ඇගේ කඳුලු සෝදා වැහපන්
වාවනු බැරි නෙතු පුරා නැගී එන
කඳුලු වසා වැහි බිඳු වැටියන්
වාවනු බැරි නෙතු පුරා නැගී එන
කඳුලු වසා වැහි බිඳු වැටියන්
සිනහා දරා මා සිත අභියස
ඔබ සිටි මුත් දැහැනට සම වී
මා හදවත තුල නොනැගුණු ප්‍රේමය
කෙලෙස ඉම්ද ඔබහට පුද දී
පැතුම් පුරවමින් ඔබ සිත තුල
බැහැ ඉන්නට කරමින් පවු කම්
ඔබෙන් මිදී ඔබහට නිදහස දී
යන්නට යමි තෙත් සිත සඟවන්
ඔබ සිටි මුත් දැහැනට සම වී
මා හදවත තුල නොනැගුණු ප්‍රේමය
කෙලෙස ඉම්ද ඔබහට පුද දී
පැතුම් පුරවමින් ඔබ සිත තුල
බැහැ ඉන්නට කරමින් පවු කම්
ඔබෙන් මිදී ඔබහට නිදහස දී
යන්නට යමි තෙත් සිත සඟවන්
ආ මල්ලී... :)
ReplyDeleteසේරම හරි හදවත තෙත් වෙන්නේ ඇයි ආදරයක් නැත්තම්.? අනුකම්පාවටද..? මට එතන ටියුබ් ලයිට්...
මේ බං අයියේ.. කැමරාවක් ගැන ලියහංකො.. මගුල කවිම ලියන්නෙ :|
ReplyDeleteඋගුරට හොරා බෙහෙත් බොන සීන් එකක් වගේ මටනම් පේන්නෙ :/
ReplyDeleteවැහපන් මහ වරුසා වැහැපන්
ReplyDeleteඇගේ කඳුලු සෝදා වැහපන්
ඔහොම කියනවා වෙනුවට අද හුග දෙනෙක් කරන්නේ ඈව අඩවන එක
:-/ uba kala de hari malli :D
ReplyDeleteඇත්ත ආදරේ නැත්නම් ලං වෙලා ඉදලා මොකටද??
ReplyDeleteඒත් එක පැතුමක් හරි දුන්න නම්...දාලා යන එක පව්..
ReplyDelete@Beetle
ReplyDeleteදුක, අනුකම්පාව.
අනුකම්පාවයි ආදරයයි දෙක පටලවාගෙන බැහැ.
@Bunny
යකෝ ඉඳලා ඉඳලා යාන්තම් කවියක් හරි ලියවුනා. උඹ ඒකත් එපාලු. :D
@සීතල අයියා
හෑ.... උඹටත් පේන දේවල්. :ඪ්
@බට්ටි
හුඟ දෙනෙක් එහෙම කරද්දි එක්කෙනෙක්වත් මෙහෙම කරනන් එපැයි.
@ජීවිතේ මල්
හ්ම්ම්ම් අක්කේ හ්ම්ම්ම්.
@Dinesh
අන්න ඒකනෙ බන්.
@සුජානි
තව කාලයක් තිස්සේ තවත් පැතුම් පුරවල ඒ පැතුම් ඉටු කරන්න බැරි උනොත් මොකද වෙන්නේ.
මහ වැසි වැටුනාට
ReplyDeleteනොසේදේ මේ කඳුළු
ඔබ ලඟින් සිටි නම්
නොවැටෙවි මේ කඳුළු
යන්නට එපා දුරකට
ඉන්න ඔබ ඔතන ඔහොමම
ආදරය නැතිවාට කම් නැ
නොයා ඉඳි නම් ඈතට
වාවන්න බැ මට
ඔබෙ නිහඬ නික්මීම
ඉඩ දෙන්න වෙන්ට මාහට
ඔබේ සදාකල් දාසිය.....
@Red Riding Hood
ReplyDeleteපිලිතුරු කවියනම් මාරෙට හිතට වැදුනා ඈ. නියමයි. සුපිරියටම ඒක ලියලා තියෙනවා.
බොහෝම ස්තුතියි.. පිළිතුරු කවිය එහෙම ලියවෙන්න ඇත්තේ ඔයාගෙ කවියෙන් කියන විදිහේ අත්දැකීමක් මටත් තියෙන නිසා වෙන්නැති....
ReplyDelete