Wednesday, April 20, 2011

රියලිටි(ද මංදා)

වලාකුළු මත රැඳුන දිය බිඳු
සිහින් පොද වැස්සක් වෙලා
චණ්ඩ හිරු රැස් කලක සිට වැද
රත්ව ගිය බිම තෙත් කළා
වැටුණ වැහි බිඳු වැදී ඇහැරුණ
පුංචි දුහුවිලි කැට පවා
ඇස් අරින්නට මග බලා සිටි
ගසක දළු සිප සැනසුවා

උඩින් පොළවට බිමින් අහසට
යනෙන එක වෙහෙසක් නිසා
හිරු මතට බැස හිරු නිවන්නට
වලාකුළු කතිකා කළා
එකට එක්වුණු වලාකුළු රැස
හිරුට ටික ටික ළඟා වෙද්දී
රුදුරු ගිනි දැල් වැදී සැණෙකින්
ජීවිතය අහවර කළා

පලා ගොස් සිය දිවිය රකගත්
එකම දිය බිංදුවක් පමණක්
කලක් එහෙ මෙහෙ පාවෙලා ගොස්
පොළෝ තලයට එක් උණා

13 comments:

  1. Ado ROCK type eke sinduvak karamu meken..

    ReplyDelete
  2. පුදුම තරම් ලස්සනයි යාලු..

    ReplyDelete
  3. හරිම ලස්සන කවි පෙලක්නේ....

    ReplyDelete
  4. මරුනෙවැ.. :D උබට මාර මාර අදහස් නේ එන්නෙ :D

    ReplyDelete
  5. ඒක නියමයි... :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ReplyDelete
  6. max to da fullest :D

    ReplyDelete
  7. හරිම ලස්සන කවි පෙලක් අයියා...

    ReplyDelete
  8. මෙන්න මල්ලි උඹේ නියම ටැලන්ට්ස්..... ! පොලිශ් කරගන්න කාලෙ හරි :)
    ජයෙන් ජය !!!!!

    ReplyDelete
  9. ශා.... ඔයා මාර කවියෙක්නේ... උපරිමයෙන්ම රස වින්දා... හරිම ලස්සනයි... :)

    ReplyDelete
  10. හරිම ලස්සනයි..!! ගති කියන්නේ මරුම තමා..!!!

    ReplyDelete
  11. ඇත්තටම යාළු හුඟාක් ලස්සනයි මේ පද වැල් ටික නම්

    ReplyDelete
  12. අදහස් දැක්වූ සියලු දෙනාට තුති!
    ඔය දිරි ගැන්වීම් මට මිල කල නොහැකියි.
    ස්තූතියි!!!

    ReplyDelete