Saturday, May 15, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 1

සෙට් උනි මමත් මේ ලෙස කවි කියන්නට
කවියෙන් වාද කරනා සැටි බලන්නට
විසඳා ගත නොහැක නැගි පැනයක් සිතට
දෙන්නේ පිලිතුරක් මම පලමුව කාට
දුවලා පුරුදු නැත මටනම් කවදාවත්
නොබියව ඇදේයි ඉදිරියටම හැමදමත්
ජය පැරදුම කොයි ලෙසකින් හිමි වූවත්
සුවිසල් ජයකි තරඟෙට පය තබන එකත්
කවිපද ලියයි දැන් කට්ටිය තකට තකේ
කෙල්ලෝ සොයන් ඇවිදියි සමහරුන් ලකේ
වාගෙයි කරන වැඩ පන්තියේ ලමයි දෙකේ
මම ආවිට ඉවරයි ඔය සැමගේ ටකේ 
 කවිනම් ලියත හැක පද වැල් අමුනාලා
එනමුදු මෙහේ වැඩ ඇත අහසට නැගලා
දුන්නේ නැතොත් දවසෙ වැඩ නිම කරලා
ඔපීසියෙන් දායිනෙ මා පන්නලා
බොසාට නෙවෙයි බය මගේ රස්සාව ගැනයි
අනාථ වෙන මාගේ දරු පවුල ගැනයි
වෙන්නේ නැතොත් ජොබ් එක පවුලටයි මටයි
රෙද්දක් එලා හිඟමන් ඉල්ලිම තමයි
ඉල්ලන් කැම සිංහල අපගේ ගතිය
ජම්මෙට වඩා පුරුද්ද අපගේ ලොකුය
ඉල්ලන් කන්න යන්නෙ කවුදැයි හරිය
තව ඉවසුවොත් ඔබ හට දැක ගත හැකිය
 තොප දෙදෙනාගේ රන්ඩුව
අරගෙන ගියොත් දුර තව
නොසලකා පින් පව
ගන්ට වෙනවා මෙමට හෙන්ඩුව
ගියොතින් කියන්නට කවි දවසම ඉවරයි
මෙය කවි මඩුව නොව පෙරහුරුවක් පමණයි
රාජකාරිනම් අද මා හට එමටයි
යන්නම් මෙමා ඔබ සැමටම බුදු සරණයි.
කෙල්ලෙකු සෙව්වමුත් පෙරදින විරිය යොදා
ගන්නට නොවේ කරකාරෙට යම් මතුදා
හිටියොත් හොඳට හැසිරී මට සෙනෙහෙ පුදා
අන්තක්පුරෙන් කොටසක් දෙමි ඇයට බෙදා 
ජීවිතෙ මල් ඇවිත් මහ රෑ කරලියට
ඉල්ලා උදව් මර හඬ දෙයි පෙරලිකොට
නොකලොත් උදව් මේ මිනිසත් කම කුමට
දෙන්නම් රුකුල් ඔබ යනතුරු ඉදිරියට
හිපො දිල් වැපා මඩුවේ දඟලනවා
හොඳවෙන් පාඩමක් තුන් දෙනා ඉල්ලනවා
අත්පොලසන් නද මැදින් මම සබයට එනවා
හැමෝම බයේ පිලිකන්නේ හැංගෙනවා
ඇඟේ පතේ ඇති ෆුල් ශක්තියම දමා
යන්තම් කවි ටිකක් පද බැඳ ගත්තා මෙමා
යන්නට දුක උනත් ඔබ සැම අතැර දමා
යන්නම උනා කට්ටිය මට වෙන්න සමා

කවි සිතුවිලි දෝර ගලා කවි මඩුවම අද එලියයි
කවි මඩුවට පැමිණි සැමට දළදා හිමි රැකවරණයි
දහතුන් වෙනිදා වෙනතුරු ඉවසිල්ලක් නැති ගානයි
ලාංකීය සිතුවිලි ඔබේ ඉදිරි ගමන ජය නියතයි


 

9 comments:

  1. අනේ ඉතින් අනුරාධ....දිල්ගෙ කවි ටික බ්ලොග් එකේ දැම්මනම් ඔයාලගෙ අයිති කාරයෝ ඇවිත් මාව කුදලන් යාවී...ඇයි දෙයියනේ තනිකර මඩනෙ. ඒවා දන්න පුළුවන්ද හිතකින් බ්ලොග් එකේ ....

    අනික දැනටම 279 ක්
    නියමයි කොල්ලො.....ඔහොම යමු

    ReplyDelete
  2. කෝ උබ කාපු මඩ හි හි හි

    ReplyDelete
  3. @චතුරංග රූපසිංහ
    තැංකූ තැංකූ හොඳේ.

    @දිල්
    මඩ උනත් ඉතින් ඔයා කාපු මඩනේ. ඒක නිසා ලැජ්ජ වෙන්න එපා. අපිනම් ඉතින් මඩ කෑවේ නෑ ගහුව මිසක්. හෙ....... හෙ.....
    මමනම් තාම 110ක් වගේ. සැරෙන් සැරේනෙ මන් ආවෙ. ගොඩක් තිබ්බට කමක් නෑ. බ්ලොග් එකේ දාන්න. මේ වගේ කොටස් විදියට දාන්න. අපිට කලබලේ නිසා කියවන්න බැරි උන කවි ඇතිනේ ඕන තරම්.

    @වැප්
    මොන මඩ ගැනද උඹ ඔය කතා කරන්නේ. මම ලඟ මඩ පොඩ්ඩක්වත් නෑ. තිබ්බ මඩ ඔක්කොම ටික උඹට ගැහුවනේ. ඇයි උඹ මඩ කාගෙන අඬ අඬාම ගෙදර දිව්වේ. අනේ ඇත්තට මුගේ මතකේ.

    ReplyDelete
  4. ස්තුතිය, මඩ සහ හූ පාර එකමට
    හු.....................................................

    ReplyDelete
  5. මැක්සා තමයි

    ReplyDelete
  6. එළ එළ මාත් පළවෙනි කොටස දාලා ආවේ... :D :D

    ReplyDelete
  7. @ගීත්
    අඩේ මෙන්න මූ මෙහෙ ඇවිල්ල්ත් හූ කියනවා. අපිටත් පුලුව්න් හරිය හූ කියන්න. හිතන්න එපා බෑ කියලා.
    හූ..... හූ.....

    @හසිත ජයසූරිය
    හි.. හි... ස්තූතියි
    උඹ මඩුවෙ හිටියද. මට එච්චර නිච්චියක් නෑනේ.

    @නිශාචරයා
    අම්මට සිරි. එහෙමද. එහෙනම් ඔන්න මන් මේ දැන්ම යනවා ඒ පැත්තෙ.

    ReplyDelete
  8. මේකේ පොඩි අවුලක් තියේ නේ....පොඩ්ඩක් ඩේට් සෙටින්ග්ස් හදන්න....අද මැයි 14 වෙනිදා...ඒක නිසා තමා මේ පෝස්ට් එකේ නොටිෆිකේශ්න් නැත්තේ....

    ReplyDelete