Thursday, March 15, 2012

හදිසි රිය අනතුරක්!

 මෙම බ්ලොග් අඩවියේ ලිපි ලියමින් මෙය පවත්වාගෙන යන අනුරාධ නම් වන මම, පහුගියදා දරුණු රිය අනතුරකට මුහුණ පෑවෙමි. මා පසුපස හඹා ආ පැපරාසි ජායාරූප ශිල්පියෙකුට එම අවස්තාව රූපගත ගර ගැනීමට හැකියාව ලැබී තිබේ. පහතින් ඇත්තෙ එම භයානක රිය අනතුර ඔහුගේ කැමරා ෆෝන් කාචය මත පෙල ගැසුනු ආකාරයයි.


අවවාදයයි!!!
හදවත් රෝගීන් හා සංවේදී හිත් ඇත්තන් මෙය නැරඹීමෙන් වලකින්න.

Monday, February 13, 2012

අහෝ........!!!

ප්‍රේම මන්දිරේ
රෝස සයන මත
කඳුලු ගලන හඬ
මට ඇසුනා

ගැලවුනු මල් පෙති
දෝත දරාගෙන
කුමරිය වැලපෙනු
මට පෙනුනා

කිරුළෙ හෙවූ
නිල් මැණික පළුදු වී
රතු රුහිරෙන්
දිවියම තෙමුනා

ගැලූ රුහිරයට
ඔච්චම් කරමින්
දහදිය බිඳු
නළලත රැඳුනා

ආදරයේ රස සෙවූ
දෙතොල් මත
ලුණු රසකින්
කැටයම් මැවුනා

සායම් සේදුන
සමනල තටු ලඟ
කුමරුන් හිනහෙනු
මට ඇසුනා

Thursday, January 19, 2012

තවත් අත්හදාබැලීමක්

මීට කලින් වතාවක් ස්ටොප් මෝශන් ඇනිමේශන් ගැන මන් පොඩි පැහැදිලි කිරීමක් කලානේ. ඒ වගේම මම කරපු පුංචි අත්හදාබැලීමකුත් ඔයාලට දුන්නා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනට ගිහින් ඒක බලලා එන්න පුලුවන්.
එදා ඒ කල දේට ටිකක් විතර එහා ගිය තවත් අත්හදාබැලීමක් පහුගිය දවසක මන් කලා. එහා ගියා කිව්වට මහා ලොකු වැඩක් නෙවෙයි. හෙ හෙ හෙ.... ඒත් එදාට වඩා ගොඩක් වැඩියෙන් මහන්සි වෙන්නනම් උනා. මොකද අවශ්‍ය දේවල් ටික සුදානම් කරගන්නම පැය 5ක් 6ක් විතර ගියා. ෆොටෝ ශූට් එකට පැය දෙකහා මාරක් වගේ ගියා. කොහොම හරි අවසානයේදි ෆොටෝ 335ක් අරගෙන වැඩේ සාර්තකව නිමා කරගන්න පුලුවන් උනා. වැඩේට සහයෝගය ලබා දුන්නෙ අපේ නංගි. එහෙනම් ඔන්න මන් ඔයාලට වීඩියෝ එක දෙන්නම්. බලලා ඔයාලගෙ අදහස් කියලම යන්නකො.



මේ තියෙන්නෙ වැඩේ කරපු හැටි.

 මේ තියෙන්නෙ කැමර් එක රඳවන්න මන් විසින් ගෙදරදී නිර්මාණය කල අලුත්ම නිපැයුම. හබැයි බලලා හිනා වෙන්න එහෙම එපා. දුප්පත් කමට වෙන මොනා කරන්නද. :D

 
 එහෙනම් ඔන්න මන් ගියා. තව පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තියෙනවා. ඒකත් අරගෙන ඊලඟ දවසෙ එන්නම්.

