Tuesday, March 23, 2010

කතාවෙ තවත් කොටහක්.......

ඔන්න ඔබ මෙතෙක් වේලා පුල පුලා බලාසිටි මහා කතා රජයාගේ ඉතුරු කොටසත් අරගෙන මන් ඔයාලගෙ මොනිටරයට ගොඩ වැදුනා. දැන් එහෙනම් කට්ටිය හරි බැරි ගැහිලා එහෙම ඉඳගෙන කියවන්න පටන් ගන්නකෝ. කතාව කොටස් දෙකකට කැඩුවට සමාවෙන්න ඕනා. එකට ලිව්වොත් දිග වැඩි වෙන නිසයි කොටස් දෙකට ලියන්න තීරණය කලේ. රායිට් ඕකේ එහෙනම්. ඔන්න මන් පටාන් ගත්තා.

කුමාරවරු හතර දෙනා හතර පැත්තකට යන්න තීරණය කරපු එකෙන් අසරණ උනේ අහිංසක මම. මන් ඉතින් එයාල කරන්නෙ මොනවද කියලා බලන්න හතර දෙනා පස්සෙන්ම යන්නයැ. මගේ සහයට කවුරුත් හිටියෙත් නෑ. ඒක නිසා මන් තීරණය කොලා කගෙවත් පස්සෙ යන්නේ නැතුව අම්බලම ගාවටම වෙලා ඉන්න. කට්ටිය කතා කරගත්තු විදියට අවුරුදු පහකින් එන්නෙ නැතෑ. මන් මොකටද නිකන් කැලරි පුච්චගන්නේ. ඕන් ඉතින් මන් අම්බලම එහා පැත්තෙන් පර්චස් 5ක් අරගෙන පුංචි පැලක් අටවගත්තා. මගේ පැලේ අඳුර මකන්න මනාලියක් ගේන්න හිතුනත් ඕව හෙන කරදර වැඩ නිසා CFL බලුබ් එකකින් වැඩේ ශෙප් කරගත්තා.

තත්පර, විනාඩ්, පැය, දවස්, සති, මාස, අවුරුදු එකින් එක ගෙවිලා ගියේ හිතාගන්නත් බැරි තරම් වේගයෙන්. කුමාරවරු ගැන කිසිම ආරංචියක් නෑ. ඉන්නවද මැරිලද කියලා දැන ගන්නවත් ක්‍රමයක් තිබ්බෙ නෑ. මේ විදියට අවුරුදු 5ක් ගෙවුනා. හරියටම අවුරුදු පහකට පස්සෙ, එදා කතා කර ගත්තු විදියටම කුමාරවරු හතර දෙනා නැවතත් අර අම්බලම ගවට ආව. කාලෙක්ට පස්සෙ හම්බ උන සහෝදරයො හතර දෙනාට සතුට ඉහිලුම් නෑ. ඒ ගොල්ලො එකිනෙකාව වැලඳ ගනිමින් තමන්ගෙ සතුට ප්‍රකාශ කලා. මේ සහෝදරයන්ගේ එකමුතු කම දැකල ඇහැට නගුනු සතුටු කඳුලක් මන් කම්බුල් දිගේ බේරෙන්න කලින් වම් සුලඟිල්ලෙන් පිහිදාගත්තා. ඔන්න ඉතින් ආගිය තොරතුරු කතා කරපු සහෝදරයො තමන් ඉගෙන ගත්තු කර්මාන්තය ගැන කතා කරන්නත් අමතක කලේ නෑ. වැඩිමල්ම සහෝදරයා ඉගෙනගෙන තිබ්බෙ වඩු කර්මාන්තය. දෙවෙනියා එදා කිව්වා වගේම ගාමන්ට් එකකට සෙට් වෙලා අඳුම් මහන්න ඉගෙන ගෙන තිබ්බා. තුන් වෙනියා ඉගෙන ගෙන තිබ්බෙ රත්තරන් බඩු හදන්න. බාලම කුමාරයා ඕනෑම දේකට පණ දෙන්න පුලුවන් මන්තරයක් ඉගෙන ගෙන තිබ්බා. කතාවෙන් කතාව වෙලාව ගතවෙනවා කාටවත්ම තෙරුනේ නෑ. දන්නෙම නැතුව කලුවරත් වැටිලා. ඒක නිසා කුමාරවරු තීරණය කලා එදා රෑ අම්බලමේ ගත කරලා පහුවදා උදෙන්ම තමන්ගේ රජ මාලිගාව බලා ගමන් අරඹන්න. දැන් ඉතින් බය නැතුව පිය රජතුමා ගාවට යන්න පුලුවන්නේ. ඒක නිස කට්ටියම හිටියේ කියන්න බැරි තරම් සතුටින්. සතුට වැඩි කමට වැඩිමල්ම කුමාරයට නින්ද ගියෙත් නෑ. ඒක නිසා එයා පොඩ්ඩක් අම්බලමෙන් එලියට ඇවිල්ල එහේ මෙහේ ඇවිදින්න පටන් ගත්තා.

