Monday, January 3, 2011

හැපි බර්ත් ඩේ....!

ඔන්න හැමෝම එකා වගේ කෑ ගහලා කියන්න හැපි බර්ත් ඩේ කියලා.....
මදි මදි.... සද්දේ මදි.... තව හයියෙන්....
කෝ අනේ කැඳ බීලා වගේනෙ......
හොඳට කට ඇරලා කෑ ගහලා කියන්න...
ආන්න හරි...
අන්න එහෙම...
ඔය තියෙන්නෙ....
එල එල.....
ම්ම්ම්ම්.....
මොකද්ද.......
නෑ නෑ... මට නෙවෙයි අනේ... මගේ බ්ලොග් එකට....
අද මගේ බ්ලොග් එකේ අවුරුද්දෙ උපන්දිනේනෙ.
අහා අහා අහා..... ඕන් මන් බ්ලොග් ලියන්න පටන් අරන් අවුරුද්දකුත් ගෙවුනා. කාලය යන ඉක්මන. මම මගේ බ්ලොග් එක පටන් ගත්තේ හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක. ඒ කියන්නේ දෙකදාස් දහය වර්ශයේ ජනවාරි 3 වෙනිදා තමා මන් ඉස් ඉස්සිලම මගේ බ්ලොග් එක ලියනන් පටන් ගත්තේ. අම්මෝ...... බ්ලොග් ගැන මෙලෝ මගුලක් නොදැනගෙන බ්ලොග්කරණයට ඇවිල්ලා හෙන ගේමක් දීලා බ්ලොග් එකත් හදාගෙන  කරපු විගඩම් වල තරම. ජීවිතේට අතගහලා HTML නැති වලින් ඔලුව පුරවගෙන තිම් එක හද හද නටපු පිස්සුවක්. කොහොම හරි මාසයක් විතර ගියා නෙව හරියට බ්ලොග් එකෙ පයිනලයිස් කොරගන්න.
කොහොම හරි ඉතින් අවුරුද්දක් පුරාවට බ්ලොග් ලියලා ලබාගත්තු දේවල් නම් බොහොමයි. දැනුම, විනෝදය වගේම හොඳ යාලුවො ටිකක්. ඇයි ඒ විතරක්ද මගේ අක්කව. අවුරුදු 23ක් තිස්සෙ එකතු කරගන්න බැරි උන දේවල් මේ අවුරුද්දේ මේ බ්ලොග් කෙරුවාව නිසා මගේ ජීවිතේට එකතු කරගන්න පුලුවන් උනානෙ.
                                     අද මන් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. කියන්න ඕනැ දේ බොහොම කෙටියෙන් කියලා යන්නයි සූදානම් වෙන්නේ. මොකද මගේ 50 වෙනි ලිපියේ මන් ගොඩක් දේවල් කිව්වනෙ. බ්ලොග්කරණයට ආපු විදියයි ඒකෙ පැලපදියම් වෙච්චි විදියයි ගැන ගොඩක් දේවල් මන් ඒකෙදි කිව්වා. ඒක නිසා මන් ආයේ එව්වා මෙත්නත් කියන්න යන්නෙ නෑ.
                             අද මට ඕනෑ ස්තූති කරන්න විතරයි. ඔයාලා හැමෝටම. අවුරුද්දක් පුරාවට මට ලබා දුන්න සහයෝගය වෙනුවෙන්. ඇත්තටම ඔයාලා නිසා තමයි මට මෙච්චර දුර එන්න පුලුවන් උනේ. හැමදාම මගේ ලඟ ඉදගෙන මන් ලියපුවා කියවලා, හොද නරක පෙන්නලා, ඔයාලා ලබා දීපු ඒ අත්වැල නිසා තමයි මන් අද මේ තරම් සතුටින් මේ ලිපිය ලියන්නේ. ඔයාලා නැත්නම් මේ බ්ලොග් එක ඉපදුනු තැනම මැරිලා. ඒක නිසා ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තූතියි. ඒ වගෙම මන් ඔයාලගෙන් ඉල්ලා හිටිනවා අවුරුද්දක් පුරාවට මාත් එක්ක හිටියා වගේම ඉස්සරහත් මට ශක්තියක් වෙලා මගේ ලඟින් ඉන්න කියලා. මට ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි. එතකොට තව අවුරුද්දකට පස්සෙ අවුරුදු දෙකේ උපන්දිනය සමරද්දි මට මීටත් වඩා සතුටින් ඒ දවස සමරන්න පුලුවන් වේවි.
දැන් ඔන්න මාත් එක්කම කියන්න.

