Tuesday, March 2, 2010

අහස් වියන යට.....

අය්යෝ....මේ දවස් වල මාර busy. ලියන්න තියා හරියට කන්න බොන්නවත් වෙලාවක් නෑ. අනිත් 1 මේ වැඩ වැඩිකම නිසාමද මංදා ලියන්න මොකවත් ඔලුවට එන්නෙත් නෑ. අදහස් ඉල්ලේ. අදහස් ඔක්කොම පෙට්ටගමක ඔබලා වහලා දාලා වගේ. ඔලුව අවුල් ජංජාලයක්. දවස් දෙකක්ම ලියන්න කියල පටන් ගත්තා. මොන...පේලි 2ක් හරියට ලියාගන්න හම්බ උනේ නෑ. හිතුවට මොකුත්ම හිතෙන්නෙ නෑ. මොනවා කරන්නද ඉතින්. වැඩේ අත් ඇරලා දාල නිකා හිටියා. සිතිවිලි අවදි කරවන කෙනත් මේ දවස් වල නිදි. එකෙන් තවත් අප්සෙට්. මොනවා කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි.  
                       ඔන්න බොලේ අද නිකමට වගේ පර්ස් එක අවුස්සද්දි හතරට පහට නවපු කොලයක් හම්බ උනා. දිග ඇරල බැලින්නම් කවියක්. මීට අවුරුදු 5කට කලින් ඒ කියන්නේ 2005දි ලයිබ්‍රියේ බොක්ස් එකක් ඇතුලෙ තනි වෙච්ච වෙලවක ලියවුන කවියක්. වෙලාවෙ හැටියට ඒකත් මසුරන් වටිනවා. උන්න හැටියට මලා මැදැයි. ඔන්න ඉතින් ලියන්න මෙලො අදහසක් ඔලුවට එන්නෙ නැති වෙලාවක හද්ද පරණ කවියක් ආයෙ ලියනවා. වෙන කරන්න දෙයක් නැති නිසා.

අහස් වියන යට සුදෝ සුදට සඳ
බැබලෙනවා මනරම්
කුමරු මමයි ඒ සඳවතියට
පලඳවනා පෙම් දම්
නුරා දෙතොල් පෙති එකිනෙක පැටලෙන
සොඳුරු රැයේ මනරම්
ඔබගෙන් දැනෙනා මිහිරි උණුසුමේ
අඩුවක් නැහැ මටනම්

හසසිරි ලමැදේ උණුසුම හෙමිහිට
මගේ තොල්පෙති සිප සනසන්නේ
දුලාවතින් සැඟවුනු තාරුණ්‍යය
නුරා හැඟුම් පා හිනැහෙන්නේ
හසලී වෑහෙන වුවන මතින් ඔබේ
දෑඟිලි හෙමිහිට දිව යන්නේ
තනිවුනු විජිතෙක පෙම් රජ දහනක
අමයුරු උවසර විඳගන්නේ

7 comments:

  1. හදිසියේ, තනිවුන වෙලාවල වුන නිර්මාණ හරිම අපූරැයි. මෙයත් එසේමයි.

    ReplyDelete
  2. ස්තූතියි හෙලයා...!

    ReplyDelete
  3. සිරාවට මචෝ!!! තනියම ඉඳිද්දී මාර දේවල් හිතට ගලාගෙන එනවා... ලස්සන නිර්මාණයක්!!

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි ...කිව්වත් වගේ තනියම ඉන්න වෙලාවට අපිට නොහිතාම ලස්සන නිර්මාණ බිහි වෙනවා...

    ReplyDelete
  5. මරු මරු අර කටු ඇනගත්ත වෙලාවෙත් මොකක් හරි ශෝක ගීතයක් ලියල දාන්න තිබුනෙ හි හි....

    ReplyDelete
  6. මොනා උනත් එකෙන් මෙකෙන් කියන්නේ අවුරුදු පහක් දහයක් තිස්සේ එක ම පර්ස් එකද දෙවියනේ පාවිච්චි කරන්නේ...

    අනේ සංසාරේ.. :p

    ReplyDelete