Friday, January 13, 2012

ABSORB හැදුන හැටි

කලින් පෝස්ට් එකෙන් මන් ඔයාලට දීපු කෙටි චිත්‍රපටිය ගොඩ දෙනෙක් බලලා තිබ්බනෙ. ඒ වගේම ඒ ගැන විවිධ අදහස් පල කරලත් තිබ්බා. ඇත්තටම ඒ ඔයාලගෙ අදහස් මට හුඟාක් වටිනවා. මොකද ඒ අදහස් තමයි මට ඉස්සහර වැඩකටයුතු වලට ලොකු හයියක් වෙන්නෙ. ඒක නිසා මගේ කෙටි චිත්‍රපටිය නරඹපු හා ඒ වගේම ඒ ගැන අවංක අදහස් පල කරපු හැමෝටම මන් මගේ හෘදයාන්ගම ස්තූතිය පිරිනමනවා. ඒ වගේම ඉදිරි වැඩකටයුතු වලදීත් මේ වගේම මාත් එක්ක ඉඳිමින් මට හයියක් වෙන්න කියලත් ඔයාලගෙන් ඉල්ලනවා.

ගොඩ දෙනෙක් ආලෝකකරණය ගැන කතා කරලා තිබුනා. ඇත්තටම මට මේකෙ ඕන උනේ ටිකක් අඳුරු ගතියක් ලබා දෙන්න. මොකද මේකෙ කතා තේමාවත් ටිකක් ඩාක් එකක්. ඒකට ගැලපෙන විදියටම අඳුරු ගතියක් චිත්‍රපටිය තුල පවත්වාගන්න මට ඕන උනා. ඒත් ඒ තරම්ම ලොකු අපැහැදිලි අඳුරක් ඒකෙ ඔයාලා දැක්කා කියන එක මට ටිකක් හිතාගන්න අමාරුයි. මොකද මගේ මොනිටරේ මට ඒ තරම්ම ලොකු අපැහැදිලි අඳුරක් පේන්නෙ නෑ. ඒත් ඔයාල කිව්ව නිසාම මන් බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් වෙනස් කර කර වගේම මැශින් කිහිපයකත් මේක ප්ලේ කරලා බැලුවා. ඒත් ඒ තරම් අවුලක් මට හොයාගන්න බැරි උනා. අනේ මන්දා. සමහර විට මට නොදැනෙන අවුලක් තියෙන්නත් පුලුවන්. කෝම උනත් ඊලඟ නිර්මාණය මන් හිතන් ඉන්නෙ අවුට්ඩෝර් එකක් කරන්න. ඒක නිසා අලෝකකරනය ගැන ලොකු ගැටලුවක් ඒකෙදි නැති වෙයි. :D

කිහිප දෙනෙක් තිර රචනය ගැන කතා කරලා තිබ්බ නිසා පොඩ්ඩක් ඒ ගැනත් කියන්න හිතුනා. ඇත්තෙන්ම මේකෙ මහා ලොකු කතා තේමාවක් නැහැ. ඉතාම සුලු සිද්දියක් ඉදිරිපත් කිරීමක් විතරක් වෙලා තියෙන්නේ. තිර රචනයේ අඩුපාඩු මීට වඩා ටිකක් පුලුල්ව පෙන්වලා දෙන්න පුලුවන්නම් මන් කැමතියි. මොකද එතකොට තමයි මට ඒ අඩුපාඩු ඉදිරියේදි නිවැරදිකරගෙන වඩා සාර්තක නිර්මාණයක් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒක නිසා වෙලාවක් තියෙනවනම් ඒ අඩුපාඩු ටික ටිකක් සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න කියලා මන් පුංචි ඉල්ලීමක් කරනවා.


මීට වඩා ගොඩක් දේවල් ඒ ගැන කියන්න නෑ. ඉදිරියේදි තවත් දේවල් අරන් ඔයාලව හම්බ වෙන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ආයෙම වතාවක් ස්තූති කරනවා නරඹපු අදහස් දක්වපු හැමෝටම. ඒ වගේම ඔන්න ඇබ්සෝබ් හැදුන හැටි දැක බලාගන්න කැමති අයට මන් දෙන්න යන්නෙ Making of video එක. කට්ටිය ඒකත් බලලම යන්න කියලා අවසාන වශයෙන් ඉල්ලනවා.

