Tuesday, February 22, 2011

ඒ කාලේ..........

පහුගිය සති අන්තයේ මම ගෙදර ගිහින් එන්න ගියානෙ. දවස් තුන හතරක නිවාඩුවක් තිබුන නිසා පොඩ්ඩක් ගාලු හුළං ටිකක් වැදිලා එන්න කියලා ගියා. ඒ ගිය වෙලේ මම අපේ නැන්දලයි දිහාත් ගියා. මගේ බ්ලොග් එක කියවපු අය දන්නවනෙ මගේ ලමා කාලයේ සුන්දර මතකයන් තියෙන්නෙ මේ නැන්දලයි ගෙදර කියලා. එහේ ගියපු ගොඩක් වෙලාවට මම කරන්නෙ මම එකතු කරන් ඉන්න පරණ චිත්‍ර කතා පත්තර ටික දිග ඇරගෙන කියෝන එක තමා. ඒවා අපේ නැන්දලා ඒ කාලේ ගත්තු පත්තර. සමහර ඒවට මටත් වඩා වයසයි. ඒත් මේ සැරේ ගියාම මන් ඊට වඩා ටිකක් වෙනස් වැඩක් කලා. කබඩ් එකේ මගේ ලාච්චුව පොඩ්ඩක් අස් කලා. ඒ කාලේ මන් පෙරේත කමට එකතු කරපු කුණු ගොඩවක් වල ඉඳන් සබ්බ සකල මනාවම ඒක ඇතුලේ. මගේ හිත ආයෙමත් ලමා කාලෙට ගියා.
                   ඒ කාලේ හැම උපන් දිනේකටම මාමගෙන් මොකක් හරි තෑග්ගක් ලැබෙනවා. මුලදි සේරම ලැබුනේ සෙල්ලම් බඩු. ඒත් පස්සෙ මම කියලා ඒක පොත් වලට වෙනස් කරවගත්තා. සමහර සෙල්ලම් බඩුනම් දැන් කාලයේ නියමයට අහු වෙලා. ඒවෙ කෑලි හොයාගන්නත් නෑ. ඒත් විශේෂම සෙල්ලම් බඩු තාමත් සුරක්ශිතව තියෙනවා.
 
ඔය තියෙන්න දැනට ඉතිරිව පවතින මගේ සෙල්ලම් බඩු එකතුව තමා. කවදා හරි මගේ ඉදිරි පරම්පරාවටත් පරිහරනය කරන්න කියලා මන් ඒවා බොහොම ආරක්ශිතව අරන් තියාගෙන ඉන්නවා.

                      දැන් මම ඉතාම අකමැති දෙයක් තමයි ක්‍රිකට් කියන්නෙ. මන් ටීවී එකේ බලන්න අකමැතිම දේ ක්‍රිකට් මැච්. ඒත් මාත් ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර එහෙම එකතු කලා. දැන්නම් එහෙම කලා හිතෙන කොටත් නිකම් මොකද්ද වගේ. ක්‍රිකටර්ස්ලගේ රූප තියෙන ඩේකාඩ් එහෙම මගේ ලාච්චුව ඇතුලේ තිබිලා මට හම්බ උනා. ඒත් එක්කම හම්බ උන අනිත් දේ තමයි ස්ටිකර්ස්. එඩ්නා චොක්ලට් ස්ටිකර්ස්. ඔයාලටත් මතක ඇති ඒ කාලේ එඩ්නා චොක්ලට් වල තිබ්බේ ක්‍රිකටර්ස්ලගේ පින්තූර තියෙන ස්ටිකර්ස්. ඒවා එකතු කරලා දුන්නම තෑගි පවා දුන්නා. ඒ කාලේ හෙන රැල්ලක් ගියානෙ ඒවා එකතු කරන්න. මාත් ඉතින් ඒ රැල්ලට අහු වෙලා හිටපු කෙනෙක් තමයි. මමනම් ස්ටිකර්ස් එකතු කරලා තෑගි ගත්තේ නෑ. එකතු කරපු සේරම ලෝබ කමට ලඟ තියන් හිටියා. අනිත් ඒක මට ඒ සේරම අංක ටික පිලිවෙලටම එකතු කර ගන්නත් බැරුව ගියා.
 
