Sunday, January 1, 2012

ABSORB-Short film


 ඔන්න කට්ටියට ටික දවසකට උඩදි මන් පොඩි කුතුහලයක් එකතු කලානේ පුන්චි පොස්ටර් එකක් දාලා. සමහරු බලන්න ඇති මේ මොකද්ද මේ යකා මේ කරන්න හදන්නෙ කියලා. සමහරු නොබලන්නත් ඇති. හෙ හෙ... කමක් නෑ. බලපු නොබලපු හැමෝටම මන් අද පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ.
TWO HEARTS ENTERTAINMENTS ගැන දැන් හැමෝම දන්නවනෙ. නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔය නම උඩ ක්ලික් කොරලා ගිහින් දැනගෙන එන්න පුලුවන්. ඔන්න එදා කිව්වා වගේම TWO HEARTS ENTERTAINMENTS වලින් කරපු පලවෙනි නිර්මාණය අද ඔයාලට පිරිනමන්න තමයි මම මේ සුදානම් වෙන්නේ.

ABSORB කියන්නෙ විනාඩි තුනක පමණ ධාවන කාලයකින් යුක්ත කෙටි චිත්‍රපටියක්. ඇත්ත්ටම මේක නිර්මාණය උනේ මගේ FILM AND TV STUDIES Diploma  එකේ ප්‍රොජෙක්ට් එක විදියට බාර දෙන්න. වෙනත් කතා වස්තූන් කීපයක්ම තිබ්බත් ඒ අතරින් මේකම තෝරගන්න උනේ අනෙක්වා නිර්මාණයට ගන්න නොයෙකුත් ප්‍රශ්ණ මතු උන නිසයි. ඒයින් ප්‍රධානම ප්‍රශ්ණයක් තමයි නලු නිලි ප්‍රශ්ණය. ඒක නිසා අවම නලු නිලි සංඛ්‍යාවක් භාවිතා කරලා ඉතාම සරලව කරන්න පුලුවන් දේට තමයි අත ගැහුවෙ. මේක කරද්දිත් යම් යම් ගැටලු ආවෙ නැතුවම නෙවෙයි. ඒත් අන්තිමේදි කොහොම හරි ඒවා සාර්තක ලෙස ජය අරගෙන මේක මේ විදියට නිම කරනන් මට හැකියාව ලැබුනා.

මෙහි රංගන දායකත්වය ලබාදෙන්නෙ දක්ෂිත මලීන් සොයුරා හා තවත් එක විශේෂ නලුවෙක්..... හෙ හෙ... ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. චිත්‍රපටියෙ පිටපත, කැමරාකරණය, සංස්කරණය හා අධ්‍යක්ශනය සිදු කලේ අනුරාධ නානායක්කාර වන මම විසින්. ඒ වගේම මේ කාර්‍යය සාර්ථක කරගන්න මට උදවු උන සියලූම දෙනාට මන් මේ වෙලාවෙ මුලු හදවතින්ම ස්තූති කරනවා.

හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි කෙටි චිත්‍රපටිය ප්‍රේක්ෂක ඔබට බාර කරනවා.  එහෙනම් සූදානම් වෙන්න ABSORB වෙන්න.
නරඹන්න. නරඹලා ඔබේ අදහස් ලබාදෙන්න. ඒක තමයි මට වටින ලොකුම දේ.



32 comments:

  1. පටන්ගැන්මක් විධියට ගොඩ කියල කියන්න පුළුවන් මචං... lighting ටිකක් තිබුණ නම් තව හොඳ වෙන්න පුළුවන්. මොකද නළුවගෙ ඉරියව් දැණෙන ගතිය අඩුයි.

    TRON තමයි මතක් වුණේ.. මොනව වුණත් අහිංසක සත්තුන්ට කෙලවන්න යනවට හොඳ වැඩේ... එක අතකට ඔය කොම්පියුටරේ ඇතුලෙ තියෙන්න පුළුවන් දේවල් සහ අළුතෙන් බාගන්න පුළුවන් දේවල් ගැන හිතුවම මාර චාන්ස් එකක් තමයි කොල්ලට වැඩ කලේ... ;-)

    ReplyDelete
  2. ඇත්තමට හොඳ නිර්මාණයක්.සාර්ථක ගමනකට සුභ පැතුම්!

    ReplyDelete
  3. එල එල මරු අයියේ...

