Tuesday, May 4, 2010

අයෙමත් මට ලෙඩේ බෝවෙලා...........

මට පේන්නෙ මට අයෙමත් පුරුදු ලෙඩේ බෝ වෙලා වගේ. මාර කේස් එක. අනේ මන්දා දැන් මොනවා කරන්නද කියලා. මේ ලෙඩේ උත්සන්න උනොත්නම් ඉතින් බඩුම තමයි. ඊට කලින් මොකක් හරි පිලියමක් කරන්නම වෙනවා. ඒත් ඉතින් මොකද්ද මේකට කරන්න තියෙන පිලියම. අනේ මන්දා මේ ජරා ලෙඩේ නවත්තගන්න බෑනෙ මොනවා කරලවත්. මේකනම් මහ කරුමක්කාර ලෙඩක්. මේ හොඳට ඉන්නවා. ඔන්න හිටිගමන් මේ ජරා ලෙඩේ මගේ ඔලුව පුරා පැතිරෙනවා. සැරෙන් සරේ මේ කරුමක්කාර ලෙඩේ මට වද දෙනවනෙ. මේ ලෙඩේ නිට්ටාවටාම සුව කරගන්න තුරු මට කවදාවත් සැනසීමක්නම් ලැබෙන්නෙ නෑ.
                                       ඇත්තටම කම්මැලි කම කියන්නෙ කොච්චර ජරා ලෙඩක්ද කියලා තේරෙන්නෙ කම්මැලි කම ඔලුව පුරා පැතිරුනාට පස්සෙ. ඒත් වැඩේ කියන්නෙ ඒක හැදුනට පස්සෙ කම්මැලිකම  නැති කරගන්න මොකවත් කරන්න හිතෙන්නෙත් නෑ. මොකද ඒකටත් කම්මැලියි. ඇත්තටම මන් ආයෙ කම්මැලි වෙලා. ලියන්න හිතෙන්නෙ නෑ. අලුත් දෙයක් හිතන්න හිතෙන්නෙ නෑ. අය්යෝ.... මාර වැඩේ. ශික්.... මට මේ ජරා පුරුද්ද අත ඇරගන්න බෑනෙ. මොකක් කරන්න පටන් ගත්තත් ටික කාලෙකින් හෙන කම්මැලි කමක් ගහනවා. ඒ පාර ඉතින් ඔක්කොම වැඩ කොට උඩ. මගේ පරණ ෆයිල්, පොත් එහෙම අවුස්සලා බැලුවොත් ලියන්න පටන් අරගෙන, ,ඒත් ඉවර කරලා නැති කතා කෑලි ඕන තරම් හොයාගන්න පුලුවන්. මුලින්ම හිත ගියේ රහස් පරීක්ශක කතා ලියන්න. ඔන්න පටන් ගත්තා. කොහේද බාගයක් ලියද්දි කම්මැලිකම කියන රාක්ශයා මගේ ඔලුව අරක් ගත්තා. ඊට පස්සෙ විද්‍යා ප්‍රබන්ද. ඒකටත් අර ආනිසන්සෙම තමයි. ලියලා ඉවර කරන්න ලැබුනේ කතා දෙකයි. වැඩේ කියන්නෙ ඒ දෙකම තමයි මන් ලඟ දැන් නැත්තෙත්. මන් හිතන්නෙ ගෙදර අස් පස් කරද්දි තාත්තා කොහේ හරි දාලද කොහේද. අන්තිමට ආදර කතා වලට බැස්සා. ඔන්න ඒ ලියන්න ගත්ත එකත් තියෙනව මගින් නැවතිලා. අනේ මන්දා වෙලාවකට මට මන් ගැනම ලැජ්ජයි.
                                              දැන් ඔන්න මේ බ්ලොග් ලියන එකටත් මේ ජරා ලෙඩේ බෝ වේගෙන එනවද කොහෙද. කම්මැලි වැඩේ මේක කොටන එක. මන් කියවද්දි වෙන කවුරු හරි ඉන්නවනම් කොටන්න වැඩේ ශේප්. හරි යන්නෙ නෑ. පෞද්ගලික ලේකම්වරියක් ගන්න වෙයි වගේ. නැද්ද ඔයාලා දන්න කියන කෙනෙක් එහෙම. හොඳ සුදුසුකම් තියෙන කෙනෙක්. ලස්සන, හොඳ පෙනුමක් තියෙන, හැඩකාර විසේකාර තරුණ ලමිස්සියෙක් එහෙම. ( ඉන්නවනම් මට රහසින් කියන්න. නැත්නම් අපේ පවුලට ඇහෙයි )
              ඇත්තටම අනේ ඔයලා එහෙම දන්නෙ නැද්ද මේ කම්මැලි කමට හොඳ බෙහෙතක්. දන්නවනම් කියන්නකො. නැත්නම් මේ ජරා ලෙඩේ දවසින් දවස මාව මහම මහා කම්මැලියෙක්ගේ තැනට ගේනවා.

