Tuesday, March 30, 2010

මේන් උත්තරේ......

සමාවෙන්න ඕනා. කතාව කියලා දවස් ගානක් යනකම් උත්තරේ කියන්න බැරි උනා. කොහොම නමුත් කතාව කොටස් 3කට කඩපු එකට කට්ටිය මාත් එක්ක අමනාප වෙලාද මන්දා, උත්තරෙ දෙන්නවත් ඉදිරිපත් වෙලා තිබ්බෙ නෑ වැඩි දෙනක්. ඒ ගැනනම් හිතට ටිකක් කණගාටුයි. තරඟයකදි ක්‍රීඩකයො දිරිමත් වෙන්නෙ ප්‍රේක්ශකයන්ගේ ඔල්වරසන් හඬින්. ගායකයෙක් කථිකයෙක් දිරිමත් වෙන්නේ අනිත් අයගේ අත්පොලසන් නාදයෙන්. ඒ වගේම තමයි බ්ලොග් ලියන අපි දිරිමත් වෙන්නේ කියවන ඔයාලගේ අදහස් උදහස් වලින්. ඔයාලගේ කමෙන්ට් වලින්. ලියන හැමෝම ඒ බව හොඳින්ම දන්නව ඇතිනේ. හොඳ කියල හරි බැනල හරි දාන වචන 10කින් 15කින් හිතට දැනෙන්නේ පුදුමාකාර ශක්තියක්. බලයක්. තව තව ලියන්න අශාවක්. ඒක නිසා පුංචි දුකක් හිතට දැනුනා කට්ටිය වැඩි දෙනක් කිසි කතා බහක් නැති එක ගැන. කතාව කඩන්න උනේනම් ඉතින් දිග වැඩි නිසා. එකටම දැම්මනම් කොච්චර දිග වෙයිද කියලා හිතාගන්න පුලුවන්නේ. එකෙන් ඔයාලට යම් අපහසුතාවයක් උනානම් මන් සමාව ඉල්ලනවා.
                                      කතාවත් එච්චර රසවත් මදි ඇති. ඒක මන් පිලිගන්නවා. මන් කිව්වෙ ඒකනෙ. මන් කතන්දර කියන්න ඒ හැටි දක්ශ නෑ. පොඩි ට්‍රයි එකක් දීලා බැලුවෙ ගැටගහගන්න පුලුවන් වෙයිද කියලා. වැඩේ මුලුමනින්ම අසාර්ථකයි. "බැරි වැඩ නොකරන් අඹරෝ" කියලා පැරැන්නො කියල තියෙන්නෙ කට කහනවටද.
                          හරි හරි දැන් ඒවෙන් වැඩක් නෑ. පටන් ගත්ත වැඩේ ඉවරයක් කොරන්න එපැයි මොකක් උනත්. කතාව කිව්ව. ප්‍රශ්ණෙ ඇහුවා. උත්තරේ කිව්වෙ නැත්නම් මන් බොරු කාරයෙක් වෙනවනේ. මේන් මේකයි උත්තරේ.

කෙල්ලව හිමි උනේ තුන් වෙනි කුමාරයාට. ඒ කියන්නේ රන් කර්මාන්තය ඉගෙන ගත්තු කුමාරයට. මොකද එයා තමයි කෙල්ලට මුද්ද දැම්මෙ.