    ReplyDelete
  4. කලහැකි දේ උපරිමයටම කරලා සාධාරණත්වයක් දිලා තියෙනවා අයියේ..මම ආස සවුන්ඩ් වලට..මරු....ජයෙන් ජය...

    ReplyDelete
  5. Lighting ගැන තව පොඩ්ඩක් බලන්න....
    ජය!!

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. නියම නිර්මාණයක් අයියේ. 2012 වසරට සුබ පැතුම්

    ReplyDelete
  8. මගේ විචාරය...

    රඟපෑම - හොඳයි
    කථාව/තිර රචනය - අන්තිමයි
    සංගීතය - හොඳයි
    සංස්කරණය - ඉතා හොඳයි
    ආලෝකකරණය - බොහොම දුර්වලයි
    අධ්‍යක්ෂණය - හොඳයි

    [ඔය මට දැනුණ විදිය මචං]

    ReplyDelete
  9. හප්පා ඇබ්සෝර්බ් වුනා නේද? ඇතුල කොහොමද දන්නේ නැහැ.

    ලස්සනයි මල්ලි. අන්තිමට අර ප්‍රොසෙස් ලයින් එක කම්ප්ලීට් වෙද්දි කුතුහලය උපරිමයි තවත් ටිකයි

    සුභ පැතුම්

    ReplyDelete
  10. මටත් පේන්නේ ආලෝකය ප්‍රශ්නේ විතරයි,,සුභ පැතුම් මචෝ උබගේ වීඩියෝ ක්ලිප් කාලෙක ඉදන් බලනවා මමත්

    ReplyDelete
  11. මට කතා තේමාව හරියටම තේරුනේ නැති නිසා අනිත් ඒකත් එක්ක සමන්ධ වෙන අනිත් ඒව වල අඩු පාඩු තේරුම් ගන්නත් බෑ වගේ

    ReplyDelete
  12. හරේ අයියා කිව්ව කතාවම තමා කියන්ට තියෙන්නේ.
    සිරාවටම උඹට මීට වඩා හොඳට කරන්න පුළුවන්!

    අඩේ හැබෑටම අර අසරණ සතාව බෝතලේක දාලා හුස්ම හිර කරලා මැරුවද? :D

    ReplyDelete
  13. මටත් කියන්න තියෙන්නේ මචං බහුතරයක් දෙනා කියපු එක තමා.. ආලෝකය සෑහෙන්න මදි මචං.. අනිත් ඒව නම් සිරා.. සවුන්ඩ් උපරිමයි...

    කොහොමත් මුලදී මෙහෙම තමා.. පහු වෙනකොට අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු..

    ජය වේවා පනුස්....!!

    ReplyDelete
  14. Rocks are better than Flowers \m/

    ReplyDelete
  15. ඒ විශේෂ නළුවා මාරයිනේ කොයින්ද හොයා ගත්තේ...

    වැඩේ නියමයි මල්ලි.. මියුසික් එකට බයත් හිතුනා.. හි.. හි..
    ඉස්සරහට තව ලස්සන එව්වා කරන්න වාසනාව ලැබේවා!!

    ReplyDelete
  16. නියමයි...
    පට්ට...
    හොඳටම කරලා තියනවා. මල්ලි දක්ෂයානේ....:DDD

    ReplyDelete
  17. හොඳයි කියන්න පුළුවන්..ඒත් පොඩි පොඩි අඩු පාඩු තියෙනවා ඉතින්.. ඒවා හදා ගන්න.. කොහොම උනත් සිරා වැඩක්!
    රඟපෑම - හොඳයි
    කථාව/තිර රචනය - අන්තිමයි
    සංගීතය - හොඳයි/ සමහර තැන් වල ටිකක් වැඩියි!
    සංස්කරණය - අති විශිෂ්ටයි
    ආලෝකකරණය - බොහොම දුර්වලයි
    අධ්‍යක්ෂණය - හොඳයි

    ReplyDelete
  18. අලේ ගෙම්බට මොකද උනේ.. මං හිතුවෙ ගෙම්බගෙ මනෝකාය අරගෙන මොකක් හරි දරුණු සීන් එකක් කරන්න යන්නෙ කියල. සද්දෙ ඇඟ හිරි වැටෙනව. අම්බෝ අර 100% දි මම හිතුව පුපුරයි කියල. මාරයි ඈ.. ජය වේවා !!

