නුබ ගැබට පිවිසි
සඳ එලිය පරයමින්
දැල්වෙයි උජාරුවෙන්
දෑස් නිලංකාර කරවන
විදුලි පහන් කැට
මොර දෙයි
ස්ටීරියෝ ක්‍රමයට
මොඩ්න් සෙටප් එක
මමි ඩැඩී ඇවිත් කරලියට
අම්මා තාත්තා විසිවෙලා කැලේට
නිල් කොල මිටිය සිනාසෙයි
සේප්පුව අද්දර ආඩම්බරයෙන්
රුපියලක් වැටී සිහිසුන්ව
වරද කොතනැකද විමසයි
සාලෙ මැද පුටු සෙටියෙ
මහත්තයා පාරමිතාවක
පැතලි තිර රූපවාහිනිය සමඟින්
රුවා සිගරට්ටුව කටේ
ඒත් කලු දුම් ගුලිය හිතේ
අහස තෙක් නැගි තාප්පයේ
කෙලවර යකඩ වැටේ
වැජඹෙයි
ධනවත් බවේ සංකේතය
පුවරුවක ලියා එල්ලෙමින්
"බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න"
"බල්ලන්ගෙන් ප්‍රවේසම්වන්න"...ඇත්තටම ප්‍රවෙශම් විය යුත්තේ කොයි බල්ලගෙන්ද යන්න මෙය කියවන්නා මනාව දැනගත යුතුය...නැත්නම් එය අහිංසක "බල්ලන්ට" කෙරන අපහාසයක් වියහැක.....:D........
ReplyDeleteඔය කිව්වාට බන් ඔයවැනි මිනිස්සුන්ගේ ජිවිත බලු ජිවිත වලට වඩා අන්තයි ........... :d
ReplyDeleteරැඩිකල් අදහස් ටිකක්.....මොකෝ මේ...කවුරු හරි පාට් එකක්වත් දැම්මද ?
ReplyDelete@Shadow/හේමලයා
ReplyDeleteඇත්තටම බැලුවම බල්ලො හොඳයි අප්පා.
@වැප්
දැන් බල්ලන්ට බල්ලො කියන එක බල්ලන්ට කරන අපහසයක්.
@indi
හික් හික්.... මෙයාටත් හිතෙන දේවල් අම්මපා.
@දිල්
අපිට පාට් දාන්න ආවොත් ඉතින් ඒ අන්තිම පාට් දැමිල්ල තමයි.
මට නම් හිතට ඇල්ලුවා ඔයගේ කව
ReplyDelete@Anonymous
ReplyDeleteකෝ ඉතින් ඔයා කව්ද කියලා දැනගන්න නමක් ගමක් දාලා නෑනේ. කොහොම උනත් සතුටුයි කියවලා ප්‍රතිචාරයක් දාලා ගිය එකට.