මල් හසරැල්ලෙන් මුව සරසාගෙන
පෙම් හී සැර නෙතු තුල දවටාගෙන
එනතුරු ඔබ සෙනෙහස වපුරාගෙන
ඉන්නෙමි හද දොරගුළු ඇරලාගෙන
සුවඳැති මල් නෙක පූදින අරණේ
ඔබ සිත් මල හැර නැත අන් සරණේ
විඳ විඳ සැමදා ඔබ රූ වරුණේ
යන එක සැපතකි වෙත මට මරණේ
දින දින ඔබ ගැන වැඩිවන සෙනෙහස
නැති කරමින් මා සිත තුල නිදහස
කිසිම දිනක නොම වී ඔබ උදහස
සිටිනි මැනවි පාමින් මුව මදහස
කලුවර හීනෙට මහ රෑ පානෙ
පාට අරන් ඔබ පැමිණෙනවානේ
නැගෙනහිරින් හිරු පැමිණෙන ගානේ
ඔබ මගෙ යහනින් පැන යනවානේ
කරගමි දවසක මගේ මනමාලී
ආවත් ලොකෙන් මොන අඬපාලී
හද මඩලට මගේ තිබෙනා වෙලී
හරවනවානම් පෙම් වැහි පීලී
කය මිස සිත ගැන නොතකන මේ ලොව
අන් මනදොල තුටු කරමින් තව තව
නොම හිඳිමින් මතු ගෙවමින් ඔය පව
වඩිනු මැනවි මා තැනු ලෝකෙට නව
මට මොකද වුනේ?????????
ReplyDelete(ඕන් හෙඩිම)
මොනවා වුනත් බ්ලොග් එකේ ඉස්සර තිබුණු ටෑං 90 පිංතූරේ ලස්සනයි මලේ, දැන් එකට වඩා............
ඔයවාගෙ ඇත්ත සීනුත් තියනවා.
ReplyDeleteඅපූරුයි පද පෙළ
ReplyDeleteNiyamai.......... lassana kawiya.
ReplyDeleteපට්ට මචං......
ReplyDeletehttp://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
ReplyDeleteAdd your blog to awakasha.com
@RanDil
ReplyDeleteඔන්න වෙන පින්තූරයක් දැම්මා. බලන්නකො ඒක කොහොමද කියලා.
@dinesh
උඹේ සීන් එක ගැන හිතලා නේද කිව්වෙ.
@ayesha
ස්තූතියි....:)
@wiaw
තැංකූ වේවා...
@පූසා
පින් සිද්ද වෙච්චාවේ....