29 comments:

  1. උඹ හොදයි බං මට වඩා..

    අර ලමිස්සියෙක් වැඩට ගන්න එක ගැන නම් මාත් කල්පනා කරන්න ඔනේ..

    ReplyDelete
  2. මමත් ඕකට බෙහෙත් හොයනවා බන්. මගෙත් කතන්දර දෙක තුනක් තියනවා පටන් ගත්ත තැනම හිරවෙලා පල්වෙන.

    මොනව උනත් පොඩි අදහසක් දෙන්නම් හරි යයිද දන්නෙ නැහැ හැබැයි උත්සාහ කරල බලපන්.

    කම්මැලි කම සහ ඒහා බැඳුන හිතුවිලි, කම්මැලිකමේ අතුරු ඵල වගේ දේවල් ගැන තව තව දේවල් ටිකක් ලියල දාන්න බලපන්. මොකද උඹ දැන් අත්විඳින ලොකුම අවහිරය මේ කම්මැලිකමනෙ. ඒ නිසා ඒක ගැන දේවල් ඔලුවට එයි සහ ලියවෙයි අනිත් ඒවට වඩා. ඒකෙන්ම ගැම්ම ගනින් තව දේවල් ලියන්න.

    (හැබැයි කම්මැලිකම ගැන ලියන්නත් කම්මැලිනම් ඉතින් බඩුම තමා..හික් හික්)

    ReplyDelete
  3. බෙහෙතක් දන්නව කොල්ලො.
    ඒත් දැන් කම්මැලියි බං පස්සෙ වෙලාවක කියන්නම්.

    ReplyDelete
  4. හික්ස්..බලන්ගියාම මම ඉන්නේ මහා කම්මැලියො ගොඩාක් එක්කනෙ, රේවන්, outsider ....ඊටත් වඩා පුදුමෙ මේ අපේ මාරයියනෙ...එයාත් කම්මැලි උනොත් අනිත් අය අමරණිය වෙනවා කියලා නිකම්වත් හිතෙන්නෙ නැද්ද මන්දා :P

    මම නම් කම්මැලි නෑ චුට්ටක්වත්.ඒත් ඉතිං ගෙදර ඉන්න දවසට දවසම නිදා ගන්නවා විතරමයි..ඒක කම්මැලි වැඩක් නෙමේනෙ..නේද අනුරාධ .....:)

    මොනා උනත් ඔයාගේ රෝගෙනම් භයානකයි. ඉක්මනින් ඔළුවෙන් හිට ගන්න ;)

    ReplyDelete
  5. @මාරයාගේ හෝරාව
    අන්න ඒ අදහසනම් හොඳයි මාරයියේ. දැන්වත් ඒ ගැන හිතුන එක හොඳයි. නැත්නම් තව ටික කාලෙකින් ගන්න වෙන්නෙ ලමිස්සියක් නෙවෙයි. ආච්චි කෙනෙක්. හික්ස්

    @Raven
    උඹට කියන්න මචන් මට ඔය කමමැලියි කියන වචනෙ ලියන්නත් හෙන කම්මැලියිනෙ බන්.

    @Outsider
    අපෝ.. මහම මහා කම්මැලියෙක්නේ. ඉක්මනට කියන්න. නැත්නම් අයෙත් පාරක් අහන්නත් මට කම්මැලි හිතෙයි.

    @දිල්
    අම්මපා ඇත්ත නේන්නම් මාරයා කම්මැලි වෙනවා කියන්නේ අපි අමරණීය වෙනවා කියන එක නේන්නම්.
    වැඩේ තියෙන්නෙ අක්කෙ ඔලුවෙන් හිටගත්තම ඔය කම්මැලි කම ඉස්මුදුනටම බහියිද දන්නෙ නෑ. එහෙම උනොත් මොකො කරන්නෙ.

