ඔන්න ඉතින් කතන්දර ප්‍රිය කරන අපේ පාඨක පාඨිකාවියන් උදෙසා තමයි මන් අද මේ ලිපිය ලියන්නෙ. විශේෂයෙන්ම කාට හරි සිදු උන නෝන්ඩි සීන් එකක් කියවලා හිනා වෙන්න බලන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ කතාව පිදෙන්නෙ. හැබැයි මන් ඔය අනිත් අය වගේ අනිත් උන්ට මඩ ගහන්නෙ නෑ..... :D:D:D මන් මේ කරන්න යන්නේ බ්ලොග් ඉතිහාසයේ කවුරුත්ම මෙතෙක් නොකරපු වැඩක්. කොටින්ම කිව්වොත් තමුන් විහින්ම තමුන්ගේ ඇඟේ මඩ ගා ගැනීමක්. ඒත් අපේ බ්ලොග් යාලුවෝ දන්නවා මන් ඔය මඩ වලට බය මිනිහෙක් නෙවෙයි කියලා. මට මඩ ගහලා කෙනෙක් සියුම් වින්දනයක් ලබනවනම් බලෙන්ම ගිහින් ඒ මඩට ඔලුව අල්ලන මිනිහෙක් මන්. අපේ කස්ටියට මන් ඒ ගැන අමුතුවෙන් කියා දෙන්න ඕන නෑනෙ. හරි එහෙනම්. මන් මගේ කතාව කියන්නම්. මඩ ගහන්න කැමති අයට ඕනෑ හැටියකට මඩ ගහන්න පුලුවන්. මගේ ජීවිතය තුලදි මන් වැඩියෙන්ම නෝන්ඩි උන දවස් කීපයෙන් එකක් නොහොත් "තරුණයා" ගේ ඉතිහාස කතාව මෙලෙස දිගහරින්නම්.
මේ සිද්දිය වෙද්දි මම 9 වසරේ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්. පොඩි කියන්නෙ ආයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොඩියි. පස්සෙ කාලෙක මන් ඔය මැත්ස්, කොමස්, ආට් කරපු උන්ට විතරක් නෙවෙයි බයෝ කරපු උන්ටත් ලිංගික අධ්‍යාපනය ගැන ලෙක්චර්ස් දුන්නට මේ වෙද්දි මට ඔය සම්බන්ධව තිබ්බෙ බොහොම අල්ප දැනුමක්. වැඩි එකක් තියා මන් ඒ මෑතක් වෙනකම්ම හිතන් හිටියේ දෙවියෝ ඇවිත් ලමයෙක්ව බඩේ හංගලා යනවා කියලා නෙව. හරි හරි හිනා වෙන්න කාරි නෑ... දැන් කාලේ හැදෙන පොඩි උන් වගේ නෙවෙයි අපි පොඩි කාලේ. අපි හරිම විනීතයි, සංවරයි. මොකද ඒ කාලෙ හින්දි ෆිල්ම් වල පෙන්නන්නෙ කොල්ලයි කෙල්ලයි කැමරාවෙ ඉදලා හෙමිහිට පහත් වෙනවා. ඊට පස්සෙ මෙන්න කෙල්ලට ලමයෙක් හම්බ වෙන්න ඉන්නවා. ඔය අතර මැද කෑල්ල අපි හිතාගන්න ඕනා. මන් ඉතින් හිතාගත්තු විදිය තමා අර. අපිට ඔව්වා කියලා දෙන්න වැඩිහිටියෝ හිටියෙත් නෑ නෙව. ලොකෙයේ ගොඩක් සොයා