Tuesday, February 16, 2010

කාන්තාවට හිමි තැන කුමක්ද?

හුඟ දවසකින් මොකුත් ලියන්න බැරි උනා. මේ දවස් වල සෑහෙන්න කාර්‍යබහුලයි. වැඩ කියන්නේ හුස්මක් කටක් ගන්නවත් බැරි තරමට වැඩ. ඔන්න දැන් තමයි අද දවසේ වැඩ ඉවර උනේ. පේනවා ඇතිනෙ වෙලාව. මේ දවස් ටිකේම මේ වගේ තමයි. නිදිමතනම් ඇස් දෙක කඩාගෙන පහලට බේරෙනවා. ඒත් නිදිමතයි කියලා බෑ. ලැබුනු වෙලාවෙ මොනව හරි ලියන්න ඕන. අනික මන් පොරොන්දුවකුත් උනානෙ කාන්තාව ගැන ලියනවා කියලා. එදා ලියන්න උනේ ආගම ගැන විතරයිනෙ. ඒක නිසා  ඔන්න මම නිදිමත බේරෙන ඇස් ආයාසයෙන්  ඇරගෙන කාන්තාව ගැන ලියන්න පටන් ගන්නවා.

         කාන්තාව.....මුලින්ම සඳහන් කරන්න ඕන මන් මේක ලියන්න මුල් උනේ ත්‍රිපිකටය හා කාන්තාව සම්බන්ද ලිපියක්නේ. එතනදි කරුණු පෙන්නල තිබ්බ මෙහෙණි සසුන ගැන බුදුදහමෙ සඳහන් වෙන කරුණු කාරනා ගැන. ඇත්තටම මම දන්න කියන කාලෙ ඉඳන්ම කල්පනා කරපු 1 දෙයක් තමයි ඇයි බුදු හාමුදුරුවො මෙහෙනි සස්න ඇති කරනවට විරුද්ධ උනේ කියලා. හැම දේකදිම මධ්‍යස්තව කටයුතු කරපු උන්වහන්සේ ඇයි මෙතනදි විතරක් ඒ වගෙ දැඩි තීරණයක් ගත්තෙ කියලා. පස්සෙ ඉතින් සෑහෙන උත්සහයක් දැරීමෙන් අනතුරුවනෙ උන්වහන්සෙ ඒකට කැමැත්ත දුන්නේ. ඇත්තටම උන්වහන්සෙ කාන්තාව සස්නට ඇතුලු වෙනවට අකමැති උනේ මොන හෙතු කාරණා මතද කියලා මට තාමත් හිතාගන්න බෑ.
                   අපේ ලෝකයේ ජීවත් වෙන ජීවීන්ගෙන් බහුතරයක් ස්ත්‍රී හා පුරුෂ යන ලිංග 2ට අයත් වෙනවා. සරල ශරීර ව්‍යුහයක් තියෙන ජීවීන්ගෙනම් මේ වර්ගවීම දක්නට ලැබෙනවා අඩුයි. ජීවින්ගේ ශරීර ව්‍යුහය සංකීර්ණ වෙන්න සංකීර්ණ වෙන්න අවයව පද්ධති ආදිය සංකීර්ණ වෙනවත් එක්කම ලිංග භේදයත් ඇති වෙලා තියෙනවා. ස්ත්‍රී පුරුෂ නපුන්සක යනාදී වශයෙන් වර්ග වලට බෙදාගෙන ඉන්නෙ එකයි. ප්‍රජනන ක්‍රියාවලිය උපයෝගී කරගනිමින් නව ජීවින් බිහි කොට තම ජීවි විශේෂය නොනැසී ආරක්ශා කර ගැනීමට මේ ස්ත්‍රි හා පුරුෂ යන කොටස් දෙකම අත්‍යවශ්‍ය වෙනවා. මන් අර කලින් කිව්ව සරල ශරීර ව්‍යූහ දරන ජීවින් ඇරුනහම අනිත් හැම ජීවියෙකුටම වගේ මේ නියමය වලංගුයි.
                   අනිත් සත්ව  විශේෂ වල කොහොම උනත් මිනිස් සමාජිය තුල නම් ප්‍රබලයා විදියට සැලකෙන්නෙ පිරිමියා. අපෙ සමාජය පුරුෂාධිපත්තිය රජ කොට ගත් සමාජයක්. අපෙ පවුල පීතෘ මූලික පවුලක්. හැම දේකදීම වගේ ප්‍රමුක තැන දීලා ඉන්නේ පුරුෂ යැයි කියා ගන්නා මනුශ්‍ය කොට්ටශයට. අද ඊයෙ නෙවෙයි. ආදිකාලීන යුග වල ඉඳන් ඒක එහෙමයි. ඒත් ඇයි ඒක එහෙම උනේ? පුරුෂයා ප්‍රභල උනේ කොහොමද? මන් හිතන විදියටනම් පුරුෂයන් විසින් කරන හැම දේම වගේ ස්ත්‍රීන්ට කරන්න පුලුවන්. ස්ත්‍රීන් කරන හැමදේම වගේ පුරුෂයින්ටත් කරනන් පුලුවන්. උත්සහය, උනන්දුව, උවමනාව තියෙනවනම් කරන්න බෑ කියල දෙයක් නෑ. ස්ත්‍රී උනත් පුරුෂ උනත් ඒක එහෙමමයි. එහෙනම් කොහොමද මේ පුරුෂයා ප්‍රභල උනේ.