                          ඔය තියෙන්නෙ මන් එකතු කරපු ස්ටිකර්ස් ටික තමා. ඔක්කොම ටික විසුරවල ෆොටෝ එක ගන්න කම්මැලි හිතුනා. කොහොමත් 150කට එහා පැත්තේ ස්ටිකර්ස් තියෙනවා ඔතන. හොඳම වැඩේ ඉතින් ඔය සේරම මන් කාපු චොක්ලට් වල ස්ටිකර්ස්. මන් ඉතින් වැඩිය චොක්ලට් කාලම නෑ.......
                            ටිපි ටිප් කාපු නැති කෙනෙක් කවුද ඉන්නෙ. මන් හිතන්නෙ කවුරුත් නැතුව ඇති. ඒ කාලේ මගේ එක ප්‍රියතම කෑමක් තමයි ටිපි ටිප්. ලොකු නැන්දට කියලා කොහොම හරි ගන්නවා. ඒ කාලේ සෙනසුරාදා හවස 6ට අයි ටී එන්  එකේ ඉන්ග්ල්ශ් කතා යනවා. ඒක බලන්න මට ටිපි ටිප් එකක් ඕනමයි. මන් සෑහෙන ආස උන ටිපි ටිප් ජාතියක්  තමයි Mr. POP කියන්නෙ. මතකද කාලයක් ඒවත් එක්ක මැජික් බෝල, පොඩි පොඩි සෙල්ලම් බඩු කෑලි හම්බ උනා. අමතකනම් මේක බලන්නකො. මතක් වෙයි.
මගේ ටිපි ටිප් කෑම ගැන ඔයාලට දළ අදහසක් ගනන් පුලුවන් වෙයි ඕකෙන්. ඔය මැජික් බෝල ෆොටෝ එකේ තියෙන ප්‍රමාණයට සමාන තවත් ප්‍රමානයක් සෙල්ලම් කරන්න ගිහින් නැති වෙලා. ඒ වගේම අමතක කරන්න එපා. හැම Mr. POP එකක් එක්කම ඕවා හම්බ උනේ නෑ. අනිත් එක මන් කෑව එකම ටිපි ටිප් ජාතිය Mr. POP විතරක් නෙවෙයි... :D
                         බලන්නකො පොඩ්ඩක් මේ මොකද්ද කියලා අඳුනගන්න පුලුවන්ද කියලා.
යා යා.. ඔයලා හිතුවා හරි. සෙනෙහෙ ලියුම් කඩදහි තමා. ඒත් දැක්කනේ ඒවට වෙලා තියෙන සන්තෑසිය. ඕක මන් දන්න කාලෙ ඉඳලම( මයේ හිතේ 6,7 වසරේ වගේ ඉඳන්) අරන් තියන් උන්නේ ලවු කරන කාලේක කෙල්ලට ලියුම් ලියලා දෙන්න. ඒත් පේනවනේ. එක කොලයවක්වත් අඩු නැතුව මුලු පොතම තියෙනවා තාමත්. ඒත් ඉතින් දැන් ඉතුරු ටිකත් දෙන්න වෙන්නෙ කාවන්ටම තමයි. කොහේද මේ SMS යුගයක් ආවෙන් සෙනෙහෙ කොල කාවන්ටම ගියානෙ...... 
                       මන් ඒ කාලේ ඉඳලම කොම්පියුටර් පිස්සා. කොම්පියුටර් වලට මාරම ආසයි. ඒත් මන් හරියකට කම්පියුටර් එකක වඩ කරන්න ඉගෙන ගත්තේ 11 වසරේදි වගේ. ඒකත් හෙනම සුන්දර දිග කතාවක්. වෙලාවක් තිබ්බොත් මන් දවසක ඒ කතාව කියන්නම්. දැනට සරලව කියන්නම්. ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකේ දොරේ වීදුරුවට ඇහැ ලන් කරන්, ඇතුලේ තියෙන කම්පියුටර් ටික දිහා බලලා සැනසුන කාලෙකුත් තිබ්බා. ඊට පස්සෙ අර මන් කිව්ව දිග කතාවේ මුල් අධියර වලදි මට ලැබ් එක ඇතුලට යන්න අවස්තාවක් හම්බ උනා. හම්බේ දැනුන සතුටක්. මන් ඉතින් කම්පියුටරේ බාහිර ස්වරූපය හොඳ හැටි බලාගත්තා. ගෙදර ඇවිත් හැදුවා මාත් කම්පියුටර් එකක්. වෙන මොනවෙන්ද ඉතින්. කාඩ්බෝඩ් වලින් තමයි. මොනිටර් එක, සීපීයූ එක, මවුස් එක, කී බෝඩ් එක විතරක් නෙවෙයි, යූපීඑස් එක පවා හැදුවා. හදලා බොහොම ආඩම්බරයෙන් මේසෙ උඩ තියන් හිටියා. අවාසනාවකට අද ඒකෙන් ඉතිරි වෙලා තියෙන්නෙ මොනිටර් එක විතරයි. ඔය තියෙන්නෙ ඒක. 
අනිත් කෑලි ටික ජරා වෙලා තිබිලා විසි කලා කියලා පොඩි නැන්දා කිව්වා. ඕකත් විසි කරන්න ගිහින් ආයෙත් ඔන්න ඔහේ කමක් නෑ මේක තියමු කියලා ඕක විතරක් ඉතුරු කලාලු. අල්මාරිය උඩ තමයි පහු ගිය ටිකේ ඒක තියලා තිබ්බෙ. උලුකැටයක් බිඳිලා වතුර වැටිලා ඒ ටික පෙඟිලා තිබ්බලු. මොනා කරන්නද ඉතින් ඔය කෑල්ල හරි ඉතුරු වෙලා තිබ්බ එක ලොකු දෙයක්. මන් කියලා ආවා අතින් ඇල්ලුවම කඩා හැලෙන තරම් ජරා ජීර්ණ උනත් ඕකනම් විසිකරන්න එපා කියලා. :D
                           ඔන්න ඔහොම තමයි මගේ අතීත සැමරුම් වලින් කිහිපයක් පෙල ගැහෙන්නෙ. ඒ කාලේ කලේ මොනවද. දැන් කරන්නෙ මොනවද. ඔහොම තමයි. කාලෙත් එක්ක කොයි තරම් දේවල් වෙනස් වෙනවද. ජීවීතේක හැටි. ඔන්න අන්තිමට මේ ඉන්නෙ ඔය කලින් පෙන්නපු සේරම සෙල්ලම් කරපු මම. ඒ කාලේ.............

