Friday, January 15, 2010

ආදරණිය කඳුලු බින්දුව

හදවත රිදුම් දීගෙන වේදනාව පැතිර යද්දි ඔයාගේ වදන් අයෙත් පාරක් මතකයට නැගුනා. ඔයා එක්ක ගත උනු ඒ සුන්දර අතීතය සිහියට නැගෙද්දි, ඒ සුන්දර දවස් අයෙමත් මගේ ජිවිතේට එන්නේ  නෑ කියල සිහි වෙද්දි  මුලු හිතම දරගන්න බැරි තරමේ වේදනාවකින් පිරිලා ගියා. අතීතය, අනාගතය, ඔයාගේ ආදරයට මැදි වෙලා මගේ හිත හොල්මන් කරද්දි පෑනට අත ඇදිලා ගියේ නිරායසයෙන්ම. අතැඟිලි වලට මැදිවෙච්ච පෑන කොලේ පුරා දුවද්දි මගේ කඳුලු හිත දෝරෙ ගලුවා.


කාත් කවුරුවත් නැතුව
හිනාවෙන්න දන්නේ නැතුව
කඳුලුත් එක්ක තනි වෙලා ඉඳපු
මගේ ජීවිතේට

හදිස්සියෙම
කොහේදෝ ඈතක ඉඳන්
ඔයා අවා
නිකන් නෙවෙයි
මගේ ජිවිතේ හිනාවෙන් පුරවගෙනම
මන් හිනා උනා

මගේ ජිවිතේ තියෙන තුරු
ඒ හිනාව අතහරින්නේ නෑ
කියල හිතුවා
ඒදා ඉඳලා අද වෙනකම්ම
ඔයා එක්ක ගෙවුන
හැම තත්පරයක් තත්පරයක් ගානෙම
මගේ හිනාහඬ
හිස් අවකාශයට එකතු උනා
ඒත්......

හෙට ඉදන්
මං කොහොම හිනා වෙන්නද
මට හිනා වෙන්න උගන්වපු ඔයාම
මට කඳුලු දීලා යන්න හදද්දි.......


හදවතේ තෙරපිලා තිබ්බ වේදනාව පෑන දිගේ ගලාගෙන ඇවිත් වචන වෙලා කොලේට මුහු වෙද්දි, හිතේ බර ගතිය ටිකක් අඩු උනා වගේ දැනුනා. දුක කට හරි කියද්දි ඒ දුක තුනී වෙනවලුනේ. කුණාටු වැස්සක් වගේ තිබ්බ මගේ හදවතට පුංචි සනීපයක් දැනෙන්න ගත්තා. ඒත් ඒ සැනසීම 1 මොහොත්ක්වත් දරාගෙන ඉන්න තරම් මගේ හදවත වාසනාවන්ත උනේ නෑ. ඔයගෙ මතකයන් එක්ක අපහු සැරයක් මගේ හදවත වේදනාවෙන් ඉකි ගහන්න ගත්තා. හිනාව මාව හොයගෙන එනකොට මට එපා කියලා ඈත් කරපු ඒ පුංචි කඳුලු බින්දුව විතරයි අවසානයේදි මගේ දුක බෙදගන්න මා ලඟ හිටියෙ. අනේ මට ස්මාවෙයන් උඹව ඈත් කරාට. ආදරණිය කඳුලු බින්දුව යලි එනු මැන මා තුරුල්ලට.

No comments:

Post a Comment