චානක අරුණ මුනසිංහ සහෝදරයා නිවැරදි පිලිතුර ලබා දුන්නා. ඒක නිසා මන් පොරොන්දු උන අගනා වටිනා ත්‍යාගයේ සාඩම්බර හිමිකරුවා බවට චානක පත් වෙනවා. රජතුමා මට ඇතෙක් බරට වස්තුව දුන්නනේ. එවෙන් බාගයක්ම දැන් සමජ සේවා කටයුතු වලට වැය කරල ඉවරයි. ඉතුරු වස්තුවෙන් අඩු නැතුව හරියටම බාගයක් මන් චානක සොයුරාට මේ මොහොතෙදි පිලිගන්වනවා. අන්තපුරෙන් බාගයක් මට දුන්නට මන් ඒක බාර ගත්තෙ නෑනෙ. නැත්නම් එක දෙන්න තිබ්බ. කමක් නෑ. මන් හිතනවා චානක මේ තැග්ගෙන් සෑහීමකට පත් වෙයි කියලා. මන් ඕනෙනම් රජතුමත් එක්ක පොඩි ටෝකක් දාල බලන්නම් අන්තපුරෙන් පොඩි කෑල්ලක් ලියවල දෙන්න. බාග වෙලාවට බැරි වෙන එකකුත් නෑ. රජාටත් දැන් තනියම හැන්ඩ්ල් කරගන්න අමරුයි. ලෙඩා දුකානේ. \
             ඔන්න එහෙනම් තව තවත් ඔබව වෙහෙසට පත් කරන්නෙ නැතුව ඒ අගනා වටිනා ත්‍යාගය ඔබට පිරිනැමීමටයි මේ සූදානම් වෙන්නේ......ඔබගේ අත්පොලසන් නදින් පිලිගන්න චානක අරුණ මුනසිංහ....



හා... හා.... ඔබ ඔබ බලන්න දෙයක් නෑ. ඕක ලිහලම බලන්නකො.

8 comments:

  1. මට පැහැදිලි මදි මොකද උනේ කියලා..
    කාලෙකින් ආවේ මේ පැත්තේ... ඒක් හින්දා වෙන්න ඇති...

    /බිඟුවා...!

    ReplyDelete
  2. හී හී, මෙයා රටේ කපටිම කෙනා කියලා කවුදො කියපු කතාවෙත් පොඩි බොරුවක් නැත්තෙ නෑ. තෑග්ග ගෙනියන්න ඇතෙක්ව හයර් කරගෙන එනකම් ඕක ඔහේ තිබ්බාවෙ.

    ReplyDelete
  3. චානක ඇරුණ මුනසිංහ....

    හෆොයි මේකා :D

    ReplyDelete
  4. @බිඟුවා
    ඒක නේන්නම්... කාලෙකින් තමයි දැක්කෙ...
    කියලා වැඩක් නෑ සහෝ.... ටැප් තියෙද්දි ඇදගෙන නෑවා.

    @Chanaka Aruna Munasinghe
    දැන්නම් හැබැයි ඇතෙක්ව ඕන වෙන එකක් නෑ. මොක්ද ඇතෙක් බරට මට ලැබුන වස්තුවෙන් බගෙනුත් තවත් බාගයක් තමයි ඔතන තියෙන්නේ. වැට් වලට එහෙමත් කැපිල ගියාම ඉතින් විල්බැරෝවක් තිබ්බත් ඇති වෙයි මයෙ හිතේ.

    මොකෝ.... මම නම ලියපු විදියේ මොකක් හරි අප්සැට් එකක්ද?

    ReplyDelete
  5. ඇලපිල්ලක් වැඩියි වගේ නේද?

    ReplyDelete
  6. අම්මපා හැබෑ නේන්නම්. මන් ඔය කියනකම් දැක්කෙම නෑ නෙවැ. පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්. ඉන්න මන් දැන්ම ඒක නිවැරදි කොරලා දන්නම්. අනේ සොරි වෙන්න ඕනේ හොඳේ.

    ReplyDelete
  7. කතාව නරකම නෑ. හැකියාවෙ අඩුවකුත් නෑ. අධෛර්යමත් නොවී තව එකක් ලියන්න බැලුවනම්. හැබැයි පුතේ සති ගණන් අපිව රස්තියාදු කලොත් බලාගෙනයි.

    ReplyDelete
  8. @``` Outsider```
    හරි හරි.. ඔන්න අයෙත් එහෙම කරන්නෙ නෑ. හැබැයි ඉතින් හුඟක් දිග වැඩිනම් මොකෑ කරන්නේ.

    ReplyDelete