Thursday, July 15, 2010

ජය පැරදුම

දෑවසක් තිස්සේ
පැවතුනු සීතල යුද්ධය
බුදුන් එක් පසක
ජේසු අනෙක් පස
අතරමැද හිර වුනු
අපේ ආදරය
අවසානයේ....
යුද්ධය නිමාවිණි
අප සියලු දෙනා
පැරදිනි
කුරිරු සමාජ සම්මතය
පමණක්
ජය ලදිනි

8 comments:

  1. අපි නැතිව මොන සමාජයක්ද?...සමාජය නැතිව මොන සම්මතයක්ද?.....වැරද්දි බව දැන දැනත් එය ඉදිරියේ පරාජය බාරගේ හැකිලීමෙන් පලක් වේවිද?....අපට සමාජයෙන් මිසක...සමාජයට අපෙන් වැඩක් නැත....සමාජ සම්මත කාටවත් වැඩක් නැත......:(...

    ReplyDelete
  2. සමාජ සම්මතයට *******ගන්නයි කියාපන්.

    ReplyDelete
  3. @වැප්
    ස්තූතියි මචන්. ඔන්න ඔය නැවතීමේ තිත තමයි මමත් මේ තියාගන්න බැරුව ලතවෙවී ඉන්නෙ.

    @Shadow/හේමලයා
    ඔය විදියට හැමෝම හිතනවනම් කොයි තරම් දෙයක්ද මචන්.

    @මාරයාගේ හෝරාව
    ඒකට දැන් පරක්කු වැඩියි මාරයියේ.

    ReplyDelete
  4. මේ අහන්න යාළු, ඒදා සමාජ සම්මතයට එරෙහිඋනේ නැත්තම් අපිට බුදුන්වත් ජේසුවත් නෑ. සමජ සම්මතයට එරෙහි වෙන්න ඔනෙ තැන එරෙහි වෙන්න. මමනම් හිතන්නේ එහෙමයි.නැත්තම් මේ සම්ප්‍රදාය ඇතුලේ කොටුවෙලා හැමදාම විඳවන්න වෙනවා.

    ReplyDelete
  5. ඇත්තටම ආදරේ කලා නම්... කරනවා නම්.....ආගම්,කුලබේද,කවදාවත් ප්‍රස්න වෙන්නෙ නැහැ....මේක කීවෙනි ශත වර්ෂයද අනුරාධ??????

    ReplyDelete
  6. @ayesha
    සමාජ සම්මතයට විරුද්ධ වෙන්න ගියාම සමහර විට ජීවිතයෙන් වන්දි ගෙවලා තමයි නතර වෙන්න වෙන්නේ. ඒකනෙ තියෙන ගැටලුව.

    ReplyDelete
  7. @nethara
    මේ විසි එක් වෙනි ශත වර්ශය උනාට නෙතාරා තාමත් දාහත, දහ අට වගේ ශතවර්ශ වල ජිවත් වෙන මිනිස්සුත් අපි අතර ඉන්නවා. ඒක ඉතින් පුද්ගලයා හැදෙන වැඩෙන පරිසර රටාව අනුව වෙන දෙයක්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අපිට වෙනස් කරන්න අමාරුයිනෙ. අපිට හැමෝවම සතුටු කරන්න බෑ. ඒත් ජීවිතේ හුඟක්ම වැදගත් අයට දුකට පත් කරලා අපිට සතුටු වෙන්නත් බෑ. මේක පිටින් පේනවට වඩා හුඟක් සංකීර්ණ තත්වයක් නෙතාරා.
    ආගම්,කුලබේද අපිට ප්‍රශ්ණයක් නොවුනට ඒවා ප්‍රශ්ණයක් වෙන අයත් ඉන්නවා. මොන දේ කිව්වත් අපිට ජිවත් වෙන්න වෙන්නේ මේ සමාජයේ ඒ වගේ අය අතරෙමයි.
    ඔයාට පැහැදිලි ඇතිනේ මන් අදහස් කරන දේ.
    මෙතන ආගම බලපන්නේ ආදරයට නෙවෙයි විවාහයට. මොන දේ උනත් ආදරේ මියදෙන්නෙ නෑ.

    ReplyDelete