ඔන්න මන් අයෙත් පොඩි කතාවක් කියන්න කියල ලක ලෑස්ති වෙන්නෙ. මේකනම් කෑලි වලට කඩන්නෙ නෑ ඔන්න. සත්තයි. ආයෙ කිව්වොත් කිව්වා. ඒක නිසා හරි බැරි ගැහිල බය නැතුව කියවන්න ගන්න. මේක ඇවිල්ල ඔයාලා හැමෝම දන්න කෙනෙක් ගැන පුංචි කතාවක්. කිස්ටෝපර් කොලම්බස්ව දන්නව නේද. කොලඹ හොයාගත්තෙ ඒ උන්නාස්සෙනෙ. සොරි සොරි. ජුන්ඩක් වැරදුනා. කට්ටිය සමාව භාජනේක දාන්න ඕනෙ. කොලඹ නෙවෙයි ඇමරිකාව. ඔන්න වරද නිවැරදි කොලා. කට්ටිය නැත්නම් කියයි මන් ඉතිහාසෙ විකුර්ති කොරලා උගන්වනවාය කියලා. හැබැයි දැන්නම් හිතෙනවා මොන මල මගුලකට ඇමරිකාව හොයාගත්තද කියලා. ඕක නැති වෙලාම තියෙන්න දුන්නනම් එකක්. කව්ද දන්නේ නෑ ඕක නැති කලෙ. කවුරු උනත් මසුරන් වටින මිනිහෙක්. අද කාලෙ ගැන දැනගෙනමද කොහේදෝ ඕක නැති කරන්න ඇත්තෙ. කෙහේද වෙන වැඩක් නැතුවද මන්දා මේ කොලම්බස් ගිහින් අයේ ඒක හොයාගත්තනේ.
හරි හරි ඒවයින් වැඩක් නෑ. කියන්න ආව කතාව කියන්නම්කො. නැත්නම් ඒක අමතක වෙනවා. මේක ඇත්තම කතාවක්ද නැත්නම් ගොතපු කතාවක්ද කියන්න මන් දන්නේ නෑ. මොකද ඒ කාලෙ මන් උන්නෙ නෑනෙ. හැබැයි මේ කතාවෙ පොඩි ගත යුත්තක් තියෙනව කියලා මට හිතෙනවා. ඒක නිසා ඇත්තක් උනත් බොරුවක් උනත් කමක් නෑ. ඇත්තක් කියලා හිතාගෙන කියවන්නකො.
ඔන්න ඉතින් කොලම්බස් ඇමරිකාව හොයගත්ත එකෙන් එයාට ලොකූ කිර්තියක් හම්බ උනාලු. හැම තැනම එයා ගැන කතාවෙන්න පටන් ගත්තාලු. අද වගේම තමයි. මේ කීර්තිය උහුලගන්න බැරි උන අයත් සෑහෙන්න හිටියලු. ඔන්න දවසක් කොලම්බස්ගේ ගෙදර තිබ්බලු ලොකු සාදයක්. කොලම්බස්ගේ යාලු මිත්‍රයො, ප්‍රභූවරුන් සෑහෙන පිරිසක් මේකට සහභාගි වෙලා හිටියලු. හිටපු හැමෝගෙම මුවෙ තිබ්බේ ඉතින් කොලම්බස් ගැනම තමයි. කොලම්බසුත් කට්ටිය එක්ක තමන්ගේ ගමනේ වික්‍රමයන් ගැන පුරාජේරු කියම්න් හිටියලු. මේවා ඇහන්න හැඩකාර විසේකාර තරුණ ලමිස්සියො එහෙමත් වට උනාලු. මේවා දකිද්දි අහේ කටු අනිනවා වගේ හිටිය අයත් සාදයේ නොහිටියා නෙවෙයි. ඒත් කරන්න දෙයක් නැති කමට එයලත් ඔහේ හොඳ මූන පෙන්නගෙන හිටියලු.
ඔන්න කොහොමෙන් කොහොම හරි රාත්‍රී භෝජනයට වෙලාවත් ලඟා උනා කියමුකො. කට්ටියම ඉතින් මේසෙට ගිහින් ඉඳගෙන ආහාර අනුභව කරන්න පටන් ගත්තලු. මේක ඇවිල්ල වට මේසයක්. කට්ටිය වටේට ඉඳගෙන ආහාර අනුභව කරන ගමන් කොලම්බස්ගේ වික්‍රමයන් ගැනත් කතාවෙන්න අමතක කලෙ නෑලු. කනකොට කතාකරන්න හොඳ නෑ කියලා එයාලට අම්මල උගන්වල නෑ.
