Friday, March 19, 2010

දුකට කියන කවි....

ආදරේ කඳුලක්ද මෙතරම්
පසු පසම විත් රිදවනා
සතුට පතමින් සොයාගිය මුත්
කඳුල පමණක් හිමිවෙනා

බොළඳ කවි පද පිටුව පුරවයි
නුඹව සිහිවන රෑ දිවා
නුඹේ රුව නෑ සොයාගන්නට
රැයේ සිහිනයකින් පවා

ජීවිතේ තනිකමට සින්නව
පාලුවෙන් සිත මිරිකිලා
තවත් බෑ දුක දරාගන්නට
සිතයි යන්නට මියැදිලා

3 comments:

  1. හොද පදවැල් ටිකක්.....
    අපූරුයි

    ReplyDelete
  2. සංවේදී පද පෙලක්..දිගටම ලියන්න.

    ReplyDelete
  3. @Local Taboo
    ඕන් මාත් ඕකට ඉල්ලුම් කොලා.

    @දිල්
    ගොඩක් ස්තූතියි අගය කිරීමට....

    @Raven
    මමනම් පතන්නෙ මේ වගේ කවි ලියන්න වස්තු බීජයන් වෙන සිදුවීම් යලි මගේ ජීවිතයේ නොවේවා කියලයි.....
    කෙසේ නමුත් ස්තූතියි.....

    ReplyDelete