Thursday, January 14, 2010

හරක් මස් කන්නේ නැද්ද? ඇයි ඒ?

අද මට ලස්සන කතාවක් කියවන්න ලැබුනා. බ්ලොග් කියවගෙන යදිදි තමයි මට මේක හම්බ උනේ. Lishwishගෙයි බින්කුගෙයි (ඇත්ත නම් දන්නේ නෑ. තිබ්බ නම් තමා මේ) කතා කරළිය කියන බ්ලොග් එකේ තමයි මේක තිබ්බේ. ඒක කියවල බලන්නකො මුලින්. හරි ලස්සන කතාවක්. කලින් කියවලත් ඇති බොහෝ දෙනෙක්. අයෙ සැරයක් කියෙව්වත් පාඩු නෑ. ඒ තරම් ලස්සනයි. මෙන්න ලින්ක් 1.

http://kathakaraliya.blogspot.com/2009/07/blog-post_15.html


ඒක කියවලා ප්‍රතිචාරයක් දාන්න කියලා හදද්දි මට හිතුනා මගේ බ්ලොග් ඒකේ ඒ ගැන සටහනක් දැම්මනම් වඩා හොඳයි කියලා. මොකද ඔය හරක් මස් මතෘකාව ගැන කියන්න ගොඩක් දෙවල් තියෙන නිසා. එකේ කස්ටිය ප්‍රතිචාර එහෙමත් දාලා තිබ්බා හරක් මස් කන 1ට බැනල. ඒක දැක්කට පස්සෙ තමයි මගේ අදහසත් කියන්න ඕන කියල හිතුනේ. මොකද මටනම් හිතෙන්නෙ වෙනම දෙයක්. ඔයලා මත් එක්ක එකඟ වේයිද නැද්ද කියලා මන් දන්නේ නෑ. ඒත් මගේ අදහස මන් කියන්නම්.