ගැනීම් වලට හේතුව කුතුහලයයි කියලා කියන්වනෙ. ඔන්න ඔය කියන කුතුහලයෙන් තමයි ඒ කාලේම හිත පිරිලා තිබ්බේ. එක එකා, එක එක කතා කියනවා. හරි එක මොකද්ද? වැරදි එක මොකද්ද? ඒක හිතාගන්න බැරුව ආයේ අමාරුවක වැටෙනවා. ඒ කාලේ සිලබස් එකේ විදියට සෞඛ්ය වලට ඕවා කියලා දෙන්නෙ 10 වසරෙදි. ඒත් ඉතින් එච්චර කාලයක් ඉවසන්න පුලුවන්ද ඒකට. දැන් ඔය මොන්ටිසෝරි යන පොඩි උන් පවා 'බ්ලූ' කිව්ව ගමන් වැඩේ මීටර් කරගත්තට ඒ කාලේ බ්ලූ ෆිල්ම් කියන්නෙ අපිට ලන්වෙන්නත් අමාරුයි. එකක් මේ වගේ කම්පියුටර් නැති එක. අනික ගෙදරින් තිබ්බ බාධක. ඒ කාලේ මන් හිතන් උන්නෙ ඒවට බ්ලූ ෆිල්ම් කියන්නෙ මුලු ෆිල්ම් 1ම ඇත්තේ නිල් පාටට නිසා වෙන්න ඇති කියලා. කවුදෑ ඉතින් දන්නෙ. :D
ඔන්න ඔය කාලේ තමයි හදිසියේම කඩයකදි, පත්තරේක මුල් පිටුවෙ තිබ්බ මෙන්න මේ හෙඩිම මගේ ඇහැට අහුවෙන්නෙ.
"සාර්ථක ලිංගික ජීවිතයකට අත්වැලක්"
මෙන්න බොලේ බඩු. මොකද්ද මේ පත්තරේ. "තරුණයා". දැන්නම් තරුණයා කියන්නෙ ඕන පොඩි එකෙක්ට උනත් කියවන්න් පුලුවන පත්තරයක්. අර වගේ කිසිම දෙයක් දැන් ඒකෙ නෑ. ඒත් ඒ දවස් වල තරුණයා කියන්නෙත් ඒ කාලේ ගෙදරකට ගේන්න අමාරු ජාතියේ පත්තරයක්. අපේ හැටියට ටිකක් දරුණු පත්තරයක්. දැන් ඉතින් මොකද කරන්නෙ. පත්තරේ කියවන්නම ඕන. ඒත් පත්තරේ ගන්න විදියක් නෑ. කඩෙත් අදුරනවා. කඩේ තියන් කියවන්නත් බෑ. වෙන කඩේකින්වත් ගිහින් ඕක ඉල්ලන්න තරම් පුරුස දහිරියක් ඒ කාලෙ තිබ්බෙ නෑ. ඒක නිසා ගැහුවා මාස්ටර් ප්ලෑනක්. අපේ මාමාගෙ පුතා ඒ කාලේ 10 වසරේ. ඌ 10උනාට මොකද ඒ ලෙවල් කරන එකෙක්ගෙ පෙනුමක් තිබ්බෙ. ඒක නිසා ඌව දැම්මා ඉස්සරහට. පොරට සීන් එක කියලා මිනිහව කැමති කරවගත්තා වැඩෙට. මිනිහා කොච්චර වැඩේ වෙනුවෙන් කැප උනාද කිව්වොත් එයාගෙ සල්ලි වලින්ම පත්තරේ ගන්න කැමති උනා. හැබැයි පත්තරේ මුලින් මිනිහට කියවන්න දෙන්න ඕන. මිනිහා කියවලා ඉවර උනාට පස්සෙ තමයි මට දෙන්නෙ. ඒක තමයි කොන්දේසිය. මටත් මොකෝ ඉතින්. කොයි වෙලේ කියෙව්වත් කියවෙනවනෙ. මාත් කැමති උනා.
