මුලු හදවතම මුලු හිතම දුකෙන් වේදනාවෙන් පිරිලා ගිහිල්ලා. අතීතය අමතක කරලා සාමාන්‍ය විදියට ඉන්න මොන තරම් උත්සහ කරත් ඒක හරි යන පාටක් නෑ. මේ මුලු ශරීරය පුරාම වේගයෙන් පැතිරීගෙන යන වේදනාව, මහා ගිනි කඳක් වගේ දිගින් දිගටම ඇවිලෙන මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? මම මගේ හිතෙන්ම ප්‍රශ්ණ කලා.
ඔව්... ගොඩක් ක්‍රම තියෙනවා....
මගේ හිත උත්තර දුන්නා.
අනේ ඒවා මට කියන්නකො. මම මගේ දුක නැති කරගන්න ඕනා.
මම මගේ හිත ඉස්සරහ දනින් වැටුනා.
හොදයි මම කියන්නම්.
මගෙ හිත බොහොම සන්සුන්ව උත්තර දුන්නා.
උඹේ හිතේ තියෙන සේරම දුක එකතු කරලා ලොකු කලු ගලක බැඳලා මුහුද මැදට ගෙනිහින් අත ඇරලා දාපන්.
අපෝ බෑ... මහ මුහුද කැලඹේවි.
උඹේ හිතේ තියෙන සේරම දුක වේදනාව ටික පෙට්ටගමක දාලා වහලා ඉබ්බෙක් දාපන්. මතක ඇතුව යතුර විසි කරලා දාපන් ආපහු හොයාගනන් බැරි වෙන්නම.
එච්චර ලොකු පෙට්ටගමක් කොහෙන්ද හොයාගන්නේ.
සේරම දුක වේදනාව හුලඟෙ පා කරලා යවපන්.
එහෙම කලොත් මහා කුණාටුවක් ඇති වේවි.
එහෙනම් හිතේ තියෙන සේරම දුක සරුංගලේක ගැට ගහලා උඩ ඇරපන්. පස්සෙ ඒක උඩ යද්දි නූල අත ඇරපන්.
මගේ දුක ගැට ගැහුවට පස්සෙ ඒ සරුංගලේ උඩ යයිද?
අඩි 25ක් විතර ගැඹුර වලක් කපලා දුක සේරම ඒ වල ඇතුලට දාලා අයෙත් පස් වලින් වහපන්.
මගේ දුක පිරෙව්වට පස්සෙ අයෙත් පස් වලින් පුරවන්න දෙයක් නෑ.
රුහුණු කුමාරි යන වෙලාවක් බලල රේල් පීල්ලට තියපන්.
අපොයි.... කෝච්චිය පීලි පැන්නොත් ජීවිත කීයක්ද?
සේරම දුක එකතු කරන් ගිහින් කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරපන්.
හි... හි...වලත් උතුරල තමයි නතර වෙන්නේ.
එහෙනම් ඔය සේරම දුකවල් අමතක වෙලා යන්න කන පැලෙන්න බීපන්.
ඒ මොන පිස්සු වැඩක්ද... බිලා පුලුවන්ද ප්‍රශ්ණ විසඳන්න.
එහෙනම් ගිහින් දුකට පුන් ගහපන්.
අන්තිමේ මගේ හිතට මල පැනලා කියලා දැම්මා.
දුකට පුන් ගහන්නේ මදුරුවො එලවන්නද?
ඒකටත් උත්තරයක් මන් ගාව තිබුනා.
එහෙනම් ගිහින් මැරියන්. වෙන කරන්න දෙයක් නෑ.
දැන්නම් හිතට මලම පැනලා.
හරි හරි...තරහා ගන්න එපා. මගේ හොන්ඳ හිතනේ. ඔය එකක්වත් හරීයන ක්‍රම නෙවෙයි.
මට කොහොම හරි මේ දුක නැති කරගන්න ඕන. අනේ තරහ නැතුව හරියන ක්‍රමයක් කියන්න.
ම්...ම්...ම් හිත කල්පනා කරනවා....
හරි... තව එක ක්‍රමයක් තියෙනවා...
ටිකක් වෙල කල්පනා කරලා හිත පිලිතුරු දුනා.
ආ... ඒ මොකද්ද. අනේ ඉක්මනට කියන්නකො.
