Tuesday, March 23, 2010

මන් කතාවක් කියන්නද?

කතන්දරකාරයගේ කතන්දර දැකල මටත් හිතුනා පොඩි කතාවක් කියන්න. හැබැයි ආයුබෝවන්ඩ මන් ඔය කතන්දරකාරයා වගේ කතන්දර කියන්න ඒ හැටි දක්ශයෙක් නෙවෙයි. කමක් නෑ පුලු පුලුවන් විදියට ගැට ගහගෙන කතාව කියන්නම්කො. මේක ඇවිල්ල මන් පොඩි කාලේ අහපු කතාවක්. ඔයාලා ගොඩ දෙනෙකුත් බොහො විට මේක අහලා ඇති. මගේ සමිපතම මිත්‍රයෙක් ලගදි අයේ ඒ කතාව මට මතක් කරලා දුන්න. කාලයේ වැලිතලාවෙන් වැහිලා ගිහින් තිබ්බ ඒ කතාව මට අයේ මතක් කරලා දීපු එකට මන් එයාට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන.  කතාව අන්තිමට මන් ඔයාලගෙන් පුංචි ප්‍රශ්ණයක් අහනවා. ප්‍රශ්නේ පුංචි උනාට මේ මුලු කතාවම රැඳිල තියෙන්නෙ ඒ ප්‍රශ්ණෙ මත. ඒ නිසා අවදානෙන් කියවන්න. හරි උත්තරේ දෙන කෙනාට මන් දෙනව ලොකූ තැග්ගක්.......ඕන් එහෙනන් මේකයි කතාව.......

ඔන්න එකමත් එක කාලෙක ලොකේ ඈත කෙලවරක තිබ්බා බොහොම ලස්සන රටක්. සියලු සැප සම්පත් වලින් පිරුනු ඒ රටේ රජකම් කලේ බොහෝම ධර්මිශ්ඨ රජ කෙනෙක්. මේ රජතුමාට හිටියා තරුණ පුත්තු හතර දෙනෙක්. බොහොම කඩවසම් ගජ ඉලන්දාරියො හතර දෙනා. හැබැයි මේ හතර දෙනාම කිසිම ශිල්පයක් ඉගෙන ගන්න උනන්දුවක් දැක්කුවෙ නෑ. උදේ ඉඳන් හවස් වෙනකම්ම රජ මාලිගවට වෙලා කකා බිබී විනෝද වෙවී ඉන්න එක තමයි කලේ. මේ නිසා රජතුමා බොහොම කනස්සල්ලෙන් හිටියෙ. කවදා හරි තමන්ගෙන් පස්සෙ රජකම උරුම වෙන මේ කුමාරවරු හතර දෙනා කිසිම ශිල්පයකට දක්ශකමක් නොදැක්වීම ගැන හිත හිතා රජතුමා හැමදාම හිතින් ලත උනා. අසල්වැසි රටවල රජවරු "කෝ බන් උඹේ පුතාලට තාම ජොබ් එකක්වත් හම්බ උනේ නැද්ද" කියල අහද්දි රජතුමාට පොලව පලගෙන යන්න හිතුනා. කිහිප වතාවක්ම කුමාරවරු හතර දෙන්නාට අසල්වැසි රාජ්‍ය වලින් මංගල යෝජනා ආවත්, ඒවත් අතර මගදි කම්බස් වෙලා ගියේ කුමාරවරු හතර දෙනාට හරි හමන් රස්සාවක් නැති නිසා. මේ හින්දා පස්සෙ පස්සෙ කපුවො උනත් කුමාරවරු හතර දෙනාට මගුල් තුලා හොයන්න ටිකක් අදිමදි කලා. හරි හමන් රස්සවක්වත් පරස්තාවක්වත් නැතුව පුත්තු ටික නන්නත්තාර වේවි කියලා රජතුමා ලොකු බයකින් හිටියෙ. බලන් ඉඳල ඉඳලා බැරිම තැන රජතුමා තීරණයක් ගත්තා. එන්න කිව්වා කුමරවරු හතර දෙනාටම. එන්න කියලා බොහොම තදින් අවවාද කලා. අවවාද කරලා හතර දෙනාටම රජ මාලිගයෙන් පිට වෙන්න නියෝග කලා. මොනයම් හෝ කර්මාන්තයක් ඉගෙනගෙන මිසක් අයෙත් රජමලිගවෙ පස් පාගනව එහෙම නෙවෙයි කියලා මේ තරුණ කුමාරවරු හතර දෙනාව ඒ මොහොතෙම රජ මාලිගාවෙන් පිටමන් කලා. ඔයාල අහයි රජෙකුගේ පුත්තු කර්මාන්ත කොරන්න ඉගෙන ගන්නෙ අහවල් දේකටද කියලා. එක අතකින් ඒ කතාවත් ඇත්ත. හැබැයි ඉතින් මේ කුමාරවරු හතර දෙනාටනම් කිසිම සමාවක් නෑ. මොකක් හරි මගුලක් ඉගෙන ගන්නම වෙනවා. නැත්නම් අනාගත රජකමටත් බඩුම තමයි.

