Saturday, May 15, 2010

කවි මඩුවේ මගේ කවි - අංක 2

එන්නත් හිතයි කවි පද වැල් ගොතන්නට
එනමුත් වැඩත් ඇත මහ මෙර මෙන් උසට
අරගෙන පුංචි කවි මී පැණි මෙන් රසට
එන්නම් විටින් විට ඔබ දැකගෙන යන්ට

ලුණු රස දැනෙන්නටනම් දිව ඕන වගේ
කවි රස දැනෙන්නට කවි සිත ඕන නගේ
නුඹ හට එය නැති එක වරදක්ද මගේ
දන්නෝ දනිති මගෙ කවි වල තියෙන අගේ

පද ගලපන්න නොවුනත් මම හරි රුසියා
වැඩ කිඩ වලින් කොලඹම හොල්ලන් හිටියා
සත්තයි අනුරාධ නුඹනම් හරි දසයා
කිව්වා එහා බෝඩිමේ ඉන්නා සොපියා

සොපියා සමඟ මගෙ තිබෙනා සබඳකම
කියන්න හැකිද මේ පොඩි උන් ඉදිරියෙම
වැඩිහිටියන්ට පමණයි කියලා උඩම
දැම්මොත් කියමි හොඳ හැටි හොයලා පදම

දැන්නම් කේන්තිය උතුරයි නහර කපා
අරින්න හිතයි සෙම හක්කේ තියලා හපා
ඉන්නා මගේ ලඟ මා හට කොමල පපා
මගේ සුදු සොපියා මේවට ඇදගන්න එපා

සොපියයි මමයි එක නැකතෙයි උපන්නේ
සොපියට වඩා මම වැඩිමල් කියන්නේ
සොපියයි මමයි යහතින් කල් ගෙවන්නේ
ඇයි අපෙ කූඩුවට ගල් කැට ගහන්නේ

සොපියා සුදුයි නෑ සැකයක් උපතේ ඉඳන්
මම නෑ සැලෙන්නේ ඇසුනට උඹේ වදන්
උඹලා වගේ හොර රහසේ තනිව හදන්
අපි නෑ බිව්වෙ වද කහ සුදි අඳුරෙ ඉඳන්

ඕවා තමයි ජෙලස් එකට කියන කතා
සුදු වෙන්නටත් සසරෙන් ආ යුතුයි පතා
පතන් ආපු හැටියටනේ යන්නෙ ඔතා
කියලා දුන්නේ මට ඔය ගැන ප්‍රේමලතා

සොපියා සුමනගේ වැඩිමල් අක්කාය
සුමනයි කාන්තියි එක් වගෙ මිතුරන්ය
කාන්තිගේ නංගි මැණිකා හරි හුරතල්ය
ප්‍රේමලතා මැණිකගෙ දුර නෑයෙක්ය

අනේ වැපෝ උඹ හට මොලයක් නැද්ද
උඹ ඔය කියන පොර උඹගේ හතුරෙක්ද
දුන්නත් මුතු මැණික් අබරණ දෑවද්ද
පබලු වගේ කෙල්ලෙක් ගන්නේ කව්ද

අනිවා ඩෙපා මම එනවා ඒ පැත්තේ
උඹේ සතුරා වැනසෙන දවසට මත්තේ
කියන්න එපා ඌ හට පබලුගේ තත්තේ
ගිහිල්ල කපමු උගේ වල උන්ගේ වත්තේ

සතුරා උනත් වනසන්නට හිතන එක
සිරිතක් නොවේ මිනිසුන් ලෙස වෙසෙන ලක
දන්නවා නෙද උඹ පින් පව් කියන දෙක
විඳින්න වෙන්න අවසානෙදි අපා දුක

අල පැල කලොත් අස්වැන්නත් දේවි අල
කරනා දෙයෙහි දැන් පසුවට දේවි පල
උඹ කල පාපයන් පස්සෙන් පැමිණි කල
දුවන්න වෙන්නෙ නොදැනිම පිට කරන් මල

