Tuesday, November 22, 2011

යන්නට යමි


වැහපන් මහ වරුසා වැහැපන්
ඇගේ කඳුලු සෝදා වැහපන්
වාවනු බැරි නෙතු පුරා නැගී එන
කඳුලු වසා වැහි බිඳු වැටියන්

සිනහා දරා මා සිත අභියස
ඔබ සිටි මුත් දැහැනට සම වී
මා හදවත තුල නොනැගුණු ප්‍රේමය
කෙලෙස ඉම්ද ඔබහට පුද දී

පැතුම් පුරවමින් ඔබ සිත තුල
බැහැ ඉන්නට කරමින් පවු කම්
ඔබෙන් මිදී ඔබහට නිදහස දී
යන්නට යමි තෙත් සිත සඟවන්


11 comments:

  1. ආ මල්ලී... :)

    සේරම හරි හදවත තෙත් වෙන්නේ ඇයි ආදරයක් නැත්තම්.? අනුකම්පාවටද..? මට එතන ටියුබ් ලයිට්...

    ReplyDelete
  2. මේ බං අයියේ.. කැමරාවක් ගැන ලියහංකො.. මගුල කවිම ලියන්නෙ :|

    ReplyDelete
  3. උගුරට හොරා බෙහෙත් බොන සීන් එකක් වගේ මටනම් පේන්නෙ :/

    ReplyDelete
  4. වැහපන් මහ වරුසා වැහැපන්
    ඇගේ කඳුලු සෝදා වැහපන්

    ඔහොම කියනවා වෙනුවට අද හුග දෙනෙක් කරන්නේ ඈව අඩවන එක

    ReplyDelete
  5. ඇත්ත ආදරේ නැත්නම් ලං වෙලා ඉදලා මොකටද??

    ReplyDelete
  6. ඒත් එක පැතුමක් හරි දුන්න නම්...දාලා යන එක පව්..

    ReplyDelete
  7. @Beetle
    දුක, අනුකම්පාව.
    අනුකම්පාවයි ආදරයයි දෙක පටලවාගෙන බැහැ.

    @Bunny
    යකෝ ඉඳලා ඉඳලා යාන්තම් කවියක් හරි ලියවුනා. උඹ ඒකත් එපාලු. :D

    @සීතල අයියා
    හෑ.... උඹටත් පේන දේවල්. :ඪ්

    @බට්ටි
    හුඟ දෙනෙක් එහෙම කරද්දි එක්කෙනෙක්වත් මෙහෙම කරනන් එපැයි.

    @ජීවිතේ මල්
    හ්ම්ම්ම් අක්කේ හ්ම්ම්ම්.

    @Dinesh
    අන්න ඒකනෙ බන්.

    @සුජානි
    තව කාලයක් තිස්සේ තවත් පැතුම් පුරවල ඒ පැතුම් ඉටු කරන්න බැරි උනොත් මොකද වෙන්නේ.

    ReplyDelete
  8. මහ වැසි වැටුනාට
    නොසේදේ මේ කඳුළු
    ඔබ ලඟින් සිටි නම්
    නොවැටෙවි මේ කඳුළු

    යන්නට එපා දුරකට
    ඉන්න ඔබ ඔතන ඔහොමම
    ආදරය නැතිවාට කම් නැ
    නොයා ඉඳි නම් ඈතට

    වාවන්න බැ මට
    ඔබෙ නිහඬ නික්මීම
    ඉඩ දෙන්න වෙන්ට මාහට
    ඔබේ සදාකල් දාසිය.....

    ReplyDelete
  9. @Red Riding Hood
    පිලිතුරු කවියනම් මාරෙට හිතට වැදුනා ඈ. නියමයි. සුපිරියටම ඒක ලියලා තියෙනවා.

    ReplyDelete
  10. බොහෝම ස්තුතියි.. පිළිතුරු කවිය එහෙම ලියවෙන්න ඇත්තේ ඔයාගෙ කවියෙන් කියන විදිහේ අත්දැකීමක් මටත් තියෙන නිසා වෙන්නැති....

    ReplyDelete