    ReplyDelete
  6. මුළු ඇගේම තියෙනවට වඩා ඔළුවෙ තියෙන එක එකාතකට හොදා වගේ :p එතකොට පිස්සුනෙ හැදෙන්නෙ..කම්මැලිකම නැතිවෙනවා හික්ස්

    ReplyDelete
  7. @දිල්
    ඒකත් ඇත්ත. පිස්සු හැදුනට පස්සෙ කම්මැලිකම හැදුනත් මොකෝ. තේරෙන්නෙ නෑනෙ. අක්කගේ මොලේ තමයි මොලේ.

    ReplyDelete
  8. හික්ස් " කොහොමද මගෙ ටිකිරි මොලේ " :P

    ReplyDelete
  9. මේ දැන ගන්නයි මල්ලී මේ අහන්නේ.දැන් ඔය ගෑනු ළමයෙක් හොයන්නේ හරියටම මොකටද..??D
    ලියන්න කම්මැලි වෙන්න එපා:p

    ReplyDelete
  10. අඩේ... මං වගෙ තවත් කේස් එකක් නොවැ.... බෙහෙතක් හොයාගත්තොත් මටත් කියන්න

    ReplyDelete
  11. ගැහැණු ළමයෙක් ගන්න වැඩේ නම් ටිකක් විතර අවුල් සහගතයි නේද? මොකද එතකොට මේ ලියන ටිකත් නතර කරයි කියල මට හිතෙනව...

    පුලු පුලුවන් විදිහට මෙහෙමම ලියා ගෙන ගියානම් නේද හොද......

    ReplyDelete
  12. @දිල්
    ශේ.... අපේ අම්මලාට බැරි උනානේ මේ වගේ අක්කා කෙනෙක්ව මට හදලා දෙන්න. එහෙම උනානම් නීල් ආම්ස්ට්‍රෝන්ටත් කලින් මම හඳට යනවා. ශුවර්.......

    @nimanthi
    වෙන මක්කටෙයි අක්කෙ මයෙ සහයෝගෙට මිසක්. ඇයි දන්න කියන කෙනෙක් එහෙම ඉන්නවද. ඉන්නවනම් කේන්දර කොපියත් අරගෙන එන්න කියන්නකො.

    @Hipo
    පෙනේද තියෙන කම්මැලි කම. මට බෙහෙත හොයන්න කියලා මෙයා ෆුල් චූන් එකෙ ඉන්න හදන්නෙ. අපි අහුවෙයි ඕවට. හික්ස්.........

    @wath
    අක්කා මොකෝ එහෙම හිතන්නේ. මාව ශුවර් නැද්ද..... එහෙමත් නැත්නම් ගෑනු ලමයිව ශුවර් නැද්ද. අනේ මන්නම් ඔන්න බෝ දල්ල වගේ කොල්ලා.

    ReplyDelete
  13. @අනුරාධ
    අනේ අනුරාධයෝ... එහෙම කියන්න එපා.. සහජීවනය කියලා හිතන්නකෝ....

    ReplyDelete
  14. @Hipo
    මයේ අම්මෝ..... අමුතු අමුතු බර වචන කිය කිය මාව රවට්ට ගන්න හදන හැටී......... මාවනම් රවට්ටන්න ලේසි නෑ. මන් මෙහෙම හිටියට හරි බුද්ධිමත්. මෙච්චර කාලෙකට මන් හාර පන්සිය වතාවකට වඩා රැවටිලා නෑ.

    ReplyDelete
  15. කේන්දර කොපිය හපොයි එනපොට නම් හොඳ නැහැ..D

    "හාර පන්සිය වතාවකට වඩා රැවටිලා නෑ"
    ලස්සනයි කියල තියනවා.. මම මේ කිව්වේ අකුරු, press එකෙන් හොඳට වැඩේ කරලා තියනවා

    ReplyDelete
  16. @nimanthi
    හි... හි.... අපි ඉතින් මොක කලත් හරි සම්ප්‍රදායන් වලටනෙ කරන්නෙ. ලේකම් තනතුරට උනත් කේන්දරේ එහෙම බලල ගන්න ඕන. මොකද පස්සෙ මොකක් හරි උසස්වීමක් එහෙම දෙන්න උනොත්.