උපදෙස් පිලිගන්නේ බුද්ධිය තියෙන අයයි
කට මැත දොඩන්නේ බියගුලු නිවට අයයි
අදමිටු කම් වලින් ලෝකයෙ බලය සොයයි
උඹටත් වැපෝ අපායේ දොරගුලු විවරයි

මසුරන් වටිනවා උඹේ ඒ කතාවනම්
බැහැ විස්වාස කෙරුමට උන් මලු කේලම්
කෙල්ලන් ඉන්න දාගෙන හොඳ හැටි මායම්
වැඩිකල් නොගොස් හේදිලා යනවා සායම්

මොකද්ද වෙච්ච දේ අක්කේ උගුඩුවට
දන්නේ නෑනේ ඒ ගැන පවසන්න මට
අවුස්ස ගත්තොතින්නම් දැන් මගේ කට
වෙන්නේ ඔබට දුවන්න හැර දාල රට

නැත මට වචන පැටලී මේ වන තුරුම
කවදත් නියම වැඩ කිසිවිට නෑ නරුම
කොපමණ කලත් මා හට අපහස කෙරුම
සඳ නෑ ගනන් ගන්නේ බල්ලගේ බිරුම

පිලිතුරු දුන්න මුත් දිල් හට පද බැඳලා
නෑ කිසි සද්දයක් දැන් ඈ හැංගීලා
හැප්පෙන්නට ඇවිත් මා ඉන්නවා දැකලා
වැටිලා ඉන්නවා පස්සත් බිම ඇනිලා

ඔයනම් හදන්නේ වැඩ වරදාගන්ටයි
දිල් අක්කා දැන් තරමට වැඩි පාටයි
සැරයක් දෙකක් සමාව දුන්නම මෙහෙමයි
දැන්නම් ඉතින් ගේම දෙන්න වෙනවාමයි

3 comments:

  1. ගින්දර මචන් ගිනි ගින්දර මේ ඇත්තයි
    දැක්කෙම නෑනෙ මඩුවෙදි මේවා සත්තයි
    කාලනෙ වැපා උඹෙනුත් හොඳහැටි තිත්තයි
    බීලද ලිව්වෙ උඹ වතුරයි කවි පෙත්තයි...

    ReplyDelete
  2. මේවා දැම්මනං මොකෝ ............

    හම්බ උනොත් උබ කියනා ටිකම කියයිද සොපියා
    උබ බොරුවට පොරවෙන්නද දඟලනුයේ මෙතනා
    හෙඩිම වෙනස් කලයි කියමු ඇතිද දොඩන්නට මොනවා
    අනේ නිකන් හිටු අනුරාධයෝ සොපි පුරයට වීලා


    මොකක්ද බොල හාද කම සමගින් සොපියා
    වෙන්නට කල හදිය කිම උබ කොළඹට දසයා
    දන්නවාද නෑකම පබලු සමගින් ඔය සොපියා
    එකීට කවි අත්පොත තිබුවේ ඔය කොට සොපියා



    කලු සොපියා සුදු වෙලාද
    ඇස් දෙක මගේ වෙහෙසීලාද
    නැත්නම් උබ ගැවාද හුණු
    වෙන්නට ඔය කලු සොපියා

    ReplyDelete
  3. @නිශාචරයා
    මඩුවේ සෙමින් තබමින් ගියොතින් අඩිය
    පෙනේවි බොහෝ කවි මගේ ඒවට වැඩිය
    ගලපා රසට උඹ මෙහි ලිව් එක කවිය
    පරදයි මඩුවේ මගෙ සියලුම කවි පොදිය

    @වැප්
    ඔහොම ඉතින් සේරම දාන්න ගියෝතින් මුලු කවි මඩුවම මන් ආයේ මේකේ දාගත්තා වගේ වෙනවනේ. අනිත් එක මචන් දැන් ඔය උඹ ලියපු කවියි මන් දීපු උත්තරයි සසඳලා බලපුවහම ඕන කෙනෙක්ට පේනවා කාටද මඩ වැදිලා තියෙන්නෙ කියලා. හූ......... හූ............

    ReplyDelete