ඔන්න ඔයල එහෙම ඔය කැත පුරුදු තියගන්න එපා හොඳද. හරි, ඔන්න ඉතින් කොලම්බසුත් වීරයා වගේ තමන්ගේ හපන්කම් ගැන විස්තර කරද්දි අර බොරුවට හොඳ මූන පෙන්නගෙන ඉන්න අයගෙන් එක්කෙනෙක්ගෙ රතු කට්ට පැන්න. එයා කොලම්බස්ගේ කතාවට බාදා කරලා බොහොම ආවේගයෙන් කියාගෙන කියාගෙන ගියා. මොනවද දනන්වද කිව්වෙ.
"අපෝ... ඕක මහ වීර වැඩක්ද. හිතන් ඉන්නෙනම් මහ ලොකු වඩක් කල කියලා. ඔයා නැව්ක් අරගෙන ගියා. ඒක නිසා ඔයාට ඇමරිකාව හම්බ උනා. අපි ගියානම් ඕක හම්බ වෙන්නෙ අපිටනෙ. කොහොමත් ඒක එතනම තියෙන එකක්නේ. ඕක ඉතින් අපිටත් කරන්න තිබ්බනෙ. "
ඔන්න ඔය වගේ ඒවා ගොඩයි. මෙයගෙ කතාවෙන් කරගන්න දෙයක් නැති කමට කට පියාගෙන හිටපු අයගෙත් කටවල් ඇරුනා. ඒ හැමෝම එකතු වෙලා කොලම්බස්ව විවේචනය කරන්න ගත්තා. හැමෝම කිව්වේ ඇමරිකාව හොයාගත්තු එක ලොකු වීරකමක් නෙවෙයි. ඒක එයාට විතරක් නෙවෙයි. ඕන කෙනෙක්ට ඒක කරන්න තිබ්බ කියලා.
මේ හැම දෙයක්ම කොලම්බස් බොහොම සාවදානයෙන් අහගෙන හිටියා. මොකුත් කියන්න ගියේ නෑ. හැමෝම කතා කරලා ඉවර උනාට පස්සෙ කොලම්බස් කිව්වෙ කවුරුවත් බලාපොරොත්තු නොවුන දෙයක්.
"හරි හරි. කට්ටියගෙ තරහ යන්නත් එක්ක අපි පොඩි ගේම් එකක් කරමුකො. මේක පොඩි මැජික් එකක්. කව්ද මේ ගේම් එක කරන්න එන්නේ."
කට්ටියගෙම ඇස් ඒ දිහාවට යොමු උනා. මේ මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා කට්ටියට පුදුමත් එක්ක. මෙච්චර බැනුම් අහගෙන මේ යකා ගේම් එකක් කරන්න කතා කරනවා. පිස්සුද මන්දා. කියලා කට්ටියට හිතෙන්න ඇති. කොහොම හරි සේරම දේවල් මොහොතකට අමතක කරපු අපේ මිත්‍රයෝ ටික කොලම්බස් එක්ක ඒ ගේම් එක කරන්න එකතු උනා.
"මෙන්න මේකයි කරන්න තියෙන්නෙ." කොලම්බස් පිරිසට ගේම් එක පැහැදිලි කරන්න පටන් ගත්තා.
මෙන්න මේ බිත්තරේ පේනවා නේද. කාටද පුලුවන් මේ බිත්තරේ මේ මේසෙ උඩ කෙලින් අතට තියන්න." ව්‍යාන්ජන දීසියකින් තම්බපු බිත්තරයක් අතට ගත්තු කොලම්බස් පිරිසගෙන් අහුවා.
ඔන්න දැන් කට්ටියම බැහැගෙන වැඩේ කරනවා. මේසෙ උඩ කෙලින් අතට බිත්තරෙ තියාගන්න තමයි හැමෝගෙම ට්‍රයි එක. කොහේ තියන්නද. මේසෙ ගානට පොලිශ් කරලා. වම්බොට්ට වගේ ලිස්සනවා. බිත්තරේ හරස් අතට තිබ්බත් ලිස්සල යනවා. ඒත් කට්ටිය නෙවෙයි. අධෛර්යමත් උනේ. ඒක එක ක්‍රම වලට උත්සහ කරනවා. තව කට්ටියක් විවිධ උපදේශ දෙනවා. කොලම්බස් මේ සේරම දිහා පැත්තකට වෙලා සිනාමුසු මුහුනින් බලාගෙන ඉන්නවා.
