Friday, November 30, 2012

ඇය වනාහි!

"මේ කිසි දෙයක් පටන්ගත්තෙ මට ඕනවට නෙවෙයි බන්. ඒත් අන්තිමේ ඕන උනත් නැතත් අපි මේක ඇතුලෙම හිර වෙලා" ඇය දිගු හුස්මක් සුදු පාට බිත්තිය දිහාවට නිදහස් කලා. ටෙක්ලා ඇගේ දෙනෙත් වලට එබුනා.
"ඒ උනාට ඇත්ත කියපන් නංගි. උඹ මේ රස්සාවෙන් අයින් වෙන්නත් කැමති නෑ නේද?"
ඒකට එක පාරටම උත්තරයක් දෙනවා වෙනුවට ඇ‍ය කලේ දබරඟිල්ලෙන් ඇඳේ මෙට්ටය සූරපු එක.
ඊලඟ මොහොතෙ ඇය සමච්චල්සහගත සිනහවක් මූනේ දවටගෙන ටෙක්ලා දිහා බැලුවා.
"මන් විතරද අක්කෙ. ඇයි උඹ?" ඒ උත්තරයෙන් ටෙක්ලා කලබල උනේ නෑ.
"සල්ලි අපේ ජීවිතේ කොහෙන් ගෙනිහින් අතඇරලා දායිද මන්දා බන්. වෙලාවකට බයත් හිතෙනවා. මේ ලස්සන හැමදාම තියෙන්නෙත් නෑනෙ." ටෙක්ලා උත්තර දුන්නෙ බොහොම සන්සුන්ව.
"වෙලාවකට හිතෙනවා බන් අක්කෙ දෛවය අපිව තෝරගත්තෙ මේකටමද කියලා. චැක්! රෙද්ද! කලින් දන්නවනම් අපරාදෙ ඉස්කොලෙ නොයා මෙව්වම ප්‍රැක්ටිස් කරනවා. ඒ සල්ලිත් ඉතුරුයි එහෙනම්." ඇය ඇඳෙන් නැගිටලා ගිහින් ජනෙල් පොලු අතර මූණ රඳවගත්තා.
බෝඩිමට එහා වත්තෙ ගෙදර මංගලිකා අක්කගෙ පොඩි උන් දෙන්න සෙල්ලම් කරනවා. පෝය දවස නිසා වාහනවල වැඩි සද්ද බද්දයකුත් නෑ. ඒ හින්දම පොඩි උන් දෙන්නගෙ කෑ ගැහිල්ල  මහා ගෝසාවක් වගේ ඇහෙනවා.  ගේ දොරකොඩ නිල් පාට මරූටි කාර් එකක් නවත්තලා. මංගලිකා අක්කගෙ ලොකු නංගිව බඳින්න ඉන්න හාදයාගෙ කාර් එක. ජනෙල් පොලු අතර රැඳවුන මුහුණේ දෙනෙත් ඈතටම විහිදුනා. ඇය බාගෙට ඇරුන දොර අතරින් ගේ ඇතුල බලන්න උත්සහා කලා. හැම පෝයටම මංගලිකා අක්ක සිල් ගන්නවා. ඇය නිවෙස තුල වියහැකි දේවල් හිතෙන් මවාගන්න උත්සහා කලා.
"අන්න ටෙක්ලා අක්කෙ. අරූ අදත් ගේ අස්සට රින්ගලා."
අනේ පොඩි උන් දෙන්නගෙ බෝල පාරක් වැදියන් වාහනෙ වීදුරුවටම. ඇය සිතින් පැතුවා.
"ඇත්තටම නංගි උඹ හැමදාම කතාවෙන් පැනලා යනවා. අද මට කියපන්. උඹට ඇයි මෙහෙම උනේ?" ටෙක්ලගෙ අවධානය තිබුනෙ වෙන තැනක.
ටෙක්ලගෙ ප්‍රශ්ණ වලදි ඇය හැමදාම කලේ කතාව වෙන තැනකට අරන් ගිය එක. ඒත් හැමදාම ඒක කරන්න බෑ කියලා ඇයට තේරුනා. ඒ වගේම එහෙම කරන එකේ තේරුමකුත් නෑ කියලා ඇයට වැටහුනා. ඇය තීරණය කලා හැමදේම කියන්න. ඇගේ ජීවිතය. ඇගේ අතීතය පළවෙනි වතාවට කෙනෙක් ඉස්සරහ දිග අරින්න. ඇය ආපහු ඇවිත් ඇඳ උඩ වාඩි උනා. පොඩි උන් දෙන්නගෙ සද්දෙ වදයක් වෙන තරම්ම වැඩියි. සද්දෙ අඩුකරගනිව් කියලා බනින්න පවා ඇයට හිතුනා. ඒත් ඇය නැවතත් ආයාසයෙන් ඒ ආවේගය පාලනය කරගත්තා. ටෙක්ලා තාමත් ඇය දිගා බලාගත්තු ගමන්මයි.
"මේක හෙන දිග කතාවක් අක්කේ." ඇය බිම බලාගෙනම කටහඬ අවධිකලා.
"අපි හැමෝටම තියෙන්නෙ දිග කතා තමයි බන්. ඒවා අපේ ජීවිතේ තරම්ම දිගයි. උඹ කියපන් නංගි" ටෙක්ලා ඇගේ අතක් මට සිය අත තැබුවා.

