Sunday, January 17, 2010

ආදරණීය පෙම්වතිය වෙත ලියමි...

ආදරණීය පෙම්වතිය වෙත,
                         තවත් කොපමන කලක් ඔබට මාගේ පෙම්වතිය කියා ඇමතිමට ලැබේදැයි මා නොදනී. ජිවීත කාලය මුලුල්ලේම එසේ ඇමතිමට මගේ හිත අශා කරයි. පසු කලෙක මගේ බිරිඳ වශෙයෙන් ඔබව ආමන්ත්‍රනය කිරිමටද මගේ හිත ලොබ බැඳ සිටී. එහෙත් අප පතන දේ එලෙසින්ම ලබා දීමට තරම් දෛවය කාරුණික නැත. සමහරවිට ඉදිරියේදි ඔබට මගෙ පෙම්වතියයැයි ඇමතීමේ වරම මගෙන් ගිලිහී යනු ඇත. එහෙත් එසේ වනුයේ මා එසේ ඇමතිමට අකමැති නිසා නොව එසේ ඇමතීම ඔබේ අනාගතයට සුබදායක නොවීමට ඉඩ ඇති බැවිනි.
                එක් අතකින් මා මේ කරනූයේ නිශ්පල කාර්ය්‍යකි. බොහෝවිට මෙය කිසිදාකත් ඔබහට කියවීමට නොලැබීමටද පිලිවන. කියවීමට ලැබුනත්, ඔබේ හිතේ පැලදියම් වූ අදහස් වෙනස් කිරීමට තරම් මා සමත් නොවනු ඇත. ඒ අතින් බැලූ විට මා මේ කරනුයේ බොරු වැඩකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිකරුනේ කාලය කා දැමීමකි. කමක් නැත. මම ලියමි. දුක හිතේ හිර කරගෙන සිටිනවාට වඩා ඒ දුක පැවසීමේන් හිතට යම් සහනයක් ලැබෙන බව මා අසා ඇත. එබැවින් මම ලියමි. මගේ හිතේ තෙරපෙමින් වද විඳින දුක වේදනාව මෙසේ අකුරු කරමි.
                    මගේ ලිපියෙ කිසි පිලිවෙලක් නැතැයි ඔබ දොස් නගනු ඇත. වචන ගැලපීම අන්තිමයැයි ඔබ චෝදනා කරනු ඇත. මම පිලිගනිමි. හැඩ කරමින්, ලස්සන කරමින් පද, ගලපමින් ලියන්නට තරම් මගේ මනස නිරවුල් ත්ත්වයක නැත. මා කරනුයේ හිතේ තෙරපෙන අදහස් එක පෙලට ලියාගෙන යෑම පමණි. මා ඔබෙන් එක ඉල්ලීමක් කරමි. හදිසියේ හෝ ඔබට මෙය කියවන්නට ලැබුනහොත් මෙය අවසාන වනතුරු කියවන්නයැයි මම ඔබෙන් අහිංසක ලෙස ඉල්ලමි. මගේ ඉල්ල්ලිමට ඔබ කන් දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

