Wednesday, February 13, 2013

අරුම කරුමය

ඇයගේ දසුනක් දකින තුරා
නෙතු බලාගෙන උන්නා
ඇයගේ  වදනක් ඇසෙන තුරා
සිත අසාගෙන උන්නා

හීන් කවිමල් පෙළට වැතිරී
ඇගේ දෙපතුල් සිම්බා
රේණු වල පැහැ ඇයට නොපෙනුන
අරුම කරුමය වින්දා

නෙතුද පියවී සිතද මැලවී
හදේ කවුළුව බිඳුනා
ඇයට නොඇසී ඇයට නොපෙනී
මගේ කවි විල සිඳුනා