                             මේක කාලයක් තිස්සෙ සිද්දවෙච්ච මිනිස් හැඟීම් වල ගට්ටනයක ප්‍රතිඵලයක් විදියටයි මන්නම් දකින්නේ. ගොඩක් දුරට මේක හුඟක් වැඩිපුර දකින්න ලැබෙන්නේ ආසියාතික රටවල තමයි. බටහිර රටවල ගෑනුද පිරිමිද කියලා බල බල ඉන්නේ නෑනෙ කිසිම දේකට. ආසියාතික රටවල සංස්කෘතිය මගින් කාන්තාව ඕනවට වඩා හිරකරල කියලයි මට පේන්නේ. අදනම් මේ තත්වය ගොඩක් දුරට අඩු වෙල තියෙනවා. නමුත් අතීතය අරගෙන බැලුවහම කාන්තාවට හිමි වෙලා තියෙන තැන දකිද්දි පුදුම ලැජ්ජාවක් දැනෙනවා. මොකද ඒකට වග කිව යුත්තේ පුරුෂ පක්ෂය නිසා. අපි ඉපදෙන්නෙ කාන්තාවකගෙ කුසින්. අපි ඉපදිලා මාස ගනක් බොන්නේ කිරි බවට හැරවුන කාන්තාවකගේ ලේ. අපෙ මුල්ම කාලය ගෙවෙන්නෙ කාන්තාවකගේ ඇකයේ. තරුණ අවදියට පත් උනාමත් අපි හොයන්නෙ කවුරු හරි කාන්තාවකගේ උණුසුමක්. නමුත් අපිම කියනවා පිරිමි තමයි උසස් කියලා. පිරිමි තමයි උතුම් කියලා. මොකද්ද මේ නීතිය. "කාන්තාවට ජීවත් වෙන්න පිරිමියෙක්ගෙ රැකවරණය ඕනේ. කාන්තව හා පවුල පෝශනය කරන්නේ පිරිමියා. ඒක නිසා පිරිමිය තමයි උතුම්." ගොඩ දෙනෙක් කියන්නෙ එහෙමනෙ. මොන බොරු කතාවක්ද ඒක. පිරිමියෙක් නැතුව ජීවිතෙ සතුටෙන් ගෙවන කාන්තාවො මොන තරම් ඉන්නවද. සැමියාගේ රැකවරණයක් නැතුව තමන්ගේ දඩිය  වගුරවලා දරුවන් පෝශණය කරන අම්මල කොච්චර ඉන්නවද. පව්ලේ කොල්ලො අම්මට තත්තට අනිත් සහෝදර සහෝදරියන්ට නොසලකා ඉද්දි මුලු පව්ලෙම බර තමන්ගේ කරට ගත්ත අක්කල නංගිල කොච්චර ඉන්නවද. එහෙමනම් කාන්තාව උසස්, කාන්තාව උතුම් කියලා කියන්න බැරිද.
                          තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි. අහල ඇති නේද එහෙම කියමනක් තියෙනවා. ඒ කියන්නෙ කාන්තාව ලොකය පලනය කරන්න තරම් වුනත් ප්‍රභල බව නෙවෙයිද. කාන්තාව කියන්නේ වොශින් මැෂින් එකක්, රයිස් කුකර් එකක් හෝ වැකුම් ක්ලීනර් එකක් හෝ නෙවෙයි කියලා අපේ පුරුෂ ඇත්තන්ට කවදා තේරෙයිද කියලා මගේ බුද්ධි මට්ටමට වැටහෙන්නේ නෑ.
උතුම් වෙන්න පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියන 1 වැදගත් වෙන්නේ නෑ කියලයි මගේනම් අදහස අපේ තියෙන ලොකුම අඩුපඩුව තමයි වඩා  බලවතා වෙන්න උත්සහ දැරීම. අන්‍යයන් තමන්ගේ පාලනයට නතු කර ගැනීමට උත්සහ කිරීම. අපි හැමොගෙම හිත් වල පාලකයෙකු වීමේ සියුම් ආශාවක් මුලු ගැන්විලා තියෙනවා. අපෙ සමහර ක්‍රියාකරකම් වලින් අපිටත් නොදැනුවත්ම එලියට එන්නේ ඒ මුලු ගැන්ව්ලා තියෙන ආශාව තමයි. පුරුෂයා බලවත් කියන සංකල්පයටත් ප්‍රධානම හෙතුවක් තමයි ඒක.
           අනේ සැහෙන්න අමරුයි. දෙපරක් විතර නින්දත් ගියා මේක ලියද්දි. ඒක නිසා මන් දැන් යනවා දොයිය ගන්න. ඔයාලත් ටිකක් හිතල බලන්න. කාන්තාවක්ද පිරිමියෙක්ද කියල නොබලා හැමෝටම සම තැන දීලා ඉන්න ටික කාලේ සහයෝගයෙන් ජීවත් වෙනවද නැත්නම් ඉස්සර උනා වගේම ඉදිරියටත් කාන්තාව පාගගෙන ඔවුන්ගේ කඳුල මතින් පුරුෂාධිපත්තියේ මන්දිර තනනවාද කියලා. තීරණය තියෙන්න ඔයලගෙ අතේ.