                    මීට වසර එකහාමාරක පමණ අතිතයට මාගේ සිතිවිලි දිව යයි. අහම්බයකින් මෙන් මට ඔබ හමුවන විට මෙවන් අනාගතයක් ගැන මට සිහිනෙකුඳු නොසිතුණි. යහලුවන් ලෙස ආරම්භ උන අපේ සම්බන්ධය වෙනස් මුහුණුවරක් ගන්නට පටන් ගත්තේ අප හමු වී මාස 3ක් පමණ ගතවන විටය. ඒ මට ඔබව තව දුරටත් යහලුවෙකු පමණක් ලෙස නොපෙනෙන්නට පටන් ගත් නිසවෙනි. මා තුල ඇති වූ වෙනස පලමුව මටද නොහැඟිණි. මම වෙනසට හේතු හොයන්නට පටන් ගත්තෙමි.  ඝන මීදුමක් තිබී පහව යන විට ඒ මීදුම අතරින් උස් කඳු මුදුන් මතු වෙන්නාක් මෙන් මටත් නොතේරී මා සිත තුල සැරි සැරූ ඒ අදහස් එකින් එක මට පැහැදිලි වන්නට විය. අවසනයෙදි මට යම් දෙයක් අවබෝධ විය. මා ඔබට අදරේ කරන්නට පටන් ගෙන තිබිණි. මගේ සිතෙහි ඔබ ගැන ආදරයක් ලියලා තිබිණි.
                   මම ඔබට ආදරය කලෙමි. ඔබේ සිනහවට ආදරය කලෙමි. ඔබේ කටහඬට ආදරය කලෙමි. ඔබේ සුවඳට ආදරය කලෙමි. ඔබේ හදවත ගැහෙන රිද්මයට ආදරය කලෙමි. ඔබෙන් ලැබූ ආත්මීය සුවයට ආදරය කලෙමි. ප්‍රථම ආදරය මගේ ජීවිතය තුල මෙලෙස සනිටුහන් වෙද්දී ඔබේ තීරණය මා නොසන්සුන් කරවීමට සමත් විය. ජීවිතේ විශාල අහිමිවීමක් අභියස මගේ හදවත වේදනා විඳින්නට විය. කෙසේ හො අවසානයේ මගේ ආදරය ජය ලදිනි. ඉන් පසු බොහෝ දේ විය. ඒ ගැන මම මෙන්ම ඔබද හොඳින් දන්නා බැවින් ඒ ගැන ලියා ලිපිය දීර්ඝ කිරීමට මා අදහස් නොකරමි. ඔබත් සමඟ ගත වූ ඒ සුන්දර නිමේශයන් චිත්‍රපටයක දසුන් පෙලක් මෙන් මගෙ හදවතේ සිත්තම් වී පවතී. බහ තෝරන ලමයෙකු මෙන් ඔබට තුරුලුව ආදරේ ඉගෙනගත් ඒ අවදිය කෙසෙනම් අමතක කරන්නද?
             අවුරුදු එකහාමාරක් යනු කෙටි කලයක්ද දිගු කලයක්ද යන්න මම නොදනිමි. මා දන්නේ එක දෙයකි. එනම් අවුරුදු එකහාමාරක් තුල සියලු දේ වෙනස් වී ඇත. අද ඔබ මගේ ආදරය සැක කරයි. අවුරුදු 21ක් ආරක්ශා කොට ඔබට පිදු ප්‍රථම අදරය අද ඔබේ සැකයට බඳුන් වී ඇත. ඒ තරම් සිත රිදවන දෙයක් මට තවත් නොමැත. අපිට ප්‍රශ්ණ තිබෙන බව මම පිලිගමි. එහෙත් ඔබ කරන්නක් මෙන් ප්‍රශ්ණ ගැනම සිතමින් ඒ තුලම ගිලී තව තවත් වද වේදනා විඳීම මගේ ක්‍රමය නොවන බව මා ඔබට කිහිප වරක්ම පවසා ඇති බව ඔබට මතක ඇතුවාට සැකයක් නැත. එයින් අදහස් කරන්නේ මා ප්‍රශ්ණ ගැන නොසිතන බව නොවේ. ඒවායින් කර අරින බව නොවේ. ප්‍රශ්න වලට සාර්තකව මුහුණ දීමටනම් නිරවුල් මනසක් තිබිය යුතු බව මගේ විස්වාසයයි. ප්‍රශ්ණ ගැන ඕනාවටත් වඩා සිතමින් ඒ තුලම ජීවත් වීමෙන්, ප්‍රශ්ණය තවතවත් සංකීර්ණ වනවා විනා විසඳුමක් නොමැත. සමහර ප්‍රශ්ණ විසඳිමට යමෙන් එය තව තවත් අවුල් වේ. ඒවා විසඳීමට කාලයාට බාර දිය යුතුය. මම ප්‍රශ්ණ වලට විසඳුම් සොයමි. ඔබ පවසන අකරයට මග හැර යාමක් නොකරමි. එහෙත් වෙනසකට ඇත්තේ මාගේ ක්‍රමය වෙනස් වීමයි. ඔබට මා වැරදි අයුරින් පෙනෙනුයේ ඒ නිසා විය හැක. ඔබේ මෙන්ම මගේද එකම සිහිනය වන්නේ ඔබත් මාත් එකම වහලක් එන ලස්සන දිනය ගැනය.
