Wednesday, January 13, 2010

MR ද SF ද ?

දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ කියලා  හිතාගෙන හිටියත්, මේ දවස් වල ඡන්ද උණුසුම තදින්ම තියෙන නිසා ඒ ගැන පොඩි සටහනක් දාන්න හිතුනා. මං මේ හදන්නේ කටවත් කඩේ යන්න එහෙම නෙවෙයි. ඔන්න වරදවා තෙරුම් ගන්න එහෙම එපා. ඔයලගේ දේශපාලන මතවාද ඔයලාම තියගන්න. මං මේ හදන්නේ එවා වෙනස් කරන්න නෙවෙයි. දේශපාලනය කොයි තරම් අපෙ ජීවිත වලට අනිසි විදියට බලපානවද කියල පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න විතරයි මට ඕන කරන්නේ
.
                                     මේ දවස් වල මූණු පොත පිරිලා තියෙන්නේ දේශපාලනයෙන් කියලා මම කිව්වොත් ඔයල මාත් එක්ක එකඟ වේවි. දෙපැත්තකට බෙදිලා, තමන්ගෙ නායකයගෙ ගුණ වර්නණා වලිනුයි අනිත් පාර්ශවයේ නායකයට එල්ල කරන මඩ ප්‍රහාර වලිනුයි තමයි මේ දවස් වල මූණු පොත පිරිලා තියෙන්නේ. මූණු පොත කියන්නේ 1ම 1 පුංචි උදාහරණයක් විතරයි. අද මුලු රටම පිරිලා තියෙන්නෙ ඔය දෙකෙන් තමයි. 1ම පවුලේ සහොදර සහොදරියො, දුක සැප 1 වගේ බෙදාගත්ත මිතුරු මිතුරියො, ඒ විතරක් නෙවෙයි දෙමවුපිය දූ දරුවන් පවා මේ කාරණේදි දෙපිලකට බෙදිල ඇණ කොට ගන්නවා.  පේනවද දේශපාලනය කියන දේ අපේ මිනිස්සුන්ව කොයි තරම් ග්‍රහණය කරගෙනද කියලා. ඒ දවස් වල මං හිතුවෙ දේශපාලනය ඔලුවට ගහපු, ඒ නිසා ගහ මර ගත්ත අය හිටියේ වැඩිහිටි පරම්පරාවෙ විතරයි කියලා. තරුණ පරම්පරාව ඊට වඩා බුද්ධිමත්ව මේ දිහා බලවි කියලා. ඒ මන් හිතන් හිටිය දේ සම්පුර්ණයෙන්ම වැරදියි කියලා අද මට සමාජය දිහා බැලුවම පේනවා. අපේ (සම)හරක් උදවිය ඉන්නවා, හිතන් ඉන්නේ කපුනොත් ලේ එන්නෙත් තමන්ගෙ පක්ෂෙ පාටින් කියලා. ඇත්තටම මාත් එතනදි වරදියි. තමන්ගෙ පක්ෂෙ පාටින් නෙවෙයි, ඒක තමන් ඡන්දෙ දාන තමන්ගෙ පක්ෂෙ පාටින් කියල නිවැරැදි වෙන්න ඕන.අපේ කස්ටිය මේ මෙච්චර කෑ ගහන්නේ මෙච්චර ගහ මරා ගන්නේ කොහෙවත් යන කෙනෙක්ට බලයයි ධනයයි රජ සැපයි අරන් දෙන්නනේ. ඒ ගැන හිතෙන කොටත් හිනා යන්න එනවා. හරිනම් හිනා වෙන්න නෙවෙයි අඬන්නයි වටින්නේ. අනේ මෙහෙමත් හරක් රැලක්නේ ලංකද්වීපයේ ඉන්නෙ කියලා.
                             මම කියනවට 1 මොහොතක් ටිකක් හිතල බලන්න. මේ ඡන්දේ ඉල්ලන උදවිය උගුර ලේ රහ වෙනකම් කෑ ගහලා, අනිත් අයට පුලුවන් තරම් මඩ ගහල, මිනි මරාගෙන අපෙන් බලේ ඉල්ලන්නේ අපිට තියෙන ආදරේටද?අපිට සේවයක් කරන්නද? රටට සේවයක් කරන්නද?   එකට උත්තරේ විදියට ඔයාලා දෙන්නෙ "ඔව්" කියලනම් ඊටත් වල ජෝක් 1ක් මේ ලොකෙම නෑ. නිකන් හිතල බලන්න. මිනිස්සුන්ට සෙවය කරන්න කට්ටියක් මර ගන්නවා. රටට සෙවයක් කරන්න කට්ටියක් මර ගන්නවා. "අපියි මිනිස්සුන්ට රටට සෙවය කරන්නේ." "නෑ අපියි මිනිස්සුන්ට රටට සෙවය කරන්නේ." මෙහෙම කිය කිය එයලා රණ්ඩු වෙනවා. අපිට සෙවය කරන්න එයලා දහ දුක් විඳගෙන කෑ ගහනවා. පොස්ටර් ගහනවා. කටවුට් ගහනවා. මර ගන්න හදනවා. මේ ඔක්කොම අපිට සේවයක් කරන්න. රටට සේවයක් කරන්න. මොන තරම් විහිලුවක්ද ඒක.ඔය පොල් ගෙඩියක් තරම් ඔලු ගෙඩිය අතුලෙ අල ගෙඩියක් තරම්වත් මොල ගෙඩියක් තියේනම් ඕනම පොල් බූරුවෙකුට තෙරෙනවා මෙයලා මේ මෙච්චර දඟලන්නේ අපිටවත් රටටවත් සෙවයක් කරන්න නෙවෙයි කියලා. අනිත් අයට සේවයක් කරන්න හිතන කෙනා ඔය වගේ බොරුවට බෙරිහන් දිදි ඉන්නේ නෑ. මට තෙරෙන්න නැත්තේ මෙච්චර සරල දෙයක් අපෙ මිනිස්සුන්ගෙ මොලගෙඩ් වලට නොතේරෙන්නෙ ඇයි කියලා.