"හරි. අපිට බෑ. අපිට කරන්න කිව්වට ඔයාට පුලුවන්ද මේ වැඩෙ කරන්න." අවසානයේ හෙම්බත් උන පිරිස කොලම්බස්ට කිව්වා.
"ඔව් මට පුලුවන්" කොලම්බස් පෙරලා උත්තර දුන්නා.
"හරි එහෙනම් ඔයාම කරලා පෙන්නනකො." තවත් උත්සහ කරන්න තරම් ශක්තියක් කාටවත් තිබ්බෙ නෑ. අනික මේ ලිස්සන මේසෙ උඩ බිත්තරයක් කෙලින් අතට තියාගන්න විදියක් යන්තම්වත් කාගේවත් ඔලුවලට ආවෙ නෑ.
"ඔය කිව්වට කොලම්බස්ටත් බැරුව ඇති" මුවින් නොකිව්වට හැමෝගෙම හිත් වල තිබ්බෙ එහෙම දෙයක්.
ඔන්න කොලම්බස් බිත්තරේ අතට ගත්තා. හැමෝම ලොකූ වික්‍රමයක් දිහා බලන් ඉන්නවා වගේ ඇස් ගෙඩි ලොකු කරගෙන කොලම්බස් දිහා බලන් ඉන්නවා. කොලම්බස් මොකද දනන්වද කලේ. බිත්තරෙ එක කොනක් අතින් කඩුවා. කඩලා ඒ කොන පැතලි කලා. ඊට පස්සෙ මේසෙ උඩින් තිබ්බ. ඔය කෙලින් තියෙන්නෙ යස අගේට. මේක දැකල කට්ටියට හිනාත් ගියා. සමහරුන්ට ලැජ්ජත් එක්ක.
"අයියෝ.... ඕක මහලොකු වැඩක්ද. ඕක ඉතින් අපිටත් කරන්න තිබ්බනේ."
හැමෝම එක හඬින් කිව්ව.
හැමෝම නිශ්ෂබ්ද උනාට පස්සෙ කොලම්බස් මෙන්න මෙහෙම උත්තර දුන්නා.
"ඉතින් හත් ඉලව්වේ කරන්න තිබ්බනේ. ඇයි නොකලේ."
ඔයාලට හිතෙන දේවල් ඔය පල්ලහින් පොඩ්ඩක් අකුරු කොරලා යන්න පුලුවන්නම් ලොකු හයියක්.
පට්ට කතාව..... කතවනම් ඇත්ත වැඩ කාරයා කවදාවත් කියවන්න යන්නෙ නෑනෙ...........
ReplyDeleteකෙලින් අතට තිබ්බෙ කැඩුනු බිත්තරයක්නෙ
ReplyDeleteනියමයි මචෝ. ඕක හැමතැනම තියෙන එකක්නේ නේද? කවුරුවත් කරන්නෙ නෑ. ඒ වුණාට කවුරු හරි කලාම විවේචන නම් ඕන තරම්.
ReplyDeleteමැක්සි අනුරාධ...
ReplyDeleteමේක හැම තැනම වෙනවනේ..
කළාට පස්සේ කියනවා අපිටත් පුළුවන් කියලා.
නමුත් මුලින්ම ඒක කොරන්න තියා හිතන්නවත් බැරි අය
/බිඟුවා...!
අහ් මල්ලි...හුඟ කාලෙකින් මාත් මේ පැත්තේ ආවා.... ෂාහ්... නියම කතාව මල්ලී.... සරදමකුත් එක්ක බොහොම රහට ලියල තියනව... මම ගොඩක් රස වින්දා.. ඒ විතරක් නෙමෙයි. ලෝකය වෙනස් කල හැම මිනිසෙක්ම කලේ කොලොම්බස් කියන්නා වගේ හාස්කම් නෙමෙයි. වෙනස තිබ්බේ දකින විදියෙයි.. කල ක්‍රමයේ නෙමෙයි.. නේද? ඒක සමාජයට හොඳ පණිවිඩයක්... නියමයි මල්ලී.. මේ වගේ කතා දිහටම ලියන්න.. දිගටම මාත් මේ පැත්තේ එනවා.. ඔන්න අපිව දිගටම හොඳ හොඳ කතා වලින් පෝෂණය කරන්න ඔනා... හොඳද? :-) ජය වේවා!
ReplyDeleteමරු කතාව....ඇත්ත තත්වේ ඕක නේ....
ReplyDeleteලෝකෙ හැටි ඔහොම තමයි.
ReplyDeleteමැක්සා කතාව. මටත් ඔහොම සීන් එකක් උනා. කොලොම්බස් තරං නම් වීර කතාවක් නෙවෙයි http://blog.pahans.com/2010/01/ensitip-for-google-chrome-censitip-popup-dictionary/#comment-1711
ReplyDelete:D.