"මේ හැමදේම පටන්ගත්තෙ මන් ඒ ලෙවල් කරන කාලෙ" ඇය ඇගේ මනස සිය අතීතයට ගමන් කෙරෙව්වා.
"මන් ගියේ ගර්ල්ස්කූල් එකකට. ඒක නිසා කොල්ලො කිව්ව ගමන්ම ආවේ මහා අමුතු හැඟීමක්. අපි බලන් ඉන්නෙ ඉස්කොලෙ මොකක් හරි උත්සවයක් තියෙනකම්. මොකද ඉස්කෝලෙට කොල්ලො එනවනෙ එතකොට. මහ පිස්සු කාලයක් ඒක. උඹට කියන්න බැරි කමක් නෑනෙ අක්කෙ. ඒත් එක වල් කමක්ම නෙවෙයි. ඒත් මොකද්දෝ මන්දා. කුතුහලය වෙන්නත් ඇති. ඉස්කොලෙ තිබ්බ එක්සිබිශන් එකකදි තමයි මට සමීරව හම්බ උනේ." ඇය එක මොහොතකට කතාව නවත්වලා ඉහල හිස් අවකාශය දිහා බැලුවා. සිවිලින් ෆෑන් එක කීස් කීස් ගාලා කැරකෙනවා.
"සමීර මාර හැන්ඩ්සම්. ඒක නිසාම වෙන්න ඇති මට එයාව එදා ඒ තරම්ම හිතට ඇල්ලුවෙ. පන්තියෙ යාලුවො කීප දෙනෙක්ටම ලවු එෆෙයාර්ස් තිබ්බ නිසා මමත් ලොකු උනන්දුවකින් හිටියෙ ඒ දවස් වල. ඒ හින්දා හැම දේම හරි ඉක්මනට උනා. සති දෙකක් ඇතුලට අපි යාලු උනා. ඒ වගේම මාස 3ක් ඇතුලට අපි දෙන්න වෙන් උනා."
ඇය ටෙක්ලා දිහා බැලුවා. ටෙක්ලා හූමිටි තියන්නෙවත් නැතුව අහන් ඉන්නවා.
"සමීරගෙ වෙන් වීම මට ටිකක් තදින් දැනුනා. පළවෙනි ආදරේ කෝමත් එහෙමලුනෙ. ඒ දූකෙන් ඉන්න දවස් වල තමයි ගිහාන් මගෙන් ඇහුවෙ. ගිහාන්ව මට හම්බ උනේ ඒකෝන් ක්ලාස් එකේදි. ලවු සික් එකෙන් මූඩ් ගහලා හිටපු නිසා පලවෙනි පාරම මන් ගිහාන්ට කැමැත්ත දුන්නා. විස්වාස කරන්න අර මාස 3ට සමීර මට කිස් එකක්වත් දීලා නෑ. ඒත් ගිහාන් නැවතුනෙ මාව ගෑනියෙක් කරලා."
ටෙක්ලා හෙමිහිට සුසුමක් පිට කලා.
"ගිහාන්ට ඕන උනේ ඒ දේවල් විතරයි. මටත් ඒ කිසි දේක බරක් පතලක් තේරුනේ නෑ. එයා ඉල්ලුව හැම දේකටම මන් කැමැත්ත දුනා. අන්තිමේ මන් රැවටුන බව තේරුම් යද්දි මන් පරක්කු වැඩියි. මන් ගිහාන්ගෙ තවත් එක කෙල්ලෙක් විතරයි කියලා මන් දැනගත්තෙ හොඳටම පරක්කු වෙලා. හැබැයි සමීරගෙ වෙන් වීම තරම් මට ඒක ලොකුවට දැනුනෙ නෑ. උඹට මන් කියලා තියෙනවනෙ අක්කෙ මගෙ අම්මා තාත්තා නැති උනේ මන් පොඩි කාලෙදිමයි කියලා. මන් හැදුනෙ නැන්දයි බාප්පයි එක්ක කියලා. මොනවා උනත් අම්මා තාත්තා කියන දේ පුරවන්න කාටවත් බෑ. මන් හිතන්නෙ මගේ ජීවිතෙටත් උනේ ඒකම තමයි" ඇය තවත් මොහොතක් නිහඬ උනා.