ඔන්න මිනිහත් වෙන මොකද්දෝ කඩෙකින් පතතරේ ගත්තා. මිනිහා පත්තරේ අරන් දවස් 2ක් ගත උනා. පොර අපේ ගෙවල් ගාවින් ක්ලාස් එකකට යන ගමන් මට කියන් ගියා හවසට ඇවිත් පතතරේ ගනන් කියලා. මාත් ඉතින් ප්‍රීතියෙන් ඉහවහා ගිහින් හවස් වෙන්නෙ කොයි වෙලේද කියලා බලන් හිටියා. ඔන්න හවසුත් උනා. මාත් පොරත් එක්කම උන්ගෙ ගෙදර ගියා. පොරගෙ ගෙවල් ගාවමයි අපේ ලොකු අම්මලගෙ ගෙවල් තියෙන්නෙත්. ලොකු අම්මලගෙ ගෙදර පල්ලෙහා. එතිනින් ටිකක් උඩින් මමලාගෙ ගේ. ඒ කාලේ මාමලයි ගෙදරට වෙනම යන පාර හොදට හදලා තිබ්බෙ නෑ. ඒක නිසා ලොකු අම්මලාගෙ ගේ ගාවිඅන් තමයි මමලගෙ ගෙදරට ගියෙත්. ඒ දවස් වල මම විජය පත්තරේ ගන්නවා. ( විජය පත්තරෙ බලන පොඩි එකා තමයි මේ තරුණයා වෙන්න ගියේ.) ඉතින් යන ගමන් මන් කඩෙන් විජය පත්තරෙත් ගත්තා. දැන් එනකොට අරක, මේ පත්තරේ ඇතුලෙ දාන් එන්න පුලුවන්නෙ. කොහොමද මගේ මොලේ. ඔන්න ඉතින් මන් ලොකු අම්මලයින් මගේ පුටාර් බයිසිකල් එක පාක් කරලා හැමෝටම ඇහෙන්න කිව්වා
"මන් උඩහා මාමලහට යනවා. නෝට් වගයක් ඉල්ලගන්න තියෙනවා තියෙනවා"
හොර වැඩක් කරද්දිවත් නිස්සබ්දව කොරනන් බෑනෙ ඉතින්. හිතේ තිබ්බ සන්තෝසෙට වෙන මොකුත් මතක නෑ ඉතින්. ඔන්න විජය පත්තරෙත් කිහිල්ලෙ ගහගෙන මම අයියත් එක්කම එහේට ගියා. හම්මේ මේ තියෙන්න පත්තර රාජයා දිලිහි දිලිහි. මුලින්ම බැලුවෙ මේකා පත්තරේ පිටු උස්සලාද කියලා. නෑ අවුලක් නෑ. සේරම ගානට තියෙනවා. පොඩ්ඩක් විතර පොඩි වෙලා තිබ්බා. ඒකට පොඩ්ඩක් දොස් කිය කිය මම තරුණයා පත්තරේ විජය පත්තරේ ඇතුලේ සුරක්ශිතව තැන්පත් කලා. ආයෙමත් හතරට නවා ගත්තු පත්තරේත් අතේ තදකරගෙන මන් හෙමින් සැරේ පල්ලම් බැස්සා.
"මන් යනවෝ"
කියලා කෑගහගෙන බයිසිකලෙත් අරගෙන මන් හෙමින් සීරුවෙ යන්න හදනකොටම මෙන්න බොලේ මගේ ඉස්සරහ අක්කලා දෙන්න. ඒ කිව්වෙ ලොකු අම්මගෙ දුවලා දුවලා පස් දෙනාගෙන් දෙන්නෙක්.
මන් ඉතින් හොර හිනාවක් දාගෙන ඒ දෙන්න මැදින් යන්න හදද්දිම
"ගියපු වැඩේ කරගත්තද"කියලා එක්කෙනෙක් අහපි.
"මොන වැඩේද" එක පාරටම පොඩ්ඩක් ශොක් උන මන් ඒ ශොක් එකෙන්ම ඇහුවා.
"ඇයි නෝට් වගයක් ඉල්ලගන්න යනවා කියලා නේද ගියේ"
"ආ.. ආ.. අහ්... ඔ... ඔ.... ඔව් ඔව්....." කියාගෙන මන් හෙමින් සීරුවෙ ලිස්සලා යන්න හැදුවා. ඒත් කොහේ යන්නද.....
