පහුගිය ටිකේම ඒ තරම් වැදගත් දෙයක් ලියන්න ලැබුනේ නැති නිසාත්, කාලෙකින් කතාවක් කියන්න ලැබුනේ නැති නිසාත් අද මන් හිතුවා පුංචි කතාවක් කියන්න. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේකනම් පුංචි කතාවක් තමයි. නමුත් මේකෙන් දෙන පණිවිඩයනම් පුංචි නෑ කියලයි මගේ පුංචි මොලේට වැටහෙන්නෙ. මේ කතාව මට අහන්න ලැබුනෙ කොහෙන්ද කොයි කාලෙද කියලනම් ඒ හැටි නිච්චියක් නෑ. කොහොමත් කතාවෙ හරයට ඒක වැදගත් වෙන්නෙත් නෑනෙ. ඒක නිසා ඒ වැල් බයිලා නැතුව මන් කෙලින්ම කතාවට බහින්නම්කෝ. මෙන්න මේකයි කතාව.
ඔන්න එක දවසක් හාමුදුරුවරු දෙන්නෙක් දුර බැහැර ගමනක් ගිහින් ආපහු තමන්ගේ පන්සලට එමින් හිටියා. එක හාමුදුරු කෙනෙක් තරුණ කෙනෙක්. අනිත් කෙනානම් ටිකක් මැදි වයසෙ වගේ කෙනෙක්. මේ හමුදුරුවන් දෙන්න එන මාර්ගයේ තියෙනවා ගඟක්. මේ ගඟ තරණය කරලා තමයි එහා පැත්තට යන්න තියෙන්නේ. නමුත් මේ ගඟ තරණය කරන එක දැන් ඔය ඔයාල ඇඟිල්ලත් කටේ ගහගෙන කල්පනා කරන තරම් අමාරු දෙයක් නොවුනේ ගඟ හරහා පාලමක් තිබ්බ නිසා. ඔන්න ඉතින් මේ හාමුදුරුවන් දෙන්නත් හෙමින් හෙමින් මේ ගඟ ගාවට සේන්දු උනා. වෙනදා වගේම ගඟනම් තිබ්බා. ඒත් ගඟ හරහා තිබ්බ පාලම නෑ. කලින් දවසෙ මේ ගමන එද්දි යස අපූරුවට තිබ්බ පාලම අද අතුරුදහන් වෙලා. පාලමක් තිබ්බ බවට සාක්ශි දරමින් පාලමේ සුන්බුන් විතරක් ඉවුරු දෙකේ ඉතිරි වෙලා තිබ්බා. කලින් දවසෙ රෑ වැහැපු මුරුගසන් වරුසාව නිසා වැඩි උන වතුර පාරත් එක්ක පාලමත් ගඟ පල්ලෙහාටම යන්න ගිහින්. දැන් කොහොමද ගඟෙන් එගොඩ වෙන්නෙ. හාමුදුරුවන් දෙනම ටිකක් වෙල කල්පනා කලා. වතුර පාරත් ටිකක් විතර සැරයි. හැබැයි උත්සහ කලොත් හෙමින් සීරුවේ සැඩ පහරට මුහුන දෙමින් ගඟ හරහා යන්න පුලුවන් කියල ඔවුන්ට වැටහුනා. මොකද මේ හරියේ ගඟ එතරම් ගැඹුරු නෑ. ඉන මට්ටමට වඩා පොඩ්ඩක් වැඩියෙන් වගේ තමයි වතුර තිබුනේ. අසීරුතාවයකට තියෙන්නෙ සැඩ පහර තමයි. නමුත් ශරීර ශක්තිය තියෙන නිසා කරදරයකින් තොරව ගඟ හරහා යන්න පුලුවන් වෙයි කියලා දෙදෙනාටම තෙරුනා. අවසානයේ ගඟ හරහා යන්න කතිකා කරගත්තු හාමුදුරුවන් දෙනම ගඟට බහින්න පය ඔසවනවාත් සමගම සිදු උනේ ඔවුන් කිසිසේත්ම නොසිතූදෙයක්.
කොහේදෝ ඉඳන් දුවගෙන ආපු හැඩකාර තරුණියක් ඔවුන්ගේ දෙපා අසල වැටී මොර දෙන්නට ගත්තා.
