රතු ලපය
හොය හොය
සුදු වත පීරන
හිත් වල හැංගුනු
කලු ලප
අනේ....
මුන්ගේ පිරිසිඳුකම
Friday, December 24, 2010
ගෙදර බුදුන් නැන්දා...........!
"ගෙදර බුදුන් අම්මා" කියන කියමන මන් පොඩි කාලෙ ඉඳන්ම අහලා තිබ්බා. ඒත් ඒ කියමනට අමතරව තවත් කියමනක් තියෙන්න ඕන කියලා මන් ඒ කාලෙ හිතන් උන්නා. ඒ තමයි "ගෙදර බුදුන් නැන්දා" කියලා. මොකද මගේ ලමා කාලයෙන් වැඩි කොටසක් ගෙවුනේ මගේ ලොකු නැන්දා ගාව නිසා. ලොකු නැන්දා එහෙමත් නැත්නම් අපේ තාත්තගේ අක්කා, ළමයි 5 දෙනෙක්ගෙන් යුතු පවුලක වැඩිමලා. අපේ තාත්තා පවුලෙ 4 වෙනියා. ලොකු තාත්තා බැඳලා වෙනම පදිංචි වෙලා හිටියේ. අපේ තාත්තලාගෙ මහ ගෙදර ජීවත් උනේ අපේ තාත්තා ඇතුලු පවුලේ ඉතුරු 4 දෙනායි අපේ ලොකු නැන්දා විවාහ වෙලා හිටිය මාමායි විතරයි. කොහොම හරි අපේ තාත්තා අපේ අම්මව විවාහ කර ගත්තයින් පස්සෙ තත්තත් මහ ගෙදරින් වෙන් උනා. ඒ කාලෙ අපේ අම්මලාට එතරම් ආර්ථික අතින් සරු කාලයක් වෙලා නෑ. කුලියට ගත්තු තැනක තමයි අම්මලා ජීවත් උනේ. කොහොමින් කොහොම හරි මාත් ඉපදුනා කියමුකො. මන් ඉපදුනාට පස්සෙ අම්මලා ගෙවල් කීපයක්ම මාරු කරලා තියෙනවා. වැඩි හරියක් ඉඳලා තියෙන්නෙ අම්මගෙ යාලුවන්ගෙ ගෙවල් වල. පස්සෙ වෙනම තැනක් කුලියට අරගෙන ඇවිල්ල තියෙනවා මට අවුරුදු 2 ,3ක් විතර වෙද්දි. ඒවා හෙන දිග ස්ටෝරි. ඒ කාලෙ අම්මලාට හුඟක් දුෂ්කර වෙලා තිබුනට දැන් අපේ තාත්තා එහෙම ඒ කතා කියන්නෙ බොහොම සැහැල්ලුවෙන්. ඒ කාලෙ දිහෑ බලපුවාම එයාලට සියුම් ආඩම්බරයක් දැනෙනවා ඇති අපි නැගිට්ටෙ පල්ලෙහාම තැන ඉඳන් නේද කියලා.
Tuesday, December 7, 2010
Thursday, December 2, 2010
සුභ මංගලම්.....!
සෙනෙහස් ගඩොලින් තැනූ කලක සිට
ආදර මන්දිරයේ
කිරි උතුරා සුභ මොහොතින් මංගල
ගෙවදුන දිනයයි මේ
මහමෙර පරදන ආදර සෙනෙහස
ඇති දෙදෙනා අතරේ
දිනෙන් දිනම තව තව වැඩි වේවා
පැතුමයි මේ සසරේ
තබන තබන පය ජය මල් පීදී
දිනුමයි නිති ගමනේ
සදාකල්ම සාමය වැජඹේවා
තැනු ආදර විමනේ
සිඟිති සිනා මුව මල් පීදෙනදා
මතු දින ඔබ සෙවනේ
ඒ සුරතල් ලඟ හද සැනසේවා
සැමදා ඔබ අරණේ
පතමි සිත තුල නැගෙන අපමණ
සතුට සෙනෙහස පොදි බැදන්
සසර පුරාවට දිවිය තුරාවට
මංගලම් සුභ මංගලම්
අද දින සුභ මොහොතින් යුග දිවියට පත්, මා මිත්‍ර කාර්‍යාලීය සගයා ලබැඳි සොහොයුරා දයාබර හිතවතා වන සන්ජය ගුණවර්ධන හා ඔහුගේ දයාබර බිරිඳ නිශාදරී ද සිල්වා යන දෙපලට සුභම සුභ වූ අනාගතයකට ආසිරි..................