"මොකද්ද ඔය පත්තරේ"
"අහ් මේක මේ නිකන් විජය පත්තරේ"
"තාම විජය අරගනන්වද? දැන් මොනාද ඔය පත්තර වල යන්නෙ. කෝ බලමුකො ටිකක්"
කේස් ගහක මුලකින් පටන් ගත්ත දාඩිය බිංදුවක් හෙමිහිට නලල හරහා ඇවිත් නාහෙ උඩට වැටුනා.
"ලොකු දෙයක් නෑ... මේ..... මට පරක්කු වෙනවා. මන් ගිහින් එන්නම්"
"මොන පරක්කුවක්ද. ඔන්න ඔහේ ඉන්නවා ටිකක්. කෝ දෙනවකො ඔය පත්තරේ පොඩ්ඩක්."
මෙච්චර කාලෙකට මගෙන් මෙහෙම පත්තරේ ඉල්ලලා නැති උන් අදම මේක ඉල්ලනෙ ඇයි කියලා මට හිතාගනන් බැරි උනා. ඒක එක බොරු කියලා එතනින් ගැලවෙන්න හැදුවත් හරි ගියේ නෑ. කොහොමත් මුලින් නිකන් පත්තරේ ඉල්ලුවත් මන් මෙච්චර අදිමදි කරද්දි එයාලට සැකයක් ඇති වෙන්න ඇති. ඒ නිසාම දිගටම පත්තරේ ඉල්ලනන් ඇති (පස්සෙ එයාලම මට ඒක කිව්වා). අන්තිමේ කොහොම හරි මට පත්තරේ එයාලා අතට දෙන්න උනා. දැන් ඔන්න දෙන්න එක්ක පත්තරේ පිටුවෙන් පිටුව පෙරලනවා. මගේ කකුල් මැන්ඩලීන් ගහනවා. අනේ දෙයියනේ දැන් මෙයාලා පත්තරේ බලන එක නවත්තවන්නකො මගේ හිත දෙවියන් යදිනවා. මොන නැවතිල්ලක්ද. පිටු එකින් එක පෙරලෙනවා. තව පිටු 3යි. 2යි, 1යි. හුටා. දැක්කා. අක්කලා දෙන්නගෙ ඇස් එක පාරම උඩ ගියා.
'ඈ.... විජය පත්තරේ මේවත් තියේවද?" දෙන්නා තරුණයා පත්තරේ පිටු පෙරලන ගමන් ඇහුවා. මන් මුකුත් නොකියා මහපට ඇඟිල්ලෙන් පොලවෙ ඉරි රටා ඇන්දා.
පැය බාගෙක විතර හරිම මිහිරි දේශනේකින් පස්සෙ එයාලා තීරනය කලා අපේ අම්මලාට මේක කියන්න. මට එයාලට විරුද්ධ වෙන්න කිසිම පුලුවන් කමක් තිබ්බෙ නෑ. අනේ මන්දා ඒදා මගේ මොන කරුම දවසක්ද කියලා. ඒ වෙලාවෙම අම්මයි තාත්තයි එහෙට ආවා.
අක්කලා දෙන්න අම්මලාට සීන් එක කියද්දි අම්මයි තාත්තයි ස්ත්‍රී දූශනයකට අහු උන වැරදිකාරයෙක් දිහා බලන් ඉන්නවා වගෙ මන් දිහා බලන් හිටියා.
"මොකටද මේ පත්ත‍්රේ ගත්තේ" අම්මලාගෙ ප්‍රශ්නෙ උනේ එක.
"නෑ මේක ගත්තෙ මට නෙවෙයි. අයියා කෙනෙක් සල්ලි දීලා කිව්වා මට මේ පත්තරේ අරන් එන්න කියලා. එයාට මේක ගත්තේ."
"කවුද අයියා. දැන් අපි යන් එයාගෙ ගෙදර."
