Thursday, May 6, 2010

බිඟුවාට බයිසිකලයක්??????

අපේ බිඟු අයියන්ඩියා අමුතු ජතියේ බයිසිකල් දෙකක්ම හඳුන්වලා දුන්නනේ. අද මටත් හම්බ උනා ඒ වගේම අමුතු ජතියේ බයිසිකලයක්. පාරේ තොටේදි නෙවෙයි හැබැයි හම්බ උනේ. අන්තර්ජාලේ ඇතුලෙදි. බිඟු අයියට එයාගේ බයිසිකල් කලෙක්ශන් එකට එකතු කරගන්නත් එක්ක ඔන්න මන් ඒක දානවා. හැබැයි ඔන්න මන් මේ හැමෝටමයි කියන්නෙ හරිද. මේක දැකලා ආස හිතිලා, මේ වගේ එකක් හදාගෙන පදින්න ගිහිල්ලා, වැටිල බෙල්ල කඩාගෙන එහෙම මන් ගාවට එන්න එපා.

14 comments:

  1. ආස වුනත් ඉතින් මට ඕක තියා නිකම් බයිසිකලයක්වත් පැදගන්න බැරි බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි......... :(

    ReplyDelete
  2. හපොයි දෙයියනේ.........පොළොවෙද නැත්තම් අහසෙද යන්න හදන්නේ මේ මනුස්සයා ?

    ReplyDelete
  3. රක්ශන දෙක තුනක් ගන්න වෙනවා...ඔක පදින්න නම්.....

    ReplyDelete
  4. අපරාදේ ඔය නිකන් තියෙන රෝද වලින් තව කීප දෙනෙක්ට බයිසිකල් හදාගන්නත් තිබ්බ...... :D :D :D :D

    @ විශ්මි...
    ඉතින් අයියගෙන් ඉගෙනගන්නකෝ අක්කේ....

    ReplyDelete
  5. @විශ්මි
    අයියෝ...... ඒකනම් අහන්නත් දුකයි. ඇයි ගෙදරින් තහංචි පනෝලද තිබ්බෙ බයිසිකල් පදිනවට. අර හා පැටික්කි කියන්න වගේ දැන් ඉතින් රේවන්ගෙන් ඉගෙනගත්තනම් හරිනෙ.

    @දිල්
    කොහොමත් වැඩිකල් නොගිහින් ස්වර්ගස්ත වෙන්න ලැබෙයි කියලනම් හිතෙනවා.

    @ඉලංදාරියා
    අනේ අනේ ඉලංදාරියෙක් වෙලත් ඔහොම කතා කරනවද. අපිනම් ඉලන්දාරි කාලෙ මේ වගේ දේවල් වලට ඔහොම බය උනෙ නෑ. හික්ස්.

    @හා පැටික්කි
    සමහර විට මිනිහා ටයර් කොම්පැණියකද දන්නෙ නෑනෙ වැඩ කරන්නෙ. ටයර් විකුනන්න යන ගමන් වෙන්නත් බැරි නෑ.

    ReplyDelete
  6. මට මේ දැන් කල්පනාවට ආවේ අපෙ මේ හා පැටික්කිගේ කතාව ඇහුවම. හැබෑටම මේකට දැන් බයිසිකලයක් කියල කියන්න බෑනෙ. බයිසිකලේ කියන්නෙ රෝද දෙකක් තියෙන හින්දනේ. අම්මප දැන් මොකද්ද මේකට කියන නම..............

    ReplyDelete
  7. හා පැටික්කියි අනුරාධයි සෙට් වෙලා මාව ලෝක අමාරුවක දාන්න යන්නෙ. හෙහෙ..ඔන්න ට්‍රයිසිකල් එකක් වගේනම් ගේමක් නැතිව පුරුදු කරන්න තිබ්බා.

    මේ බයිසිකලෙන් බහින්න නම් ගහකටවත් හේත්තු වෙන්න වෙයි නේද?

    ReplyDelete
  8. @හා පැටික්කි....... අපොයි ඊට වඩා හොඳයි නංඟියො මෙහෙමම ඉන්නවා නැත්නම් මට ඉන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ හදිසි අනතුරු වාට්ටුවේ තමා.......