" අනේ හාමුදුරුවනේ. මන් දැන් පැය ගානක් තිස්සේ මෙතනට වෙලා බලාගෙන උන්නා. ගඟේ සැඩපාර අඩුවෙන පාටකුත් නෑ. මට ඉක්මනින් එහා ඉවුරට යන්න ඕන කරලා තියෙනවා. තවත් මෙතනට වෙලා බලන් ඉන්න මට අමාරුයි හාමුදුරුවනේ. පුලුවන්නම් මාව මේ ගඟෙන් එගොඩ කරන්න. පින් අයිති වෙයි." තරුණියගේ ඉල්ලිමට හාමුදුරුවන් දෙනම මුනට මූන බලාගත්තා. තමුන්ට මේ ගඟෙන් එගොඩ වීමට හැකි උනත් තරුණියකට තනිවම මේ සැඩ පහරත් එක්ක ඔට්ටු වෙන්න බැරි වග හාමුදුරු දෙනමට වැටහුනත් තමන්ගේ ත්ත්වයක් එක්ක දෙන්නම ලොකු අසීරුතාවයකට පත් උනා.
මද වෙලාවක් නිසොල්මනේ කල්පනාවෙ නිමග්නව හිටපු තරුණ හාමුදුරු නම කල දෙයින් අනෙක් හාමුදුරු නමගේ ඇග හිරි වැටිලා ගියා.
තරුණියව දෝතින් ඔසවගත්ත තරුණ හාමුදුරු නම සීරුවෙන් ගඟට බැස්ස. කොහොමන් කොහොමින් හරි තුන්දෙනාටම කරදරකින් තොරව සැඩ පහර ජයගෙන එහා ඉවුරට යාගන්න ලැබුනා. එහා ඉවුරට ගිය ගමන් තරුණ භික්ෂුව තරුණියව බිමින් තිබ්බා. භික්ෂුන් දෙනමට ස්තූති කල තරුණිය ඇයගේ පාඩුවෙ ඇගේ ගමන යන්න පිටත් උනා. හාමුදුරුවන් දෙනමත් තමුන්ගේ පන්සල කරා දිවෙන මාර්ගය දෙසට හැරුනා. එතන ඉඳන් පන්සලට යනතුරුම මැදි වයසෙ උන් හාමුදුරුනම වචනයක්වත් කතා කලේ නෑ. පන්සලට ගියායින් පසුවත් එතුමාගෙ හැසිරීමේ ලොකු වෙනසක් තරුණ භික්ෂුවට දැකගන්නට ලැබුනා. දවස් දෙකක් විතර බලන් ඉඳලත් ඒ හැසිරීමෙ වෙනසක් නොදුටුව තැන තරුණ භික්ෂුව තීරණය කලා ඒ ගැන අහන්න. වැඩිමල් භික්ශුවගෙන් ඒ ගැන විමසපු තරුණ භික්ෂුවට ලැබුනේ මේ වගේ පිලිතුරක්.
"එදා වෙච්ච දේ මගේ හිතට හරි මදි."
"මොන දේද හාමුදුරුවනේ"
"එදා ගඟ ලඟදි වෙච්ච දේ. අපි පැවදි අය. බුද්ධ පුත්‍රයො. ඒ වගේ වැඩක් හාමුදුරු කෙනෙක්ට ඔබින්නෙ නෑ. එදා ඔබ ඒ තරුණියව ඔසවාගෙන් ගිය එකනම් බොහොම වැරදියි. ඒක කොහෙත්ම මම අනුමත කරන්නෙ නෑ. පැවදි කෙනෙක් වෙලා චීවරයක් පෙරවගෙන තරුණ කාන්තාවක්ව ඔසවාගැනීම මොන තරම් පිලිකුල් සහගතද. අපි කොහොමද අනෙක් භික්ෂූන්ට ආදර්ශයක් වෙන්නෙ මේ විදියට. "
මේ හැමදෙයක්ම සාවදානව අහගෙන හිටපු තරුණ භික්ෂුව කිව්වෙ එකම එක දෙයයි.
"හාමුදුරුවනේ. මම එදා ඉවුරෙදි ඒ තරුණියව බිමින් තිබ්බා. ඒත් ඔබ වහන්සේ තාමත් ඒ තරුණියව ඔසවගෙනනේ."
ම්ම්ම්ම්....කතාවනම් මමත් කොහෙදි හරි අහලා තියනවා...
ReplyDeleteමල්ලියෝ,ආයේ කතාව මුල ඉඳලා කියෙව්වනම්.මොකද මට ටිකක් පැටලෙනවා...
@චමිදේවා
ReplyDeleteඅනේ පුලුවන්නම් කියන්නකො කොයි හරියද පැටලෙන්නෙ කියලා. මන් දැන් අයෙ දෙපාරක්ම කියෙව්වා. ඒත් මට එහෙම දෙයක් හොයාගන්න අමාරුයි. ඒ ඉතින් කතාව මගේ හිතෙ තියෙන නිසා වෙන්න ඇති. පැටලෙන්නෙ කොයි හරිය වගේද කිව්වොත් මට තව ටිකක් සැලකිල්ලෙන් බලන්න පුලුවන්.
