ලෝකයට එපාවී
ලොවම එපාවී
හුදකලාව දවසක් ගෙවුනා
දෙනුවන් අග
තෙත් කරමින් හෙමිහිට
උණු කඳුලක් බේරී වැටුනා
පුංචි පුංචි වදනකට පවා
සිතුවිලි කැලතී සිත සසල උනා
දහසක් සිතුවිලි එකිනෙක සුන්වී
මොහොතින් සුවබර හද බිඳුනා
හීන සයුර පතුලටම සිඳී
ගිනියම් අව්වට ඉරි තැලුනා
කලක් පුරා මැව් සිහින මාලිගා
කැඩී බිඳී විසිරෙනු පෙනුනා
මොහොතක් පාසා වෙන් වෙන හදවත්
කවදා එක් වේවිද මංදා
හිතට සැපැයි මේ කඳුලෙන් මුදවා
යනවානම් මරු මා කැන්දා.......
දැන් නම් හොදට කියවන්න පුලූවන්.
ReplyDeleteසැබෑ ආදරෙන් බැදි සිත් කිසිදා වෙන් නොවේ. කදුළු සලන්න එපා. ආදරේ කරන්න මුල පුරන්න නම් තිබිය යුත්තේ එකම සුදුසු කමයි. ඒ තමයි වෙන්වීම දරා ගන්න පුළුවන් වෙන එක. ඒකට මුහුණ දෙන්න බැරි නම් ආදරේ වේදනාවක් විතරයි.
ReplyDeleteකඳුලකින් කෙලවර වෙන්නනම් හිත් වලට අදරේ දැනෙන්නේ ඇයි? දවසක වෙන් වෙනවනම් හදවත් එක් වෙන්නෙ ඇයි? දෛවය මේ තරම්ම අකාරුණිකද?
ReplyDeleteIf you love something, set it free; if it comes back it's yours, if it doesn't, it never was.
ReplyDeleteආදරේ කියන්නෙත් හරිම පුදුම දෙයකට...වෙලාවකට හිත සතුටින් පුරවනවා...තවත් වෙලාවකට ජීවිතේම කඳුළින බොඳ කරනවා.
ReplyDeleteහ්ම්ම්ම්ම්! ඒ කොහොම උනත් අපි ආදරේ කරනවා...
ලස්සන නිර්මාණයක්
@දිල්
ReplyDeleteස්තූතියි....!
ඒ තමයි ආදරේ හැටි. අවසානය කඳුලක් කියලා දැන දැන උනත් ආදරේ අතරමං කරල දාල යන්න හදවත ඉඩ දෙන්නේ නෑ. හදවත ලෝබයි. ආදරේ විදින්න සෑහෙන්න ලොබයි. ආදරේ මේ තරම්ම මිනිස්සුන්ට වැදගත් දෙයක් වෙලා තියෙන්නේ එකයි.