පිය රජතුමගේ නියෝගෙට පිටින් යන්න බැරි උන කුමාරවරු හතර දෙනා ඒ මොහොතෙම රජ මාලිගයෙන් එලියට බැස්සා. ආවට මොකද කොහේ යන්නද මොනවා ඉගෙන ගන්නද කියලා  කගේවත් ඔලුවෙ කිසිම අදහසක් තිබ්බෙ නෑ. දවස් ගානක් ඉබාගාතේ ඔහේ ඇවිද්දා. අතේ තිබ්බ සන්තකෙත් දැන් ඉවරවේගෙන එනවා. රස්සාවක් කරන එකේ වටිනාකම කට්ටියටම තේරෙන්න පටන්  ගත්තා. හැබැයි කරන්නෙ මොනවද කියලා තාම අදහසක් නෑ කටවත්. ඔන්න දවසක්දා රෑ කට්ටියම අම්බලමක නැවතුනා. මේක එසේ මෙසේ අම්බලමක් නෙවෙයි. පස්සෙ කාලෙක  ආඬි හත් දෙනා කැඳ හැලියක් හැදුවෙත් මෙන්න මේ අම්බලමෙ තියාගෙන තමයි.  ඔන්න ඉතින් එදා රෑ වැඩිමල්ම සහෝදරයට අපූරු අදහසක් පහල උනා. අපූරුයි කියලා කිව්වට ඇත්තටම අපූරුද මංදා. හැබැයි ඒ වෙලවෙ එයාට හිතුනෙනම් ඒක අපූරුම අදහසක් කියල තමයි. වැඩිමල්ම සහෝදරය අනිත් අයට කතා කරල මෙහෙම කිව්වා.
" ^ඨ්&&^$$^(%^&$&^$*(ඹ්V*%^^*%$#()&%##@@@&)_+)^%#$#&*^#^*%#&^&^%^&$*(*^%%%(&($%#$@^*&^()^$@!&(&)^#^$&%&$^#*^*$#%()&)_)(*&^&$#%)__)+$$&^%&^&^%&*%(__*&%$&%%#** "
හෝව් හෝව්...බය වෙන්න එපා.. ඉන්න මන් ඒක ට්‍රාන්ස්ලේට් කොරන්නම්. ඒ කාලේ බාසාව හැමෝටම තේරෙන්නෙ  නෑ කියල මට ජුන්ඩක් අමතක උනා නෙවැ. මෙන්න මේකයි කුමාරයා කිව්වේ.
" මේ මල්ලිලා. අපි මේ කරන්නේ පිස්සු වැඩක් හරිය. අපි මේ නිකන් අතේ තියෙන තුට්ටුවටත් කෙලවගෙන ඔහේ චාටර් වෙනවා. ඩැඩා කිව්වට මටනම් තේරෙන්නේ නෑ කොයි ලොකෙන් ජොබ් කට්ටක් සෙට් කරගන්නද කියලා."
" ඔව් අයියා. ඒකනම් ඇත්ත. O/Lවත් ගොඩ දාගන්න බැරි උන නිසා වැඩේ තවත් කේස්."
"මාලු බෝට්ටුවක් අල්ලගෙන ඉතාලියටවත් පනිමුද අයියා"
"මාත් කියන්න ගියේ මල්ලි අපි හතර දෙනා මෙහෙම එකට ගිහිල්ල හරියන්නේ නෑ. මන් කියන්නම්. අපි හෙට ඉඳන් එකට යන්නෙ නැතුව වෙන් වෙලා යමු. පැති 4කට යමු. ගිහින් මොකක් හරි ජොබ් කට්ටකට පැන ගනන් බලමු. හරියටම තව අවුරුදු 5කින් අපි මෙතනදිම හම්බ වෙමු. ඊට පස්සෙ අපි යන් අපහු ඩැඩා ගවට."
"එල කිරි අයිඩියා එකනේ අයියා. එහෙනම් එහෙම කරමු."
"ඔව් එහෙම කරමු. මන් ගාමන්ට් එකකට හරි පැනගන්න බලන්නම්"
"එහෙනම් හරිනේ කස්ටිය. රෙඩීනේ. එහෙනම් හෙට බෙදිලා යන්. මතකනේ හරියටම අවුරුදු පහකින් මෙතනදිම අපි හම්බ වෙමු."
"OK අයියා"

