Thursday, December 2, 2010

සුභ මංගලම්.....!

සෙනෙහස් ගඩොලින් තැනූ කලක සිට
ආදර මන්දිරයේ
කිරි උතුරා සුභ මොහොතින් මංගල
ගෙවදුන දිනයයි මේ

මහමෙර පරදන ආදර සෙනෙහස
ඇති දෙදෙනා අතරේ
දිනෙන් දිනම තව තව වැඩි වේවා
පැතුමයි මේ සසරේ

තබන තබන පය ජය මල් පීදී
දිනුමයි නිති ගමනේ
සදාකල්ම සාමය වැජඹේවා
තැනු ආදර විමනේ

සිඟිති සිනා මුව මල් පීදෙනදා
මතු දින ඔබ සෙවනේ
ඒ සුරතල් ලඟ හද සැනසේවා
සැමදා ඔබ අරණේ

පතමි සිත තුල නැගෙන අපමණ
සතුට සෙනෙහස පොදි බැදන්
සසර පුරාවට දිවිය තුරාවට
මංගලම් සුභ මංගලම්

අද දින සුභ මොහොතින් යුග දිවියට පත්, මා මිත්‍ර කාර්‍යාලීය සගයා ලබැඳි සොහොයුරා දයාබර හිතවතා වන සන්ජය ගුණවර්ධන හා ඔහුගේ දයාබර බිරිඳ නිශාදරී ද සිල්වා යන දෙපලට සුභම සුභ වූ අනාගතයකට ආසිරි..................

5 comments:

  1. ලස්සන පද පෙල... ඈ...
    මන් හිතන්නෙ දෑන් මේ සුබ මන්ගලම් කවි ලියන පොඩි මල්ලියාටත් දෑන් සන්ජය අයියා පෙලවහක් හොයා දුන්නොත් හොඳා... හි හි හි හි.....

    ReplyDelete
  2. ඔබේ මිතුරාට අපෙනුත් සුභ පැතුම්.... !!!

    ReplyDelete
  3. මරු පදපෙළ.
    සුබපැතුම් අපෙනුත් ඒ යුවලට.

    ReplyDelete
  4. ආ ඔන්න ඔයාගේ යාළුවට අපිත් සුභ පැතුවා කියන්න

    ReplyDelete