බොහෝම අපූරුවට හඳ පායලා මුලු පලාතම සුදු පාට සඳ කිරණෙන් වෙලාගෙන තිබ්බා. නිල් පාට තරු කැට දිලිහි දිලිහි හැමදාමත් වගේ හඳ ගාවින් ඉඳන් හඳේ තනිකම මැකුවා. කොහේදෝ ඈතක ඉඳන් ඇදිලා ආපු කඩුපුල් මල් සුවඳක් කුමාරයගෙ තරුණ හිත සිපගත්තා. හදිසියේම කුමාරයගෙ ඇස ගැටුනේ අම්බලම ආසන්නයෙම බිම බදාගෙන වැටිලා තිබුන රූස්ස ගහක කඳක්. වඩු වැඩ වලින් පිරිලා තිබ්බ කුමාරයාගේ හිතට මේක දැක්ක ගමන් ආවේ අපූරු අදහසක්. කුමාරයා තමන්ගේ ආයුධ මල්ලත් ගෙනැල්ල අර කඳ ගාවින් වාඩි උනා. පැය කිහිපයක වික්‍රමයකින් පස්සේ කුමාරයාගෙ අතින් අර කොට කෑල්ල සුරූපී තරුණියක් බවට පරිවර්තනය වෙල තිබුනා.දැන්නම් කුමාරායාට සෑහෙන්න මහන්සියි. ඒක නිසා කුමාරය තමන්ගේ නිර්මාණය අම්බලම ගාවින් තියල නිදාගන්න ගියා.

ඔන්න ටික වෙලවකට පස්සේ දෙවෙනි සහෝදරයට ඇහැරුනා. ඈනුමක් එහෙම ඇරලා නිදිමතෙන්ම වටපිට බලපු කුමාරයා දැක්ක දසුනෙන්, කුමාරයගෙ නිදිමත කොහෙන් ගියාද කියලා නැති උනා. නිරුවත් කාන්තාවක් අම්බලමෙ දොර ලඟ හිටගෙන. කහපාට හඳ එලිය වැටිලා ඒ සිරුර කිරිගරුඬ වගේ දිලිසෙනවා. කුමාරයට හිතාගන්න බැරුව ගියා තම්න් මේ දකින්නේ හීනයක්ද කියලා. දනි පිනි ගාලා නැගිට්ට කුමාරය ඒ දිහවට ගියා නෙවෙයි දිව්වා. ලඟටම ගියාමයි කුමාරයට තේරුනේ තමන් රැවටුනු තරම. කුමාරයට සිහින් ලැජ්ජාවකුත් ආවා. ඒ වගේම මෙක කරන්න ඇත්තෙ තමන්ගේ වැඩිමල් සහෝදරයා කියල වැටහුනු කුමාරයට ලොකු සතුටකුත් දැනුනා ත්මන්ගේ සහෝදරයගෙ දක්ශතාවය ගැන. කොහොම හරි පිලිමයක් උනත් නිරුවතින් තියන්න මේ කුමාරයගෙ හිත ඉඩ දුන්නේ නෑ. තමන්ගේ දක්ශතාවලින් ප්‍රයෝජනයක් ගන්න මේක තමයි සුදුසුම අවස්තාව කියලා කුමාරයාට තෙරුනා. ඒක නිසා තමන්ගේ ආම්පන්න ටික ලඟට ගත්තු කුමාරය ලස්සන ඇදුමක් මහල පිලිමයට ඇන්ඳුවා. ටික වෙලාවක් පිලිමයේ ලස්සන බලාගෙන හිටි කුමාරයා නැවතත් ගිහින් නිදාගන්න පටන්  ගත්තා.

ඔන්න ටික වෙලාවකට පස්සේ තුන් වෙනි කුමාරයට ඇහැරුනා. රැවටුනේ දෙවෙනි කුමාරයා විතරක් නෙවෙයි. ටික වෙලාවක් පිලිමය දිහා බලාගෙන හිටපු කුමාරයා තමන්ගේ මල්ලෙන් රත්තරන් බඩු කීපයක් අරගෙන පිලිමයට පැලැන්දුවා. ෂා... "දැන් ඔය ඉන්නේ අපූරුවට." කුමාරයා තමුන්ටම කියා ගත්තා. පිලිමයේ ලස්සනින් අමන්දානන්දයට පත් වෙලා හිටපු කුමාරයා හොයාගෙන් නොබෝ වෙලාවකින්ම නිදි දෙව්දුව ආවා.