ඔන්න ඔය විදියට එදා රෑ අය්යල මල්ලිල හතර දෙනා තමන්ගේ අනාගත සැලසුම ගැන කතා කලා. හුඟ දවසකට පස්සෙ එදා රෑ කට්ටියටම ටිකක් සැනසීමෙන් නින්ද ගියා. ඒ හින්දම කට්ටිය නැගිටින කොට පස්ස පැත්තටත් අව්ව වැටිලා. දඩ බඩ ගාල තම තමන්ගේ බඩු බාහිරාදිය පොදි බැඳගත්තු කුමාරවරු හතර දෙනා එකිනෙකාගෙන් සමු අරගෙන දිශා හතරක් බලා ගමන් අරම්භ කලේ බලාපොරොත්තු ගොන්නක් හිතේ හිර කරගෙන.

අදට ඇති වගේ. රස්සාවක් හොයාගෙන දිශා 4කට ගිය කුමාරවරු හතර දෙනාට ඊට පස්සෙ මොකද උනේ කියල දැනගන්න ඕනෙනම් හෙටත් මේ වෙලාවටම අනන්තයට ගොඩවදින්නකො.

8 comments:

  1. හපොයි මදැ මුලු කතාව කියවන්න කියලා බැලුවා ...

    ReplyDelete
  2. ඉක්මනට ඉතිරි ටික දෙන්න.

    ReplyDelete
  3. මම පත්තර වලත් කතාව කියවන්නේ ඉවරෙටම ඉවර වෙනවද කියලා. දැන් ඔය කොටස් වශයෙන් යන කතා කියවලා ඇති වෙලා

    ReplyDelete
  4. අයියෝ.....බ්‍රේක් නැතුව කියවන් ගියා මදෑ....කෝ කෝ ලියන්න ඉතිරිටික.........;o

    ReplyDelete
  5. කැතයි හොඳේ අපි හිතුවේ මුලු කතාවම තියෙනවා කියල . . .

    හරි හෙටත් එන්නම් ඉතුරු ටික නොතිබොනොත් @#$%^&%$$#!@!@##$%

    ReplyDelete
  6. කෑල්ල කෑල්ල දාන්නෙ නං සුදන්ත සාඳු ගෙ විදිහට නේද?
    මං නං ඔහොම බාගෙට වැඩ නෑ.

    ReplyDelete
  7. @all
    ඉන්න ඉන්න. ඉතුරු ටික මග එනවා. අද මධ්‍යම රාත්‍රිය වන විට ඉතුරු ටික නිකුත් වීමට නියමිතයි. කතාව කොටස් දෙකකට කැඩුවේ ඔයාලගෙ කුතුහලය වඩවන්නවත් වෙන අහවල් කාරියකටවත් නෙවෙයි ඕන්. ලියාගෙන යද්දි දිග වැඩියි වගේ තේරුනා. ඒකයි මගින් නැවැත්තුවේ. එක දිගට ලිව්වනම් නිකන් පැදුරක් වගේ වෙනවා. කමක් නෑ. අද රෑ වෙනකම් ඉවසන්නකො. කතාවේ ඉතුරු ටිකත් අරගෙන මන් ඉක්මනට එඤ්ඤන්.

    ReplyDelete
  8. @Kathandarakaraya
    පෙනේද කියන බොරු වල තරම. පැය ගානකට හරි චීවරයක් පෙරවගත්ත මිනිහෙක් වෙච්ච්, ඔහොම බොරු කියන එක හොඳද මන් අහන්නේ.

    ReplyDelete