"ඔන්න ඊලඟට තමයි මගේ ජීවිතේ තීරණාත්මකම කෙනා එන්නෙ. ප්‍රියංකර. මට වඩා අවුරුදු 7ක් විතර වැඩිමල්. අපේ එහා ගමේ හිටියා ජයකොඩි කියලා මනුස්සයෙක්. එයා කලේ කුඩු බිස්නස්ලු. ප්‍රියංකර කියන්නෙ ජයකොඩිගෙ ලඟම ගෝලයෙක්. මන් ඒ බව දන්නෙ පස්සෙ. ඒත් එතකොට පරක්කු වැඩියි. ප්‍රියංකර නිසා මන් බොන්න පුරුදු උනා. එයයි එයාගෙ යාලුවොයි එක්ක බීලා උන් එක්ක බුදියගන්නත් උනා. අන්තිමේ මට එතැනින් ගැලවෙන්න බැරි උනා. පස්සෙ අපේ බාප්පලට මේ බව ආරංචි වෙලා ප්‍රශ්ණ ගොඩක් ඇති උනා. අන්තිමේ එවයෙ ප්‍රතිපලයක් විදියට අරුන් මාව මරන්න හෙව්වා. අපේ ගමේ හිටියා ගාමිණී කියලා කෙනෙක්. හැමෝම එයාට කිව්වෙ ගාමිණි අයියා කියලා. ගමේ ලොකු චන්ඩියෙක්. එයා අපේ බාප්පගෙ හොඳම යාලුවෙක්. මන් තාමත් ජීවත් වෙන්නෙ ගාමිණි අයියට පින්සිද්ද වෙන්න. ඒත් දවසක් වෙසක් පෝය දවසක ගාමිණී අයියට කවුදෝ වෙඩි තියලා මරලා දාලා තිබ්බා. එදායින් පස්සෙ මට ගමේ ඉන්න බය හිතුනා. ඉතින් මන් කොලඹට පැනලා ආවා. "
"ඉතින් ඊට පස්සෙ" පළවෙනි පාරට කතාව මැද්දෙ ටෙක්ලා හූමිටි තිබ්බා.
"ඊට පස්සෙ තමයි රස්සාවක් නැතුව කොළඹ චාටර් කද්දි මධාරා අක්කව මට හම්බුනේ. එයා ඉතින් එයාගෙ ජොබ් එකම මටත් කියලා දුන්නා."
"ඉතින් බාප්පලා උඹව හොයන්නෙ නැද්ද?"
"දන්නෙ නෑ බන්. මන් කෝමත් ආයෙ ගමට යන්නෙ නෑ."
"උඹ හැමදාම මේ වලේම ඉන්නද බන් කල්පනාව"
"කවුද දන්නෙ බන්. එක අතකින් මොනවෙන් අඩුවක්ද? අතේ සල්ලි තියෙනවා. අනික බන් අපි නැත්නම් කොලඹ මහත්තුරු ඇඟවල් තලාගන්නෙ කොහොමද?"
දෙදෙනාටම සිනහා අවේ නිරායාසයෙන්. තමන්ගෙ දෛවය ඉදිරියෙදි මොන ආකාරයකින් විසඳේවිදැයි දෙදෙනාටම කිසිම අදහසක් තිබුනේ නෑ.  ඉතින් අද දින සිනාසෙනු විනා වෙන කලහැකි යමක් දෙදෙනාටම ඉතිරිව තිබුනෙ නෑ.
ටෙක්ලා ඇඳෙන් නැගිට ජනේලය දෙසට ඇවිද ගියා.
"ඒයි අරූ ගිහින් වගේ, කාර් එක නෑ."
පොඩි උන් දෙදෙනාගෙ කෑගැසීමත් නතර වෙලා තිබුනා. ටෙක්ලා ආයෙත් ඇඳ පැත්තට හැරුනා.
"ඒයි කාන්චනා. මන් උඹෙන් අහන්න හිටියේ. අර කවුද මේ ටිකේම උඹට දිගට හරහට කෝල් කරන එකා."
'ආහ්!" කාන්චනා මද සිනහවක් මුවට නගා ගත්තා.
"උඹට මතකද අක්කෙ අර පහුගිය සෙනසුරාදා දවස් 5, 6ම එක දිගට ආපු පොර"
"ම්ම්ම්ම්. ඔයි කියන්නෙ අර චාමිකත් එක්ක ආපු මෑන්ද?"
"ඔව් ඔව් ඒකා තමයි. පොර මට ටෝක් කරනවා."  කාන්චනාගෙ සිහනා හඬ තීව්‍ර උනා.
"පොරට උඹ දැනට දෙන සර්විස් එක මදි වෙලා වගේ එහෙනම්."
"පවු බන්. හෙන අහිංසක පොරක්. මීට කලින් ගෑනියෙක්ව අල්ලලාවත් නැද්ද කොහේද? පොර මට කතා කලා අපි කොහේදි හරි හම්බෙමු කියලා. දන්නවද මූ අඩගැහුවේ කොහේ යන්නද කියලා"
"කොහේ"
"බීච් එකට බන් බීච් එකට. මන් කිව්වා මන් දන්න ඊට වඩා හොඳ තැනක් තියෙනවා එහේට යන් කියලා. ඔන්න ඔහේ කීයක් හරි අමතර හොයාගන්න තියෙන චාන්ස් එකනෙ බන්. මොකටද අත අරින්නෙ." කාන්චනාගේ සිනහවට එවර ටෙක්ලාත් එකතු උනා.

