Saturday, January 23, 2010

Image 1ක් ඇතුලේ Files හංගමු.

කලින් ලිපියෙන් මන් කියල දුන්නනේ Folder 1ක් අතුරුදහන් කරන්නෙ කොහොමද කියලා. අදත් මන් කියලා දෙන්න යන්නේ ටිකක් ඒ වගේ වැඩක්. Image 1ක් අතුලේ RAR file 1ක් හංගන්නේ කොහොමද කියල තමයි මන් අද කියල දෙන්න යන්නේ. මේකත් හරිම ලෙසි වැඩක්. මෙහෙමයි කරන්නේ.
මුලින්ම ඔයලගෙ System 1 තියෙන Partition එකේ files කියලා  Folder 1ක් හදන්න. මගේ තියෙන්නෙ C එකේ  නිසා මන් හදන්නෙ C එකේ. දැන්  මොකක් හරි Image 1ක් තෝරගෙන  ඒ image 1 හදාගත්ත Folder  1ට copy කරගන්න. දැන් ඒක ලෙසි විදියකට rename කරගන්න. ඔන්න මන් මගේ 1 Img.jpg කියල නම් කරගත්තා. දැන් ඊ ලඟට ඔයලට හංගන්න ඕන  දේ RAR file 1ක් අතුලට දාගන්න. උදාහරණයක් විදියට මට හන්ගන්න ඕන txt file 1ක් කියමු. ඔන්න මන් ඒ txt file 1 Doc.rar කියන rar file 1ක් බවට පත් කරගත්තා. ඒක කරන්න කවුරුත් දන්නවනේ. FIle 1  උඩ right click කරාම එන menu එකෙන් add to "XXXXX.rar" කියලා තේරුවහම හරි. ඔය මන් X අකුරු දාලා තියෙන තැනට එන්නේ ඔයලාගේ file එකේ නම.


දැන් ඒ වැඩේ හරි. ඊ ලඟට ඔයාලගේ Command Prompt 1ට යන්න. Run එකේ cmd කියල ගැහුවම Command Prompt 1 open වෙනවා. දැන් එකේ cd c:\files කියලා type කරලා enter කරන්න. ඊට පස්සෙ මෙන්න මෙහෙම type කරල enter කරන්න.
copy /b Img.jpg + Doc.rar Final.jpg

මේ ඉතින් මම හදාගත්ත files අනුව code 1. ඔයලා හදන files අනුව ඔයලගේ code 1 වෙනස් වෙනවා. Img.jpg  කියන්නේ මගෙ Image 1. Doc.rar කියන්නේ මගේ rar file 1. අන්තිමට Final.jpg කියල තියෙන තැනට ඔයලට කැමති නමක් දෙන්න. ඒ නමින් තමයි Rar file 1 හංගපු image 1 හැදෙන්නේ.
                                           ඔච්චරයි වැඩේ. දැන් අර C එකේ හදපු files කියන Folder 1 අතුලට ගිහින් බලන්න. Final.jpg කියල Image 1ක් හැදිලා ඇති.


නිකම් open කරල බලන්න. කිසිම අව්ලක් නෑ. නිකම්ම නිකන් image 1ක්. දැන් ඒක Winrar වලින් open කරලා බලන්න. අපි හන්ගපු file 1 එතකොට පෙන්නනවා. මේ විදියට ඕනම දෙයක් Image 1ක් ඇතුලෙ හංගන්න පුලුවන්. කරලා බලලා කියන්නකො කොහොමද කියලා. තේරෙන්නෙ නැත්නම් හරි වඩේ හරියට වෙන්නේ නැත්නම් හරි කියන්න. මන් පුලුවන් උදව්වක් කරන්නම්.

2 comments:

  1. It works in any partition.

    ReplyDelete
  2. Sihina EkathukarannekDecember 29, 2010 at 2:54 PM

    සිරා සිරා ,,,,,,,,,,,

    ReplyDelete