Tuesday, February 23, 2010

යනවානම් මරු මා කැන්දා.......

ලෝකයට එපාවී
ලොවම එපාවී
හුදකලාව දවසක් ගෙවුනා
දෙනුවන් අග
තෙත් කරමින් හෙමිහිට
උණු කඳුලක් බේරී වැටුනා

පුංචි පුංචි වදනකට පවා
සිතුවිලි කැලතී සිත සසල උනා
දහසක් සිතුවිලි එකිනෙක සුන්වී
මොහොතින් සුවබර හද බිඳුනා

හීන සයුර පතුලටම සිඳී
ගිනියම් අව්වට ඉරි තැලුනා
කලක් පුරා මැව් සිහින මාලිගා
කැඩී බිඳී විසිරෙනු පෙනුනා

මොහොතක් පාසා වෙන් වෙන හදවත්
කවදා එක් වේවිද මංදා
හිතට සැපැයි මේ කඳුලෙන් මුදවා
යනවානම් මරු මා කැන්දා.......

Tuesday, February 16, 2010

කාන්තාවට හිමි තැන කුමක්ද?

හුඟ දවසකින් මොකුත් ලියන්න බැරි උනා. මේ දවස් වල සෑහෙන්න කාර්‍යබහුලයි. වැඩ කියන්නේ හුස්මක් කටක් ගන්නවත් බැරි තරමට වැඩ. ඔන්න දැන් තමයි අද දවසේ වැඩ ඉවර උනේ. පේනවා ඇතිනෙ වෙලාව. මේ දවස් ටිකේම මේ වගේ තමයි. නිදිමතනම් ඇස් දෙක කඩාගෙන පහලට බේරෙනවා. ඒත් නිදිමතයි කියලා බෑ. ලැබුනු වෙලාවෙ මොනව හරි ලියන්න ඕන. අනික මන් පොරොන්දුවකුත් උනානෙ කාන්තාව ගැන ලියනවා කියලා. එදා ලියන්න උනේ ආගම ගැන විතරයිනෙ. ඒක නිසා  ඔන්න මම නිදිමත බේරෙන ඇස් ආයාසයෙන්  ඇරගෙන කාන්තාව ගැන ලියන්න පටන් ගන්නවා.

Monday, February 8, 2010

ආගම නම් බෙදුම්වාදය...?

ත‍රිඳු රොෂාන්ත සහොදරයා ලිපියක් ලියල තිබ්බා ත්‍රිපිකටය හා කාන්තාව ගැන. මෙන්න එකේ සබැඳිය. ඔයලටත් කියවලාම බලන්න පුලුවන්. කියවන්න වටින ලිපියක්. මේ ලිපිය ගොඩ දෙනෙක්ගේ කතා බහට, විචාරයට ලක් වෙලා තිබ්බා. ලිපියේ කියෙවෙන දේට එකාඟව හා විරුද්ධව බොහෝ මත පල වෙලා තිබ්බා. කොහොමත් ආගම හා කාන්තාව කියන්නේ සෑහෙන්න විචාරයට තුඩු දෙන මාතෘකා 2ක්නේ. මගේ අදහස එතන ප්‍රතිචාරයකින් ලියන්න තරම් පොඩියට ගොණු කරගන්න අපහසු නිසා ඒ ගැන පුලුල්ව විස්තර කරලා ලිපියක් ලියන්න ඕන කියල හිතුනා. සමහර විට මන් වැරදි වෙන්නත් පුලුවන්. නමුත් මේ මට දැනෙන, මට හැඟෙන, මට තේරෙන විදිය. මේක කියවලා ඔයලගේ අදහස් මොනවද කියලත් කියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.

Sunday, February 7, 2010

සිටින්නම් සැමදා ලඟින්...

