වසන්තය නිමා විය
මල් පොකුරු මිලින විය
ඔබ නමින් මැව් හීන
දෑස් අග කඳුලු විය
දෑවසක් මුලුල්ලේ
ඔබගේම තුරුල්ලේ
තිබූ මෘදු
උණුහුමෙන් සැනහී
ගෙවූ කාලය
අදින් පසු නෑ
ආයෙමත් මා
සොයා එන්නේ
හීනි මල් වැස්සේ
එක කුඩය අස්සේ
නුඹේ බඳ වට
සුරත ලාගෙන
ගියපු එදවස්
අදින් පසු නෑ
ආයෙමත් මා
ලඟට එන්නේ
වසන්තය නිමා වූ
ඉරි තැලුන හදවතේ
කිසිත් නොමැතිව
අදින් පසු යලි
කඳුල පමණයි
ඉතිරි වන්නේ
වසන්තය නිමා වෙන්නෙ නෑ...යළිත් වසන්තය උදාවෙනවා.......අලුත් බලාපොරොත්තු එක්ක.......
ReplyDeleteවසන්න්තයක් ඇවිත් ගිහින් වගේ.......
ReplyDeleteසුවඳ මල් සුපිපිලා
ReplyDeleteගහ කොලත් නැළවිලා
දෑස් අඟ තැවරිච්ච
කඳුළු කැට වියලලා
වඩියි හෙට වසන්තය
ආයෙමත්
හදේ පෙම උතුරවා...
@nethara
ReplyDeleteමේක ජීවිතේටම එක පාරක් එන වසන්තයක් නෙතාරා.
@Shadow/හේමලයා
"වසන්න්තයක්" නෙවෙයි මචන්. වසන්තය. මොකද මේක තවත් එක් වසන්තයක් විතරක් නෙවෙයි.
@ayesha
අලුත් වසන්තයක් ගැන හිතනවට වඩා ගෙවුන වසන්තයේ මතකයන් තුල ජීවත් වීම සුන්දරයි.
malli,
ReplyDeleteoyaage mail eka balanna.
අනේ බන් පණුවෝ ඕවා ගනංගන්න එපා... ගිහින් බලපිය මර්ඩර් 2 වසන්තෙ රීමික්ස් කරලා ගන්න
ReplyDeleteඅර කිව්වත් වගේ ජීවිතයට වසන්තය එකම එකපාරක් විතරක් එන්නෙක් නෑ. ඒ නිසා අපි තව වසන්ත කාලයක් එනකන් බලාගෙන ඉමු. ඒක වැඩි ඈතක නෑ.
ReplyDeleteසීත නල රැල්
ReplyDeleteසැඟව යාවි,,
කුරුලු ගී වැල්
දසත මුසුවී
ගිමන් නිවනට
කාලයයි මේ
වසන්තය එන
තුරා සොයුරේ..