Sunday, January 1, 2012

ABSORB-Short film


 ඔන්න කට්ටියට ටික දවසකට උඩදි මන් පොඩි කුතුහලයක් එකතු කලානේ පුන්චි පොස්ටර් එකක් දාලා. සමහරු බලන්න ඇති මේ මොකද්ද මේ යකා මේ කරන්න හදන්නෙ කියලා. සමහරු නොබලන්නත් ඇති. හෙ හෙ... කමක් නෑ. බලපු නොබලපු හැමෝටම මන් අද පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ.
TWO HEARTS ENTERTAINMENTS ගැන දැන් හැමෝම දන්නවනෙ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔය නම උඩ ක්ලික් කොරලා ගිහින් දැනගෙන එන්න පුලුවන්. ඔන්න එදා කිව්වා වගේම TWO HEARTS ENTERTAINMENTS වලින් කරපු පලවෙනි නිර්මාණය අද ඔයාලට පිරිනමන්න තමයි මම මේ සුදානම් වෙන්නේ.

ABSORB කියන්නෙ විනාඩි තුනක පමණ ධාවන කාලයකින් යුක්ත කෙටි චිත්‍රපටියක්. ඇත්ත්ටම මේක නිර්මාණය උනේ මගේ FILM AND TV STUDIES Diploma  එකේ ප්‍රොජෙක්ට් එක විදියට බාර දෙන්න. වෙනත් කතා වස්තූන් කීපයක්ම තිබ්බත් ඒ අතරින් මේකම තෝරගන්න උනේ අනෙක්වා නිර්මාණයට ගන්න නොයෙකුත් ප්‍රශ්ණ මතු උන නිසයි. ඒයින් ප්‍රධානම ප්‍රශ්ණයක් තමයි නලු නිලි ප්‍රශ්ණය. ඒක නිසා අවම නලු නිලි සංඛ්‍යාවක් භාවිතා කරලා ඉතාම සරලව කරන්න පුලුවන් දේට තමයි අත ගැහුවෙ. මේක කරද්දිත් යම් යම් ගැටලු ආවෙ නැතුවම නෙවෙයි. ඒත් අන්තිමේදි කොහොම හරි ඒවා සාර්තක ලෙස ජය අරගෙන මේක මේ විදියට නිම කරනන් මට හැකියාව ලැබුනා.

මෙහි රංගන දායකත්වය ලබාදෙන්නෙ දක්ෂිත මලීන් සොයුරා හා තවත් එක විශේෂ නලුවෙක්..... හෙ හෙ... ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. චිත්‍රපටියෙ පිටපත, කැමරාකරණය, සංස්කරණය හා අධ්‍යක්ශනය සිදු කලේ අනුරාධ නානායක්කාර වන මම විසින්. ඒ වගේම මේ කාර්‍යය සාර්ථක කරගන්න මට උදවු උන සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මුලු හදවතින්ම ස්තූති කරනවා.

හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි කෙටි චිත්‍රපටිය ප්‍රේක්ෂක ඔබට බාර කරනවා.  එහෙනම් සූදානම් වෙන්න ABSORB වෙන්න.
නරඹන්න. නරඹලා ඔබේ අදහස් ලබාදෙන්න. ඒක තමයි මට වටින ලොකුම දේ.



Friday, December 30, 2011

නුඹට පෙනෙන තුරු......

යන්නට යද්දි ඔබගෙන් වෙන්වී
ඔබමයි යලි යලි වලකන්නේ
ඉන්න තනද්දී ඔබටම ලන්වී
ඔබමයි තව ඈතට යන්නේ

ඔබෙ හදවත මත වැතිරී තෙරපී
සුසුමන් වල උණුසුම විඳිමින්
ඉන්න සදා කල් පුරන පිරුම් මන්
ඔබමයි විටකදි බිඳලන්නේ

ඔබෙ සිත නෙපෙනෙන මානෙක තනිවී
මතකය පමණක් දෝත දරාගෙන
ඔබට සුභ පතා යන්නට හැදුවත්
ඔබමයි යලි මා කැඳවන්නේ

යන්න නොහැක අත වනන නිසාවෙන්
ඉන්න නොහැක නෙතු රවන නිසාවෙන්
මැදි වූ සෙනෙහෙස වගුරන මගෙ හිත
නුඹට පෙනෙන තුරු ඉන්නම් මෙලෙසින්