අනේ සොරි කොල්ලො....උඹට නෙමෙයි මේක දෙපාරක් කියවන්න උනේ මට..එක දිගට කියවාගෙන ගියා...ඒ වෙලාවෙ පැටලිලා තමා තේරුනේ...මේ ආයෙත් ඇවිල්ලා කියෙව්වා.දැන් හරියට මොලේට ආවා...සොරි කොල්ලෝ...
ReplyDeleteමාත් මේක කලින් අහලා තියෙනවා.
ReplyDeleteමාත් ඕක කියවලා තියෙනවා මීට හුඟ කලකට පෙර...
ReplyDeleteපොඩි පොඩි වෙනස්කම් තිබුණත් අර්ථය නම් එකමයි.....
@චමිදේවා
ReplyDeleteඅයියෝ..... සොරි කියන්න ඕන නෑ අයියේ. ඔයා ඒ දේ කිව්ව එකට මන් කැමතියි. මොකක් හරි වැරැද්දක් තියෙනවනම් එක පෙන්නල දෙන්න. මට ඉතින් කතාව හිතේ තියෙන නිසයි, ලිව්වෙ මමම නිසයි ඒ වගේ අඩුපාඩුවක් තිබ්බට එක පාරට පේන්නෙ නෑ. මාත් මේ කතාවෙදි මගෙ සාමාන්‍ය ලියන විදිය චුට්ටක් විතර වෙනස් කරා. ඒක නිසා මටත් සැකයක් තිබ්බ මේකෙ අව්ලක් තියේවිද දන්නෙ නෑ කියලා.
@දිල්
අයියෝ..... මොනාද අනේ. කලින් කියන්න එපැයි. එහෙනම් මන් වෙන කතාවක් ලියනවනෙ. දැන් ඉතින් මොනා කරන්නද. ලියලා ඉවරයිනෙ.
@kumaraya
ReplyDeleteඔව්. දන්නෙ නෑද්ද ඉතින්. මන් තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ මොඩිෆයි කරා. අවුල් වගේද එහෙම කරපු එක.
පැරණි ජපන් සෙන් කතාවක්..
ReplyDeleteබොහෝ අය කරන්නේ අනුන් කරන දේවලුත් තමන් කර ගහගෙන සිතින් දුක් විදින එක තමයි..
මාත් අහල තියෙනව. ඒ උනාට ඔයා ලියල තියෙන විදියට එක හුස්මට කියවන්න පුළුවන්. ලස්සනයි.
ReplyDeleteබුදුහාමුදුරුවො කිව්වෙ "තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවො" කියලනෙ.
ඔය තියරියට අපි නම් සිංහලෙන් කියන්නෙ 'the art of letting go' කියල.
ඕකට නියම උපමා කතාවක් මගේ ගුරුවරයෙක් කියනව.
ඔන්න එක අහිගුණ්ඨිකයෙකුට ඕන උනාලු වඳුරෙක් අල්ලගන්න. ඉතින් මෙයා ඌව අල්ලගන්න හොඳ උපායක් යෙදුව. මොකද්ද දන්නවද?
ඇස් පොල්කට්ටකුයි ලණු කෑල්ලකුයි අරං වඳුරො ඉන්න කැළේකට ගියා. උං ගැවසෙන ගහක් හොයා ගත්ත. ඒක අඹ ගහක්. මෙයා ඇස් පොල්කට්ටෙ පොඩි සිදුරක් හැදුව වඳුරු අතක් රිංගවන්න පුළුවන් වෙන තරමට. ඊට පස්සෙ ඒකත් අරන් අඹ ගහට නැග්ග. නැගල හොඳට ඉදුණු අඹ ගෙඩියකට පිට පැත්තෙන් මේ පොල්කට්ට තියල ලණුවෙන් බැන්දා ගැලවෙන්නෙ නැතිවෙන්න. ඒ කියන්නෙ වඳුරා අඹ ගෙඩිය කඩා ගන්න නම් ඌට පොල්කට්ට ඇතුළෙන් තමයි අත දාන්න වෙන්නෙ. වෙන කිසිම විදියකින් අඹ ගෙඩිය කඩා ගන්න බෑ.
දැන් මිනිහ ගහෙන් බැහැල හැංගිලා බලං ඉන්නව. ඔන්න එක වඳුරෙක් ආව. ඇවිත් අත දාල අඹ ගෙඩිය කඩාගෙන අත එළියට ගන්න හදනව අඹයත් එක්ක. සිදුර පුංචියිනෙ. ඒකෙන් එළියට ගන්න පුළුවන් අත විතරයි. අඹයත් එක්ක අත ගන්න බෑ.