මට ඉවසිල්ලක් නෑ.
ඔය හිතේ තියෙන දුක හිර කරන් ඉන්නෙ නැතිව කාට හරි කියන්න. එතකොට උඹේ හිතේ තියෙන දුක අඩු වේවි.
ශා... අන්න ඒ අදහසනම් මරු. ඒත් කාටද මන් මේ දුක කියන්නේ. කව්ද මගේ දුක අහන්නේ.
ආයෙමත් මට ලොකු ප්‍රශ්ණයක් ඉතිරි උනා.
කට හරි. ඔයාට හිතවත් කාට හරි.
මගේ ප්‍රශ්ණ අහලා ඒ අයටත් හෙන කරදරයක් වෙයි. ඒ අයටත් මව එපා වෙයි. නොදන්න අයට දුක කියන්න යන්නත් බෑනේ.
අද ලොකේ දුකේදි ඉන්න අය හොයාගන්න හරි අමාරුයි.
හ්ම්ම්.. ඒකත් ඇත්ත.... මගේ හිතත් මාත් එක්ක එකඟ උනා.
එහෙනම් මෙහෙම කරන්න. ඔයගේ හිතේ දුක කිසිම මිනිහෙක්ට කියනන් එපා. උඹට හම්බ වෙන මනුශ්‍ය නොවන හැම දේකටම උඹ උඹේ දුක කියපන්.
ඒ කිව්වෙ.....
ඒ කිව්වෙ මෙකයි... ගහකොල, සතා සිව්පාවා, ගල් මුල්, මේස පුටු..... ඔය ඕන දෙකට උඹේ දුක කියපන්. එතකොට කවුරුත් උඹට හිනා වෙන්නෙ නෑනේ.
ඔව් ඒක හරි.. මම එහෙම කරනවා. මම මගෙ හිතට නොසෑහෙන්න ස්තූති කරා.
කල් ඇරියෙ නෑ. මන් එ වෙලාවෙම ක්‍රියත්මක උනා. මම දකිනා හැම දෙකටම මගේ දුක කිව්වා. ගහකොල, සතා සිව්පාවා, ලයිට් කනු, ගල්, බොරලු කැට පවා මගේ දුක අහන්න ඇති. අඩුම ගානේ එක වැලි කැටයක්වත් මම මග ඇරියෙ නෑ. පුංචි කූඹියෙක්වවත් අමතක කලේ නෑ. හැමෝටම මගේ දුක කිව්ව.
අම්මෝ දැනුන නිදහස. ලොකූ බරක් හිතෙන් නිදහස් උන වගේ. ලොකු සැහැල්ලුවක් දනුනා. ඒ ක්‍රමේනම් හොඳයි තමයි. මම මටම කියගත්තා. සැහැල්ලුව වැඩිකමට මට ටිකක් නින්ද ගියා. මම කොච්චර වෙලා නිදාගත්තද කියල මට මතක නෑ. ඒත් ඇහැරිලා බල්ද්දි ලොකු වෙනසක්. මුලු පරිසරයම වෙනස් වෙලා.
හොයලා බැලුවා මොකද කියලා. බලද්දි මෙන්න ටිකකට කලින් මම දුකකියපු අය හැමෝම කඳුලු පෙර පෙර අඬනවා. හැමෝගෙම ඇස් රතු පාට වෙලා.
ඇයි මේ? මම ඇහුවා.
අනේ... ඔයාගෙ දුක අහලා අපිට දුක හිතුනා. ඒකයි අපි මේ අඬන්නේ. හැමෝම කඳුලු පිහදදා උත්තර දුන්නා.
ම්..ම්..ම්...
මගේ දුක අහලා එයාලත් අඬනවනම්, මම අඬන්නෙ නැතුව ඉන්නෙ කොහොමද?
මමත් එයාලටම එක්කහු උනා.
දුක....
ReplyDeleteඅපි එපා කීවත්
අප තනි නොකරන
දුක......
හිත හිනා පිරුනත්
අත නොහැරම
සැඟව ඉන්නා....
හිත අග........
දිය යටට එබූ
ඉපිලියක් ලෙස
යලි යලිත් මතුව එන
නුඹයි....
මගේ මිතුර...
දුක.........
