අද මේ දාන්න යන්නෙ මගේ 99 වෙනි බ්ලොග් පෝස්ට් එක. බොහොම අමාරුවෙන් අකුරෙන් අකුර ගලපලා ලිපි 98ක්ම ලියලා. කවි කතා විහිලු මඩ වගේම දැනුමෙනුත් සන්නද්ද කරලා ලිපි ලිව්වට තාම මන් භයානක ලිපියක් ලියලම නෑ. ඒ නිසා මන් හිතුවා අද ටිකක් භයානක ලිපියක් ලියන්න. 99 වෙනි පෝස්ට් එක විදියාට් මම 99යි දශම 99න් ජීවීතේ බේරගත්ත අවස්තාවක් ගැන තමයි මන් අද මේ කියන්න යන්නේ. හෘද රෝගීන් හා හුඟාක් සංවේදී හිත් ඇති අය දැන්ම මෙතනින් ගියොත් හොඳයි. මොකද මට බෑ ඒවයෙ වගකීමත් ගන්න.
මේ සිද්ධිය සිද්ද උනේ මීට අවුරුදු 2කට විතර කලින්. ඒ දවස් වල මම වැඩ කරපු ඔෆ්ස් එක තිබ්බෙ බම්බලපිටියේ. සැම වීක් එන්ඩ් එකකම මම ගෙදර යනවා. කට්ටිය දන්නවනෙ ඉතින් අපේ ගෙවල් තියෙන්නෙ ගාල්ලෙ කියලා. සිකුරාද හවස ගෙදර යනවා.සඳුදා උදේ එනවා. ඒ දවස් වල බස් ගාස්තුවට වඩා කෝච්චි ටිකට් එක බාගෙට බාගයක්ම ලාබ නිසා මගේ යන එන ගමන් උනේ කෝච්චියෙන්මයි. දැන්නම් ඉතින් බස් කෝච්චි කියලා වෙනසක් නෑ. එකම ගානනෙ. සඳුදා උදේට කෝච්චියෙන් ඇවිත් බම්බලපිටිය ස්ටේශන් එකෙන් බැහැලා ආයෙත් ආපස්සට චුට්ට දුරක් ඇවිදගෙන එන්න ඕන. එතකොට තමයි අපේ ඔෆ්ස් එක තියෙන පාර අහුවෙන්නෙ. සමහර දවසට එතන තියෙන පාර දිගේ ඇවිදගෙන එනවා. සමහර දවසට මුහුදු වෙරලෙ ගොඩ ගගලා තියෙන ගල් ගොඩ උඩින් පැන පැන එනවා. ඒ වගේම සමහර දවසට රේල් පාර දිගෙත් ඇවිදගෙන එනවා. මොකද ඉතින් නැත්නම් එකාකාරී වෙනවනෙ හැමදාම එකම විදියට ආවොත්.
ඔන්න ඉතින් එදාත් වෙනදා වගේම ඉර පෑව්වා. පුංචි පුංචි කුරුල්ලන්ගේ මිහිරි නාදය අභිභවා ඇහුනු අපේ අම්මගේ කට හඬින් මට ඇහැරුනා. කිසිම වෙනසක් නැතුව හැමදේම වෙනදා වගේම උනා. ට්‍රේන් එක් තියෙන්නෙ 7.30ට. 7.15 වෙද්දි ස්ටේශන් එකට යන්න ඕන. ඒක නිසා හුඟාක් පාන්දරින් 6.30 වෙනකොටවත් නැගිටින්න ඕන. :D වෙනදා වගේම ට්‍රේන් එකට නැගලා ෆෝන් එකේ හෑන්ඩ්ස් ෆ්‍රී එකත් කන් දෙකේ ගහගෙන හෙමිහිට සිංදුවක් ප්ලේ කරන ගමන් මම ලාවට ඇස් පියාගත්තේ වෙන්න යන කිසිම දෙයක් ගැන හාංකවිස්සියක්වත් දන්නෙ නැතුව. මම් අගිය ට්‍රේන් එක මොරටුවෙන් එහාට ආයෙ නවත්තන්නෙ කොටුවෙ. ඒක නිසා මොරටුවෙන් වෙන ට්‍රේන් එකකට නගින්න ඕන. එදත් ඔන්න වෙනදා වගේම පානදුරේ හරියෙදි මට ඇහැරුනා. ඇස් 2 පිහිදාලා වට පිට බලලා මගේ බෑග් එකත් සුදානම් කරගත්තා ඊ ලඟ ස්ටේශන් එකෙන් බහින්න. ඔන්න