    ReplyDelete
  19. කලහැකි දේ උපරිමයටම කරලා සාධාරණත්වයක් දිලා තියෙනවා
    දිගටම කරන්න
    ජය

    ReplyDelete
  20. මේකට වඩා who කෙටි චිත්‍රපටය මට හිතෙනවා හොඳයි කියලා...

    ආලෝකය නම් ටිකක් අවුල් තමයි. කතාවේ තේමාව මට හිතෙන්නෙ නම් හොඳයි. ඒත් ඩිවලොප් වුන විදියෙ මට නොතෙරෙන මොකක්දෝ අස්පට් එකක් දෑනෙනවනේ. ඒක කියන්ඩ මට තේරෙන්නෙ නෑ :)
    ම්ම්ම්ම්ම්ම්ම්ම්...

    ඒත් වැරදි වැරදි ඉස්සරහට යන ලෝකෙ , මේ උත්සහය ගෑන මල්ලි උඹ තව අවුරුදු 10කට පස්සෙ , මීට වඩා ගොඩාක් වෙනස් තැනක ඉඳගෙන 'ඒ කාලෙ' කියල කතා කරනවා. ඒක මට සහතිකයි,.... අන්න ඒ දහිරිය මොන හේතුව නිසාවත් මරා දාන්න එපා....
    ඒ ගමනට මගෙන් හද පත්ලෙන්ම සුබ පෑතුම් මල්ලි ......

    ReplyDelete
  21. අනේ මන්දන්නෑ මටත් දිල් අක්කා කියපු ටිකම තමා මේකට වඩා හූ එකට මම කැමතියි සමහර විට මගේ රසවින්දන හැකියාවෙ අවුලක් වෙන්න ඇති

    ReplyDelete
  22. mama film gena nam danne na ayye.mata hithena widiyata kalin ekata wada hodai.suba pathum ayye.mama hima hansi

    ReplyDelete
  23. නියමයි? කෝ ගෙම්බා.. එකාට මොකෝ උනේ.. එලිය මදි ටිකක් ඒ ඇරෙන්න අනිත් සේරම හොඳයි :)

    ReplyDelete
  24. Well done !!!!!!!!!!
    All the best

    ReplyDelete
  25. ඇයි බං කාඹරේ ලයිට් එක හරි දාන්න තිබ්බානෙ :D

    ReplyDelete
  26. මච්න් මම හිතුවෙ විශේෂ නලුවා අන්තිමට තිරෙන් එහා පැත්තෙදි කොල්ලව බෝතලේ ඇතුලතට දායි කියලා.....
    All the best....මච්න්

    ReplyDelete
  27. කුතුහලය කියන එක හොඳට පවත්වගෙන ආවත් මියුසික් තැනින්තැන අඩු වැඩි වෙන ගතියක් තියනව. ආලෝක කරණය නං හොඳටම මදි

    ReplyDelete
  28. සිරා වැඩක් මචන්... ආරම්භයක් විදියට සෑහෙන හොඳයි... විස්තර තව වැඩි උනා නම් ගොඩක් හොඳයි.. ඉංග්‍රිසී ෆිල්ම්ස් බලනකොට පොඩ්ඩක් අවධානෙන් බලන්න. ඒවයේ පුංචි දේවල් වල තියෙන විස්තර ගොඩක් පෙන්නනවා.. සීන් එක යන්තම් පෙන්නල මඟ ඇරල යනවට වඩා පොඩි සීන් එකක් ඇතුලේ තියෙන දේවල් තව ටිකක් වැඩිපුර පෙන්නුවනම් හොඳයි කියල හිතුණා.. තාක්ෂණික අපහසුකම් ඇති නමුත් අවසන් නිර්මාණයට ලොකු වෙනසක් ඒ පොඩි මහන්සියෙන් වෙනව කියලයි මට නම් හිතෙන්නේ.. නියමයි

    ReplyDelete
  29. මම 100 න් දුන්නොත් 55 ක් දෙනවා ලකුණු.. නිමිත්ත සහ සංස්කරණය හොඳයි. ඩිවලොපිං , තිර පිටපත, කැමරාව ගැන සෑහීමක් නෑ.. ෂොට් මදි වාගේ සංස්කරණයෙදි.

    ReplyDelete
  30. මරු ....ගොඩක් හොදට හිතලා කරලා. ලය්ට් සොර්ස් එක තව පහත් කලානම් මොකද?

    ReplyDelete