ගිය අවුරුද්දේ හරියටම මේ දවස් වල මම කරාපිටියෙ ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපලා ඉන්නවා. ඔක්තෝඹර් 31 වෙනිදා ඉඳන් නොවෙම්බර් 7 වෙනිදා වෙනකම් දවස් 8ක්ම බෙහෙත්, ඉන්ජෙක්ශන්, සේලයින්, නර්ස්ලා, දොස්තරලා අතරේ හිර වෙලා ජීවත් වෙන්න උනා. මාව ඇතුල් කරගත්තේ ඩෙංගු කියලා. පස්සෙ කිව්වා මී උණ කියලා. ඊට පස්සෙ කිව්වා මුත්‍රා මාර්ගෙට විශබීජයක් ගිහින් කියලා. ඊට පස්සෙ තවත් මොකද්දෝ ලෙඩක් කිව්වා. හප්පා ඒක නිකන් මහ භයානක නමක්. නමේ බර වැඩි කමට මට දැන් ඒක මතකත් නෑ. මම එහෙම නමක් තියෙන ලෙඩක් ඇහුවෙ එදාමයි. ඒ වෙලාවෙනම් මන් හිතුවා මන් මැරේවිමයි කියලා. එච්චර භයානක නමක් තිබ්බේ ඒ ලෙඩේට. කොහොම හරි අන්තිමේ ලේ වලට විශබීජයක් ගිහින් කියලා අවසන් නිගමනයකට ඇවිත් මාව ටිකට් කපලා ගෙදර එව්වා. ඇත්තටම තිබ්බ ලෙඩේ මොකද්ද කියනන් දන්නෙ දෙයියෝ තමයි. ඒකෙන් මේකෙන් උනේ මදුරුවන්ටත් හපන් විදියට පැයෙන් පැයට ඉන්ජක්සන් කට්ටක් උස්සන් එන නර්ස් ඇන්ටිලාට ලේ පූජා කරන්නයි, පෙනිසිලීන් විදින කොට තියෙන ෆුල් ආතල් 1 විඳගැනීමයි විතරයි. හප්පා ඒකනම් ෆුල්ම ආතල් එකක් තමයි. පැය 6න් 6ට ඒක විදිනවා. විදින්න පැයකට දෙකකට කලින් ඉඳන්ම හූල්ල හූල්ල ඉන්නවා 'අයියෝ තව ටිකකින් අර මගුල විදියි' කිය කිය. විද්දිදි තියෙන්නෙ අමුතුම සැපක්. මැනික් කටුව ගාවින් බෙහෙත ඇඟට ඇතුල් වෙද්දි උරහිස ගාවට යනකම්ම ඒ සැප දැනෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙත් පැයක් විතර යනකම් අතම අත ගගා ඉන්නවා. ඒ අස්සේ වැලමිට හරියේ ඇතුල් පැත්තේ තනිකර හිල් විමානයක් ලේ අරන්ම. මදුරුවො තව හොදයි අප්පා.
අපොයි ඒ කතාවෙන් කතාව තව පොඩ්ඩෙන් කියන්න ආපු දේ අමතක වෙනවා. මන් මේ කියන්න ලෑස්ති උනේ ඒ ඉස්පිරිතාලෙ ඉන්න දවස් වල වෙච්චි පොඩි සිද්දියක්. මට එහෙම නෙවෙයි, මගේ එහා ඇඳේ හිටපු පොරට තමා මේක උනේ. මම ඉස්පිරිතාලෙට ඇතුලත් වෙද්දි මගේ ඇඳට දකුණු පැත්තේ හිටපු පොර, මන් ඇවිත් දෙවෙනි දවසෙදි ටිකට් කපාගෙන ගියා. ඊට පස්සෙ ඒ ඇඳට ආවා අයියා කෙනෙක්. අන්න ඒයාට තමා මේක උනේ. මී උණ කියලා තමයි එයාව ඇතුලත් කරලා තිබ්බෙ. ඔන්න මිනිහා ඇවිත් දෙවෙනි දවසෙ තමයි මේ කියන සිදිධිය උනේ. ඔන්න දවාලෙ එක පිරිමි නර්ස් කෙනෙක් මිනිහා ලඟට අවා මොනවදෝ ආම්පන්න ටිකකුත් අරගෙන. ඇවිත් ඇහුවා " ඊයේ ආපු ලෙඩා ඔයාද" කියලා.