Friday, December 16, 2011

හෙලිදරව්ව

පහුගිය දෙසැම්බර් හත් වෙනිදා අනන්තය ඔබට ප්‍රශ්නයක් ඉතිරි කරලා ගියා ඔබට මතක ඇති. ඒ ගැන ඔයලා මොන විදියට අනුමාන කලාද කියන්න මම දන්නෙ නෑ. ඔන්න ඒ ප්‍රශ්ණය ඔයාලගෙ හිත් වලින් අයින් කරන්න තමයි මම සූදානම් වෙන්නෙ. ඊට කලින් මෙන්න මේ වීඩියෝව බලලා ඉන්නකො.



එදා ඔබ දැක්ක අර්ධ සම්පූර්ණ වීඩියෝවෙ සම්පූර්ණ වීඩියෝව තමයි ඔය. වීඩියෝව ගැන විස්තර කරන්න කලින් මන් අහන්නම් පොඩි ප්‍රශ්නයක්.
මතකද WHO ?
විනෝදෙට හදපු මගේ පලවෙනි කෙටි චිත්‍රපටිය......
අමතක කෙනෙක් හරි දන්නෙ නැති කෙනෙක් හරි ඉන්නවනම් මේන්න ගිහිල්ලා බලලා එන්න.
WHO-SHORT FILM

ඒක බැලුව අය දන්නවා ඇති ෆිල්ම් එක පටන් ගනිද්දි යන්නේ ANU FILM PRESENTS කියලා බව. ඒක එදා ඒ නිකන් ඔහේ දාන්න දෙයක් නැතුවට දාපු නමක්. පස්සෙ හරි නමකින් වැඩේ පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනා. අන්න ඒ බලාපොරොත්තුවෙ මල්පල ගැන්වීම තමයි  TWO HEARTS ENTERTAINMENTS කියන්නේ.  මෙතැන් පටන් මම කරන සෑම නිර්මාණයක්ම එලියට එන්නේ ඔන්න ඔය නමින්. හරියටම කිව්වොත් ඕක තමයි මෙතැන් සිට මගේ ප්‍රඩක්ශන් කම්පැනි එක.
ඒත් එක්කම කියන්න ඕන මේ ප්‍රඩක්ශන් කම්පැනියේ තවත් එක හවුල් කාරයෙකුත් ඉන්නවා. ඒ කෙනයි මමයි එකතු වෙලා තමයි මේක පටන් ගන්න අඩිතාලම දැම්මේ. කොටින්ම මේ නම පවා සැනින් තහවරු කලේ ඒ කෙනා. නමුත් පොඩි පොඩි අවහිරතා කීපයක් නිසා එයාට දැනට මේකට සෘජුව සම්බන්ද වෙන්න හැකියාවක් නෑ. තවම වක්‍ර ලෙස සම්බන්ද වෙමින් අදහස් යෝජනා වලින් පමණයි ඒ කෙනා මේකට දායක වෙන්නේ. ඒත් මම බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින්ම ඒ කෙනාගෙ සෘජු දායකත්වය මේ සඳහා ලැබෙයි කියලා. මගෙන් අහන්නනම් එපා ඒ කෙනා කවුද කියලා. බලමු. ඒ කෙනාගෙ දායකත්වය හරි හැටි ලබාගන්න පුලුවන් උන දවසක මම ඒ කෙනා ගැන හෙලි කරන්නම්. ඒතකම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා විතරක් දැනන් ඉන්නකො. දැනට ඒක රහසක්. :D

එහෙනම් ඔන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉස්සරහට TWO HEARTS ENTERTAINMENTS වලින් කෙරෙන නොයෙක් නිර්මාණයන් ඔයාලට බලාගන්න පුලුවන් වේවි. 

තවත් ආරංචියක් තියෙනවා. ම්ම්ම්ම්ම්. ඒක වචනයෙන් කියන්න ඕන නෑ. පල්ලෙහා බැලුවම ඔයාලට ඒක තෙරේයි.


එහෙනම් රැඳිලා ඉන්න අනන්තයත් එක්ක. මේ දේවල් අනන්තයෙන්ම විතරයි.