අනේ සමාවෙන්න ඕනා. මේ Post එකේ ඔයාලට පරයෝජනයක් වෙන යමක් නැති විත්තිය මන් දන්නව. ලියන්න කියල වැදගත් දෙයක් මතක් උනෙත් නෑ. ඒත් මේ ටිකෙම මොකුත් ලියන්න බැරි උන නිසා අද මොකක් හරි ලියන්න ඕන කියලා හිතුනා. මොනාද ලියන්නේ කියලා හිත හිතා ඉද්දි හදිසියේම කෙනෙක්ගෙන් call 1ක් ආවා. ආදරණීය හැඟීම් වලින් මුලු හිතම පිරිලා ගියා. Call 1 ඉවර උන හැටියෙම මගේ අතින් කවියක් ලිය උනේ මටවත් නොදැනි. හිතේ පිරුන ආදරණීය සිතිවිලි වලින් අල්ප මාත්‍රයක් නිල් තීන්ත වලින් සුදු කොලේකට ගොණු උනා. මුලු හිතම එලියට දාන්න තරම් කොල මේ ලෝකේ නෑ. තීන්ත මේ ලොකේ නෑ. වචනත් මේ ලොකෙ නෑ. මොකද ආදරේ මේ විශ්වයටත් වඩා විශාලයි.
පුංච් නෙතු තරු කැට වගේ ඔබේ
දිහා බලාන ආදරෙන්
ගෙවන්නම් මුලු ජීවිතේ මම
නුඹේ තුරුලේ සැඟවෙමින්...
මල් සිනා මැවෙනා දෙතොල් අග
මිහිරි මීවිත රස බොමින්
හදට තුරුලුව අහන් ඉන්නම්
මියුරු සර එන හදවතින්...
සවන සිප සනසනා වදනින්
නිවේ දුක දොම්නස සිතින්
මගේ දිවිමග නිමවෙනා තෙක්
සිටින්නම් සැමදා ලඟින්....
පට්ටම...
ReplyDeleteආදරය දැනෙනකොට ඔහොම තමා මචං,
ආදරයට ආදරය කරපන් මැරෙන්නම.
එතකොට තමා ඒකේ ෆුල්ම ආතල් එක තියෙන්නේ...
කවදාවක් ආදරය ආදරය දාලා යන්නේ නෑ...
/බිඟුවා...!
ඇත්ත මොන දේ වෙනස් උනත් අදරය වෙනස් වෙන්නෙ නෑ. මිනිස්සු වෙනස් වෙනවා. සිතිවිලි වෙනස් වෙනවා. ඒහ් අදරේ එහෙමමයි.
ReplyDelete