා නොකියා කොහොමද? නමක් නැති කවි 11ත් ලියපු මට හිතෙනවා ගෙදර බුදුන් නැන්දා කියලා කියන්නත් පුලුවන් නේද කියලා. මෙන්න බොලේ මම ලප හොය හොය ඉන්න අස්සෙ දන්නෙම නැතුව 2010 අවුරුද්දත් ඉවර වෙලා.
මගේ අහිංසක බ්ලොග් එකට හැපි බර්ත් ඩේ කියන ගමන් මම 2011 අවුරුද්දෙත් මගේ සුපුරුදු ගමන යන්න පටන් ගන්නවා. ඊලඟට ලිව්ව කවියට කොච්චර හිතුවත් සුදුසු හෙඩිමක් මතක් උනේ නැති නිසා අන්තිමේ දාන්න උනා හෙඩිමක් නෑ ඕයි කියලා. වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු දේවලුත් මන් දීලා තියෙනවා ඔන්න. ඒ විතරක්ද ලෝකේ ලස්සන වැඩිම කවිය ඔයාලට දුන්නෙත් මමනේ. තරුණයා සහ මගේ නෝන්ඩි ඉතිහාසය ගැනනම් ඉතින් මන් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ හැම දෙයක්ම පුංචි කතාවක් විතරයි කියලා හිතුවට හැම වෙලේම එහෙම වෙන්නෙත් නෑනෙ. ඒ හින්දම වෙන්න ඇති මගේ හිත හදිසියේම ආයෙත් අතීතෙට දුවගෙන ගියේ. ජීවිත කාලෙටම මගේ ඇඟෙන් හෝදන්න බැරි මඩ ගුලිය මන් ඇඟේ ගාගත්තෙ මෙන්න මේ කාලෙ තමයි. දෛවයේ කුරිරුකමක් නිසා ලැජ්ජාව පොලිතින් උරේකින් වහගෙන සිරීපාදෙ නගින්න උනාට මන් මක්කා කරන්නද අප්පා. මඩ වලින් නෑවිලා ගිය මට පෙනුනා මගේ භාගයක් අඩුයි කියලා. ඉතින් මන් මගේ ඉතුරු භාගේ කෝ කියලා පොඩ්ඩක් විමසිලිමත් උනා. ඕවා හොයාගන්න තිබ්බෙ ඒ කාලේනෙ කියලා සමහරු හිතුවද දන්නෙත් නෑ. නමක් නැති කවි 12 ත් ඔහේ ලියවිලා ගියා. ඒත් මන් ආතල් එකට හදපු පලවෙනි ශෝට් ෆිල්ම් එකනම් ඔහේ ගියේ නෑ. හූ(WHO) පාරවල් මැද්දෙ උනත් ඒකනම් ටිකක් නැගලා ගියා. බස් එකේ යනකොට ආව පොඩි සිතුවිල්ලක් නිසා නමක් නැති කවි 13ත් ලියවුනා. හැබැයි (එයාගේ) නිව් ඇල්බම් එකක් දැක්කම හිතට එන්නෙ මොන වගේ හැඟීමක්ද කියලනම් තාම හරියට තේරුම් ගන්න බැරි උනා. නිකන් ඉන්න බැරුවට කරපු පොඩි අත්හදාබැලීමකුත් දාන ගමන් අඩුවකට තිබ්බ ඇඟ හීතල වෙලා යන, බඩ පපුව පත්තු වෙන, ලොමු දැහැගැන්වෙන, හිරිගඩු පිපෙන භයානක කතාවකුත් ඇඟට පතට නොදැනි කියලා දැම්මා. වෙන මුකුත් නෙවෙයි මම අනූනවයෙන් ජීවිතේ බේරගත්තු හැටි.
ඔන්න ඔහොම තමයි අනන්තයේ ගමන් මග විහිදෙන්නෙ. ඔය විදියට ලිපි අනූනවයක් පල කරපු මම අද හුඟාක් සංතෝසෙන් 100 වෙනි ලිපිය ලියනවා. අවුරුද්දෙ 100 වෙනි දවසෙ ලින්ක් 100කින් සමන්විත උන මගේ 100 වෙනි ලිපිය දාන්න ලැබීම ටිකක් පුදුමයි වගේද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තටම මේ හැමදේකටම මට ශක්තියක් උනේ ඔයාලා. ඔයාලගෙ දිරිගැන්වීම් නිසා තමයි මට මෙච්චර දුරක් එන්න පුලුවන් උනේ. මන් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදිත් ඔයාලා මාත් එක්ක ඉඳීවි කියලා. එහෙනම් ඉතින් 100ට මේ ඇති. පස්සෙ දවසක ආයෙ හම්බ වෙමු. මට සුභ පැතුම්. :D
100ට සුබ පැතුම් පනුවා :D
ReplyDeleteනිකම් කකාගේ බ්ලොගේ බැලුව වගේ. මොනා උනත් මගේ සුභපැතුම. දිගටම ලියහං පණුවෝ
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් අයියේ....! තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..!