ට්‍රේන් එක මොරටුව ස්ටේශන් එකට ලඟා උනා. මම මිනිස්සු අතරින් තෙරපීගෙන තෙරපීගෙන දොර ගාවට ගියා. පඩිපෙලේ ඉඳන් ප්ලැට් ෆෝම් එකට අඟල් කීපයක පරතරයක් තියෙනවනෙ. ට්‍රේන් එක අද්දන්න වගේ ලකුණු පෙනුන නිසා මන් ආපු වේගෙටම ප්ලැට් ෆෝම් එකට පැන්නා. හත්වලාමේ........... මන් එච්චර වේගෙන් ට්‍රේන් එකෙන් බැහැලත් මේ මගුල් ට්‍රේන් එක එච්චර ඉක්මනට ඇද්දුවෙ නෑනෙ. තව විනාඩියක් වගේ එතනම තිබ්බා. අපරාදෙ මගේ මහන්සිය. හිතින් බැන බැන මම ගිහින් බංකුවක වාඩි උනා. ටික වෙලාවකින් මම නගින අනිත් ට්‍රේන් එක ආවා. ඔන්න ඉතින් සුපුරුදු විදියටම මම ඒකේ නැග්ගා. විනාඩි 20කින් විතර බම්බලපිටිය ස්ටේශන් එකට ආවා. මමත් ඉතින් බොහොම පරිස්සමින් ට්‍රේන් එකෙන් බැස්සා. ඔන්න ඊට පස්සෙ තමයි මගේ ජීවිතේ භයානකම මොහොත එලඹුනේ.
ඊට කලින් සතියේ මම පාරෙන් ගිය නිසා මම හිතුවා අද රේල් පාර දිගේ යන්න ඕන කියලා. ඔන්න ඉතින් එහෙම හිතපු මම රේල් පාරට අඩිය තිබ්බා. මම හෙමිහිට රේල් පාර දිගේ ඇවිදගෙන යනවා. මගේ හිත වේගෙන් ලෝකේ පුරාම ඇවිදිනවා. ඔය විදියට මම ටික දුරක් ඇවිදගෙන ගියා. ඔන්න මම නැග්ගා එක රේල් පීල්ලක් උඩට. නැගලා අත් දෙකින් බැලන්ස් එක රැකගෙන පොඩි සෙල්ලම් පාරකුත් දාගෙන යනාවා. එක පාරටම මගේ හිතට මොකද්දෝ මූසල හැඟිමක් ආවා. ඒ මූසල හැඟීමත් එක්කම මට දැනුනා මගේ ඇඟ දිගේ කරන්ට් එකක් දුවනවා වගේ. මගේ කකුල් දෙක කීස් ගාලා දෙදරුවා. කකුල් දෙක්න් පටන් ගත්ත මොකද්දෝ කම්පනයක් මගේ හිස් මුදුනටම ඇදිලා ගියා. එක පාරටම මගේ ඔලුවට සිතිවිල්ලක් ආවා රේල් පීල්ලෙන් බහින්න ඕන කියලා. මොකද්දෝ පෙර වාසනාවක් නිසා මගේ පලවෙනි පියවර තැබුනේ රේල් පාරෙන් පිට පැත්තට. අඩියක් රේල් පීල්ලෙන් එලියට වම් කකුල තිබ්බ මම, ඒ වෙගෙන්ම දකුණු කකුලත් රේල් පීල්ලෙන් එලියට තිබ්බා. මට මතක එච්චරයි. ඒ ලඟ මොහොතේ මහා සද්දයක් පිට කරගෙන ට්‍රේන් එකක් මාව පහු කරගෙන ගියා. රේන් එකයි මගෙන් අතර පරතරය වැඩිම උනොත් අඟල් 6ක් 7ක් විතර වෙන්න අති. ට්‍රේන් එක ගිය වේගෙට මාව ට්‍රේන් එක පැත්තටම ඇදිලා ගියා. කොහොම හරි ඇඟ බැලන්ස් කරගෙන අනිත් පැත්තට අඩි දෙක තුනක් තියාගනන් පුලුවන් උනා. කෝච්චිය ගිහිල්ලත් විනාඩියක් දෙකක් යනකම් මම හිටි තැනම එහෙමම ගල් වෙලා හිටියා. උනේ මොකද්ද කියලවත් මගේ ඔලුවට ගියේ නෑ. ඇත්තටම ඒ දැනුන හැඟීමනම් තාමත් මට විස්තර