Wednesday, March 16, 2011

WHO (හූ)

කොලඹ ඉඳලා ඉඳලා ගෙදර ගියාම මාර කම්මැලියි. ගෙදර මැශින් එකකුත් නැති නිසා දවසෙම ටීවී එකේ තමයි. ගිය වීක් එන්ඩ් එකේ මම ගෙදර ගියා. වසම කම්මැලියි. ටීවී එකේ බලන්න දේකුත් නෑ. පොඩි ෆොටෝස් වගයක් ගන්න මන් අපේ ඔෆ්ස් එකේ ඉන්න හර්ශ අයියගෙ ස්ටිල් කැමරා එක ගෙදර අරන් ඇවිත් තිබුනේ. ඔන්න මට ආවා අපූරූ අදහසක්. හදන්න ඕන පුංචි පහේ ශෝට් ෆිල්ම් එකක්. ඒත් කෝ කතාවක්. ම්ම්ම්.... එක පාරටම ආවා අයිඩියාර් එකක්. ඔන්න දැන් කතාවක් තියෙනවා. ඒත් කවුද නලුවා. වෙන නලුවො මොකටද මේ මම ඉන්නෙ. ඒකත් හරි. ඒත් මම ඇක්ට් කලොත් කවුද කැමරාකරන්නෙ. අහ්. මේ ඉන්නෙ අපේ නංගි. ඔන්න ඉතින් නංගිවත් අල්ලගෙන හැදුවා ශෝට් ෆිල්ම් එකක්. කැමරාකරනය අපේ නංගියා. රංගනය, කැමරා අධ්‍යක්ශනය, පිටපත, සංස්කරනය, අධ්‍යක්ශනය කියන සේරම ඉතින් මේ මමම තමා. බලන්නකො කොහොමද කියලා. බලලා ඔයාලගෙ අදහස් එහෙමත් කියලා යන්න හොඳේ.

52 comments:

  1. මේක නම් පට්ට නෙව

    ReplyDelete
  2. උසස් නිරිමාණයක් ... වර්ණ ගැලපීම ...දෙබස් හරිම අපූරුයි .... ඉහළ රස වින්දනයක් ලබාගන්න පුලුවන් ...

    අර මිනිය වලලන තැන හරිම ශෝක ජනකයි .. ඊටත් වඩා දුකයි අර දහස් පෙතියා මල කඩනවා දැක්කාම ... කෙහෙල් ගස් අතරෙන් උදැල්ල අරන් යන කොට කඳුලු සට පට ගලා කඩං හැලුනවා

    ReplyDelete
  3. මේක ලස්සන නිර්මාණයක්. කැමරාකරණයනම් ඉහළයි. සංස්කරණයෙන් ඒක තවත් හොඳට ඔපමට්ටම් වෙලා. නළුවොත් කැමරාකාරිට හොඳ සහයක් දීල තියනවා :-)

    ReplyDelete
  4. නංගි හොඳටම ටැලන්ටඩ් කියන එක තමා මේකෙන් හොඳටම පේන්නේ.

    කියලා වැඩක්නෑ ඇත්තටම හරිම සංවේදීයි. කඳුළු කඩාගෙන බිමටම වැටුනා. හික්ස්.....

    ReplyDelete
  5. මචන් වැඩේනම් නියමයි. මෙතනින් නතර වෙන්නේ නැතිව දිගටම කරගෙන යමන්. එතකොට මීටත් වඩා හොද දෙයක් කරන්න ලැබේවි.

    ReplyDelete
  6. සෑහෙන හොඳ අනාගතයක් තියෙනවා..මම කිව්වේ උඹට නෙවී..ආධුනික කැමරාකාරිණියට..ඇත්තටම මේ වගේ අත්දැකීම් රහිත...ආධුනික නළුවකු කැමරාව ඉදිරියේ තබාගෙන ඉවසීමෙන් යුතුව මේ දේ කරන්න නම් ඇයට මහත් වූ සංයමයක් තිබිය යුතුයි..ඒ වාගේම කැමරාව හැසිරවීම ඉතාමත් අග්‍රගන්‍යයි..මගේ සුභ පැතුම්..!