 අනේ සමාවෙන්න ඕනා. මේ Post එකේ ඔයාලට පරයෝජනයක් වෙන යමක් නැති විත්තිය මන් දන්නව. ලියන්න කියල වැදගත් දෙයක් මතක් උනෙත් නෑ. ඒත් මේ ටිකෙම මොකුත් ලියන්න බැරි උන නිසා අද මොකක් හරි ලියන්න ඕන කියලා හිතුනා. මොනාද ලියන්නේ කියලා හිත හිතා ඉද්දි හදිසියේම කෙනෙක්ගෙන් call 1ක් ආවා. ආදරණීය හැඟීම් වලින් මුලු හිතම පිරිලා ගියා. Call 1 ඉවර උන හැටියෙම මගේ අතින් කවියක් ලිය උනේ මටවත් නොදැනි. හිතේ පිරුන ආදරණීය සිතිවිලි වලින් අල්ප මාත්‍රයක් නිල් තීන්ත වලින් සුදු කොලේකට ගොණු උනා. මුලු හිතම එලියට දාන්න තරම් කොල මේ ලෝකේ නෑ. තීන්ත මේ ලොකේ නෑ. වචනත් මේ ලොකෙ නෑ. මොකද ආදරේ මේ විශ්වයටත් වඩා විශාලයි.

පුංච් නෙතු තරු කැට වගේ ඔබේ
දිහා බලාන ආදරෙන්
ගෙවන්නම් මුලු ජීවිතේ මම
නුඹේ තුරුලේ සැඟවෙමින්...

මල් සිනා මැවෙනා දෙතොල් අග
මිහිරි මීවිත රස බොමින්
හදට තුරුලුව අහන් ඉන්නම්
මියුරු සර එන හදවතින්...

සවන සිප සනසනා වදනින්
නිවේ දුක දොම්නස සිතින්
මගේ දිවිමග නිමවෙනා තෙක්
සිටින්නම් සැමදා ලඟින්....

Wednesday, February 3, 2010

Phone 1 ඔරිජිනල්ද?

කාගෙන් හරි ඇහුවොත් තමන්ගේ ජීවිතේ වටිනම දේ මොකක්ද කියලා ගොඩ දෙනෙක් කියයි Hand phone 1 කියලා. අද ඒ තරමටම ජංගම දුරකතනය කියන දේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක් වෙලා. ඔය මල් එහෙම කඩන කට්ටිය ඒක හොඳටම දන්නවා ඇතිනේ. ඉස්සරනම් phone 1ක් ඕන උනේ කාට හරි ඇමතුමක් ගන්න විතරයි. ඒත් දැන් එහෙම නෑනේ. ජංගම දුරකතනය අද බහුකාර්‍‍යය උපකරනයක් වෙලනේ. Phone 1ක් ගන්න 1 ගෑනියෙක් ගන්නවටත් වඩා අමාරුයි. කොච්චරක්නම් දේවල් බලන්න ඕනද. සමහරු ගන්නේ ඔරිජිනල්ම phone. තව සමහරු අඩු ගානට චයිනීස් එවා ගන්නවා. දැන් බැලුවොත් ඇත්නම් ඔක්කොම ච්යිනීස්නේ. කොහොම ගත්තට් හැමෝම බලන්න ලෙඩක් නැතිව වැඩි කාලයක් පාවිච්ච් කරන්නනේ. අපි phone 1ක තත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන අන්න එතනදි. මට හම්බ උනා phone 1ක තත්වය කොහොමද කියලා බලාගන්න පොඩි ක්‍රමයක්. මන් මේ හදන්නෙ ඒක කියන්න. සමහරුනම් දන්නවත් ඇති. නොදන්න අය වෙනුවෙන් කියන්නම්.

Tuesday, February 2, 2010

සින්ඩියට ජය වේවා....!

