කලින් ලිපියෙන් මන් කියල දුන්නනේ Folder 1ක් අතුරුදහන් කරන්නෙ කොහොමද කියලා. අදත් මන් කියලා දෙන්න යන්නේ ටිකක් ඒ වගේ වැඩක්. Image 1ක් අතුලේ RAR file 1ක් හංගන්නේ කොහොමද කියල තමයි මන් අද කියල දෙන්න යන්නේ. මේකත් හරිම ලෙසි වැඩක්. මෙහෙමයි කරන්නේ.
මුලින්ම ඔයලගෙ System 1 තියෙන Partition එකේ files කියලා Folder 1ක් හදන්න. මගේ තියෙන්නෙ C එකේ නිසා මන් හදන්නෙ C එකේ. දැන් මොකක් හරි Image 1ක් තෝරගෙන ඒ image 1 හදාගත්ත Folder 1ට copy කරගන්න. දැන් ඒක ලෙසි විදියකට rename කරගන්න. ඔන්න මන් මගේ 1 Img.jpg කියල නම් කරගත්තා. දැන් ඊ ලඟට ඔයලට හංගන්න ඕන දේ RAR file 1ක් අතුලට දාගන්න. උදාහරණයක් විදියට මට හන්ගන්න ඕන txt file 1ක් කියමු. ඔන්න මන් ඒ txt file 1 Doc.rar කියන rar file 1ක් බවට පත් කරගත්තා. ඒක කරන්න කවුරුත් දන්නවනේ. FIle 1 උඩ right click කරාම එන menu එකෙන් add to "XXXXX.rar" කියලා තේරුවහම හරි. ඔය මන් X අකුරු දාලා තියෙන තැනට එන්නේ ඔයලාගේ file එකේ නම.
දැන් ඒ වැඩේ හරි. ඊ ලඟට ඔයාලගේ Command Prompt 1ට යන්න. Run එකේ cmd කියල ගැහුවම Command Prompt 1 open වෙනවා. දැන් එකේ cd c:\files කියලා type කරලා enter කරන්න. ඊට පස්සෙ මෙන්න මෙහෙම type කරල enter කරන්න.
copy /b Img.jpg + Doc.rar Final.jpg
මේ ඉතින් මම හදාගත්ත files අනුව code 1. ඔයලා හදන files අනුව ඔයලගේ code 1 වෙනස් වෙනවා. Img.jpg කියන්නේ මගෙ Image 1. Doc.rar කියන්නේ මගේ rar file 1. අන්තිමට Final.jpg කියල තියෙන තැනට ඔයලට කැමති නමක් දෙන්න. ඒ නමින් තමයි Rar file 1 හංගපු image 1 හැදෙන්නේ.
ඔච්චරයි වැඩේ. දැන් අර C එකේ හදපු files කියන Folder 1 අතුලට ගිහින් බලන්න. Final.jpg කියල Image 1ක් හැදිලා ඇති.
නිකම් open කරල බලන්න. කිසිම අව්ලක් නෑ. නිකම්ම නිකන් image 1ක්. දැන් ඒක Winrar වලින් open කරලා බලන්න. අපි හන්ගපු file 1 එතකොට පෙන්නනවා. මේ විදියට ඕනම දෙයක් Image 1ක් ඇතුලෙ හංගන්න පුලුවන්. කරලා බලලා කියන්නකො කොහොමද කියලා. තේරෙන්නෙ නැත්නම් හරි වඩේ හරියට වෙන්නේ නැත්නම් හරි කියන්න. මන් පුලුවන් උදව්වක් කරන්නම්.
It works in any partition.
ReplyDeleteසිරා සිරා ,,,,,,,,,,,
ReplyDelete