7 comments:

  1. "සමතැන නෙමෙයි ... නිසි තැන" ලැබෙනව නම් කිසි ගැටලුවක් නැහැ.
    දෙගොල්ලම දෙගොල්ලන්ගේ අගය වටහා ගන්නවනම්. ‍
    වෙනස හැදින ගන්නවනම්.
    එකිනෙකාට ගෞරව කරනව නම්.
    කිසිම ගැටළුවක් නැහැ..

    " වෙනස , කියන්නෙ ලස්සනක්" දෙගොල්ලම එක වගේ වුනානම් මේ ලෝකෙ ගොඩක් පාළු තැනක් වේවි නේද?

    ReplyDelete
  2. background ත් වචනත් එකම පාට නිසා කියවන්න වෙන්නෙ අමාරුවෙන්. ඒ ගැන සලකා බලන්න. ඉක්මනින් පහසුවෙන් කියවන්න පුලුවන් නම් හොදයි වගේ.......

    ReplyDelete
  3. අක්කා කියන කතාව ඇත්ත. නමුත් මට තියෙන ප්‍රශ්නේ ඔය කියන නිසි තැන මොකද්ද කියලයි.ගොඩක් අය හිතාගෙන ඉන්නේ කාන්තාවට හිමි නිසි තැන කුස්සිය මුල්ලයි කියලා. එහෙමත් නැත්නම් පිරිමියාට සියලුම දේ කැප කරගෙන සිටීමයි කියලා. කාන්තාවට හිමි නිසි තැන මොකක්ද කියන එකට හරි පිලිතුරක් මට අද වෙන තුරු ලැබිලා නෑ. අක්ක කියන විදියට දෙගොල්ලොම එකිනෙකාව හරි හැටි තෙරුම් ගන්නවානම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ දේ වෙන්න තව කොයි තරම් කාලයක් ගත වේද කියල දෙයියොවත් දන්නෙ නැතුව ඇති.
    දැනුවත් කලාට බොහොම ස්තූතියි. හැබැයි අක්කෙ මන් අකුරු වලට දාල තියෙන්න කලු පාට. background 1 කොල පාට. මට හිතෙන්න අක්ක බලන වෙලාවෙ background image 1 load උනේ නැතුව ඇති. එහෙම උනාම කියවන්න අමරු වෙනවා. මට වෙන හොඳ template 1ක් හම්බ උනේ නෑ. මන් HTML වැඩිය දන්නෙත් නෑ. මේකත් හෙන ගේමක් දීලා මට ඕන විදියට edit කරගත්තේ. කෝකටත් අක්කට ආයේ සැරයක් කියවන්න අමාරු විදියට ආවොත් මට print screen 1ක් ගහල එවනවද. මෙන්න මගෙ mail 1.
    anuradhaslk@gmail.com

    ReplyDelete
  4. Dude if u can remember chandrika bandaranayeka u’ll never ever right this. Any way the main and the best reason I respect women is that they can face the worst and rigid thing we can ever think of doing. And they do it by saying it’s the most wonderful thing …..giving birth!

    ReplyDelete
  5. කාන්තාව සහ පිරිමි අතර සමාන කම් වගේම වෙනස් කම් ගොඩක් තියෙනව.
    ඒ ගැන හුන්ගක් හොඳ පොත් දෙකක් මම් කියෙව්වා.
    එකක් තමයි "ගැහැණිය, මිනිසා, විවාහය සහ දරුවෝ", මේක ලියල තියෙන්නෙ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්මය.
    තවත් හොඳ පරිවර්තනයක් තියෙනව, "ගැහැණු සහ පිරිමි වෙනස් වන්නේ ඇයි,
    කියවල බලන්න,
    හොඳ පොත් දෙකක්

    ReplyDelete
  6. මට නම් සහෝදරය නොතේරෙන්නෙ මේ සම තැන හරි නිසි තැන හරි ඉල්ලන කාන්ත පක්සෙම තමුන්ගෙ වාසියට ඔය ඉල්ලන තැනින් පහලට වැටෙන එකනෙ...
    ඇත්තටම ඔය තැන දෙන එකේ වාසිය තියෙන්නෙ ගැනුන්ට වඩා පිරිමින්ට... ඒත් ඉතිං තමුන්ට අවාසී කියල තේරෙනකොට ගෑණු උවමනාවෙන්ම ඔය තැනින් පල්ලම් බහිනව...

    ReplyDelete
  7. me gana math ekak liayanna one oyage lipiya baluwe http://jeevithayewassanayen.blogspot.com adawiya hara.. mita wada sanwadayata gata uththak .. smajiya karunak nisa
    @ wath ketiyen unth ekata man ekagai...

    ReplyDelete