                                     හොඳයි උන් මරා ගත්තාවෙ. උන් ගහ ගත්තාවේ. උන් ඕන මල දානයක් කරගත්තාවෙ උන්ගේ ඡන්දෙන. ඡන්දෙ ඉල්ලන්නේ උන්. අන්තිමේ දිනන්නේ උන්. ඒක නිසා ඒ උදවිය ඕන දෙයක් කරගත්ත දෙන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඡන්දේ නිසා අපේ සාමාන්‍ය ජනතාව මරගන්නෙ ඇයි. අනුන් වෙනුවෙන් ඒ අයගෙ ජීවිත බිල්ලට දෙන්නේ ඇයි. කෙනෙක්ට රජසැප විදින්න අපේ අය ජීවිත උගසට තියන්නෙ ඇයි. ඕකටත් හේතු කීපයක් තියෙනවා. ඊට කලින් මන් දෙයක් අහන්නම්. ඔය දේශපාලුවො වෙනුවෙන් කෑගහන, මරගන්න මිනිස්සු එහෙම කරනන්නේ රටට අදරේටද? මන් බය නතුව කියනවා. නෑ. 90%ක්ම නෑ. කොටසක් ඉන්නවා පන්දම්කරයො. කාට හරි පන්දම අල්ලගෙන ඉන්නව. ලොක්කා බලයට පත් උනාම අපිටත් හොඳ කෑමනෙ කියල හිත හිත. එයලා ඉතින් ඡන්දෙ වෙනුවෙන් කෑමොර දෙන්නේ මොකටද කියලා අමුටුවෙන් කියන්න දෙයක් නෑනේ. තව කට්ටියක් ඉන්නවා. රැල්ලට කරන. තවකට්ටියක් ඉන්න්වා. අම්මලා අහවල් පක්ෂේ. ඒ නිසා මාත් ඔන්න ඒ පක්ෂේ. ඔය කට්ටිය අරුනම සුලු කොටසක් ඉන්නවා රටට අදරේට දෙන අය. අනේ මෙයවත් රට හොඳ ත්ත්වයකට ගෙනෙයිනෙ කියන බලපොරොත්තුව හිතේ හිරකරගෙන ඡන්දෙ දෙන අය. අනේ ඒත්.....පව් ඒ අහිංසක මිනිස්සු. එයලා ඉන්නේ රැවටිලා. කොච්චර රැවටිලා අත්දැකීම් තිබ්බත් වැඩක් නැ. අයෙත් රැවටෙනවා. ඔය බලයට යන කවුරුවත් රටට, අපිට සේවයක් කරන්න යන්නෙ නෑ. එහෙම ගියනම් මේ රට අද මේ ත්ත්වෙ නෑ. එහෙම අයත් හිටියා. හැබැයි හුඟාක් ඉස්සර. රටේ අවසනවකට ඒ වගෙ අය අයේ පහල වෙන්නෙ නෑ. පහල උනත් වැඩි කල් ජීවත් වෙන්න ලබෙන්නේ නෑ. සේවයක් කරන්න එන මිනිහට කෑ ගහන්න වැඩක් නෑ. කෑ ගහන්නේ බොරු ලකුණු දාගෙන ගොඩ යන්න හදන මිනිස්සු. ඒ පුංචි දේ තේරුම් ගත්තනම් දේශපලනය මඩ ගොහොරුවක් වෙන්න නෑ.
                          තව කියන්න දේවල්නම් එමටයි. ඒත් ඕනවට වඩා දිග උනාම කියවන්න හිටෙන්නෙත් නෑනෙ. අනික ගොඩ දෙනෙක්ගේ කණට කටු අනිනවා වගෙ කතාවක්නේ. පස්සෙ දවසක තව කියන්නම්. අවසාන වශයෙන් 1 දෙයක් කියන්නම්. වේදිකාවල කොච්චර මඩ ගැහුවත්, කොච්චර බැනගත්තත්, අපිට පේන්න කොච්චර මරාගන්න හැදුවත් අන්තිමේ ඔය දේශපාලුවො හැමෝම කරට අත දාගෙන චූන් එකේ  ඉන්නවා. විරසක වෙලා, භේදබින්න වෙලා, මරාගෙන, හැමදේම නැති කරගෙන අන්තිමේ අනාතනාත වෙලා ඉන්න වෙන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාවට තමයි.
                    ඕන් එහෙනම් මං මගේ යුතුකම කොරා. බුද්ධිමතුන් තම නැණ පමණින් වටහා ගනිත්වා.
                           දේශපාලුවන් නොවේ, අපේ රට දිනවමු !

No comments:

Post a Comment