කරගන්න බෑ. කොහොම හරි මොකද්දෝ සද්දයක් නිසා මන් ආයෙත් පියවි සිහියට ආවා. සද්දෙ මොකද්ද කියලා ඔලුව හරවලා බලද්දි, මට ටිකක් පිටිපස්සෙන් පාරෙ එහා පැත්තේ නවත්තලා තියෙන වෑන් එකක මිනිහෙක් හෝන් එක ගහනවා. මන් මිනිහා දිහා බැලුවා. කොහේද ටීක් ටීක් යන්නේ. මැරෙන්න යනවද ටීක් ටීක්. මිනිහා ජනෙලෙන් එලියට ඔලුව දාගෙන කෑගහන්න පටන් ගත්තා. මම එහෙමම ආයෙත් අහක බලාගත්තා. මරන බයට හපන් ලැජ්ජාව.
ඔෆ්ස් එකට ඇවිදගෙන යනකම්ම මන් කල්පනා කලේ මොකද්ද උනේ කියලා. ට්‍රේන් එක මට හෝන් එක ගහන්න ඇති ඒත් හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහන් හිටපු නිසා මට ඒක ඇහුනේ නෑ. ට්‍රේන් එක එන සද්දෙවත් මට ඇහුනේ නෑ. මොකක් හරි බලවේගෙකින් කියලා කෙරෙව්වා වගේ මම රේල් පීල්ලෙන් එහාට අඩිය තිබ්බෙ නැත්නම්, එහෙමත් නැත්නම් තිබ්බ අඩිය රේල් පාර ඇතුලටම තිබ්බනම්, අඩුම ගානේ තව එක තත්පර 5ක් පරක්කු උනානම්, එහෙනම් ඉතින් මේ වෙද්දි මගේ අවුරුද්දෙ දාන 2ක්ම දීලා. තාමත් මට හිතාගනන් බෑ මොකද්ද එදා උනේ කියලා. හැබයි මන් ඒකෙන් එක දෙයක් තේරුම් ගත්තා. හැම දේටම වෙලාවක් තියෙනවා. නියම වෙලාව එනකම් මරණයවත් සිද්ද වෙන්නෙ නෑ. ඕක එක සිදුවීමක් විතරයි. ඔය වගේ සිද්ධිනම් බර තෝගයක් තියෙනවා. හැබැයි ඕක තමයි දරුණුම එක. ඒ වගේම දවසක් ට්‍රේන් එකේ ෆුඩ් බෝඩ් එකේ හිටගෙන යද්දි මට නින්ද ගිහිල්ලත් තියෙනවා. කොච්චර දුරක්ද කියලා දන්නවද. මට රත්මලාන පහු උනා මතකයි. ඇහැරෙන කොට හිටියේ පානදුරේ ස්ටේශන් එකේ. හි හි.
වහාම කෝච්චි වල යෑම නතර කරන්න නැත්නම් අපිට කොළඹ ඉදලා ගාල්ලට යනකල් රේල් පාර දිගේ පයින් එන්න වෙනවා ඔයා හොයන්න ග‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්රර‍්ර
ReplyDeleteඔව් නියම වෙලාව එනකම් මරණයවත් සිද්ද වෙන්නෙ නෑ.. ඒ හින්දා ඔය බඩකඩිත්තුව කනේ ගහගෙන රේල්පීලි උඩ හැමදාම පල......
ReplyDeleteසික් අපරාදේ දාන දෙකක්ම කන්න තිබුන චාන්ස් එක (විහිලුවක් කලේ අයියා) අපි කාටවත් වැරැද්දක් කරලා නැතිනම් අපිව කරදර වලින් දෙවියෝ බේර ගන්නවා
ReplyDeleteමගේ ඇඟත් එක්ක හිරි වැටුනා මේක කියවලා.. අම්මෝ... මමත් ඔය විදිහට එක පාරක් 99න් බේරුනා ට්‍රේන් එකක හැප්පෙන්න ගිහින් වැල්ලවත්තෙදි... :)
ReplyDeleteඒ කෝච්චිය පිං කරලා! වෙලාව ප්‍රශ්නයක් උනාට උඹ බස් එකේ යන එක හොඳයි වගේ!