අපේ කතා නායකයත් ඉතින් ඔව් කියලා ඔලුව වැනුවා උණ විකාරෙන්ම.
ඔන්න ඒ පාර අර මේල් නර්ස් අර ආම්පන්න ටික ඇඳ උඩින් තියලා ඇඳ වටේ තිබ්බ රෙද්ද දිග ඇරියා ඇඳ කවර් වෙන්න. ඒ ඇඳේ එහා පැත්ත ඒ රෙද්දෙන් සම්පූර්ණයෙන්ම වැහුනට මන් ඉන්න පැත්තෙන් සම්පූර්නයෙන්ම වැහුනේ නෑ. ඒ ඇදෙන් බාගයක්ම මට හොඳට පේනවා. මාත් ඉතින් ඒ තිරේ අස්සෙන් නාට්ටියක් බලන්න වගේ මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා බලන් හිටියා. මගෙත් ඉතින් හෙන කුතුහලේ නෙව. ඔන්න ඉතින් මට අර මේල් නර්ස් මෙන්න මෙහෙම කියනවා ඇහෙනවා.
" ඔයා එහා පැත්ත හැරිලා හන්සි වෙන්නකො. අපි ඔයාගෙ පස්ස පැත්තෙන් බේතක් දාන්නයි හදන්නෙ. ටිකක් විතර රිදේවි. පොඩ්ඩක් ඉවසල ඉන්න"
ඔන්න ඉතින් අපේ පොරත් මන් ඉන්න පැත්තට මූණ දාලා මේල් නර්ස්ට පස්ස හරවලා හාන්සි උනා. ඊ ලඟට මේල් නර්ස් අපේ කතා නායකයගෙ සරම ඉන ගාවටම උස්සනවා මන් ලාවට වගේ දැක්කා. මගෙ තියෙන හසල වෛද්‍ය දනුම අනුව මට තේරුනා මේ ලක ලැහැස්ති වෙන්නෙ වස්තියක් ආකාරයට බෙහෙතක් ලබා දෙන්න තමයි කියලා. අනේ ඉතින් මගේ පැත්ත හැරිච්ච පොර මගේ දිහා බලලා මහා අසරණ බල්මක් දැම්මා හරියට 'බලපන් බන්, මේ යකා මට මොනා කොරන්න යනවද මන්දා' කියලා කියන්න වගේ. මට ඇහෙනවා මේල් නර්ස් කාරයා පොරගේ ආම්පන්න ටික එහා මෙහා කරන සද්දෙ. අපේ පොරගේ මූණ ටික ටික ඇඹුල් වෙනවාත් මට පේනවා. එක පාරටම මේල් නර්ස් පොඩ්ඩක් ඉන්න කියලා කොහේද මන්දා ගියා. ඔන්න විනාඩි 5කින් විතර මිනිහා ආයෙත් ඇවිත් වැඩේ පටන් ගත්තා. විනාඩි 2ක් විතර තමුන්ගේ ආම්පන්න ටික අත පත ගාපු මිනිහා ආයෙමත් කොහේද ගියා. මේ විදියට 4 පාරක් විතර උනා. මිනිහා එනවා. මොනවදෝ කරනවා. ආයෙ කොහේද යනවා. ආයෙමත් එනවා. මේ අස්සේ අපේ අර පොර මල පැනලා බලන් ඉන්නවා කරන මගුලක් ඉක්මනට කරලා පලයන්කෝ කියන්න වගේ. පොර දැන් විනාඩි 20ක් විතර සරමත් උස්සගෙන බලන් ඉන්නවා වස්තිය දීලා ඉවර වෙනකම්.
