එරබදු මල් පෙති පරවී වැටුනා
කොවුලා දුක් බර ගීයක් ගැයුවා
කඳුලු වලින් මගෙ නුවනඟ තෙමුනා
නුඹ නොමැතිව අවුරුද්දත් ගෙවුනා
පිපුනු මලින් නෑ සුවඳක් හැමුවේ
ගහ කොල නෑ කොල පාටින් දිලුනේ
කොවුල් නදට නෑ හිත වහ වැටුනේ
නුඹ නෑ තනියට මා ලඟ හිටියේ
අවුරුදු සිරියෙන් රටම සැනසුනත්
මගෙ දෙතොලට නෑ සිනහව දැනුනේ
නුඹ නැති පාලුව විඳගන්නට මට
කඳුලු බිඳක් විතරයි ලඟ හිටියේ
ඔය ටිකම තමා මටත් උනේ. මොනා කරන්නද නේද
ReplyDeleteහ්ම්.... මොනා කියන්නද තේරෙන්නේ නෑ....
ReplyDelete@දිල්
ReplyDeleteඒක නේන්නම් අක්කෙ. ලබා උපන් හැටියටනේ බබා වැනෙන්නේ.......
@punchisamanalee
සමනලී තාම පුංචියිනෙ. ඒක හින්දා වෙන්ටැ.
ගණන් ගන්න එප සහෝ...........
ReplyDeleteඕව ඔහොම තමයි.......
:) :)
cheer up !!!!!!!!!!!!!!
@සංදීපගේ මයික්කරපෝනය
ReplyDeleteඔව් ඒක ඇත්ත. අෂ්ට ලෝක ධර්මය කියල 1ක් තියෙනවනෙ.
ස්තූතියි මලයො දිරිමත් කිරීමට.