Monday, January 11, 2010

ලේ...ලා...ලී...ලූ...ල...

ගෙදර ගිහින් පරණ පොත් වගයක් අවුස්සද්දි කලෙකට ඉස්සර ලියපු කවියක් හම්බ උනා. මේක මම ලියල තියෙන්නේ 2006දි. ඒ දවස් වල පාඩම් කරන්න කියලා පුස්ථකාලෙට ගියනේ. එකෙදි පාඩම් කරාට වඩා කලේ කවි ලියපු එක. (ඒකනෙ අද මට මෙහෙම වෙලා තියෙන්නේ.) මෙකත් එකෙදිම ලියපු කවියක්. සෑහෙන්න කලෙකට පස්සෙ ඔය කවිය අයෙත් මගේ අතට හම්බ උනේ. ඒක කියවද්දි හිතුනා බ්ලොග් 1ට දැම්මනම් හොඳයි කියලා. කියවලා බලන්නකෝ.


ඔබෙ ආදරය ලැබුනොත් මට සුදු කෙල් ලේ
කැරකුන ලෙසකි මාගේ බඹරය වැල් ලේ
ඉපදෙන සෑම මතු භවයකදිම කෙල් ලේ
තැඹිලි ගෙඩි දෙකක් ලෙස ඉමු එක වල් ලේ

ලෝකෙට හොරෙන් වැඩිහිටියන් රවටා ලා
මොකටද පනේ බය වීගෙන ලව් කර ලා
ගෙදරට කියලා හොදවෙන් නැකතක් බල ලා
ජයටම මගුල් කමු අපි රටටම කිය ලා

කැන්දන් ගිහින් ගෙදරට මගෙ මනමා ලි
පලමුව ඇඳක් ගන්නවා දීලා සල් ලී
දාන්න ඕන ඇඳකට සවිමත් ලෑ ලී
එන්නේ නෑනෙ එතකොට වේයන් පේ ලී

බැන්දම හැදෙන්නේ බිරිඳට දොල දුක ලූ
ඔබටත් ඉතින් ඒ ඉරනම උරුමයි ලූ
ගෙනවත් කඩෙන් හොඳහැටි පදමට වේ ලූ
හදලා කවන්නම් ඔබහට බලමා ලූ

හිටියොත් මගේ ලඟින්ම හොඳ සුදු කෙල් ල
කවනවා අගේ ඇති කෑමක් වන කොහි ල
ගියොතින් නගේ ඔබ මට තියල පොල් ල
ගේනවා වෙන නගෙක් සහේට තෝ පල් ල

13 comments:

  1. A1 man A1......Absolutely fantastic!..or Coka-colastic?

    ReplyDelete
  2. හික් හික් පණුවන්ටත් හිතෙන දේවල්..

    ReplyDelete
  3. හික් හික් පණුවට උණ ද කොහේද

    ReplyDelete
  4. hik hik hik

    ගියොතින් නගේ ඔබ මට තියල පොල් ල
    ගේනවා වෙන නගෙක් සහේට තෝ පල් ල

    ReplyDelete
  5. ගියොතින් නගේ ඔබ මට තියල පොල් ල
    ගේනවා වෙන නගෙක් සහේට තෝ පල් ල

    ඔන්න ඕකනේ අපිත් කියන්නේ, ගිය හකුරට නාඩන්නේ, වෙන හකුරක් ගෙන කන්නේ කියලා........ :D

    ReplyDelete
  6. හෙ හෙ පට්ට සහෝ මේක දුන්නේ නෑනේ ද ..? අදාල අයගේ අතට .... හික්z..

    ReplyDelete
  7. ජයවේවා පණුවා...

    හිටියොත් මගේ ලඟින්ම හොඳ සුදු කෙල් ල
    කවනවා අගේ ඇති කෑමක් වන කොහි ල
    ගියොතින් නගේ ඔබ මට තියල පොල් ල
    ගේනවා වෙන නගෙක් සහේට තෝ පල් ල

    ReplyDelete
  8. "හිටියොත් මගේ ලඟින්ම හොඳ සුදු කෙල් ල
    කවනවා අගේ ඇති කෑමක් වන කොහි ල
    ගියොතින් නගේ ඔබ මට තියල පොල් ල
    ගේනවා වෙන නගෙක් සහේට තෝ පල් ල"

    නැතුව ඉතින් වෙන මොනවා කරන්නද :D

    ReplyDelete
  9. මරේ මරු... හෙහ් හෙ...

    ReplyDelete
  10. "එන්නේ නෑනෙ එතකොට වේයන් පේ ලී"

    අම්මප මං හිතුවෙ මෙතන්ට වෙන එකක් ඒවි කියලා :D

    ReplyDelete
  11. hmmm..panugaaya..panugaaya...!!!

    ReplyDelete