Monday, November 19, 2012

අතික්‍රමණය - පළමු කොටස

"අනුවා හෙට මොකද වෙන්නෙ" චමියා මගේ මේසේ එහා පැත්තෙන් තිබ්බ පුටුවෙ වාඩි වෙන ගමන් ඇහුවා.
"මොනා වෙන්නද බන්. හෙට ඉතින් බෝඩිමට වෙලා ඉන්නවා." මම පරිඝණක තිරයෙන් ඇස් දෙක ගන්නෙ නැතුවම උත්තර දුන්නා.
"හ්ම්ම්... එහෙමද?" චමියා පුටුව ටිකක් මෙහාට ඇදලා ගත්තා. මූ මේ එන්න හදන්නෙ මොකාටද?
"ඇයි මොකෝ හෙට වෙන්න ඕනේ" මගේ ඇස් තාම පරිඝණක තිරයෙ.
"නෑ මචන්. උඹව හෙට පොඩි ගමනක් එක්ක යන්න ඇහුවෙ. උඹ හෙට ෆ්‍රීනේ. වරෙන් යන්න මා එක්ක. උඹට  හොඳ එක්ස්පිරියන්ස් එකක් අරන් දෙන්න හදන්නෙ."
මන් ඒ සැරේ ඔලුව උගේ පැත්තට හැරෙව්වා.
මචන් මන් දන්න පොඩි පොට් එකක් තියෙනවා. මන්නම් නිතර යන තැනක්. ගාන දාහයි. හෙට යමන් මාත් එක්ක. උඹ ගිහින් නෑනෙ මීට කලින්" ඌ මගේ ලඟට මූණ ලන් කරලා හීනියට ඇහැක් ගැහුවා.
"පොට් එකක්?" මන් උගේ මූණ දිහාම බලන් හිටියා.
"මසාජ් සෙන්ටර් එකක් යකෝ මසාජ් සෙන්ටර් එකක්"
මගෙ කට එක පාරටම ඇරුනා.
"පිස්සුද යකෝ? මන් එන්නේ නෑ ඕවට යන්න. තෝ වෙන ඕනේ එකෙක් එක්ක පලයන්"
මන් ආයෙත් පරිඝණක තිරය ඇතුලට ඔලුව ඔබා ගත්තා.
"මේ නිකන් පොන්නයෙක් වෙන්න හදන්න එපා යකෝ. ඔය ගෑනු ගති දැන්වත් අත ඇරගනින්. මන් ඒකයි තොට අඬගැහුවෙ"
චමියා හයියෙන් පුටුවෙන් නැගිට්ටා. ඌ නැගිට්ට වේගෙට පුටුවත් පොඩ්ඩක් පිටිපස්සට විසි උනා. මට එහා ටේබල් එකේ හිටපු චාරුණීත් හැරිලා බැලුවා. ඒකිටත් ඇහුනද මන්දා?
ටික වේලාවක් මට දිගින් දිගටම පෙරෙත්ත කල චමියා ටිකකින් යන්න ගියා. උගේ යෝජනාව මගේ හිත ඇතුලෙ මොකද්දෝ අමුතු පෙරළියක් කරන බව මට දැනුනත් ඒ වගේ නුහුරු දේකට යොමු වෙන්න තරම් මගේ හිත එක්ලස් කරගන්න හැකියාවක් මට තිබුනේ නෑ. ගෑනු ගති!!!. මගේ සමහර ගතිගුණ චමියා අර්ථ දැක්වුවෙ එහෙමයි. මාසෙ ගොඩක් දවස් වල ක්ලබ් වල රැය ගත කරන,  සිය ගණන් ගෑනුන්ව ඇඳන් උඩට අරන් ගියපු, ඇල්කොහොල් වලින් ලේ වෙන් කරගන්න බැරි තරමටම බෝතලයත් එක්ක මිතුරුව සිටි චමියට මාව එහෙම පෙනුන එක පුදුමයක් විදියට මට දැනුනෙ නෑ.