20 comments:

  1. මේකා පොඩි කාලේ කඩචෝරු පප්පෙක් නේ :D

    ReplyDelete
  2. මාත් ඔය වගේ කොම්පියුටරයක් හදාගෙන හිටිය. ආයෙත් ඒ කාලෙට යන්න ඇත්නම් කොච්චර හොදද ?....

    ReplyDelete
  3. හික් හික්....සෙල්ලන් බඩු හුහා දැක්කම කියන්න පුලුවන් චූටි කාලෙ එච්චර සොයා ගැනීම් වලට පෙලබිල නැ කියල. කෘතුහලයත් අඩුයි වගේ... ඕන් සුළැඟිල්ලනම් දැනටත් පොඩි එව්න්ගෙ සෙල්ලන් බඩු අරන් ගලවල බලනව.. හික් හික්

    ReplyDelete
  4. මගෙ නම් පොඩි කාලේ කැමතිම වැඩේ තමයි ගහ උඩ හදපු අට්ටාලයට වෙලා ඉන්න එක :D

    ReplyDelete
  5. මල්ලි පපුවත් රිදෙන්න ගත්තා මේ ටික කියවලා........
    සෙල්ලම් බඩු..... පිංතූරු...... මතකය...... ඔච්චරයි ඉතිරු නේද?

    ReplyDelete
  6. @පූසා
    දැන් කියලත් වෙනසක් නෑ බන්... හෙ හෙ.....

    @ශාමින්ද
    ඔව් බන් ක‍රද‍ර අඩුයි. ආතල් වැඩියි. වගකීම් නෑ.... ෆුල්ම ෆන් එකේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක තමා කොරන්න තියෙන්නෙ ඒ කාලෙට ගියානම්.