ආදර මන්දිරයේ
කිරි උතුරා සුභ මොහොතින් මංගල
ගෙවදුන දිනයයි මේ
මහමෙර පරදන ආදර සෙනෙහස
ඇති දෙදෙනා අතරේ
දිනෙන් දිනම තව තව වැඩි වේවා
පැතුමයි මේ සසරේ
තබන තබන පය ජය මල් පීදී
දිනුමයි නිති ගමනේ
සදාකල්ම සාමය වැජඹේවා
තැනු ආදර විමනේ
සිඟිති සිනා මුව මල් පීදෙනදා
මතු දින ඔබ සෙවනේ
ඒ සුරතල් ලඟ හද සැනසේවා
සැමදා ඔබ අරණේ
පතමි සිත තුල නැගෙන අපමණ
සතුට සෙනෙහස පොදි බැදන්
සසර පුරාවට දිවිය තුරාවට
මංගලම් සුභ මංගලම්
අද දින සුභ මොහොතින් යුග දිවියට පත්, මා මිත්‍ර කාර්‍යාලීය සගයා ලබැඳි සොහොයුරා දයාබර හිතවතා වන සන්ජය ගුණවර්ධන හා ඔහුගේ දයාබර බිරිඳ නිශාදරී ද සිල්වා යන දෙපලට සුභම සුභ වූ අනාගතයකට ආසිරි..................
Tuesday, November 16, 2010
Thursday, November 4, 2010
Wednesday, November 3, 2010
වැරදුන දඩයම
ගිය අවුරුද්දේ හරියටම මේ දවස් වල මම කරාපිටියෙ ඉස්පිරිතාලේ ඇඳක් උඩ දපලා ඉන්නවා. ඔක්තෝඹර් 31 වෙනිදා ඉඳන් නොවෙම්බර් 7 වෙනිදා වෙනකම් දවස් 8ක්ම බෙහෙත්, ඉන්ජෙක්ශන්, සේලයින්, නර්ස්ලා, දොස්තරලා අතරේ හිර වෙලා ජීවත් වෙන්න උනා. මාව ඇතුල් කරගත්තේ ඩෙංගු කියලා. පස්සෙ කිව්වා මී උණ කියලා. ඊට පස්සෙ කිව්වා මුත්‍රා මාර්ගෙට විශබීජයක් ගිහින් කියලා. ඊට පස්සෙ තවත් මොකද්දෝ ලෙඩක් කිව්වා. හප්පා ඒක නිකන් මහ භයානක නමක්. නමේ බර වැඩි කමට මට දැන් ඒක මතකත් නෑ. මම එහෙම නමක් තියෙන ලෙඩක් ඇහුවෙ එදාමයි. ඒ වෙලාවෙනම් මන් හිතුවා මන් මැරේවිමයි කියලා. එච්චර භයානක නමක් තිබ්බේ ඒ ලෙඩේට. කොහොම හරි අන්තිමේ ලේ වලට විශබීජයක් ගිහින් කියලා අවසන් නිගමනයකට ඇවිත් මාව ටිකට් කපලා ගෙදර එව්වා. ඇත්තටම තිබ්බ ලෙඩේ මොකද්ද කියනන් දන්නෙ දෙයියෝ තමයි. ඒකෙන් මේකෙන් උනේ මදුරුවන්ටත් හපන් විදියට පැයෙන් පැයට ඉන්ජක්සන් කට්ටක් උස්සන් එන නර්ස් ඇන්ටිලාට ලේ පූජා කරන්නයි, පෙනිසිලීන් විදින කොට තියෙන ෆුල් ආතල් 1 විඳගැනීමයි විතරයි. හප්පා ඒකනම් ෆුල්ම ආතල් එකක් තමයි. පැය 6න් 6ට ඒක විදිනවා. විදින්න පැයකට දෙකකට කලින් ඉඳන්ම හූල්ල හූල්ල ඉන්නවා 'අයියෝ තව ටිකකින් අර මගුල විදියි' කිය කිය. විද්දිදි තියෙන්නෙ අමුතුම සැපක්. මැනික් කටුව ගාවින් බෙහෙත ඇඟට ඇතුල් වෙද්දි උරහිස ගාවට යනකම්ම ඒ සැප දැනෙනවා. ඊට පස්සෙ ඉතින් ආයෙත් පැයක් විතර යනකම් අතම අත ගගා ඉන්නවා. ඒ අස්සේ වැලමිට හරියේ ඇතුල් පැත්තේ තනිකර හිල් විමානයක් ලේ අරන්ම. මදුරුවො තව හොදයි අප්පා.
Subscribe to:
Posts (Atom)