"මචන් මට තාම මිස් උනේ ඉන්ග්‍රීසි හෝඩියෙ අකුරු දෙක තුනක් විතරයි." මිනිහත් එක්ක යහන් ගත උන ගැණු ගැන පොර කිව්වෙ ඒ වගේ කතාවක්.
පාසැල් කාලයේ ඇතිවී පාසල් කාලයේදීම අවසන් උන ප්‍රථම ප්‍රේමය ඇරුනු කොට වෙන කිසිම පෙම් හබයක පැටලිලා තිබුනෙ නැති මම ගොඩක් වෙලාවට ඒ කතා අහගෙන හිටියෙ ලොකු පුදුමයකින්.
ඇත්තටම මචන් කෙල්ලො එනවද බන් ඔහොම. මටනම් හිතාගන්නවත් බෑ" ඔහුගේ ඉවරයක් නැති කතන්දර සමූහය මැද දවසක් මම ඇහුවම ඔහු දුන්නෙ හරි අපූරු උත්තරයක්.
"කෙල්ලො කියන්නෙ හරි පුදුම ජාතියක් මචන්. ලෝකේ අල්ලගන්න අමාරුම කෙල්ලත් සාමාන්‍ය ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ටෝක් කරොත් අල්ලගන්න පුලුවන්."
ඔහුගේ කතා මට හැමදාම සුරංගනා කතා වගේ උනා. හැබැයි ඒවා බොරු නෙවෙයි කියන දේ ඔප්පු උනේ අපේ ඔෆිස් එක ඇතුලෙම ඊට ඕන කරන සාක්ශි කීපයක්ම තිබ්බ නිසයි.
"මචන් මේ ඉන්න ටිකේ ආතල් එක අරන් ඉඳින්. එච්චර තමා ඉතින් ඉතුරු වෙන්නෙ" ඔහුගේ කටේ නිතරම තිබ්බ දෙබසක් ඒක. විටින් විට ඒ නිසාම මාත් ඔහුව අනුකරණය කිරීමට සූදානම් උනත්, මගේ අභ්‍යන්තර සිතුවිලි දාමය විසින්ම සෑම විටකදිම මාව වැලැක්කුවා. මගේ හිත ඇතුලෙ තිබුනු ඒ සිතුවිලි පොරය ඔහුට වැටහී තිබුනු මව මට තේරුම් ගියේ එදා පළමු වරට ඔහු ඒ කල යොජනාව නිසයි. කෙසේ උනත් ඒ අවසන් අවස්ථාවනම් උනේ නෑ.

එදායින් පසු දින කීපයක්ම ඔහු එලෙසම මට කතා කලා. නමුත් මගේ සිතිවිලි පොරයෙන් හැමදාමත් ජයගත්තෙ මා තුල තිබූ එකම සිතුම් පැතුම් රටාවම වීම විටෙක මටම හිසරදයක්ද උනා. අවසානයේ එක් දිනෙක මම ඔහුගේ ආරාධනයට කැමැත්ත පළ කලේ ඒ හිසරදයට එකම පිළියම මෙය වූ බවයැයි මට තදින්ම හැගී ගිය නිසාටත් වඩා, මගේ හිත තුල ගොඩනැගෙමින් තිබුන අධික කුතුහලය නිසායි කීවොත් මම නිවැරදියි.
"ඔන්න ඔහොමනෙ බන් ඉන්න ඕනෙ. අන්න ඔහොම කොල්ලෙක් වගේ වැඩ කරපන්."
ඔහුගේ වචන මගේ හිතට පොඩි උද්දාමයකුත් ඇති කලා.