    "හාර පන්සිය වතාවකට වඩා රැවටිලා නෑ"
    ලස්සනයි කියල තියනවා.. මම මේ කිව්වේ අකුරු, press එකෙන් හොඳට වැඩේ කරලා තියනවා

    ෂ්... ෂ්.... හෙමින් හෙමින්. කාටවත් ඇහෙන්න එහෙම කියන්න එපා. ඔය වගක් කවුරුවත් දන්නෙ නෑ, මගේ යාලුවො තිස් හතලිස් දෙනෙක් ඇරුනම.

    ReplyDelete
  17. @අනුරාධ
    අනේ කම්මැලියෝ.... අපි දෙන්නම එකම බෝට්ටුවෙ නේ... ඉතින් ඔයා මට රැවටුනාම මොකෝ..ඉතින් අර ගෑණු දරුවා ගැන්ස් කියන්නකො... ඔය ගෑණු ලමිස්සිට ලිපි ලියන්න කේන්දර කොපිය විතරද සුදුසු කම?

    ReplyDelete
  18. හි හි හි මරු කම්මැලියෙක්නෙ...... අපිටත් මේ ටිකේ ඔය සන්තෑසියම තමා සහෝ..... ආයේ දාන්න දේවලුත් නෑ දැන් බ්ලොග් එකට.... මාසෙක හමාරක නිවාඩුවක් ගන්න වෙයි වගේ මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාවෙන්........ :( අපි ඔක්කොම එක බෝට්ටුවේ යන එකම රෑනෙ කුරුල්ලො නේද..... ;)

    ReplyDelete
  19. @Hipo
    අපෝ නෑ. ඒ දෙක විතරක් නෙවෙයි. තව තියෙනවා.
    හොඳ ඇහැට කනට පේන, පොත්ත හොඳට රතු, හැඩකාර, ටිකක් විතර කටකාර, චුට්ටක් විතර විසේකාර, පොඩ්ඩක්වත් හිතුවක්කාර නැති, තම ස්වාමියාට කීකරුව රාජකාරි කල හැකි, හොඳ චරිතවත් චරිතයක් ඇති, නගරේ විදියට හැදුනත් ගමේ විදියටත් හිතන, සායවල් මෙන්ම කලිසම්ද අඳින, කිසිඳු කලලක් නැති, බෝමලුව මෙන් පිවිතුරු වූ, උස අඩි පහයි අඟල් හතරට වඩා නොවැඩි, විනීත, ගුණගරුක, දෙමාපියන්ට සලකන, වැදගත් පව්ලකින් පැවත එන, හොඳ නිර්මාණශීලී අදහස් ඇති, මගේ අදහස් වලට ඇහුම්කම් දිය හැකි, මගේ ලඟ සේවය කරන අතරතුර වෙනත් රැකියා සෙවිම කෙරෙහි කිසිම අවදානයක් යොමු නොකරන, ජීවිත කාලය මුලුල්ලෙම මගේ ලඟ රැඳී මටම සේවය කල හැකි, ඉවුම් පිහුම් සාස්ත්‍රයේ කෙල පැමිනි, එනම් ඕනෑම කෑමක් රසවත්ව සෑදිය හැකි, විවෘත මනසක් ඇති, වරදට සමාව දෙන, ........................................

    අපෝ ඔය වගේ දේවල් ගොඩයි. ඒ සුදුසුකම් තියෙනවා කියලා හිතෙනවනම් දැන්ම CV එකක් එවන්නකො. මන් චෑන්ස් එකක් දෙන්න බලන්නම්. හික්ස්.

    ReplyDelete
  20. @විශ්මි
    අනේ මේ කියන තැනකට වඳින්නම්. පිස්සුනම් කෙලින්න ලෑස්ති වෙන්න එපා. ඔයලා මාසයක් විතර නිවඩුවක් ගන්නව කියන්නෙ මන් ආසවෙන් කියන බ්ලොග් 1ක් කියන්වන්න නොලැබෙනවා කියන එක. හ්ම් හ්ම්... කම්මැලිකම අත ඇරල ලියපිය. නැත්නම් ඔන්න මන් කෝටුවක් ගන්නව අතට. රේවන්ට කියන්න ඕන මෙයාගෙ කම්මැලිකම අරින්න කියලා. අපො එයාටත් කම්මැලිකම ගැහුවොත්නම් විනාසයි. ඔන්න මන් ඔයාල දෙන්න්ටමයි කියන්නේ....... කම්මැලි එහෙම වෙන්නෙ නෑ. දිගටම ලියන්න ඕන. නැත්නම් දන්නවනෙ. මන් හරි වසයි.