    ReplyDelete
  7. කෝ බන් නංගි නැහැ නේ මේකේ????
    උඹේ මොනා බලන්නද මන් ආවේ නංගිව බලන්න

    උඹ විහිළුවටවත් මැරිච්ච මීයෙක් වත් වලලලා නැහැ බන් , එහෙම වැලලුවනම් දන්නවා මොකෙක් හරි වැලලුවම උඩට පස් ගොඩක් එනවා කියලා. ඔහොම සමතලා කලා කියන්නෙ උඹ පෙනිපෙනී බොරුව කරලා. දුර්වල කම් රාසියක් තියෙනව තිර රචන්යේ. කැමකරණය ඇරෙන්න අන් සියළුම දේවල් කුජීතයි. විශිෂ්ඨ කැමරා කරණය නිසා යන්තම් ජාමේ බේරගෙන තියෙනවා. මන් කියන්නේ උඹට කිසිම අනාගතයක් සිනමාව තුල නැහැ හැබැයි නංගිට නම් තියෙනවා කැමරාකාරියක් හැටියට සුභ අනාගතයක්.

    ReplyDelete
  8. වැඩේනම් පට්ට.... සුපිරි... කී බෝඩ් එක උඩ කදුළු ගලනවා....

    ReplyDelete
  9. අනර්ඝට්යි අතිවිශිෂ්ඨයි උත්කෘෂ්ඨයි. මරු පිලම් එක හූ හූ (who)

    ReplyDelete
  10. බැලුවට පාඩුයි. ටිකට් එකේ ගානෙන් බාගෙක ආතල් එකක්වත් නෑ. මේ වගේ ෆිල්ම් හැදෙනකොට කොහොමද ලංකාවේ සිනමාව නගා සිටුවන්නේ......?


    කැමරාව හොඳ නිසා බේරැණා කියලා හිතාගනින්.


    පට්ටම තමයි ඈ.... ජය වේවා...

    ReplyDelete
  11. මල්ලා...
    නියමයි කියලා විතරයි දෑනට ලියන්නේ... හේතුව මේ ගෑන මම පෝස්ට් එකක්ම ලියන්න තීරනය කල නිසා..
    අර මන් කිව්ව වගේ... මේක උඹට යා හෑකි බොහෝ දුර පිලිබඳ හොඳ ඉඟියක්....
    ඒ සියල්ල මුවහත් කර ගනින්....
    ඉතුරු උපන් හෑකියාවල් ටික උඹට තියනවා...
    ජයෙන් ජය !

    ReplyDelete
  12. තනි ඇහැට ඇඬෙනවා කඳුළු කැට කැට වැටෙනවා :D

    අයියලා ටික නංගිව වර්ණනා කරලා තියෙන ආකාරයට මලේ මට කියන්න තියෙන්නේ,
    කෙල්ල ගෙට ගන් කෙල්ල ගෙට ගන් කියලා තමයි. :D

    ෂා මාරයි ඈ අර තැඹිලි පාට බිත්තියයි, පනුවො මරන්න කියාපු කේක් කපන පිහියයි.... :D

    ReplyDelete
  13. මචන් අර සාක්කුවෙන් පිහිය ගනන් සමීප දර්ශනේ ගන්න වෙලාවේ අර සිරීපාදේ ඇඳපු කලිසමම ඇඳන් ගත්ත නම් ඔයිට වඩා තාත්වික වෙන්න තිබ්බා :-D
    හැමෝටම ඇඬිලා බන්. මේක දුක හිතෙන කතාවක්ද ඈ

    ReplyDelete
  14. හුටා..සිරිපාද කලිසම..
    ඇත්තටම මෙකේ කොස්ටියුම් ඩිසයිනර් කවුද බං..ඌට වැදගත්ම දේ අමතක වෙලානේ

    ReplyDelete
  15. පස් ගොඩක් පේන්න මිනිය වළ දැම්මනම් එයා හිරේ මරේ. කොල්ලා නුවණක්කාර වැඩක් කරල තියෙන්නෙ. දැන් ඉතින් එතන කෙහෙල් පැළයක් එහෙම හිටෙව්වම හරි :-D

    ReplyDelete
  16. මාරයි

    ඇත්තෙන්ම මම හිතුවේ නෑ උඹ මේ තරම් ක්‍රියේටිව් පොරක් කියලා මළේ.

    මරේ කිව්ව වගේ පොඩි පොඩි ආර්ට් ඩිරෙක්ටින්ග් අඩු පාඩු තිබුනා වුනත් මට නම් හෙනම සංතෝසයි අපේ රටේ හෙට දවසේ චිත්‍රපටි, ටෙලි නාට්‍ය හා නාට්‍ය කලාව ගැන හිතලා උඹලා වගේ දක්ෂ ළමයි ඉන්නවා කියලා දැන ගත්තාම.