ReplyDeleteහෑන්ඩ්ස් ෆ්‍රී ගහනෙග රේල් පාරේ යන්න එපා මැට්ටෝ!
ReplyDeleteමේ ලඟදි නේද අක්කයි මල්ලියි දෙන්නෙක් කෝච්චියේ හැපිලා මැරිලා තිබ්බෙ ඔහොම හෑන්ඩ්ස්ෆ්‍රී ගහගෙන රේල් පාරෙ ගිහින්??
හද ප්‍රකම්පිත් උනා නොවැ... ලොල්ය... කමක් නෑ... මට තියෙන පුදුමෙ ඔයාව බර්නූලි මූල දර්මයට අනුව කෝච්චිය දිහාට ඇදිල නොගිය එක...
ReplyDelete:-o :-o :-o
ReplyDeleteසිහියෙන් පාරේ යන්න ඕන කියලා තෙරුනා නම් ඇති.. :) :) :)
අප්පේ බිහිසුණුයි.. 99 වෙනි පෝස්ට් එකට 99 බේරුන හැටි දාපු එක මරු
ReplyDeleteඅපරාදේ උඹ ආයි පලයන්කෝ බන් අපිට ආතල් එකක් ගාන්න චාන්ස් එකක් සෙට් කරලා දීලා :-D
ReplyDeleteතොට කියන්න තියෙන ඒවා ටික ඔක්කොම දුර බණන ඇමතුමකින් කියඥ්ඥම් කන් සුද්ද කරන් හිටු...
ReplyDeleteඅනේ සිරාවට මරේ මාත් කියන්න උන්නෙ.. අපරාදේ කොච්චි ඩ්‍රයිවර් උන්දැට පඩි පිට මාස ගානක් නිවාඩුයි.. අපිට සතියක් පමන නිවාඩුයි ලැබෙනවානේ :D :D
ReplyDeleteපරිස්මින් පල යකෝ..මෝඩ ටික් ටික්.. :P
දැන් එහෙම ඩ්‍රයිවර්ට නිවාඩු දෙන්නැතිලු බං.
ReplyDeleteකෝච්චි වලට දැන් හැප්පෙන තරමට එහෙම නිවාඩු දුන්නොත් පදින්න උන් නැතිවෙනවලු.
gon haraka hari loku wedak karala thiyenne
ReplyDeleteඉතුරු දශමය කෝ යකෝ ..
ReplyDeleteඑහෙම උනා නම් අද අපිට අවුරුදු දෙකේ දානේ ගන්න තිබුනා
යමක් කමක් ඉගෙන ගත්තු, රහක් තියෙන තොපි වගේ උනුත් මේ වගේ ගොන් වැඩ බූරු වැඩ කරනවානම් මෙලෝ රහක් නැති බූරුවෝ ගැන කවර කතාද??
ReplyDeleteයකෝ ජීවිතේ එපා වෙලානම් කසාද බැඳපිය. . . කෝච්චි වල හැප්පිලා එක පාර මැරෙන්න නැතුව. හික්ස්
බලපං අර රචියා වගේ ඇග හදාගත්තානම් තෝ කෝචිචියේ හැප්පුනත් ප්‍රශ්නයක් නෑ...හදාගනින් යකෝ මඩ නාගන්නේ නැතිව දැන්ම උඹේ ඇඟ.....