    ReplyDelete
  21. කම්මැලිකම මටත් බෝ වුනේ රේවන්ගෙන්ම තමා....... :D හිහි අපොයි ඔය හැටි තරහා ගන්න ඕනෙ නෑ....... ඉඩ ලැබෙන හැටියට සහ ලියවෙන හැටියට ලියන්නම්........වැඩ රාජකාරි බහුලයිනේ....... :(

    ReplyDelete
  22. @විශ්මි
    ඈ...... මොකද්ද බොලේ ඒ කතාව. එතකොට මේ පාන්දරිනම ඇවිල්ල මට කම්මැලිකම නැතිකරගන්න ක්‍රම සහ විධි කියලා දීලා ගියපු එක්කෙනත් කම්මැලියෙක්ද? අපොයි දෙයියනේ. බලන් ගියාම ඔක්කොම කම්මැලියොනෙ.

    "ඉඩ ලැබෙන හැටියට සහ ලියවෙන හැටියට ලියන්නම්........වැඩ රාජකාරි බහුලයිනේ"

    ආ..... අන්න එහෙම එන්න. මාස ගනන් නිවාඩු ගන්න කතා එහෙම කියන්න එපා. කොහොම හරි ලියනවනම් ප්‍රශ්ණයක් නෑ. නැතනම් ඉතින් ගන්න වෙනවා වේවැල අතට.

    ReplyDelete
  23. @ අනුරාධ,

    පුංචි බෙහෙතක් තියෙනවා... try කරල බලල මටත් කියන්න කවුරුහරි....

    කම්මැලිකම ආව වෙලාවට ළඟම ඉන්න කෙනාට පාරක් ගහන්න... return එක වැදුනම ඔය කම්මැලි කම් නිදිමත කම් ඔක්කොම කොහේද නැතිවෙයි..

    අනේ හරි ගියාම සල්ලි ගෙවනව නේද? ථ-)

    ReplyDelete
  24. @තනෝජා රාජපක්‍ෂ
    බෙහෙතනම් හොඳයි වගේ. හැබැයි පොඩි කොස්සකට තියෙන්නෙ ඔය ගහන පාර හරි එකෙකුට වැදුනු දවසකට අයෙමත් කම්මැලිකමක් එන්නවත් අපි ඉතුරු වෙයිද කියලා.

    සල්ලි....... සල්ලිද වටින්නෙ මනුස්සකමද? හික්ස්..........

    ReplyDelete
  25. අහ් අනු යස‍යි වැඩෙ, මම ඉන්නැද්දි තව ලමිස්සියො හොයනව නෙද, ම්ම් පවුලට අහෙන්න කියන්නත් එපාලු, මන් අඩනව හොදේ............................. :(

    ReplyDelete
  26. අපොයි...... විනාසයි. මන් ඉඳලා හමාරයි. කව්ද දෙයියනේ හිතුවෙ අච්චර රහසින් කිව්ව එක මෙයාට ඇහෙයි කියලා. මදැයි කොලා. මේ මන් මේ හැමෝටමයි කියන්නේ......... මට පෞද්ගලික ලේකම්වරියො එපෝ............

    ReplyDelete
  27. @nilu
    හත් දෙය්යනේ........... කව්ද ඇත්තටම ඔය බොරුව ඔයාට කිව්වේ. මේකනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්. ශෙක් අම්මපා. මේ කූට අධිරාජ්‍යවාදීයොත් එක්ක බෑනේ මොනයම්ම මගුලක් හරියට කොරගන්න.

    ReplyDelete
  28. ම්ම්ම්........කමක් නෑ කමක් නෑ පෞද්ගලික ලේකම්වරියො අරගත්තත් ඔයාට හරියනවනම් එච්චරයි :)

    ReplyDelete
  29. @nilu
    ආ..... ඒ කියන්නෙ ඔයාගේ අප්සැට් එකක් නැද්ද. අයියෝ..... කලින් කියන්න එපැයි..... මන් බය උනු තරමක්.

    මේ කස්ටිය....... ඉහලින් අනුමැතිය ආවා කමක් නෑ කියලා. ඒක නිසා සෙවිල්ල අත අරින්න එපා. දිගටම හොයන්න.

    ReplyDelete