"මන් අඳුරන්නෙ නෑ. මම එනකොට පාරදි හම්බ උනේ. අද හවසට එතනටම ගෙනත් දෙන්න කිව්වා"
එදා ඒ කිව්ව මෝඩ බොරුව ගැන මට අදටත් මාර පුදුමයි. එක බොරුවක් වහන්න තව බොරු 100ක් කිව්වත් මන් දන්නවා අම්මලා ඒ එකක්වත් විස්වාස නෑ කියලා. කොහොම උනත් මට එක දෙයක් ගැන මාර සතුටුයි. මන් අද වෙනතුරු අයියව ඒ කියන්නෙ මාමගෙ පුතාව පාවලා දුන්නෙ නෑ. අදටත් එයාලා හිතන්නෙ මේ පත්තරේ මම තනියෙන් ගත්තා කියලා.
කොහොම හරි ඒ පැය ගානක දේශන වලින් පස්සෙ ඒ සීන් එක ඉවර උනා. මන් කෙලින්ම ලොකු නැන්දලහා ගියා. දවස් 3ක් ගෙදර ගියේ නෑ. ලොකු නැන්දලහා හිටියා. අන්තිමේ ක්ලාස් එකකට යන්න පොත් ගන්න ඕන නිසා බැරිම තැන ගෙදර ගියා.
"මොකටද හදිස්සි වෙන්න ගියේ. ඕවා තව ටික කාලෙකින් ඉස්කෝලෙත් උගන්වනවනෙ."
අම්මයි තත්තයි මාරුවෙන් මාරුවට දීපු උපදේශන මාලාවකින් පස්සෙ කේස් එක ඉවර උනා. පත්තරේ රාජ සන්තක උනා. මීට අවුරුදු 4කට විතර කලින් ගෙදර අස් කරද්දි මොකද්දෝ පෙට්ටියක තිබිලා ඒ පත්තරේ මට හම්බ උනා. එදා තමයි මන් ඒක කියෙව්වෙ. හැබැයි ඉතින් එතකොට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් ඒකෙ තිබ්බෙ නෑ. ඒ වගේ පත්තර 100ක් ලියන්න දැනුම මා ගාව තිබුනා.
ඔන්න ඔහොමයි මන් තරුණයා පත්තරේ කියෙව්වෙ. දැනුත් ඔය සීන් එක කිය කිය ලොකු අම්මලාගෙ දුවලා මට නෝන්ඩි දානවා. ඒත් ඉතින් ඒ කාලේ වගේ, දැන් මගේ කට අහිංසක නැති නිසා එයාලට අත් වෙන ඉරණම ගැන මන් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔයාලත් ඒ ඉරණමම අත් කරගන්න කැමතිද?
හහ් හහ් හා....... ෆට්ට සීන්ස් එක ;)
ReplyDeleteමටත් දවසක් ඔයවගේ අලකලංචියක් උනා නොවැ :D
අපොයි උඹ ඔය වගේ ලමා පත්තරේකට ඔච්චර ලෙඩක් දාගත්තද බන් මන් නම් 7 දි විතර ඔයිට අප්සැට් පත්තර නිසා පරිප්පු කාලා තියේ :-D
ReplyDeleteඔකෝටම වඩා පට්ට ලැජ්ජාව නෙ අර කියාපු බොරු ගොඩ ආපහු මතක් වෙනකොට. මටත් අනන්තවත් ඔය වගේ සිද්ධි. හැබැයි තරුණයා නිසා නෙමෙයි. ඊට ඩිංගක් ඇඩ්වාන්ස් එව්ව හන්ද.
ReplyDeleteඅපේ වැඩිහිටියො කැමති වෙයි මැරෙනකංම තමංගෙ ළමයි ඔය "දෙයියො දුන්නු" කතා විශ්වාස කරං ඉන්නව නං. එතකොට කොච්චර සදාචාර සම්පන්න, කොච්චර විනයගරුක, කොච්චර සභ්‍යත්වයක් තියන ජාතියක් හදන්න පුළුවන් ද!
ReplyDeleteමෙතන උඹට කිසිම මඩක් නෑ, තමංගෙ අදූරදර්ශි කම ගැන කෘත්‍රිම සමාජ මනස් ඇතුලෙ මවාගෙන ඉන්න අයට ලැජ්ජ වෙන්න තමයි තියෙන්නේ!