                               ඔයා හරක් මස් කන්නේ නැති කෙනෙක්නම් මට කියන්න ඇයි හරක් මස් කන්නෙ නැත්තේ? ම්..ම්..ම්.. මොනාද උත්තර. මන් උපකල්පනය කරන්නම්. ඔයල කියයි. හරකා අපිට කිරි දෙනවා. අපිට ගොමටික දෙනව. අපිට ගොඩාක් උදව් කරන සතෙක්. අපේ බර අදිනවා. ඔය වගේ ගොඩක් එවා කියයි. එච්චර අපිට උදව් කරන සතෙක්ව මරගෙන කන 1 පව් නැද්ද කියල මගෙන් පෙරළා ප්‍රශ්ණ කරයි. ඇත්ත තමයි පව්. ජිවත් වෙලා ඉන්නකන් වැඩ අරගෙන අන්තිමේ මරල කන 1 පව් තමයි. හරි මන් අහන්නේ එතකොට හරකගෙන් ඔය කියන උදව් නොලැබුනනම්......."එහෙම උනනම් කන එක පව් නෑ. මොකද අපිට උදව් කරන සතෙක් නෙවෙයිනේ." ඒකද උත්තරේ?
                                 දැන් ඔය පව් කියල හරක් මස් කන්නේ නැති ගොඩ දෙනෙක් අනිත් මස් ජාති රස කර කර කනවා. ඇයි ඒ. එහෙනම් එකත් පව්නේ. නෑනේ නේද. ඒ සත්තුන්ගෙන් අපිට වෙන උදව්ව්වක් ලැබෙන්නෙ නෑනේ. උන් ඉන්නේ මරගෙන කන්නමයි. මන් මේ කියන්නෙ බොරු නෙවෙයි. මේ මට කට්ටිය කියපු දෙවල්. ඇයි හරක් මස් නොකා වෙන මස් කන්නෙ කියල ඇහුවම කිව්ව දෙවල්. හහ්... මාර කතවක්නේ ඒක. බලන්න කොච්චර ආත්මර්තකාමී හැඟීමක්ද එතන තියෙන්නෙ කියලා. හරකාගෙන් උදව් ගන්න නිසා හරක් මස් කන 1 පව්. ඒක හොඳ නෑ. ඒත් අපිට උදව්වක් නැති නිසා අනිත් සත්තුනෙගේ මස් කන 1 පව් නෑ. එක නරක නෑ. හරක් මස් කන 1ට විරුද්දව ගොඩක් අය කතා කරනවා. ඒත් කුකුල් මස් කන 1ට විරුද්ධව කවුරුත් කතා කරනවද? ඌරු මස් කන 1ට විරුද්ධව කතා කරන අයව දැකලා තියෙනවද? සමහරවිට ඇති. ඒත් අල්පයයි නේද? ඇය් එහෙනම් මේ හරක් මස් වලට විරුද්ධව මෙච්චර අය කතා කරන්නේ. මොකද දන්නවද ඒකත් එක්තරා රැල්ලක්. ඔය නිර්මාණ්ශ රැල්ලකුත් තියෙනවනේ. මන් දන්න අය ඉන්නව. මේ  මස් කකා ඉන්න්වා හොඳට. ටික දවසකින් බලද්දි ඔන්න මස් කන්නේ නෑ. ඇහුවම කියනවා vegetarian ලු. අයෙත් ටික දවසකින් බල්ද්දි  මෙන්න යකෝ අපහු මස් කනවා. අයෙත් කලෙකට ඔන්න ආපහු vegetarian වෙනවා. ඒක තමයි vegetarian රැල්ල. මේකත් ඒ වගේ තවත් එක රැල්ලක්.
                           මගේ යලුවෙක් ඉන්නවා. හරක් මස් කන්නේ නෑ. ඒත් අනිත් ඕන මසක් කනවා. මන් දවසක් ඇහුවා මගේ සුපුරුදු ප්‍රශ්නේ. ඇයි හරක් මස් කන්නෙ නැත්තේ? මෙන්න දීපු උත්තරේ. "අපෝ පව්නෙ බං. ඉන්නකන් අපිට කොච්චර උදව් කරනවද. එහෙව් සතෙක්ගෙ මස් කන්න පුලුවන්ද....අනික උඹ දැකල තියෙනවද හරක්ව මරන හැටි. අනේ පව් බං. දැක්කම මුලු ඇඟම මොකද්ද වෙලා යනවා.....ඔන්න හරිද මචං...හරකව ඇදගෙන එනවා....ඌ කෑ ගහනවා....ඊට පස්සෙ මචං.............." ඔය විදියට හරක් මරන 1 ගැන සම්පුර්ණ විස්තරයක් මට අහන්න ලැබුනා. ඒ ඔක්කොම ඔයාලට කියන්න ඕනේ නෑනේ. ඔයාලත් දන්නවනේ ඒ ගැන හොඳට. මන් ඉතින් ඊ ලඟට ඇහුවා. "හරි එක ඇත්ත. එත් උඹ අනිත් මස් ජාති කනවනේ. දැන් ඔය කුකුල් මස් එහෙම කන්නේ තලු මර මර. ඒ ඇයි බං?" මෙන්න යලුවගේ උත්තරේ....." ආ ඒවා අවුලක් නෑනෙ බං. උන්ගෙන් වෙන ප්‍රයොජනයක් නෑනෙ. උන් ඉන්නේ මස් වලටමනේ. ඒක හින්දා ඒවා කෑවට අව්ලක් නෑ"
                                      ඔයලගෙන් මන් මේ ප්‍රශ්න 2 ඇහුවොත් ඔයලගෙ උත්තරේ මොකද්ද? මේකමයි නේද? ඔව්. ඔයලා බහුතරයකගේ උත්තරේ මේකයි. හරකා මරණ හැටි ගැන කතා කරනවා. දුක් වෙනවා. දැකල තියෙනවද කුකුල්ලු මරන හැට්. ඌරො මරණ හැටි. උන්ව මරන්නේ වෙන ක්‍රමේකටද. මොකද්ද අනේ මේ නිතිය. හරක් මස් විතරක් පව්. අනිත් මස් පව් නෑ. යකාගේ නිතියක්නේ ඒක. මේ අහන්න. පව්නම් හැම මසක්ම කන 1 පව්. පව් නැත්නම් 1ක්වත් පව් නෑ. එකකට 1 නීතියක්. අනිත් ඒවට තව 1ක්. දැන්වත් මේ මායවෙන් මිදෙන්න. මන් මේ කියන්නෙ හරක් මස් කන්න කියල නෙවෙයි. හරක් මස් කන්න එපා කියලත් නෙවෙයි. තමන්ට ඕනෙනම් ඕන මසක් කන්න. ඕන නැත්නම් නොකා ඉන්න. ඒක තම තමන්ගෙ කැමැත්ත. රුචිකත්වය. ඒත් මේ වගේ බොරු හේතු ඉදිරිපත් කරන්න එපා. කන්නේ ඇයි? ආස නිසා. කන්නේ නැත්තෙ ඇයි? ආස නැති නිසා.දෙන්න පුලුවන් 1ම උත්තරේ එකයි. ඒ ඇරෙන්න වෙන වෙන බොරු හේතු කියල තවත් එක්තරා රැල්ලක සාමජිකයෙක් වෙන 1 මෝඩකමක් කියලයි මන්නම් හිතන්නේ. පව් පින් ගැන මන් දන්නේ නෑ. අද සමාජේ පව් පින් බලනවනම් අද රටේ තත්වෙ මේ වගේ වෙන්නෙත් නෑ. පව් පින් ගැන මගේ අදහස මන් පස්සෙ දවසක කියන්නම්.
                              හරක් මස් ගැන මේ කිව්ව ඇති. තව කිව්වොත් කට්ටිය කියයි. මම අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණකාරයෙක්ය, මන් මේ රටේ හරකුන් අධිරාජ්‍යවාදි බලවේග වලට පාවා දෙන්න යනවය කියලා. මොකටද නිකන් කතා අහගන්නේ. ඕං මන් ගියා. හරකෙක්ට උනත් තෙරෙයි මන් කිව්වෙ ඇත්තද බොරුද කියලා.
        
                   

No comments:

Post a Comment