මලවිගෙ හී රැඳුනිද හදවත මත
ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට
ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට
කුමරුන් වැඩියද සෙලවූ ඔය සිත
ඔබෙ හිත ගස්සා හදවත අල්ලා
පෙම් දිය දහරින් දිවියම නහවා
සුදු අසු පිට නැග ඈතක ඉඳලා
රෝස මලක් ගෙන වැඩියද කුමරා
මල වට සරනා බඹරුන් වාගේ
කුමරුන් සිටියත් පතමින් ආලේ
හඳුනාගන්නා හදවත් රාවේ
කෙනා වඩින තුරු මග බැලුවානේ
එකට පා තබා එක මග යන්නට
පැතූ කෙනා ලැබුනාදෝ දිවියට
එහෙනම් කුමරියෙ ලඟදිම දවසක
හැඬවෙයි මංගල සීනුව දොරකඩ
ප්‍රේමයෙ මල් දම් එතුනිද ගෙල වට
ආල හැඟුම් තෙරපෙයිදෝ හිත යට
කුමරුන් වැඩියද සෙලවූ ඔය සිත
ඔබෙ හිත ගස්සා හදවත අල්ලා
පෙම් දිය දහරින් දිවියම නහවා
සුදු අසු පිට නැග ඈතක ඉඳලා
රෝස මලක් ගෙන වැඩියද කුමරා
මල වට සරනා බඹරුන් වාගේ
කුමරුන් සිටියත් පතමින් ආලේ
හඳුනාගන්නා හදවත් රාවේ
කෙනා වඩින තුරු මග බැලුවානේ
එකට පා තබා එක මග යන්නට
පැතූ කෙනා ලැබුනාදෝ දිවියට
එහෙනම් කුමරියෙ ලඟදිම දවසක
හැඬවෙයි මංගල සීනුව දොරකඩ
හම් හම්......
ReplyDeleteසූටි කාලෙ "රෝස මලේ නටුවෙ කටු"
ReplyDeleteකියල ඉගෙන ගන්නෙ කට කහනවට නෙවේනේ :)
අනුරාධ , මට ඔබතුමාගේ ඊ මේල් ලිපිනය එවන්න පුළුවන්ද . මගේ ඊ මේල් ලිපිනය viyamana.art@gmail.com මේකට මේල් එකක් දාන්න .
ReplyDeleteකොයි කුමරෙක්ද මේ...
ReplyDeleteලස්සන කවිය අයියා..පරණ අනුරාධ ගොඩ කාලෙකින්..
ආ හරි වගේ එහෙනම්...හික්ස්...
ReplyDeleteඅපූරු පද පෙළ
ReplyDeleteharima apuru kavi pelak...
ReplyDelete