Wednesday, December 29, 2010

ලප

රතු ලපය
හොය හොය
සුදු වත පීරන
හිත් වල හැංගුනු
කලු ලප
අනේ....
මුන්ගේ පිරිසිඳුකම

10 comments:

  1. වචන නෑති විය
    කියවූ විට....

    නුඹ අනගි කවියෙකු වෙන
    ලකුණු ඇත
    නුඹ නොදන්නවා උනාට එය !

    ReplyDelete
  2. මෙයාටත් හිතෙන දේවල් හැබෑටම ඈ?

    ReplyDelete
  3. Sihina EkathukarannekDecember 29, 2010 at 2:43 PM

    එළ ,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  4. ඔය කිව්වාට කවුරු කවුරුත් ඔය ගොඩේ තමයි :D

    ReplyDelete
  5. සුජාතා පෙන්නුවනෙ ළඟදි බලන්න ඇති...
    ඇට මස් ලේ නහර වලින් හැදිච්ච සාමාන්‍ය මනුස්සයෙක්ළුනෙ...

    කවිකම නම් ඉහළයි... අරුතත් නියමයි... ඒත් ඕක කවදා කොහොම නැති කරන්නද?

    ReplyDelete
  6. අවාසනාවට කාන්තාවන් පීඩාවට පත්කරන සිරිත් විරිත් පවත්වාගෙන යන්නෙත් කාන්තාවන්මයි. පිරිමි නෙමෙයි ඕක හොයන්නේ ගෑනු ටික ඇවිල්ලා

    ReplyDelete
  7. හ්ම් .ඒක ඇත්ත

    ReplyDelete
  8. @ජීවිතේමල්
    නුඹ වැනි උසස් කිවිඳියකගේ ආභාශය ලැබෙද්දි අත දරුවෙක් වුවත් කවි පද නොබැන්දොත් පුදුමයකි. ස්තූතියි අක්කා....

    @RanDil
    මට හිතේන සේරම දේවල් කියන්න ගියොත් අන්තිමේ නවතින්න වෙන්නෙ පොලිස් කූඩුවේ.

    @Sihina Ekathukarannek
    ස්තූතියි.

    @වැප්
    'කවුරුත්' කියලා කියනන් අමාරුයි නේද? 'බහුත‍රයක්' කියලා කියන එක වඩා නිවරැදි වෙයි මයේ හිතේ.

    @තනෝජා රාජපක්‍ෂ
    ම්ම්ම්ම්.....ම්හු....සුජාතා.....එහෙම එකක්නම් බැලුවෙ නෑ අක්කේ.
    බැරි කමක්ම නෑ අක්කේ. ටිකක් උඩුගම් බලා පීනන්න වෙනවා එච්ච‍රයි.

    @ම
    ඒ කතාවනම් සහතික ඇත්ත. ගොඩක් වෙලාවට ගැහැණියක්ව පීඩාවට පත් ක‍්රන්නෙ තවත් ගැහැණියක්ම තමයි.

    @ayesha
    හ්ම්ම්.... හ්ම්ම්...

    ReplyDelete
  9. එදත් හෙවුවා. අදත් හොයනවා. හෙටත් හොයයි.

    ReplyDelete
  10. පද කීපයකින් ලොකු කතාවක්ම කියලා. ඒත් ඔය කතාවලින් වැඩක් තියෙයිද? :)

    ReplyDelete