    @සුළඟිල්ල | pinkie
    පිස්සුද බන්. ඔය සේරම සෙල්ලම් බඩු මම කැබලි ක‍රලා ආයෙත් තිබ්බ විදියටම එකලස් ක‍රපු ඒවා තමයි. එකලස් ක‍රගන්න බැරි උන ඒවා තමයි අර කාලයේ නියමයට අහු උනේ.. මම වැඩිපුරම කැබලි කලේ ප‍රණ ටයිම්පීස් ඔරලෝසු...අත් ඔරලෝසුවක් පවා පේන්න බෑ ඒ කාලේ. ආයෙත් තිබ්බ විදියට එකතු ක‍රලා බලද්දි කෑලි/ඇණ 3,4ක් එලියේ. ආයේ ගලවනවා ඉතින්.....

    ReplyDelete
  7. ලස්සන ළමා කාලයක් ඔයාට තිබිල තියෙන්නෙ. මගෙත් ඉස්සර ආසම කෑම ටිපි ටිප්. දැනුත් එහෙම තමා ඉතින්.

    ReplyDelete
  8. අඩේ මේක කියවන් යද්දි ආයෙ ඒ කාලෙට යන්න හිතුන බං...........
    මාත් අර කොම්පූටරේ හදන වැඩේ ඇරෙන්න හැම අටමගලෙම කොලා.
    ඒත් දැන් ඒවගෙන් එකක්වත් නැ එක එකා අරන් ගිහින් ;)

    ReplyDelete
  9. ඕක‍නේ කරන්න බැරි අමාරු‍වෙන් ලියපු ක‍මෙන්ට් එක ‍මොකක්ද ‍වෙලා වැටුනේ නැ. මට බැ ආයේ ලියන්න...... :( :(

    ReplyDelete
  10. yanthan athi mama hithuwe dan wagema podi kaleth pani hattiya pera gaththu gaman hitiye kiyala..........:P

    ReplyDelete
  11. මමත් ඔය කොම්පීතර හදන වැඩේනම් කරල නෑ.
    ඇත්තටම ආයෙත් පොඩි එකෙක් වගේ ඉන්න තියෙනවනම්!

    @ හා පැටික්කි : කමෙන්ට් එක පොස්ට් කරන්න ඉස්සෙල්ලා ඒක කොපි කරගෙන ඉන්න. එතොකොට අවුලක් වුනත් අවුලක් නෑනෙ

    ReplyDelete
  12. හිඃ හිඃ... මගෙත් පොඩිකලේ දෙවල් ගොඩාක් තියෙනවා.. අඳුම් පවා... පොත් කියවනකොට හිනත් යනවා... පින්තූර පොතක මගේ එක එක දෙවල් අඳලා එව මොනාද කියලා ලියල තියෙනව... පාවිච්චි කරලා තියෙන වචන දැක්කම හිනත් යනවා...

    ReplyDelete
  13. අනාගතේ ලව් ලෙටර්ස් ලියන්නත් පොඩි එකා කාලෙ ඉඳන්ම හිත හිත ප්ලෑන් කරල තියෙන්නෙ...අනේ සංසාරේ මෙහෙමත් දරුවො.....

    ReplyDelete
  14. ඒ කාලේ නම් ටිකක් ලස්සනට ඉඳලා තියනවා.:D දැන් ඉතින් පේන්නේ භාගයක් හන්දා හිතාගන්න විදියක් නෑ. මොනවා උනත් ගෑනු ලමයින් ගැන ඒ කාලෙත් උනන්දුවක් දක්වලා තියෙනබව පෙනෙනවා. මම මේ කල්පනා කලේ (වැඩිපුර කරන දෙයක් නෙමේ) ඒ කාලේ එහෙම නම් මේ කාලේ කොහොම ඇතිද?

    ReplyDelete
  15. ෂික් ඇයි බං මට ඔය වගෙ කොම්පියුටරයක් හදන්න හිතුන්නැත්තෙ.. එල ලිපියක්..