.....
මිනිහ වඳුරව අල්ල ගත්ත.
ඕකයි කතාව.
සර්ගෙ වචනයෙන්ම කියනවනම්
"මං ඔයාලට ඇඟිල්ල දිගු කරල යම්කිසි දිශාවක් පෙන්නනව. හැබැයි ඔයාල දැනගන්න ඕනෙ මගේ ඇඟිල්ල දිහා බලන් ඉන්නෙ නැතුව පෙන්නන දිශාව බලන්න."
බලන්න ඔයාලටත් තේරුණාද කියල????
ඔය තියරිය අපේ ජීවිතවල හුඟක් තැන්වලට ඇප්ලයි කරන්න පුළුවනි. මම නම් එහෙමයි. පුදුමාකාර සතුටකින් ජීවිතේ හැම මොහොතක්ම ගෙවන්න පුළුවන්. ඔයාලත් කරල බලන්න. වෙච්ච දේවල් ගැන හිත හිතා පසුතැවෙන, විඳවන අය මං ළඟට ආවම මං දෙන හොඳම බෙහෙත තමා ඔය.
අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි!!!
කතාව මාත් කලින් අහල තියෙනව..
ReplyDeleteඒත් ආයෙ කියවන්න ආස හිතෙන විදියට ඔයා ලියල මල්ලි.
@මාරයාගේ හෝරාව
ReplyDeleteඔව් ඔව් මාරයියෙ. ජපන් කතාවක් තමයි. මොකද මන් මේක අහල තියෙන්නෙත් ජපන් හාමුදුරුවරු දෙන්නෙක් කියලා. මන් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරල ලිව්වෙ.
@freedom
ගොඩාක් ස්තූතියි........ අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද කියන්නනම් දන්නෙ නෑ. නමුත් ඔයාගේ කතාව කියෙව්වහමනම් ඔයා හුඟක් පරිණත කෙනෙක් කියලයි දැනුනේ. කෝ ඔයා මොකුත් බ්ලොග් එකක් එහෙම ලියන්නෙ නැද්ද. මන් ඔයාගේ ප්‍රොෆයිල් එක්ට ගිහින් බැලුවා. ඒත් ඔයා ලියන බ්ලොග් එකක්නම් හොයාගන්න බැරි උනා. ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා ආදර්ශමත් කතාවක් කියලා දුන්නට. ඒකේ හිතන්න දේවල් ගොඩක් තියෙන්වා.
@චේජනා
අම්මෝ ඇති යාන්තම්. මන් හිතුවේ මේ හැමෝම අහල තියෙනව කියද්දි මේක මෙලෝ රහක් නැති වේද කියලා. මන් දැනන් උන්නේ නෑනෙ මේක හැමෝම දන්න කතාවක් කියලා. දැක්ක නේද ඉතින් මන් දැනුමේ තරම.
මං හිතන්නෙ මම අක්ක කෙනෙක් වෙන්න ඕන. මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක.
ReplyDeletehttp://freedomsl.wordpress.com
ගොඩවෙලා බලන්නකෝ.
මම පරිණතයි කියල මම නම් පිළිගන්නෙ නෑ. පරිණත සහ සත්‍යවාදී මිනිසුන් අතරේ මම පුංචි අංශු මාත්‍රයක් වගේ.
:-(
ඕක මට කියල දීපු ගුරුතුමා තමයි මහාචාර්ය රාජා ද අල්විස්. විශ්ව විද්‍යාලයේ මාස කිහිපයක අනධ්‍යන පාඨමාලාවකදි තමයි කිව්වෙ. එතුමගෙ දේශනයක් ගැනයි මේ. පුළුවන් කමක් තියෙනව නම් ගිහින් බලල මටත් කියන්න මොකද මට යන්න වෙන්නෙ නැති නිසා.
"Prof. Raja de Alwis will deliver a Buddhist talk in English on “The controversial areas in meditation” at a meeting of the Servants of the Buddha Society, Maitri Hall, Lauries Road, Bambalapitiya, on Saturday, May 15 at 4.30 p.m. All are welcome."
@freedom
ReplyDeleteඒ අක්කට හිතෙන විදිය. නමුත් මගේත් එක්ක සන්සන්දනය කලෝතින් අක්ක මට වඩ පරිණතයි. හැමදේම ඉතින් සාපේක්ශයිනෙ. මන් අක්කගේ බ්ලොග් 1ට ගියා. අර දේශනයටනම් මටත් යන්න බැරි වෙන පාටයි. බලමුකො උත්සහයක් දීලා බලන්නම්.