Wednesday, March 30, 2011

නමක් නැති කවි 13


පිටකොටුවෙ
ඉදන්
අපි දෙන්නා
අත් අල්ලගෙන
ඇවිදපු
වීදි දිහා බලාගෙන
ගාල්ල-කොළඹ
බස් එකේ
මම
ගාල්ල
හරියටම ආවා
තාමත්
මගේ
එහා පැත්තේ
ශීට් එක
හිස් !

11 comments:

  1. ඒ වගේ මතකයන් අපි හැමෝටම තියනවා අනු අයියේ....සිට් එකට වෙන කාට හරි ඇවිත් වාඩි වෙතහැකි....නමුත් හදවතේ ඒ අඩුව පුරවන්න කාටවත්ම බැරි වේවි.

    ReplyDelete
  2. ආයෙත් කවුරු හරි වාඩි වෙයි. ආපහු යන්න දෙන්න එපා.

    ReplyDelete
  3. උම්බ විතරක් නෙවේයි...බන්...ඔය වගෙ තව ගොඩක් ඉන්නවා...මමත් ඉන් එකෙක්...මචො try එකක් දීලා...අපිත් ඔය හිස් sheet එකක යන එකක් හොයා..ගමු..මටත් දන් ටික ටික දැනෙනවා ඔහොම කෙනෙක් හිටියනම් හොඳයි කියල...

    ReplyDelete
  4. හරි බං අවුරුදු උත්සවෙන් පස්සේ ඔය හිස්තැන් පිරවෙයි :D

    ReplyDelete
  5. ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරේ.............

    ReplyDelete
  6. aaaaaaaaaaaaaa dddddddddddddddaaaaaaaaaaa reeeeeeeeeeeeeeeeeeeeeeeee reeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee!!!!!

    ReplyDelete
  7. සිදගත්තෙමි දෙ අසුනක ..
    සෙනගද නොමැති..
    ගමනාන්තයද දුර..
    ආසනයද හිස් වු මා සේම ...
    අහඹු මොහතක..
    හිස් වු ඉඩ පිරුනි...
    නමුදු ආසනය පමණි...
    මා හිස් වු හිත එලෙසම රැදුනි..
    පෙරදා සේම ...

    ReplyDelete
  8. e his thena ikamanin purawewaaaaaaaaa!

    ReplyDelete
  9. ඉතින් උඹ ගිහින් ඉඳ ගනින්කෝ කවුරු හරි ඉන්න සීට් එකක

    ReplyDelete
  10. එහා පැත්ත කැඩිච්ච සීට් වල වාඩි වෙන්න එපා යකෝ

    ReplyDelete
  11. @සිතුවිලි නිහඬයි
    ඇත්ත නංගි. හදවතේ අඩුව පුරවනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

    @පිණිබිඳු
    වාඩි වෙන කෙනාගෙ නැවතුමයි මගේ නැවතුමයි සමාන වෙන්නෙ නැත්නම් එයා නැගිටලා යන එක වලක්වන්න ලැබෙන්නෙ නෑ.

    @සවිගු
    අප්පට සිරි. කොල්ලටත් දැන් මනමාල විසේ ගහලා වගේ. උඹට මතක ඇතිනෙ මන් කිව්ව දේවල් අර ගෙවල් සීන් එකේදි. :D

    @පූසා
    කෝ බන් උත්සවේ ඉවරයි. ඒත් හිස් තැන එහෙමමනෙ. :D

    @කල්හාර දිසානායක
    හ්ම්ම්ම්... ඇති එකද නැති එකද වඩාම හොඳ දේ????

    @Lalintha
    මොකද යකෝ මේ බෙරිහන් දෙන්නෙ. :D

    @නිම්ශා
    ගමනාන්තයට පෙර
    ඔය වගේම
    අහඹු මොහොතක
    කෙනෙක් පැමිණේවි
    හිස් වූ හිත පුරවමින්
    ගලා උතුරා යන්නටම

    @ayesha
    අන්න නියම පැතුමක්....හා හා... එසේම වේවා..... හි හි... :D

    @ම
    කොහේ ඉඳගන්නද බන්. අනිත් සීට් හැම එකක්ම පිරිලා. මගේ ලග සීට් එක විතරයි හිස් තියෙන්නෙ. :D

    @වැප්
    අම්මපා ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. :D

    ReplyDelete