තවත් සීන් එකක් උනා qsfox සම්බන්ධවත්.
බලාගෙන ගියාම හැමතැනම එහෙමයි.
@ජේ.ඩී (ජූඩ් ධනුෂ්ක)
ReplyDeleteකටින් කරන වැඩ වලට වඩා ක්‍රියාවෙන් කරන වැඩේ වටිනවනෙ. ස්තූතියි ප්‍රතිචාරෙට.
@Anonymous
ඔව් ඉතින්. කඩුනු බිත්තරයක් තමයි. ඒත් කොලම්බස් කිව්වෙ නෑනෙ එහෙම කරන්න බෑ කියලා. කිසිම නීතියක් තිබ්බෙ නෑ.
@h
අනිවා ඇත්ත. අන්තිමේ ඒ වැඩෙන් වෙන්නෙ කරන එකාටත් එපා වෙන එක තමයි.
@බිඟුවා
ඔය මැජික් වල තියෙන්නෙත් එහෙම දෙයක්නෙ. කරන ක්‍රමේ කියල නොදෙනකම් මැජික් එකක්. ක්‍රමේ කියල දුන්න ගමන්. "අය්යො ඕක සුලු දෙයක්නෙ. අපිටත් පුලුවන්නේ. ඕවත් මැජික්ද?"
@ජීවිතේමල්
ඒකෙනෙ අක්කෙ. මන් ඒත් බැලුවා අපිව අමතක වෙලාද කියලා. එන්න එන්න ඕන වෙලාවක එන්න.
ඔයාගේ කතාව හරි අක්කෙ. පාට කන්ණාඩි ගලවලා ලෝකෙ දිහා බලපු මිනිස්සු තමයි මේ ලොකේ වෙනස් කරන්න මූලික උනේ.
ඔයාල කියවනවනම් දිගටම ලියන්නම්කො.
ස්තූතියි අක්කේ.
@$han
ඔව්, මොන බයිල ගැහුවත් අන්තිමෙ වෙන්න ඕකනේ.
තැංකූ වේවා.....
@nadeesthoughts
ම්..ම්..ම්.... ලෝකේ හැටි නෙවෙයි, මිනිස්සුන්ගේ හැටිද මංදා.
ස්තූතියි සහෝ.
චැඃ මේ වගේ පෝස්ට් ලියන එකත් කජ්ජක්ද? මටත් මීට වඩා සිරා එකක්ක ලියන්න තිබ්බා.
ReplyDelete;)
ලස්සන කතාව!
@පහන්
ReplyDeleteහෙහ් හෙහ්.... උඹටත් වෙලා තියෙන්නේ මේ වගෙම වැඩක් නෙවැ. ඔහොම තමයි මචන් කොතනත්. අපි ගනු දෙනු කරන්නෙ මිනිස්සු එක්කනෙ. උඹ ඔව්වට සැලෙන්න එපා. මොකද දන්නවද. ඔය බනින, දොස් කියන, විවෙචනය කරන එවුනුත් අන්තිමේ ඕක පාවිච්චි කරනවා. දක්ශයාව මොනම විදියකින්වත් පරාද කරන්න බෑ.
ස්තූතියි මචන් ප්‍රතිචාරෙට....
@Chanux: ඉතින් හත්ඉලව්වේ ලියන්න තිබ්බනෙ! ඇයි නොලිව්වෙ?
ReplyDelete:D :P
නියම කතාවක්!
@chanux
ReplyDeleteමොකද කියන්නෙ. මාත් බිත්තරයක් ගේන්නද?
ස්තූතියි යාලුවා....
මෙන්න කතා...
ReplyDelete@Malinthe Samarakoon
ReplyDeleteආ..... මට කලින් මන් වෙනුවෙන් උත්තරයක් දීලා.
හි..හි..හි.... පට්ට උත්තරේ....
තැංකූ තැංකූ මලයො කොමෙන්ට් එකට.
