Thursday, March 10, 2011

නමක් නැති කවි 12


එදා
අපි දෙන්නගෙ
මුල්ම ළමයට
දාන නම ගැන
හුරතල් වචන
දොඩපු උඹ
අද
උඹේ ළමයට
මාව පෙන්නනවා
"පුතේ
හායි කියන්න අර 
අංකල්ට"

14 comments:

  1. මේක දැක්කම මතක් වෙන්නේ අර අමරදේව ශූරින්ගේ සින්දුව

    "පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා..........
    මගේම නැළවිලි ස්වරයෙන් ඇතින් මතු වෙනවා......."

    ReplyDelete
  2. @Angel
    මන් දන්න දක්ෂ ගීත විචාරිකාවක් මට කිව්ව විදියටනම් ඔය සිංදුව කියන්නෙ තමන්ගෙම බිරිඳට.
    කොහොම නමුත් ස්තූතියි නංගා...:)

    ReplyDelete
  3. සුපිරිය :)

    ReplyDelete
  4. @අනූ අයියා: ඒකත් එහෙමද මමනම් සින්දු ගැන වැඩිය දන්නේ නැ

    ReplyDelete
  5. හික්.. යථර්තයද මන්දා... හික් හික්....

    ReplyDelete
  6. ඕවා ඔහොම තමා. හිතන පතන හැමදෙයක්ම ඉෂ්ඨ වෙන්නේ නෑනේ

    ReplyDelete
  7. මට මහා 'නොරිස්සුම් ගතියක් වගේ' මොකක්ද දැනෙනවා.......

    ReplyDelete
  8. කලින් ඒන්ජල් කීව වගේ මටත් මතක් වෙන්නෙ අමරදේව මහත්තයගෙ සිංදුව. ඉතාම හොද නිර්මාණයක්

    ReplyDelete
  9. එහෙම දේවල් වෙනවා... ලෝකේ හැටි... කිසිම දේක ස්ථිර නැ...

    ReplyDelete
  10. දාලා තියෙන රූපේ ගැලපෙනවද? :)

    ඒන්ජල් කියලා තියෙන ගීතය ගායනා කරන්නේ සිය බිරිඳට තමයි නේද?

    ReplyDelete
  11. අනුවා කිව්ව විදියට පෙරදිනයක අමරදෙව මහත්තයගෙ ගිතයෙන් කියවෙන්නෙ තමන්ගෙම බිරිද වෙනුවෙන්... එක හරිම මුලා කරවන සුලු ගිතයක්...

    මෙ අනුවා විසින් රචිත නිසැදස ගැන මම බස් එකෙ විචාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතෙදිම.. කස්ටිය එක වෙලාවක සෙට් වෙමු මෙකෙ ෆන් එක ගමු :D

    ReplyDelete
  12. @පිණිබිඳු
    සැර වැඩිනම් මන් සාර්ථකයි. මටත් ඕන උනේ සැරට දෙන්න. හෙ හෙ

    @ජේ.ඩී
    තැංකූ ජේඩීයෝ.

    @Angel
    මාත් වැඩිය දන්නෙ නෑ. ඒකයි මන් කිව්වෙ මට දක්ස ගීත විචාරිකාවක් තමා ඕක කිව්වෙ කියලා. :D

    @Hipo
    නුදුරු අනාගතේදිම මේක යතාර්තය වෙන්නත් පුලුවන්. :D

    @ayesha
    හිතන පතන දේ ඒ විදියට වෙනවනම් කොච්චර හොඳද නේද? හැබැයි එතකොටත් කිසි ගතියක් නැති වෙයිද මංදා.

    @nethara.
    හෑ... ඒ මොකැයි බන් නංගියෝ එහෙම දැනෙන්නෙ.

    @වික්‍රමේ
    ස්තූතියි මචන්.

    @නිම්ශා
    අස්ථිර ලොකේ ස්ථිර එකම දේ අස්ථීරබව විතරයිලුනෙ.

    @Podi Kumarihami
    යාන්තම් ඇති. මට පවු කියලා කියන්න කෙනෙකුත් හිටියා. :D

    @RanDil
    ඔව් අක්කෙ හරියටම ගැලපෙනවා. පොඩි එකා මාව අඳුරන්නෙත් නෑ. ඒක නිසා ලැජ්ජාවෙන් අම්මගෙ ඇඟේ එල්ලෙනවා. එතකොට තමයි අම්මා අර කතාව කියන්නෙ. :D

    @රවා
    අප්පට සිරි. මගේ කවියකට රවා විචාරයක් දෙනවා කියන්නෙත් කොයි තරම් දෙයක්ද. හැබැයි අර සුදු හංසියගෙ විචාර වගේ වෙන එකක් නෑ නේද? :D

    ReplyDelete