18 comments:

  1. අනේ මන්දා ඉතින් !

    ReplyDelete
  2. අහ්..කාංචනා!!!! පට්ට

    ReplyDelete
  3. "පවු බන්. හෙන අහිංසක පොරක්. මීට කලින් ගෑනියෙක්ව අල්ලලාවත් නැද්ද කොහේද? පට්ට මචන්

    ReplyDelete
  4. මන් මෙකට මොනාද කියන්නෙ ... හ්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  5. අර කලිං කතාවෙ එක්ස්ටෙන්ෂන් එකක්ද වෙනත් පැතිකඩක්ද බං?

    ReplyDelete
  6. when he shoot all angles --> Cinematography

    ReplyDelete
  7. ඔක්කොම කතා ටික යෙහෙලි වගේ :)

    ReplyDelete
  8. අහ් පරන කතාවෙ අලුත් එකක් නෙ.නියමයි අනුරාධ.

    ReplyDelete
  9. චාමිකගෙ යාලුවගෙ කුලුඳුල් ආදරේ.... ම්ම්ම්ම්ම්

    ReplyDelete
  10. ඇත්ත ජීවිතේ..

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... කතාව හොදටම ලියලා, යාථාර්තවාදී කතා මේවා....ජීවිතෙ හැටි තමා ඉතින්

    ReplyDelete
  12. ඇත්තටම ගණිකාවකට ආදරේ කියන හැඟීම නැතුව ඇතිද ? ලස්සන සැමියෙක්, දරුවො, ලස්සන පවුලක්................................ මේ හීන උන්ට නැද්ද ? නැත්නම් සමාජය ඒකට අවස්ථාවක් දෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  13. සමාජය මේ ජිවිතය ගොඩ ගන්න අවස්ථාවක් දෙන්න නෙමෙයි බලන්නේ.ඇත්ත ඒකනේ...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  14. මේ පණුවා මොකාටද මේ එන්න හදන්නේ

    ReplyDelete
  15. තිත්ත යථාර්තය..
    කූඩැල්ලා කොට්ටෙ තියන්න අමාරැ කරයි

    ReplyDelete