@මාරයාගේ හෝරාව
ReplyDeleteනෑ...නෑ...නෑ... මෙන්න කතා...
http://ctkumara.blogspot.com/
ස්තූතියි මාර අයියෙ
සරල අවශ්‍යතාවයට අනූව හිත මෙහෙයවා යමක් කරනවා නිර්මාණශිලි මිනිස්සු.. එ අය අනිත් අය වගෙ ඔලුවෙන් ලොකුවට බැඳිලා නැහැ , එ අයගෙ හිතෙන් සීමාවන් පනවගෙන නැහැ. බිත්තරෙ කඩන්න එපා කියලා කිව්වෙ නැහැනෙ.. කෙලින් හිටවන්න පුළුවන්ද කියලා විතරයිනෙ ඇහැව්වෙ.. නැද්ද මෙ වගෙ මිනිස්සු අපි අතරෙත් ඉන්නවා. නමුත් එ අය උඩට එන්නෙ නැත්තෙ මොකද ලොක්කො කරන්නෙ උන්ව කපලා දාන එක. අපෙ තාත්තා ඩ්‍රයිවින් ලයිසන් එක අරන් තියන්නෙ මුරුංගා මිටි කිපයක් දිලා 60 ගණන් වල, දැන් උන්තමයි එ දෙපාර්තුමෙන්තුවෙ ලොක්කො. ඉතින් අපි ලයිසන් එක ගන්න දස අතෙ දුක් විඳිනවා..
ReplyDeleteසරල අවශ්‍යතාවයන් අනුව නිර්මාණශිලීව හිතනවානම් ප්‍රශ්න ගොඩක් නැහැ..
නියමයි කතාව.
ReplyDeleteනියම කතාව අනුරුද්ධ....
ReplyDeleteයමක් කරන කෙනා කොහොමත් කියවන්නෙ නෑනෙ...වැඩක් කරන්න ඕනෙ නම් ඒක කරලා දානවා...
අපෝ ඇති යන්තම් අද කතාව එක දිගට කියවන්න ලැබුනා
@රවා
ReplyDeleteඔයාගේ කතාවෙන් අද සමාජයේ එක අඳුරු පැතිකඩක් මනාව පැහැදිලි උනා. සහතික ඇත්ත ඔයාගේ කතාව. ස්තූතියි අදහස් බෙදා හදා ගත්තට.
@Raven
තැංකූ තැංකූ....
@දිල්
ඒකනේ ඔයලා එදා තරහ උනානේ. ඒක නිසා ඔන්න එකපාරම දැම්මා. කොහොමත් කෑලිවලට කඩන්න තරම් මේක එදා කතාව වගේ දිග නෑනෙ. ස්තූතියි අක්කේ කියවල ප්‍රතිචරයක් දැම්මට.
ආ....... මෙන්න මෙයා මට නම් හදනවා. හහ්.. හහ්... හා.....
නියම කතාව........ රසවත් විදියට ලියල තියෙනව......
ReplyDeleteඅනුරාධ ට/
ReplyDeleteඅනේ සමාවෙන්න. කැම්පස් එකේදි මගෙ ලගම උන්න හොදම මිතුරෙක්ගෙ නම අනුරුද්ධ.....ඔයාගෙ නම දැක්කම මට ඌව මතක් වෙන්න ඇති
අනික අනුරාධ කියනවට වඩා ඒක ලස්සනයි වගෙ ;)
@විශ්මි
ReplyDeleteබොහොම ස්තූතියි විශ්මි නගේ....
@දිල්
අයියෝ කමක් නෑ අනේ. අනුරුද්ද කියන එක ලස්සනද අනුරාධ කියනවට වඩා. එහෙනම් කමක් නෑ. එහෙම ලස්සනනම් ඒ විදියටම කියන්න. ලස්සනට කව්ද අකමැති. නේද?
ජීවිතයට එකතු කරගන්න පුලුවන් විදිහේ වටිනා වගේම රසවත් කතාවක්... :)
ReplyDelete@විශ්මි
ReplyDeleteබොහොම ස්තූතියි විශ්මි.
@msenarath
රසවත් කියන්නේ බිත්තරයක් තිබ්බ හින්දද.
බොහොම ස්තූතියි මේ පැත්තට ගොඩ වැදිලා ප්‍රතිචාරයක් දාලා ගියාට.
nice story malli :)
ReplyDeleteලස්‍සන කතාවක් ඒ චගේම ජීවිතයට චැදගත් පනිචුඩයක් දෙනචා. මේ වගේ තචත් කතා ලියන්න මල්ලී.... :)
ReplyDelete@Anonymous
ReplyDeleteThanx a lot....
@nilu
අනේ අනේ නිලූ....... මාව එතකොට මල්ලි උනා නේද?
මරු කතාව..
ReplyDelete@Ansh Lucky Sri Jay
ReplyDeleteබොහෝමත්ම ස්තූතියි.....
මරු මරේ මරු..... නියමයි!!
ReplyDeleteනියම කථාව අයියේ අද හැම තැනම වෙන්නේ ඕකම තමා.. :)
ReplyDelete