ReplyDelete" යකෝ ජීවිතේ එපා වෙලානම් කසාද බැඳපිය. " ඔව් යකෝ බැඳපිය. දුකා අයියා වගේ. :P
ReplyDeleteමං මේ කල්පනා කරේ එදා උඹට වැඩේ උනා නම් උඹේ 100 වෙනි පෝස්ට් එකට අපි ගන්න ආතල් එක ගැන.
shitt...උබ මැරුනෙ නැහැ නොවැ.......:-(
ReplyDelete@ Robin:-මූට කසාද බදින්න නැන්දම්මා ඉඩදෙන්නෙ නැහැ බන්............:P
ReplyDelete100ට ලියපන් විහාරමහාදේවි එකේදී 99.9 අහු උන සීන් එක.........:-)
ReplyDeleteනොදකින් තෝ වගෙ හරකෙක් අම්මපා. මොලයක් තියෙනවද යකෝ හැන්ඩ් ෆ්‍රී ගහන් රේල් පාරවල්වල යන්නේ? ඔහොම අනතුරු අවුරැද්දකට දහයකට ආසන්න ගානක් වෙනව. මදැයි තෝ ඔයින් බේරැණා. මීට පස්සෙවත් කල්පනාවෙන් පල. :)
ReplyDeleteපෙර කල පිනක් නිසාද මන්දා බේරැනේ, ඇති යන්තන් මචන්.
ReplyDeleteඅපෝ... මේකා හප්පල මරන්ඩයි වටින්නේ..
ReplyDeleteඕහොමත් පාරේ යනවද බං
චහ්... උඹ හැප්පුනේ නැද්ද? ඒ කියන්නෙ අර බර්නුලී තියරිය වැරදියි නේ..
ReplyDeleteඔහෝ... :O:O... අනූනවයෙන් බේරිලා.. අනූනවයට ලිවුවා නේද..?
ReplyDeleteහම්මොහ්... මට නම් මේ කමෙන්ට් කරන වෙලාවෙත් මොනවත් හිතෙන්නෙ නැ.. නිකං මට උනා වගේ බං..
ReplyDeleteපපුවේ අමාරුව හැදුන යකෝ මේක කියෙව්වට පස්සේ.
ReplyDelete"100ට ලියපන් විහාරමහාදේවි එකේදී 99.9 අහු උන සීන් එක.........:-)" yes put it down in here too man...and i tho that u will never say the things that van guy said in a blog post..nice.. anyway was it 2 years ago?? man.. feels like a lifetime ago.. sweet memories at good old KML.( oya gamanma uba hotel ekakin towel ussala mava lajjakarapu kathavath kiyapiya!!!! )
ReplyDeleteමම හිතන්නෙ මේ කතාව මම ඈහුවෙ ගිය වසරෙ නේද මල්ලි බබා ?? ග‍්රර‍්රර්..... :8.... එදා කන් හොඳට සුද්ද උනා මතකනේ... (හිකිස්) ... ආයෙ ගිහින් අහු වෙන්නෙපා ඔය මල කෙහෙල්මල කනේ ගහන් ....
ReplyDeleteහනේ 99 පෝස්ට් එකක් දාගෙන මේකා සයිබර් අවකාසෙන්ම ආසාවට බෑනුම් ඉල්ලන් කන හෑටි.... :)
දිගටම ඔය ඇබ දෙක කනේ ගහගෙන පල එතකොට ඔක්කොම හරියයි.
ReplyDeleteඑතකොට හොඳ ස්ටොප් මෝශන් එකක් බලා ගත්තැහැකි. පොස්ට් තව ලියතහැකි.
පරිස්සම් වෙයන් කොල්ලෝ.
සික් . . . . ලියන්න හිතං හිටපු එක බලද්දි දුකා අයිය ලියල නෙව . . . . කමක් නෑ . . ආයෙත් කියන්නං . . . . ජීවිතේ එපාවෙලා නං . . . කෝච්චි වලට පැනල අනිත් මිනිස්සුංට කරදරයක් වෙන්න එපා . . . . . කසාදයක් කරගනිං . . . .උඹේ වැඩෙත් කෙරෙනව අහිංසක මනුස්සයො දෙන්නෙක්ගෙ ජීවිත දෙකක් බේරෙනව (කෙල්ලගෙ අම්මගෙයි, තාත්තගෙයි ජීවිත)
ReplyDeleteකට්ටිය දාපු comments දැක්කම ....උඹට බනින්න දුකයි....හැබැයි....නොබැන හිටියොත් මට මං ගැන දුකයි.....ඒ නිසා දැන් මම තොට බනින්නයි යන්නෙ...කනෙ ඇඟිලි දෙක ගහගනින් ඉස්සෙල්ලම......
ReplyDeleteටීක්...ටික් ටීක් ටීක් ටීක් ටික්...........බ්ලා බ්ලා..බ්ලා.....ගොනා....