    ReplyDelete
  17. ෂා සුපිරි..!! නියම හැකියාවක් තියෙන්නේ.. දිගටම කරගෙන යන්න

    ReplyDelete
  18. මම මේක බලන්න ඉස්සරලා හිතුවේ නිකං පිස්සු වැඩක් වෙන්න ඇති කියලා. කම්මැලි කම් නිසාමයි ආවෙ. බලනකොට නියම නිර්මාණයක්නෙ. ඇත්තටම මල්ලි මේ නියම වැඩක්. තවත් අර්ථවත් විධියට එකක් හදන්න බලන්න. ඒක මීටත් වැඩිය හොඳ වෙයි. කැමරාකරණයත් හඬත් නියමයි. රඟපෑමත් විශ්ෂ්ඨයි. ඇයි සංස්කරණය. නියමයි. ඉවර කරලා තියෙන විධියත් නියමයි. ලස්සන වැඩක්. දෙන්නටම සුභ පැතුම්.

    ReplyDelete
  19. ඉලඟ ෆිල්ම් එකෙ ජොකර්ට මම එනවා... පණුවා.. අමතක කරන්නෙ නැතුව මට කතා කරපන් :D:D:D

    ReplyDelete
  20. හික්x ...ෆිල්මුත් දැක්කා මෙ වගේ ෆිල්ම් නොදැක්කා
    …පණුවා නියමයි.. ජයවේවා !!!!

    ReplyDelete
  21. මමත් මේ කොහේවත් යනගමං බලල යන්න ආවේ .මචං මේක ලෝඩ් කරලා දෙන්න මගේ තනි සිග්නල් එකේ ඩොංගල් එකට
    විනාඩි 45 ගියා මගේ බයිට් හෙන ගානකටත් බඩු හම්බු උනා .. ඒත් මම දුක් වෙන්නේ නෑ . මේක බලපු එකට ... නියම රඟපෑම කතාවත් හොඳයි . පොඩි උනාට මේක නියම ෆිල්ම් එක ...

    ReplyDelete
  22. මටත් මේක දැක්කම කියන්න තියෙන්නේ "හූ" තමා

    ReplyDelete
  23. action,comedy,fantacy,horror
    ලෙස මේ චිත්‍රපටය වර්ග කල හැක,
    අති විශිෂ්ට රංගන හැකියාවක් අනුරාධට ඇති බව
    ඔප්පුකර ඇති අතර දෙබස් රචනයද උපරිම අයුරින් නිර්මාණ
    වී ඇති බව මෙය බලන විට පෙනීයයි,
    කැමරාකරණයද ආධුනිකත්වයෙන් මිදී ප්‍රවීණ මට්ටමින් හසුරුවා
    ඇති බව කිව යුතුය .අවසානය අති බිහිසුණු ලෙස නිම කර
    ඇතත් මෙහි අවසාන වන අන්දම සලකා බැලු විට ලගදීම
    who part2 තිරගත වනු ඇතැයි රසික ප්‍රේක්ෂකයාට බලාපොරොත්තුවක් තබාගත හැකිවනු නොඅනුමානය.
    who part1 අනුරාධ සහ නැගණියට සුබ පැතුම් .!.!

    ReplyDelete
  24. හැමෝම කියනවා වගේ මේක බලපු ගමන් මට හිතුනෙත් " පට්ට" කියලා තමයි... :)

    ReplyDelete
  25. ඈ..පනුවො...!!! ඉස්සරවෙලාම කරන ෆිල්ම් එකට මාව නේද ගන්නවා කිව්වෙ?

    ReplyDelete
  26. රංගනයේ, අධ්යක්ෂනයේ, තිර රචනයේ යම් යම් දුර්වලතා පෙන්නුම් කලත් කැමරා ශිල්පිනිය සතු විශිශ්ඨ හැකියාව මගින් ඒ සියලුම දුර්වලතා මගහැරී ගොස් තිබෙනවා. කැමරාකරනයට අමතරව මෙම චිත්‍රපටයේ අගයකල හැකි තවත් විශිශ්ඨ අංශයක් වන්නේ . . . . ඇඳුම් නිර්මානයයි. ඇත්තෙන්ම මේ මල් මල් වැඩ දැමූ කොලපාට ජම්පරයෙහි ප්‍රතිදීප්තිය . . . මුලු චිත්‍රපටයම ඒකාලෝක කරා බව ඉතා අත්්‍යාවශ්යයෙන්ම කිවයුතු කාරනාවක්.

    ReplyDelete
  27. මගෙන් සිහිනයක් තිබුනා මේ වගේ දෙයක් කරන්න. කොහොමහරි උඔනං ඒ සිහිනය හැබෑ කරගත්තා. ඔන්න ​මගේ උණුසුම් සුබ පැතුම්.......

    ReplyDelete
  28. කෝ බන් මේකේ අන්තිමට අඬද දර්ශනයක් දාල කැමරාකාරිය අඬන්න දාන්න තිබුනනේ...:D
    අඩේ උඹ ඇත්තට මාර දක්ෂයෙක්නේ. තව මේ වගේ ඒවා කරපන් මල්ලි. උඹය යන්න පාරක් තියෙනවා...