               මා නිසා ඔබේ හිත වේදනා විදිනවායැයි ඔබ පවසයි. එය ඇත්තක් යැයි මම නොකියමි. බොරුවක්යැයිද මම නොකියමි. මක් නිසාද යත් තාම්න්ගේ වැරදි අඩුපඩු තමන්ට හරි ආකාරව නොපෙනෙන බැවිනි. මගේ අතේ වැරදි නැතැයි මම නොකියමි. එහෙත් ඒ කිසිවක් ඔබව වේදනාවට පත් කිරීම සඳහා කල ඒවා නොවන බව මම විස්වාසයෙන් කියමි. එහෙත් මා එක් ලොකු වැරද්දක් කලෙමි. මා එය පිලිගත යුතු ඇත. ඒ ඔබට ආදරය කිරීමයි. මා එම වරද නොකලානම් අද මේ ඔබ කියන දුක වේදනාව ඔබ කරා නොපැමිනෙනු ඇත. එහෙත් දැන් එය සිදු වී හමාරය. මට අතීතය වෙනස් කල නොහැක. ඉදිරියේදී වරදක් නොවීමට මට වග බලාගත හැක. කල හැක්කේ එපමණකි.
               එහෙත් ඒ සඳහා ඔබ මා විශ්වාස කල යුතුය. අද නැතුව ගොස් ඇත්තේද එම විශ්වාසයමය. සැකය ඉදිරි දොරින් පැමිණෙන විට ආදරය පස්සා දොරින් පැනයනවායි කියමනක් අප අතර පවතී. අපේ ආදරයටද එම ප්‍රතිපලය අත්වේදෝයි මා තුල ඇත්තේ අපමණ බියකි. කුමක් කුමන ආකරයෙන් සිදු වූවත් ඔබ කෙරෙහි මා තුල ඇති ආදරයනම් මියදෙන්නේ නැත. අනාගතයේ අපිට කුමක් සිදුවේදැයි මා නොදනී. දෛවය විසින් අපව කොයිබක ගෙනයාවිදැයි කියන්නට මා දන්නේ නැත. අපිට එක් වන්නට හැකි වේවිද නොහැකි වේවිද යන්න මා දන්නේ නැත.   අප දෙදෙනාට සදාකාලික තනිකඩයන් ලෙස සිටීමට වේදැයි මා දන්නේ නැත. මා දන්නේ එකම දෙයකි. මා පලමුවෙන්ම අදරය කලේ ඔබටය. ජීවිතේ තිබෙන තුරු ආදරය කරන්නෙද ඔබටය. මම දුටු පලමු කෙල්ල ඔබ නොවීය. මා ඕනා තරම් කෙල්ලන් දැක ඇත. යහලුවන් ලෙස ඇසුරු කර ඇත. එහෙත් මගේ හිත ඇදී ගියේ ඔබ කෙරෙහි පමණි. අදරයක් ඇති වූයේ ඔබට පමණි. ඒ ආදරය හැමදාටම එසේමය. ඔබ මා ව්ශ්වාස කරත් නොකරත් එක දෙයක් කිව යුතුය. වෙනත් ආත්ම ගැන මා දන්නේ නැත. එහෙත් මේ ආත්මයේ මගේ අවසන් හුස්ම පොද වා තලයට එකතු වන තුරු මම ඔබට ආදරය කරමි. සත්තකින්ම මම ඔබට අදරය කරමි.
                                                                                                           මෙයට සදා නොවෙනස්
                                                                                                           පෙම්වතා
                        

No comments:

Post a Comment