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩියර් අනන්තය
හැපි බර්ත් ඩේ ටූ යූ

                      එහෙනම් ඕන් කේක් කෑල්ලක් එහෙම කාලා හිටින්නකො....

20 comments:

  1. සුභ උපන්දිනයක් වේවා.....
    කෝ අපිට කේක්.

    ReplyDelete
  2. තව දිගු ගමනක් යෑමට හැකි වේවා !!!!!

    ReplyDelete
  3. සුභ උපන්දිනයක් !!
    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයශ්‍රී!!!!

    ReplyDelete
  4. ඔහොම යං ඔහොම යං මල්ලී..චෑ චෑ..කේක් විතරද..?

    ReplyDelete
  5. ඔන්න අපෙනුත් මල් මිටක්.. මේ අවුරුද්දෙවත් ලප වගේ වැඩකට නැති දේවල් හොයන්නෙ නැතිව වැදගත් දෙයක් හොයන්න ශක්තිය ලැබේවා...

    ReplyDelete
  6. අභීත අයියාත් ඉඳලා හිටිලා වැදගත් දේවල් කියනවා නොවැ......
    සුභ උපන්දිනයක් වේවා ටෑං 90..................

    ReplyDelete
  7. සැක් මේක ඊයේ දන්නවනම් මුගේ දතක් ගලවන්න තිබ්බා :-D
    සුභ පැතුම් මචන් !!!!

    ReplyDelete
  8. සුභම සුභ බ්ලොග් උපන් දිනයක් වේවා!!!!!!!!!

    ReplyDelete
  9. සුභම උපන් දිනයක් වේවා ඔයාගේ ලස්සන බ්ලොග් එකට.....

    ReplyDelete
  10. සුබ උපන්දිනයක් වේවා මල්ලියා.. දිගටම කෙටි කවි ලියත්වා ලියත්වා,,, ලියත්වා,,,, :) හෙහෙ..

    ලස්සන බ්ලොග් එකක් සහ ඒක ලියන මල්ලියාගෙ ලස්සන සහෝදර හිතට දෙකටම ආසිරි ගේනවා...
    සුබම සුබ පෑතුම් මල්ලියෝ... :)

    ReplyDelete
  11. ඔන්න සුබ පැතුම් මලයා........

    ReplyDelete
  12. අඩේ අෆ්ෆා.......... එළ එළ
    සුබපැතුම් වේවාzzzzzzz ;)
    අහ් නැ නැ හැපි බර්ත්ඩේ එකක් වේවාzzzzz :)

    ReplyDelete
  13. සුභම සුභ උපන් දිනක් යාළු. මගේ බ්ලොග් 1 ට ආපු පළවෙනි යාළුවා ඔයා. මාත් බලපු පළවෙනි බ්ලොග් 1 ඔයාගේ. ඔයා මට හුඟාක් දෙවල් කියලා දුන්නා මේ බ්ලොග් ගැන. ඉතින් යාළු ඔයාට දිගටම ලියන්න ලැබේවා.

    ReplyDelete
  14. අනුවා සුභම සුභ බ්ලොග් උපන් දිනයක් උබෙ බ්ලොග් එකට.. තව ලියපන්. අපි හොරෙන් හොරෙන් ඇවිල්ල කියවන්නම් :D

    ReplyDelete
  15. සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ ඔයාගේ බ්ලොග් එකට.... දිගටම හැමදාම ලියන්න... :)

    ReplyDelete
  16. සුභ උපන්දිනයක්...!! සුභ උපන්දිනයක්...!! අනේ අප්පා මේ කේක් එක කන්න විදියක් නැද්ද????

    ReplyDelete
  17. අහ්... සුභම සුභ උපන්දිනයක් වෙවා...

    ReplyDelete
  18. හැමෝගෙම සුභ පැතුම් වලට ගොඩාරියක් ස්තූතියි යාලුවනේ......

    ReplyDelete
  19. බ්ලොග් උපන්දිනේට සුභ පතන්න බැරි උනාට සමවෙයන්.

    පමා වෙලා හරි මෙන්න මගෙනුත් සුභ පැතුම් පිලිගන්ඩෝ

    ReplyDelete