හෆොයි.. මෙහෙම සිද්දි නම් ගමකට.... හික්zzzz
ReplyDeleteදුවලා දෙන්නට මාර අමාරුවක් නේ තියෙන්නේ!! හික් හික් මරු කතාව
ReplyDeleteබසයේදී හමුවෙමු ........ මලණ්ඩ................
ReplyDeleteහපොයි, උඹට සවලක් එහෙම තිබුනෙ නැතෙයි?
ReplyDeleteවිලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ :DDDDDD
ReplyDeleteපව් පොඩි එකා!
ReplyDeleteමේක දැකල මට අතීත සිද්දි 2 ක් මතක් උනා..අපේ අම්ම කිව්වලු එයාගෙ බඩ ඇතුලෙ ඉඳලා ඩොක්ටර් අන්කල් කෙනෙක් මාව එලියට අරන් දුන්න කියලා..එවෙලෙ මම ඇහුවලු ''එතකොට මම ඔයාගෙ බඩ ඇතුලට ගියෙ කෝමද'' කියල.(එතකොට මට වයස අවු: 3 ලු..)
ReplyDeleteඅනිත් සිද්දිය...ඉස්කෝලෙ අක්ක කෙනෙකුගෙ ලව් ලෙටර් එකක් මම එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ට ගිහින් දෙනව දැකපු කෙනෙක් අපේ තාත්තට කියපු දවසෙ මම හොඳටම ගුටි කෑවා..මම කිව්වෙම බිම වැටුන කොලයක් ඒ අයියට අහුලල දුන්න කියලමයි..මගේ පැත්තට කතා කලා කියල අම්මටත් වැදුන දෙක තුනක්..ඒත් මම නෙවේ ඇත්ත කිව්වෙ..(අනුරාධ අය්යෙ,දන්නවනෙ මගේ 'සටකපට' කම්? )
අනේ ඇත්තට පොඩි කොල්ලට වෙච්ච දේ
ReplyDeleteඅනෙ අනෙ අනෙ... මේ විකට සිද්දිය මන් දෑන් නෙව කියෙවුවෙ,,,, හලේ...
ReplyDeleteබි පෙ සි..
මල්ලි පනුවට වෙච්චි දේ....
@ජීවිතේමල්: අක්කි..බලන්නකො පනුගාය පොඩි කාලෙ ඉඳන්ම තිබිලනෙ.......!
ReplyDeleteඋඹට අහන්න තිබ්බේ එක දෙයයි. උඹේ ලිංගික ජීවිතේ උඹ සාර්ථක කරගන්නේ නැතුව එහා ගෙදර එකා සාර්ථක කරන්නද කියලා.
ReplyDeleteමම මේ කල්පනා කලේ ඔය කියන කාලෙ "මාල යි සිරී යි" දෙන්න වත් හිටියෙ නැත්ද උඹේ හිතේ පැසවපු ලිංගික දැනුම් පිපාසෙ සංසිදවන්න . . . .???
ReplyDeleteඒ දවස් වල තරුනයා පත්තරේ කිව්වොත් ඉතිං . . . "33 කාමරේ" කියන කතන්දර ටික තමයි. (මොඩර්න් සීපද වලටයි මිස්ටර් මැරීඩ් චිත්‍ර කතාවටයි ත් මම හෙනම ආසයි)
apooo mewa ubata ekale una podi case ne bn.......
ReplyDeleteඋඹ ඕක ගෙදර ගේන්න කලිං මගෙන් අහන්න තිබ්බා. මං බඩු ගෙදර ගෙනාවෙ අපේ කොල්ලෙක්ගෙ බෆල් පෙට්ටියක් ඇතුලෙ දාලා!! ඒ කරලා බෆල් එක ආපහු යැව්වා!
ReplyDeleteනොදකින් තෝව, මම 7 වසරේදී ෆිල්ම්ස් බලනවා.
ReplyDeletejoli kathava ahahhaha hoda vade
ReplyDeleteAmavi akke
ReplyDelete