පහුවදා, සෙනසුරාදා, නිවාඩු දවස.... බෝඩිමෙන් පිට වෙන්න කලින් මම පැයක් පමණ කණාඩිය ඉදිරිපිට හිටියෙ මගේ සුපුරුදු දින චර්යාවෙන් බැහැරට ගිහින්. බෝඩිමේ දොරත් අගුළු දමා පිටතට පැමිණි පසුවත් ආපසු බෝඩිම තුලට දිව ගොස් කොලෝන් බෝතලය යහමින් ඇගේ තවරාගත්තෙ, කලින් ගැල්වූ කෝලොන් වල සුවඳ මැකි ගොස් ඇති බවක් දැනුන නිසයි. කොහොම උනත් පමා නොවී පොරොන්දු උන වෙලාවටම බම්බලපිටිය හන්දියේ ඉන්න මට පුලුවන් කම ලැබුනා. නමුත් චමියා එතනට ආවේ ඊට පැය භාගෙකට විතර පස්සෙ. ඒකත් කෝල්ස් 10ක් විතර දෙන්න උනා. ඒ තරම් දිග පැය භාගයක් මගේ ජීවිතේ අත්විඳපු පලවෙනි පාර.
බම්බලපිටියේ අතුරුපාරකට ඇතුලු වෙලා පොඩි දුරක් පයින් ඇවිද්දට පස්සෙ අපි චමිය කිව්ව තැනට ඇතුලු උනා. '....... මජාස් පාලර්' ගේට්ටුව ඉස්සරහා ලොකු බෝඩ් එකක්.
"ඒ මචන්.. බෝඩ් එහෙමත් දාලානෙ. පොලීසියෙන් ලෙඩක් නැද්ද?" මට පොඩි බයකුත් ඇති උනා.
"පිස්සුද බන්. මසාජ් සෙන්ටර් කරන්න තහනම් නෑනෙ. අනිත්වා කෙරෙන්නෙ ශේප් එකේනෙ බන්. අනික පොලීසියටත් කුට්ටියක් යනවා"
ඒ උත්තරය මාව ලොකූ සෑහිමකට පත් නොකලත් පවත්නා ජමාජ ක්‍රමයේ තත්වය ගැන මට ඇති උනේ විශාල විමතියක්.
 "යමන් යමන් ඇතුලට. මතකනෙ මන් කියලා දුන්න ඒවා" චමියා ඉස්සර උනා. මන් ඔහේ උගේ පස්සෙන් වැටුනා. මට දැනුනේ කකුල් දෙක මගේ පාලනයකින් තොරව ඇවිදිනවා වගේ. පපුවෙ ලබ් ඩබ් ශබ්ධය කෝච්චි එන්ජිමක් තරමට වර්ධනය වෙලා තිබුනා. ඇතුලට ගියපු චමියා පිලිගැනීමේ කවුන්ටර් එකේ හිටපු මැදි වයසෙ පිරිමි මනුස්සයත් එක්ක කතා කලා. කතා බහ අවසානයේදි චමියා මන් දිහාවට හැරුනා.
"අනුවා මෙහාට වරෙන්....... මේ තමයි මගේ යාලුවා. පොඩ්ඩක් අලුත්."
මැදි වයසෙ මනුස්සයා මන් දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. ඒ හිනාව ඇතුලේ තිබ්බෙ මොන වගේ හැඟීමක් උනත් ඒක මාව පොඩි අපහසුතාවයකට පත් කලා. මගේ ඔලුව සැනෙකින් බිමට හැරවුනේ ඒ නිසාමයි.
"කවුද ඇවේලබල්..... අපේ යාලුවට  හොඳ කෙනෙක් දෙමු නේ" චමියා මගේ දිහාවට හැරිලා මට ඇහැක් ගැහුවා.

සුලු මොහොතකින් කෙල්ලන් පස් දෙනෙක් අපේ ඉදිරියේ පෙළ ගැහුනා. කාමරේ ඇතුලෙ රස්නය වැඩි උනා වගේ. මගේ නලල දිගේ හීනි දාඩිය බින්දු කීපයක් බේරුනා.
"ඔන්න කැමති එකක් සිලෙක්ට් කරගනින්" චමිය කෙඳිරුවා.
මට ඒකත් ඇහුනේ හෙන ඈතින් වගේ. මුලු ඇඟම ගල් වෙලා.
තවත් මොහොතක් එහෙමම ගත උනා.
"ඉක්මනට යකෝ"
හරියන්නෙ නෑ. මේක දැන් ආයෙ හැරෙන්න වෙලාව නෙවෙයි. මගේ අත ඉබේම එසවුනා.
"මෙයා" අතත් එක්කම කටත් ඉබේම එසවුනා.
මගේ එසවුනු අත ඉදිරියෙ හිටියේ අවුරුදු 25ක විතර කෙල්ලෙක්. කොන්ඩෙ ස්ට්‍රේට් කරලා. කලු ඩෙනිමයි නිල් පාට කොලර් නැති ටී ශර්ට් එකක් ඇඳලා. මොකක් හරි හේතුවක් නිසා. මගේ ඇහැ නැවතුනේ එයා ලඟ.
"ඔය තියෙන්නෙ කොල්ලො. නියම සිලෙක්ශන් එක ආ.... එහෙනම් ඕල් ද බෙස්ට්. මතකනෙ කියපුවා" චමියා මගේ කනට මැතිරුවා. 
ඊලඟ මොහොතෙදි මන් තොරගත්තු කෙල්ල මාවත් එක්කරගෙන ගියේ ඇතුලෙ තිබුනු කාමරයකට.
"සර්, වොශ් එකක් දෑගෙන ඇවිත් ඇඳේ හාන්සි වෙන්න. අන්න බාත් රූම් එක" කාමරේ එක් කෙලවරක තිබූ බාත් රූම් එක වෙත අත දිගු කල ඇය කාමරයේ දොර වසා දැමුවා.