ඔන්න 5 වෙනි සැරේට එලියට ගියපු මේල් නර්ස් ඒ සැරේ හෙන කලබලෙන් දුවගෙන ආවා. දුවගෙන ඇවිත් තමුන්ගේ ආම්පන්න ටිකත් එකතු කරගෙන අපේ කතා නායකයගෙ සරමත් පහලට දාලා ඇඳ වටේ තිබ්බ රෙද්දත් ඇකිලුවා. ඒ ටික කරන ගමන් මිනිහා කියපි " අනේ සොරි. ඔයා නෙවෙයි ලෙඩා. එහා වෝඩ් එකේ ලෙඩෙක්ට මේක දෙන්න තියෙන්නෙ. එයත් ඊයේ ආපු කෙනෙක්. එකයි පැටලුනේ. සමාවෙන්න" කියලා. එහෙම කියපු පොර සින් ගාලා වාශ්ප උනා. මට හිකිස් ගාලා හිනා යන්න ආවත් අර අයියගෙ මූණනම් ත්‍රිකෝන වෙලා හතරැස් වෙලා පන්චාෂ්‍ර වෙල අන්තිමේ අටපට්ටමක්ම වෙනවා මන් දැක්කා.. ඊට පස්සෙ පැයක් විතර යනකම්ම අර අයියගෙ කටින් පිට වෙච්ච මිහිරි වචන වලින් පිරුණු මහා ජාතිය ඇමතීමේ කතාව මටයි අපේ වෝඩ් එකේ හිටපු හැමෝටමයි අහගෙන ඉන්න උනා.
හදිස්සියේවත් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් උනාම අල්ල්පු ඇදේ අනුරාධ ඉන්නවද බලන්න ඕනෙ..... මොකද නැත්නම් එතන වෙන ඒවාත් බ්ලොග් එකේ දැම්මොත් ඉතින් රෙදි බිමනෙ......
ReplyDeleteඔහොම වැඩ වෙනවා අපේ අවිස්සවේල්ලේ ඉස්පිරිතාලෙත්. අපේ ගෙවල් ගාව මනුස්ස්යෙක් ගියා කනේ අමාරුවකට බෙහෙත් ගන්න. පාස්සේ බලද්දී මෑන්ගේ කලේ කිණිතුල්ලෙක්. පස්සේ ඔපරේට් කරන්න ඕනේ කියලා ගත්තා වෝඩ් එකට. දවස් දෙකකට විතර පස්සේ මිනිහගේ කණ ඇහෙන්නේ නැතුව ගිහින් ඔපරේශන් එක කලාට පස්සේ. පස්සේ එනපොට හොඳ නැතිනිසා කට්ටිය එකතු වෙලා ලෙඩාව කොළඹ අරන්ගිහින් බලනකොට කනේ කිණිතුල්ලා ඉන්නවා ඒත් කං බෙරේ නෑ..!
ReplyDeleteඔය කරාපිටියෙ රෝහල ගැන තවත් ඔය වගේ කතා කීපයක් මමත් අහල තියනවා.....ඔයින් ගියා ඇති.....හික්ස්..!
ReplyDeleteඑහා ඇඳේ අයියාගේ සම්න්ත්‍රණ දේශනෙත් මෙතැනම දාන්න බැරිද මල්ලී.............. ;D
ReplyDelete@අභීත
ReplyDeleteබොලාගේ ඉතින් අමුතුවෙන් රෙදි ගලවන්න දෙයක් නෑ... බොලා කරන වැඩ වලට රෙදි නොගැලවී බේරුනොත් ලොකු දෙයක්.
@LishWish
කන් බෙරෙත් නැති එකේ කිනිතුල්ලට ඔන්න ඔහේ ඉන්න දෙන්න තිබ්බේ.... හෙ හෙ... එල කතාව බන් ඕකනම්.... හැබැයි ඉතින් අපිට එල කතාවක් උනාට ඒ පොරට කොහොම ඇද්ද?
@nethara
ඒ කතා ටිකත් කිව්වනම් අපිට දැනගන්න.
@RanDil
දාන්නනම් බැරි කමක් නෑ අක්කෙ..... ඒත් අර වැෆා කියන එකා මාව සින්ඩියෙන් අයින් කොරලා දායිද දන්නෙ නෑ ඔව්වා දාලා.