    ReplyDelete
  16. @DarKneT | ඉෂාර
    ඔය වැඩේට මාත් හෙනම ආසාවෙන් හිටියේ. ඒත් මොකක්දෝ හේතුවක් නිසා ඒක කොරන්න බැරි උනා.... අට්ටාල නැතුව නිකම් ගස් උඩ නැගන්නම් හිටියා වඳුරෙක් වගේ.. :D

    @RanDil
    මලා.... හාට් ඇටෑක්... හාට් ඇටෑක්..... දැන්ම දොස්තර කෙනෙක් ගාවට යන්න...
    ඇයි හත්වලාමේ මේ මමත් ඉතුරු වෙලා ඉන්නෙ.... :D

    @පිණිබිඳු
    ළමා කාලේ සුන්දර නැත්තෙ කාගෙද. වැයසට ගිය දවසට අපි කියයි අපේ තරුණ කාලෙත් සුන්දරයි කියලා....

    @ජේ.ඩී
    අපරාදෙ බන්. ඒවා ලඟ තියාගන්න තිබ්බෙ. දැන් ඒවා ආයෙමත් දකිද්දි මාර හැඟීමක් බන් එන්නෙ.

    @හා පැටික්කි
    අයියෝ... මොනාද බන් හාවියේ.... ඔහොම කම්මැලි වෙලා බෑ... ආයෙත් ලියන්න. අඩුම ගානෙ ඉඟියක්වත් දෙන්න මොනාද ලිව්වෙ කියලා. මට හොඳ කිව්වද බැන්නද කියලවත්. :D

    @Anonymous
    නෑ නෑ... පැණි පෙරන පුරුදු ආවෙ ලොකු වෙද්දි. පොඩි කාලෙ කෙල්ලෙක් ලඟින් ගියත් ලැජ්ජයි..... :D

    @තාරක Dilsh@n
    පොඩි එකෙක් වගේ ඉන්න තියෙනවනම් මරුම තමා.. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විතරනෙ තියෙන්නෙ.... :D

    @Hipo
    දැන් උනත් ඉතින් වෙනසක් නෑ.... හිපෝ අක්කා පාවිච්චි කරන වචන දැක්කම අපිට හිනා යනවා. :D

    @nethara.
    අපි එහෙමයි. අනාගතේ හොඳට ප්ලෑන් කලා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ කියන්නෙ ඕකටනෙ. ඒත් කොහේද ප්ලෑන් සේරම වතුරේ ගියානෙ..... :D

    @Podi Kumarihami
    ගෑනු ලමයි ගැන පිරිමි වෙච්ච අපි උනන්දුවක් දක්වන්නෙ නැතුව වෙන කවුරු උනන්දුවක් දක්වන්නද? මම අහලා තියෙනවා විරුද්ධ ලිංගික ආකර්ෂනය සාමාන්‍ය දෙයක්ලු. ඒක එහෙම නෙවෙයිනම්ලු බය වෙන්න ඕන. දෙයියන්ගෙ පිහිටෙන් මම සාමාන්‍ය මනුස්සයෙක්. :D
    පේන භාගෙවත් ලස්සනයි කියලා යන්නකො නිකම් හිත සැනසෙන්නවත්. :D

    @Kanishka | කණියා
    උඹලට ඉතින් ඇත්ත කම්පියුටර් එකක් ලැබෙන්න ඇති ඒ කාලෙම. මන් ඕක හැදුවෙ මට ඇත්ත එකක් නොතිබුන නිසානෙ. :D

    ReplyDelete
  17. හැබහයි මමනම් ඉතිං තාමත් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තියරිය තමා අනුගමනය කරන්නේ. සිම්පල් ප්ලෑන් එකක්නෙ..

    ReplyDelete
  18. බලංගියාම මේක හෙන පොහොසත් පොඩි එකෙක්නෙ. මටනම් තිබුනෙ සෙල්ලම් බඩු දෙක තුනයිද කොහේද. ඒකටත් හරියන්න පොත් නං අට්ටි හගන්න සයිස් එකට තිබුන

    ReplyDelete
  19. ම්ම්ම්ම්ම්ම්ම් පුන්චි කාලේ සුන්දර මතකය

    ReplyDelete
  20. waw,marune anuradha ayye.ah.....mama me baluwe mareena akkage photos wagayak.bt waradila baluwe me anuradha ayyage 1k ne.sory hode...........
    ai oyage podikale pissu wada walata help karapu nangi ko.....

    ReplyDelete