Thursday, April 28, 2011

ඇයට ලියූ...... II


නුඹව සොයා දිව එන්නට ආසයි
දිව ඇවිදින් සිප ගන්නට ආසයි
බැදි බැමි සිදලනු නොහැකි නිසා යලි
කදුලු සලා දැන් දෙනෙතට වෙහෙසයි

15 ප්‍රතිචාර:

මාරයාගේ හෝරාව said...

පර උන මල් වල...සුවඳ අතීතේ...

"පුංචි හිතක්"(anurangi) said...

ලස්සනයි අයියා

සිතුවිලි නිහඬයි said...

කවදා හෝ ඔබ එයි යැයි සිතුවා...
මට ඔය උණුසුම දේ යැයි සිතුවා.....
බැමි වලට සිරවුණු අහිංසකාවිය.....
ඔබ සේ සාගරයක කඳුළු සැලුවා.................

DarKneT | ඉෂාර said...

මට කවි ලියන්න බෑ , ඒක හින්දා මුකුත් කියන්නේ නෑ :D

පිණිබිඳු... said...

බැමි බැඳුනට පස්සෙ අතීතය ගැන කඳුලු සලනවා ඇරෙන්න ආපහු ඒ තුරුලට යන්න බෑනෙ.

තනෝජා රාජපක්‍ෂ said...

දුව ගිහින් සිපගත්තයින් පස්සේ හිටිය විදියටම කදුළු සල සල හිටියනම් හොඳයි කියල හිතෙයි...

Lishan Puwakowita said...

ගති!

රවා said...

පණුවා..... උඹ... :D:D:D
නියමයි කවිය ... ප්‍රයිවට් එකෙ හම්බෙමු .. මුන් ගැන පොඩි විචාරයක් කරලා.. එක බ්ලොග් එකෙ දාමු .. අපි දෙන්නා :D:D:D

අනුරාධ said...

@මාරයාගේ හෝරාව
නෑ මාරයියේ නෑ. තාම මල ප‍රවෙලා නෑ. ඒකම දේ ඒක ප‍රසතුමලක් වෙලා දැන්.

@"පුංචි හිතක්"(anurangi)
ස්තූතියි නංගියා....

@සිතුවිලි නිහඬයි
ඇත්තටම නංගි ඔයා පුදුම විදියට ඇයගේ සිත කියවනවා. විටක සිතෙනවා ඇයම ඇවිත් මේ කවිය දමා ගියාදෝ කියලා. ස්තූතියි නංගී.

@DarKneT | ඉෂාර
මොනාද බන්... ආපු එකේ මොනා හ‍රි කියලා පලයන්කො :D

@පිණිබිඳු...
ඔව් අක්කේ. ඒක ඇත්ත. නමුත් බැමි ගැන හිතට ඒත්තු ගන්වන්න බොහොම ආමාරුයි. තවමත් හිතට විස්වාස නෑ බිඳින්න අමාරු තරම් බැමි බැඳිලා තියෙන්නෙ කියලා.

@තනෝජා රාජපක්‍ෂ
ඔව් අක්කේ. ඒකෙන් වෙන්නෙ කඳුල තවත් අලුත් වෙන එක විතරයි. සමහ‍ර විට අලුත් නෙත් වලටත් කඳුලු උනන්න ඉඩ තියෙනවා.

@Lishan Puwakowita
ස්තූතියි මචන්.

@රවා
මොකද "පණුවා..... උඹ..." කියලා නැවැත්තුවෙ. ඉතිරියත් කියපන්.
අනිවා ප්‍රයිවට් හම්බ වෙන්නම ඕන. මොකද අපි දෙන්නට ඉව‍ර ක‍රගන්න බැරි උන තව වැඩ කීපයක්ම ඉතිරි වෙලා තියෙනවනෙ. :D

ayesha said...

nice

කල්හාර දිසානායක said...

ලස්සනයි............

Anonymous said...

soduru hithaka soduru pada pelak.........

නිම්ශා said...

වෙහෙස කදුලැලි නෙතු පිහිදන්නට...
සිර වු බැමි නිදහස් කර දමන්නට...
ඇවිදින් වුවද පෙම්වත..
සිර වු කාලය හිරකරයි ..
පතන්නට සෙනෙහස......

අනුරාධ said...

@ayesha, කල්හාර දිසානායක, Anonymous
ගොඩාක් ස්තූතියි යාලුවනේ.....

@නිම්ශා
සෙහෙනස ගැන
ආද‍රය ගැන
සිතුමට පවා
කාලය
සීමා පණවා තිබියදී
වෙන කුමක් ක‍රන්නද
කඳුලු සලා හඬනු මිස...

යසියා said...

"බැදි බැමි සිදලනු නොහැකි නිසා යලි
කදුලු සලා දැන් දෙනෙතට වෙහෙසයි"

ආදරේ සුන්දරයි...
මතකයන් ලස්සනයි...
ඔබ අද මනාලියක් වුනාට.....
හැබැයි ඒ මගෙනම් නොවෙයි.....


ඕන් මගෙත් හිත අතීතෙට ගියා....

ස්තූතියි මාව මගේ ප්‍රේමනිය සමයට ගෙනිච්චට....

ජය වේවා

Post a Comment