-මතු සම්බන්ධයි-

12 comments:

  1. බෙහෙත් කොටන්න කලින් තුවක්කුව පත්තු වුනේ නෑ නේද පණුවෝ....

    ReplyDelete
  2. අද සමාජයේ මේ වගේ සිදුවීම් නිතර අසන්නට ලැබුනත් මේ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක්ගෙන් මේ වගේ විස්තරයක් අහන්න ලැබෙන්නේ නැති තරම් . ශිෂ්ඨ සම්පන්නව ලියා ඇති නිසා කාටත් බලන්නට හැකි වෙයි කියා සිතනවා .

    ReplyDelete
  3. මචං ප්‍රබන්ධදද, අත්දැකීම්ද??

    ReplyDelete
  4. මේ වගෙ කතා අහලා තිබුනට මේ කතාවෙ මොකක්ද විශේෂත්වයක් තියෙනවා.

    ReplyDelete
  5. දැං දැං ඇතිවී තියෙන අලුත්ම වසංගතය...

    ඉස්සර සිගරට් නොබිව්ව එකා ගැණි.. දැං මසාජ් පාලර් එකකට යන නොයන එකා ගෑණි....

    ReplyDelete
  6. අයියෝ අයියේ ඔයා බ්ලොග් එකක් ලියනවද?
    එදා ඔයා තෝරගත්තේ මාවනේ. ආයේ ආවම එදා වගේ නැතිව ෆිට් එකේ කතා කරන්න.කොහෙද කලබලේට නිකංම ගියානේ. පුරුදු උනාම හරියයි අය්යේ. :)

    ReplyDelete
  7. අත්දැකීම් වුණා නැතා ලිවිල්ල මරු ආ!!

    ReplyDelete
  8. හොදා හොඳ ගිහින් ඇවිත් ඉතුරු ටිකත් කියමුකෝ.
    සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
  9. දෑන් මගෙත් සෑර් උනාට, උබට එහෙනම් පලවෙනි පාඩම තවම මතක තියෙනව නේ???? - චමිය

    ReplyDelete
  10. @අභීත
    හෙ හෙ. ඇයි අයියට එහෙම උනැයි? :p

    @Gimhani
    මේ මගේ අත්දැකීමක්ම කියලා හිතුවනම් මන් හිතන්නෙ මන් ලියන්න උත්සහ කරපු රටාව සාර්ථකයි. හැබැයි ඉතින් ගිම්හානි දරුවො මේකත් මන් ලියන ගොඩක් කතා වගෙම තවත් එක කතාවක්. හැබැයි මේකට බේස් උනේනම් මගේ යාලුවෙක් මට කිව්ව එයාගෙ එක අත්දැකීමක්. :D

    @අලුත් කොල්ලා
    අත්දැකීමකට ප්‍රබන්ධය එකතු කරලා. :D

    @samzi
    හප්පට සිරි. හැබෑටම එහෙම එකක් තියෙයිද?

    @Sanjaya සිතුවිලි
    අත්දැකීමක් තමයි. හැබැයි මගේනම් නෙවෙයි ඕන්.

    @Hillside Holyday Inn
    දිගටම කරන් යන්න කිව්වෙ ලියන එකද නැත්නම් අරහෙ යන එකද?

    @හිරු
    හ්ම්ම්. මාත් ඒ ඩයලොග් එක යූස් කලෙත් ඕකමයි. ඔන්න ඔයි තත්වය පොඩ්ඩක් ඉස්මතු කරන්න ඕන නිසා.

    @Anonymous
    අනේ ඉතින් ඇයි නංගි මේ ඇනෝනිමස් කමෙන්ට් එකක් දැම්මේ. නමින්ම දාන්න තිබ්බනෙ. අනිත් එක අද කස්ටර්මර්ස්ලා අඩුද නෙට් එන්න වෙලාවක් හම්බ උනේ. :D

    @නද්යා නෙරංජි සුලක්ඛනා
    බොහොම ස්තූතියි ආ.......

    @Naleen Dilruksha
    හෙ හෙ. ඒ අස්සෙ ඔන්න ටෙස්ට් කරන්න එහෙම යනව නෙවෙයි. ;)

    @Anonymous
    උඹ උගන්නපු දේවල් කෝම අමතක කරන්නද බන් චමියො.

    ReplyDelete