    ReplyDelete
  29. ෂා ඇත්තටම නියමයි. සුභපැතුම් යාළු තවත් අලුත් හොඳ නිර්මාණ කරන්න හැකි වේවා!

    ReplyDelete
  30. යකෝ පණු මලේ, මේක පට්ට. මුල් නිර්මාණය සහ සිනමැටෝග්‍රැෆි ගැන කල්පනා නොකර ඉවට හදපු ශෝට් ෆිල්ම් එකක් විදියට (මම හරි නේ) පට්ට සාර්ථකයි. මේක යටින් වෙනම රීඩින්ග් එකක් තියෙනවා උඹවත් කල්පනා නොකරපු. මම උඹව හම්බුනහම ඒ ගැන කතා කරමු. ජය!

    ReplyDelete
  31. ගයාෂාන් වන්නි ආරච්චි....March 17, 2011 at 1:33 PM

    උත්සහය අතිවිශිෂ්ඨයි..... ජය වේවා....

    ReplyDelete
  32. මොකෝ බං ඤොං.. ඤොං.. ඤොං.. ගාන්නේ. මේකේ දෙබස් නැතෙයි?

    ReplyDelete
  33. පට්ට බොලේ, සිරාවට මැක්සා!

    ReplyDelete
  34. අද ලංකාව ගහන මැච් එකට වඩා හොඳ හන්දා ෆිල්ම් එක බැලුවා. නංගිගේ කැමරාකරනය නියමයි. හොඳ සින්දුවකුත් දාන්න තිබුනා ගහගන්න තැනදි. ඇඳුම් නිර්මානය කාගේද? අර කොලපාට මල්, මල් කලිසමට සම්මානයක්ම දෙන්න වටිනවා. ප්‍රධාන නලුවා ටෙලි ඩ්‍රාමා නලුවකු සිහිපත් කලබවත් අනිවාර්යයෙන්ම කිව
    යුතුයි.

    හොඳ වැඩක්.

    ReplyDelete
  35. අප්පට සිරි! මේක දැක්කෙ දැන්නේ... නියම වැඩක් ‍මචෝ.. ඉදිරියටත් තව තව වැඩ බලාගන්න පුළුවන් වෙයි නේ... :D

    ReplyDelete
  36. දක්ශකමේ අඩුවක් නමි නෑ.... තරහ වෙන්න එපා, ඔයාගේ නංගා හැබෑවටම දක්ශයි.... ඔයා දක්ශ නැතිව නෙමේ, නමුත් නංගා born talented...

    ReplyDelete
  37. ඒ මචං..අරූ මරලා.. ලගට එන කොට.. පේන කකුල් දෙක කාගෙද ?

    මරු පනුවො මේක.. :D

    ReplyDelete
  38. ඇත්තමයි කවුද මේකේ ඇදුම් නිර්මානය කලේ.... මට දුකම ඒ ගැන... කොච්චර අපරාදයක්ද...අපරාදේ අනික අර මැරුව කෙනාව නෙමේ මම මරන්නේ නම් අර අනිත් එක්කෙනාව..මෙයා ව මට එච්චර ඇල්ලුවේ නැහ්..

    ෆට්ට !!!! සුබ අනාගතයක්..

    ReplyDelete
  39. අඩෝ බොරු කියන්න ඕනෙ නෑ නෙ මමනං මුල ඉදන් අග වෙනකංම හිනා වුනා (පුලුවන්නං කියපං මූට පිස්සු කියලා) කමක් නෑ බං හිනා වුනාම ලේ පිරිසිදු වෙනවලුනෙ ඉතින් මගේ ලේ පිරිසිදු කලාට උබටයි අර සහය නලුවටයි (කකුල් 2 අයිතිකාරයා) පින්....

    ReplyDelete
  40. ඉහත කට්ටිය සෙරම ප්‍රසංසා කරලා තියනවානේ ඉතින් මට කියන්න වචන නැහැ ගොඩක් ලස්සනයි !!! ඔබට ජය!!!

    ReplyDelete
  41. එල නේ බං.. ගෙදරදී ආතල් එකට හැදුවා කිව්වේ මොකටද? සද්ද නැතුව හිටියා නම් බලන්නේ ෆ්‍රෙෂ් මූඩ් එකක නේ!එහෙම උණා නම් තවත් සිරා.. වෙල් ඩන් මචං..

    ReplyDelete
  42. ඔහොමත් මිනිස්සු බය කරන සිරිතක් තියෙද අප්පා... නියමයි අයියේ වැඩේ නම්..

    ReplyDelete