ඔන්න ඊට ටික වෙලාවකට පස්සෙ බාලම කුමාරයට ඇහැරුනා. දැන් එලිය වැටෙන්නත් ගොඩක් කිට්ටු වෙලා. ඇස් වල කබ කඩල කුනු කෙල පිහදාපු කුමාරයා ඊලඟ මොහොතේ හිටියේ පිලිමෙ ගාව. පිලිමෙ ලඟට ගිහිල්ලත් ටික වෙලවක් යනකන් මේක පිලිමයක් කියලා කුමාරයට තෙරුනේ නෑ. ඒක ඒ තරම්  තාත්විකයි.  මෙච්චර ලස්සන තරුණියක් පිලිමයක් ව්දියට තියන්න කුමාරයගේ තරුණ හිත ඉඩ දුන්නේ නෑ. එයා තම්න් ඉගෙනගත්තු මන්තරේ ජප කලා. මොක්ද්ද මන්තරේ. මතකයිනේ. ඕනම දේකට පණ දෙන මන්තරේ. මන්තරේ ප්‍රතිඵල එන්න ටික වෙලවක් යන නිසා කුමාරය පොඩ්ඩක් ඇහැ පියාගත්තා. දන්නෙම නැතුව කුමාරයට අයෙත් නින්ද ගියා.

අනේ යාලුවනේ මට සමාවෙන්න ඕනා. අදත් මට කතාව මැදින් නවත්තන්න වෙනවා. වෙන හෙතුවක් නිසා නෙවෙයි. මට හොඳටෝම දොයි මතයි. සරෙන් සැරේ ඔලුව පහලට කඩාගෙන වැටෙනවා. අයෙ නැගිටල ලියනවා. මේ කෙරුවාව තවත් කරන්න අමරුයි. අන්තිමේ මන් මොනව ලියයිද දන්නෙ නෑ. ඒ ක නිසා අදට මන් නවතින්නම්. මන් පොරොන්දු වෙනවා. හෙට මන් කතාවෙ ඉතුරු ටික ඔක්කොම කියනවා. ඒක නිසා හිතේ කහටක් තියාගන්නෙ නතුව හෙටත් මේ පැත්තෙ එන්නකො.

8 comments:

  1. හා හා, මමනම් දැන් දන්නවා කවුද මේ බාලම කුමාරයා කියලා :D

    ReplyDelete
  2. කියනවාම නම් හෙටත් බලන්නම්

    ReplyDelete
  3. උඹත් දේශපාලක අයියෙක් වගේ බං. ඉවර කරනව කිව්වට ඉවරයක් කර‍න්නෙ නේ.

    ReplyDelete
  4. @Chanaka Aruna Munasinghe
    කව්ද අප්පෙ ඒ. මන් දන්නෙත් නෑ නොවැ.

    @වැප්
    ඔව්, නොවරදවාම එන්නකො.

    @``` Outsider```
    අයියෝ...මෙච්චර පුංචි දේකට මාව ඒ තත්වෙට දැම්මෙ ඇයි? මිනිහෙක්ට කරන්න පුලුවන් උපරිම නින්දාව කරන්න තරම් හිත හදාගත්තෙ කොහොමද? චීයා....විලි ලැජ්ජවෙ සන්තෝසයි....

    ReplyDelete
  5. මරු කථාවක් වගේ... හෙට නම් අන්තිම ටික කියන්නම ඕනේ.... නැත්තන් මමත් උඹව දේශපාලකයින්ගේ ගොඩට දානවා... හිහ් හිහ්

    ReplyDelete
  6. @ළමයා
    අනේ... කියනවා කියනවා. හෙට නෙවෙයි අද රෑම කියනවා. අය්යෝ මාව අර ගොඩටනම් දාන්න එපා. මේන් වැන්දා.

    ReplyDelete
  7. පිළිමෙට පණ දෙන මන්තරේ ජප කොලා විතරයි මෙන්න මෙයාටත් නිදිමත ඇවිල්ලා. මේ මල්ලි කුමාරයවත්ද?

    ReplyDelete
  8. @ගයාන් තාරක
    එච්චර පින් කොයින්ද අප්පා අපට......

    ReplyDelete