දුක තුලින් දුකම දැක
ReplyDeleteදුක තුළින් පෙරා ගෙන ජීවිතය
යන්න වෙයි තව දුරයි මඟ බෝම
සුපුරුදුයි නොවැ ඉතින්
දුක නම් ඉතින් මේ අපට
හේ හේ ....... මේක කියවපුහාම උබ දුකෙන ඉන්නාව කියලා පෙන්නේ නැහැ .. :D :D
ReplyDeleteමේක මාර ෆන් කතාවක් ....
[කොහොම උනත් ප්‍රියේහි විප්පයොගෝ දුක්කෝ කියලා කියනවා නේ ]
ගිලිල ඉන්න එපා කිව්වට වැඩක් නෑ.. මේකට කියන්න තියෙන්නෙ අර හිතට මල පැනල අන්තිමට කිව්ව එකම තමයි... GRRRR... කීව නාහන එකා! .... අනේ මල්ලි, ඔන්න විහිලුවට හොඳේ... හැමදේම හොඳට සිද්ද වෙයි... කාලයට ඉඩ දෙන්න...
ReplyDeleteදුක නැත්නම් ජීවිතේ වැඩක් නැහැ කියලා මම විශ්වාස කරනවා... ඔක්කොම වෙන්නෙ අපේම හොදටයි කියලා හිතන්න පුරුදු වෙන්න උත්සාහ කරන්න කියලා මම අවධාරනයෙන් කියනවා...
ReplyDeleteඔයා ප්‍රශ්නෙ අන්තෙටම ගියත් ආපහු මුලටම එන්න වුනා නේද? ඒකයි කියන්නේ සංසිර චක්කරේ කියල....
දුක තියෙද්දි තමයි ජීවත් වෙනව කියල දැනෙන්නෙ
ReplyDeleteකොල්ල මේ දවස්වල ලියන කතා නම් ටිකක් වෙනස්....මොකක් හරි හේතුවක් තියෙනවා
ReplyDeleteමුළු දුකම අකුරු කරලා බ්ලොග් එකක් හදන්න තිබුනා නේ..එතකොට ඔයා දුක කියන්න අනිත් අය ගාවට යන්න ඕන නෑ.. අපි එනවා ඔයාගේ දුක කියවලා බෙදා ගන්න..
ReplyDelete@Shadow/හේමලයා
ReplyDeleteඇයි බන් හැම තිස්සෙම වගේ සතුටට වඩා දුකම අපේ මිතුරා වෙන්නේ.
@ayesha
ඇත්ත තමා අයේශා.... දුක අපිට මොන තරම් පුරුදුද....
@වැප්
ඉහි ඉහි... උඹ මගේ දුකට ෆන් කතාවක්ලු... උඹ ඉතින් මාව අඬවලා හිනාවෙන එකානේ... අහුවෙද්දෙන්කො තෝ මට.....
@ජීවිතේමල්
ReplyDelete"කාලයට ඉඩ දෙන්න"
හ්ම්ම්... මම මේ දැන් කරන්නෙ ඒක තමා අක්කේ.
@තනෝජා රාජපක්‍ෂ
කොච්චර විසඳුම් හොයාගෙන ගියත් අන්තිමේ ආයෙමත් ඉන්නේ ප්‍රශ්ණේ පටන් ගත්ත තැනමයි. පස්සෙ බලද්දි විසඳුම් හොයන්න වෙන්න මහන්සියත් නිකම් අපරාදේ.
@Hasitha ජයසූරිය
ඒකත් හැමෑව. මොනවත්ම වෙන්නෙ නැතුවට වඩා මොනවම හරි වෙන එක හොඳලුනේ.
@දිල්
ReplyDeleteගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑලුනෙ අක්කේ.
මොකද මේ ටිකේ සෑහෙන්න බිසීද.. අලුතෙන් මොකුත් ලියලා තිබ්බෙත් නෑ.
@ෆා ද බ්ලොගී
අනේ කොයි තරම් දෙයක්ද බ්ලොගියෝ... අහන්නත් සතුටුයි.... ඒකනේ මම මේ දුක කැටි කරලා ලිපියක් ලිව්වේ.... මගේ දුක බෙදාගනන් ආවට ගොඩක් පින්. හැබෑයි ඕන් මගේ දුක අහලා ඔයා එහෙම අඬනවා නෙවෙයි.