ReplyDeleteසුභ පැතුම් අනුරා ධ
ReplyDeleteඅඩේ මෙන්න අපෙනුත් සුභපැතුමි!!!!
ReplyDeleteපටන් ගත්තා වගේ නෙමේයි ඇදගෙන යන එකතමා අමාරුම වැඩේ...... එහෙව් එකේ සීයක් ආව එක ගැන මගේ සුබ පැතුම්!
ReplyDeleteසුභම සුභ පැතුම් මචෝ...... එළ එළ දිගටම ලියමු :)
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම් අනුරාධ....
ReplyDeleteජයවේවා කිව්වා.......
ජය උපරිමයට..!!
ReplyDelete100ට සුභ පැතුම් . . ජය වේවා . ..
ReplyDeleteතවත් ලියන්න! ජය වේවා!
ReplyDeleteනියමයි මචං. අපෙනුත් සුභ පැතුම්. (බුල්ටෝ විත් බුල්ටී)
ReplyDeleteමං නම් මේ පොස්ට් එක කියෙව්වේ නැ ඇත්තමයි.. :-D
ReplyDeleteසෙන්චරියට සුභ පැතුම් මචං.. :D
සුභ පැතුම් මචෝ..
ReplyDeleteජය වේවා ...!!
ඔන්න 100ට මගෙනුත් සුභ පැතුම්.... දිගටම ඉතින් අපි ඔයා පස්සේ එළවනවනේ.... :D
ReplyDeleteසුභපැතුම් මචෝ....
ReplyDeleteදැන් ඉතිං පලපුරුදු ලියන්නෙක් වෙච්චි එකේ නරකද වචන 100ක කෑල්ලක් ලිව්වොත්?
උණුසුම් සුබ පැතුමක් නොවුනාට මොකෝ.. ( නේ ) සුබ පැතුම් අයියේ...දිගටම ලියන්න..
ReplyDeleteසතුටුයි බන්....උඹ හින්දා තමයි...මමත් බ්ලොග් ලියන්න පුරුදු උනෙ....උඹට ජය........
ReplyDeleteසුභ පැතුම් මචෝ... කාලෙකින් කමෙන්ට් එකක්වත් ලියන්න බැරි උනාට සොරි වෙන්න ඕනෙ. ජය...!!!
ReplyDeleteඅනේ බං කියවන්න කියලා ගත්තා ඒත් මොලේ මඤ්ඤං වෙන්න ආව හින්දා ඒක අල්ලලා දැම්මා...
ReplyDeleteකොහොම උනත් 100 ට නං සුභ පතනවා..තව දිගටම ලියාගෙන යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා..!
(100 හින්දා පිස්සු කෙලියට කමක් නැහැ ඊ ළග එකේ ඉඳලවත් කියවන්න පුළුවන් විදියට ලියහං)
ඔන්න යාළු මගෙනුත් සුභපැතුම් 100 ට! තවත් බොහෝ කාලයක් දිගටම ලියන්න ලැබේවා
ReplyDeleteඑළ මචන්
ReplyDeleteසීයට සීයක් සුභ පැතුම්!!!!!!
සීයට සුබ පැතුම් මචන්
ReplyDeleteලොල්ය ඕන් මගෙනුත් සුබ පැතුම්.. :D :D
ReplyDeleteඅපෙනුත් උණුසුම් සුබ පැතුම් අයියේ....!!!! මේ වගේම ලිපි දස දහස් ගනනින් තව තවත් ලියන්න ශක්තිය අදහස් ලැබෙන්න කියලා මුළු හදින්ම ප්‍රර්ථනා කරනවා..!!!!
ReplyDeleteඑල එල ලිය ලිය... :D
ReplyDeleteසුභ පැතුම් අයියා ^_^!!!
ReplyDeleteසුභ මෙව්වා එකක් වේවා.. දිගටම ස්ටොප් මෝෂන්, ශෝර්ට් ෆිල්ම් හදලා බ්ලොගේ දාපන්..
ReplyDeleteසුබම සුබ මෙවුවා එකක් වේවා ! හිකිස්... ලොල්ස්... අනේ මේ අනන්තයට බ්ලොග් එක නොවෙන්නට , මට මල්ලියෙකු, මගුල් කපුවෙකු නෑ නෙව මේ වෙනකල් :) හි හි හි
ReplyDeleteසුභ පැතුම් එක්කල සියලූම දෙනාට ගොඩාක් ස්තූතියි. ඉදිරියටත් මේ වගේම මට ශක්තියක් වෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. ගොඩාක් සතුටුයි මට ඔයාලගෙ අවංක සුභ පැතුම් දැක්කම. ස්තූතියි හුගාක්. :)
ReplyDeleteසුබ පැතුම් අයියා...... පමා වී සුබ පැතුවට සමාව.මට ඉතින් නෙට් නැනේ අවුරුදු නිවාඩුව නිසා.....
ReplyDeleteඔන්න 100ට මගෙනුත් සුභ පැතුම්...තව බොහෝ කාලයක් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. :)
ReplyDeletemagenuth subha pathum ayye..!!
ReplyDeleteසුබ පෑතුම් අය්යේ දිගටම ලියන්න.
ReplyDelete