    @ අනුරාධ..... ගෙදරින් නම් තහංචි නෑ අනුරාධ... අපේ අයියා කෙනෙක් පොඩිකාලෙ මාව බයිසිකලෙන් එක්කන් ගිහින් වැට්ටුවා බොහොම දරුණුවට....... නතර වුනේ ලයිට් කණුවක හැප්පිලා බ්‍රේක් නැතුව ගිහින්.... එදා ඉඳන් බයයි......... :(


    @රේවන්.... ඔයාට ට්‍රයිසිකල් පදින්නත් පුළුවන්ද? :O මම දන්නේත් නෑනෙ...... :D

    ReplyDelete
  9. මමත් දැක්කා ඕක. මටත් මතක් උනේ බිඟුවා සහෝව...

    ReplyDelete
  10. @Raven
    ට්‍රයිසිකලේ රෝද තුනයි. මේකේ රෝද කීයක්ද. එහෙම බැලුවම ට්‍රයිසිකලේට වඩා මෙක ලේසි නොවැ.

    ඒ කියන්නෙ කාන්තාරෙක පදින්න සුදුසු වාහනයක් නෙවේ මේක. ගහක් නෑනෙ බැහැගන්න ඕන වෙලාවට.

    හැබෑටම මේ මොකද්ද මේ විශ්මි ලමයා කරන චෝදනාව. ඇත්තෙයි මේ කියන්නේ. කසාද බැඳපු ජෝඩුවක් වෙලා ඔහොම රහස් තියාගන්න එක හොඳෙයි මන් අහන්නේ. හැබෑටම මොකො තමුන්ට ට්‍රයිසිකල් පදින්න පුලුවන් කියලා විශ්මි ලමයට කිව්වෙ නැත්තෙ.

    @විශ්මි
    වැටි වැටි තමයි ඉතින් නැගිටින්නෙ. අපිත් ඕන තරම් වැටිලා තියෙනවා. සැරයක් දෙපාරක් වැටුනා කියලා අධෛර්යමත් වෙන්න එපා. දිගටම උත්සහා කරන්න. අපි වැටෙනවා. වැටුනම රිදෙනවා. ඒ වේදනාවම අපි ශක්තියක් කරගන්න ඕන අපේ ගමන අයෙමත් ඉස්සරහටම යන්න. එහෙම උනොත් අපිව කවදාවත් කාටවත් පරාද කරන්න බෑ. වටෙනවට බයේ, රිදෙනවට බයේ අපි අපෙ ගමන නැවැත්තුවොත් අපි නිකම්ම පරාද වෙනවා.

    @හසී
    මටත් මේක දැක්ක ගමන් මතක් උනේ බිඟුවා අය්යන්ඩිම තමයි. ඒක තමයි මන් මේක දැම්මෙත්. කෝ දැන් කාලෙක ඉඳන් බිඟුවා පේන්න නෑනෙ. මොනා වෙලාද මන්දා.

    ReplyDelete
  11. මේකෙ ඔය තියෙන රෝද ඔක්කොම බිම ගෑවෙනවනම් ඉතින් ගේමක් නැතුව පදින්න තිබ්බ. කොහොම කලත් රෝද දෙකනෙ බිම ගෑවෙන්නෙ.

    ReplyDelete
  12. @Anonymous
    ඔය යන විදියට කොහොමත් වැඩි වෙලා නොගිහින් රෝද සේරම බිම ගෑවුනේ නැත්නම් තමා පුදුමෙ.

    ReplyDelete
  13. අප්පට සිරි ගජ කිව්වලු.
    බලපල්ලකෝ මේකේ රඟේ....
    මේක නම් ලංකාවේ භාන්ඩයක් නෙමෙයි වගේ...

    /බිඟුවා...!

    ReplyDelete
  14. @බිඟුවා
    නෑ නෑ මේක මෙහේ භණ්ඩයක් නෙවෙයි. ඔය සුදු මහත්තයෙක් නොවැ වාහනේ පදින්නෙත්. හැබැයි මෙහේ නිෂ්පාදනය කොරලා පිට රටට යවපු එකක්ද කියලනම් කියන්න දන්නෙ නෑ.

    ReplyDelete