පිස්සු හැදෙනවා අප්පා. එක රැයක් ඇතුලට මගෙ බ්ලොග් 1 Hit වෙලා තියෙන තරම දැකලා මට මගේ ඇස් අදහාගන්නත් බැරි උනා. මගේ දක්ෂකමක් එහෙම නෙවෙයි ඉතින්. සින්ඩියේ බල මහිමය තමයි. දැන් ඉතින් කට්ටිය ගොඩක් එහෙම බලන නිසා ලොකු වගකීමකින් ලියන්න වෙනවා. මට තෙරුම් ගිය 1 දෙයක් තමයි ගොඩක් දෙනෙක්  අන්තර්ජාලයට එන්නෙ HSDPA එකෙන් කියලා. හැමෝටම ඉතින් මට වගේ පිනා චෑන්ස් වදින්නෙ නෑනේ හිටු කියලා අන්තර්ජාලෙට එන්න.මට ඉතින් ඕන බහුබූතයක් ලියන්න පුලුවන්. මගේ අතින් පයින් කීයක්වත් යන්නේ නෑනෙ. ඒත් ඉතින් බහුතරයක් අන්තර්ජාලෙට එන්නේ අතේ තියෙන කීයකට හරි තට්ටු කරගෙනනේ. ඉතින් එහෙම එන කෙනෙක්ට මගේ බහුබූත වල් පල් කියවන්න දීලා කාලයයි ධනයයි නාස්ති කරවන 1 පව්නේ. ඒක තමයි මන් මේ කල්පනා කොලේ. දැන් මන් මොනාද ලියන්නේ කියලා. කියවන කෙනෙක්ට පාඩුවක් නොවෙන්න ලියන්නත් ඔනේ. බලමුකො. මන් මට පුලුවන් උපරිමයෙන් වැදගත් දේවල් ලියන්න උත්සහ කරන්නම්. මන් ලියන දේවල් කිසිම වැදගැම්මකට නැති, එලොව්ටත් නැති මෙලොවටත් නැති, විකාර කියල හිතුනොත් ටක් ගාලා කියන්න. මන් අයේ ඒ වගේ ඒව නොලිය ඉන්නම්. අදනම් වැදගත් කියලා දෙයක් මතක් වෙන්නෙ නෑ. හෙට ඉඳලා ලියන්නම්. ඔයලගේ වටිනා කලය නාස්ති නොකර එහෙනම් ඕන් මන් යනවා. හැමෝම මාත් එක්ක කෑගහල කියන්න. සින්ඩියට ජය වේවා....!

Monday, February 1, 2010

මාත් දැන් සින්ඩියේ....

දවස් 3ක්ම ගාල්ලේ මිහිරි සුළඟේ ආශ්වාදය විදගෙන ඉඳලා අද උදේම ආපහු කොළඹ කර්කශ පොලවට පය ගැහුවා. අපු ගමන් බැලුවේ මගේ අන්තර්ජාල ලියුම් පෙට්ටිය. මෙන්න බඩු ඇවිල්ලා. මගේ සතුට ඉහවහා ගියා. වෙන මොකුත් නෙවෙයි. මාව සින්ඩියට තොරගත්තා කියලා ලියුම ඇවිල්ලා. පහුගිය ටිකෙම හරිම කනස්සල්ලෙන් හිටියේ. සින්ඩියට ඉල්ලුම් කරලා දවස් 14කටත් වඩා ගත වෙලත් කිසිම ප්‍රතිචාරයක් නැති 1ට. දැන් ඉතින් එකත් හරි. ඒ විතරක්යැ. තවත් දෙන්නෙක් මගේ යලුවො විදියට ලියාපදිංචිත් වෙලා. එක්කෙනෙක් මට ප්‍රතිචාරෙකුත් දාලා. පුංචි මගේ පුංචි හිතට හරීම සතුටුයි. මාවත් සින්ඩියට තෝරගත්ත්ට බොහෝම ස්තූතියි. ඒ වගේම මගේ පුංචි අඩවියට ආපු, කියවපු හැමෝටමත් බොහෝම ස්තූතියි. මගේ මුල්ම යලුවො 4 දෙනාටත් ඕන් බොහෝම පින්. අද මේවා දැකලා හිතට අමුතු ගැම්මක් ආවා. මෙච්චර දවසක් මන්ම ලියලා මන්මනේ කියෙව්වෙ. කියවන අය කීප දෙනෙක් හරි ඉන්නව කියලා දැක්කම මාර සතුටක් දැනුනා. අර කට්ටිය කියනවා වගේ සුභ අනාගතයක් ලබන්නද කොහේද යන්නේ. එල එල. එසේම වේවා.